Maayavan (2017) Sinhala Subtitles | වියරු විද්‍යාඥයාගේ අමරණීයත්වයේ උන්මාදය! [සිංහල උපසිරැසි සමඟ]
ඔයා කවුද?
මොකක්ද මේ විකාර ප්‍රශ්නය? ගොඩක් දෙනෙක් එහෙම හිතනවා ඇති. මේ මිනිහට පිස්සු! ගොඩක් දෙනෙක් එහෙමත් හිතනවා ඇති. නැහැ! මට පිස්සු නැහැ. මං ආපහු සැරයක් අහන්නම්. “ඔයා කවුද?” ඔන්න එතකොට ඔයා ඔයාගේ නම කියලා උත්තර දේවි. ඒක කොහොමද සිද්ධවුණේ. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට නමක් දීලා තියෙනවා. අනිත් හැමෝම ඔයාට කතා කරන්නේ ඔයාට ඒ දීලා තියෙන නම කියලා. ඒ නම ඔයාගේ මොලයේ ගබඩා වෙලා තියෙන නිසා, කවුරුහරි ඔයාගෙන් නම ඇහුවාම, මතකයෙන් ඔයාට උත්තර දෙන්න හැකියාව තියෙනවා. මතකයන් වලින් තමයි ඔයාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයා විතරක් නෙමෙයි. අපි හැමෝම එහෙම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒත්, අපේ මතකයන් අනුව, අපි එකිනෙකාට වෙනස් වෙනවා. උදාහරණයකට, මගේ සිතුවිලි සහ ක්‍රියාකාරීත්වය නිසා මට හිතුණා මේ චිත්‍රපටියට උපසිරසියක් කරන්න ඕනේ කියලා. ඒ වගේම, ඔයාගේ සිතුවිලි සහ ක්‍රියාකාරීත්වය අනුව, සමහරවිට ඔයා මේ මං නිර්මාණය කරපු සබ් එකත් අරගෙන මේ චිත්‍රපටිය රසවිඳිවි. අපි මේ මතකයන් කියල කියන හැමදෙයක්ම ජීව විද්‍යාත්මක විදියට කියනවා නම්, අපේ මොළයේ තියෙනවා විවිධ හැඩ වලින් යුතු, විවිධ ආකාරයේ රසායනික ද්‍රව්‍ය. මේ විවිධ හැඩ තල වලින් තියෙන රසායනික ද්‍රව්‍ය සම්බන්ධ කරන දේ තමයි නියුරෝන කියන්නේ. හරි, ඒ කතාව පොඩ්ඩක් එහෙම්මම මතකයේ තියාගෙන, අපි වෙනත් පැත්තකට හැරෙමු.
මාස කීපයකට කලින්, චෙන්නායි වල මදිපාක්කම් වලදී ගෑණු කෙනෙක්ගේ බෙල්ල කපලා මරලා දානවා. මිනීමරුවා තමයි ඇයගේම සැමියා. වෘත්තියෙන් ජිම් එකක පුහුණුකරුවෙක්. මිනීමරුවාව හඹා යාමේදී, පොලීස් නිලධාරියෙක් අතින් මොහුව ඝාතනය වෙනවා. ඊට මාස කීපයකට පස්සේ ඉන්දියාවේ අංක එකේ නිළියක් අමානුෂික ලෙස ඇයගේ නිවසේදීම ඝාතනය කරලා දානවා. කලින් ගෑණු කෙනා මරලා දාපු විදියටම තමයි මේ නිළියවත් මරලා දාලා තියෙන්නේ. කොහොමහරි, මේ ඝාතකයාව අත්අඩංගුවට ගන්න හදනකොට මේ පුද්ගලයා සියදිවි නසාගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ සුළු කාලයක් ගත්වෙනකොට තවත් අභිරහස් ඝාතනයක් සිද්ධවෙනවා. ඉන්දියාවේ අංක එකේ විද්‍යාඥයෙක් මහ පාරේදී මරලා දාලා තියෙද්දී හම්බෙනවා. මේ මිනීමැරුම් තුනම එකම ආකාරයට තමයි සිද්ධවෙලා තියෙන්නේ. නමුත්, විද්‍යාඥයා ඝාතනයේදී අපරාධකාරයා අත්වැසුම් පාවිච්චි කරලා තියෙනවා තමන්ගේ අනන්‍යතාවය සඟවන්න. කලින් වතාවල් දෙකේම ඒ සඳහා කිසිම උත්සාහයක් අරගෙන තිබුනේ නැහැ. ඒ වගේම, මේ අපරාධකාරයෝ තුන්දෙනාම එකට සම්බන්ධ වෙන එක කාරණාවක් තියෙනවා. ඝාතනය සිද්ධකරන්න ටික කාලෙකට කලින් මේ හැම කෙනෙක්ගෙම හැසිරීම, එක සැරේටම පුදුමාකාර විදියට වෙනස් වෙලා තියෙනවා. උදාහරණයකට, කවදාවත් ඉංග්‍රීසි දෙයක් කියෙව්වේ නැති අය, හිටපු ගමන් ඉංග්‍රීසි පොත් පත් කියවන්න අරගෙන තියෙනවා. ඒ වගේම, පවුලේ අයත් එක්ක කතාබහ නවත්තලා, එයාලා දිහා සැක කටයුතු විදියට බලන්න අරගෙන තියෙනවා. තවත් සමහරු පිරිසිදුකම ගැන බොහොම සැලකිලිමත් වෙන්න අරගෙන තියෙනවා. ඒ වගේම විශේෂිතම දේ තමයි, මේ හැමෝම එකම බ්‍රෑන්ඩ් එකකට අයිති කළු සිගරට් වර්ගයක් නොනවත්වා බොන්න පටන් අරගෙන තියෙනවා.
චෙන්නායි නගරය පාදක කරගනිමින් සිදුවෙන්නා වූ එකම ආකාරයේ අබිරහස් ඝාතන මාලාවක්… එකිනෙකට වෙනස් අපරාධකරුවන්ගේ එක සමාන අන්දමේ හැසිරීමේ වෙනස්කම්… කොනක් පාටක් හොයාගත නොහැකි, අතිශය සංකීර්ණ ලෙස පැටලුනු නූල් බෝලයක් බඳු වූ අභිරහස් ඝාතන මාලා අතර දෙලොවක් අතර හුදෙකලා වූ පොලිස් දෙපාර්තුමේන්තුව… එතකොට අර උඩින් කියලා තියෙන කාරණා, මේ ඝාතන මාලාවන් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? මාතෘකාවේ කියලා තියෙන වියරු විද්‍යාඥයා කවුද? එතකොට අර අමරණීයත්වයක් ගැන කියලා තියෙන්නේ මොකක්ද? මේ මොන අන්දමේ විපර්යාසයක්ද සිදුවන්නේ?
ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ, කාලෙකට පස්සේ දමිළ සිනමාවෙන් බිහිවෙච්ච, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම චිත්‍රපටියක්. චිත්‍රපටිය අයිති වෙන්නේ Action, Crime, Mystery, Sci-Fi, Thriller කියන කාණ්ඩ වලට. බොහොම කාලෙකට පස්සේ තමයි දමිළ සිනමාවෙන් Sci-Fi චිත්‍රපටියක් නිකුත් වෙන්නේ. හැබැයි, ඒකත් දෙකයි පනහේ චිත්‍රපටියක් නම් නෙමෙයි. පටන්ගන්න විනාඩියේ ඉඳලා, අන්තිම තත්පරය වෙනකම් ඇහිපිය ගහන්නේ නැතුව, කුතුහලය උපරිම මට්ටමක තියාගෙන බලන්න පුළුවන් විදියේ චිත්‍රපටියක්. සමහරු කියාවි විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණය කළාට දෙමල චිත්‍රපටයක් නිසා තාක්ෂනය නම් කිසිම වැඩකට නැතුව ඇති කියලා. ඒ අයට කියන්න තියෙන්නේ, අරගෙනම බලන්න. හොලිවුඩ් චිත්‍රපටි වල තරම් ඉහළම මට්ටමක් නැති වුනත්, තාක්ෂනය බොහොම ප්‍රශස්ත මට්ටමකින් උපයෝගී කරගෙන තියෙනවා චිත්‍රපටිය පුරාවටම. චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරන්නේ 2017 වර්ෂයේ දෙසැම්බර් මස 14 වෙනිදා. මේ සටහන ලියවෙන මොහොත වෙනකොට IMDB දර්ශකයේ 8.0 ක් වගේ ඉහළම අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. Pizza (2012), Pizza II: Villa (2013), Enakkul Oruvan (2015), Indru Netru Naalai (2015), Saala Khadoos (2016), Kadhalum Kadanthu Pogum (2016), Iraivi (2016), Adhe Kangal (2017) වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ නිෂ්පාදනය කරපු C.V. Kumar තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. Maanagaram (2017) චිත්‍රපටය තුලින් බොහොම ප්‍රසිද්ධියට පත්වෙච්ච Sundeep Kishan තමයි ප්‍රධාන රංගන භූමිකාව හොබවන්නේ. ඒ වගේම, අනූව දශකයේ බොලිවුඩ් සිනමාව තුල රජකරගෙන හිටපු Jackie Shroff නම් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාව කාලෙකට පස්සේ ඔන්න බලාගන්න පුළුවන්.
ඒ වගේම කියන්න ඕනේ, චිත්‍රපටය තුල සීයකට විතර වීරයා තනියෙන් උඩින් වීසිවෙලා යන්න ගහන ක්‍රියාදාම දර්ශන නැහැ. හැම ක්‍රියාදාම දර්ශනයක්ම බොහොම තාත්වික විදියට අරගෙන තියෙනවා. ඒ වගේම, අතලොස්සක් ඇරෙන්න බොහොමයක් චිත්‍රපටි වල තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන අවසානයක්. අපිට කලින් නිගමනය කරන්න පුළුවන් අන්තිමට වෙන්නේ මෙන්න මේක තමයි කියලා. අභියෝගයක් කරන්නම්, පුළුවන් නම් මේ චිත්‍රපටයේ අවසානය ගැන හරියටම හිතේ මවාගන්න. කවුරුවත් කිසිම විදියකින් හිතන අවසානය නෙමෙයි ඇත්තටම අන්තිමට වෙන්නේ. සාම්ප්‍රදායෙන් ඔබ්බට ගියපු අවසානයත් එක්ක සැබවින්ම ඔබ කම්පනයට පත්වේවි.
එහෙනම්, මෙච්චරයි කියන්න තියෙන්නේ. දමිළ සිනමා රසිකයෙක් වේවා හෝ නොවේවා, අරගෙන බලන්න. අනිවාර්‍යයෙන්ම වෙනස්ම අත්දැකීමක් වේවි. වෙනදා කියනවා වගේ අදත් කියන්නම්. නිකමට ට්‍රේලර් එකත් බලාගෙනම ඩවුන්ලෝඩ් වෙන්න දාන්නකෝ. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16996 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SisilaPrasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සුපිරි ම සුපිරි…උපසිරසියට ගොඩක් ස්තුතියි.
Ela
Thankzzzzzzzz
Thanks machan
ස්තුතියි සිසිල!
Thank you bro
බොහොම ස්තුතියි සබ් එකට
man asama widiye film ekak kiyala wedak na suppa wedak onna bewa thanks karanna wachana na machan
thanks bro, patta film eka…. jayawewa
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..
Godaak sthuthi
Thank you….
Aruvi movieyta
sub eka diyan kollo
onna mamath gaththa thanks
thanks bro……sabata
Thanks
thanks
thank you sub ekata
thanks sisila broo
sub ekata
Thankz
me film 1 download karanna link 1k dennakooo 🙁
Thanks for the sub
Thanks
film 1 ට ගැලපෙනම නමක්.’වියරු විද්‍යාඥයාගේ අමරණීයත්වයේ උන්මාදය’ film 1යි sub 1යි 2ම සුපිරියි. annadurai , sakka podu podu raja film වලටත් sub දාන්නෝ!!!!!
Thanks for the subtitle
Thanks …..
thank you bro..
Thanx bn
thakx mchn
දෙමළ හොල්මන් චිත්‍රපටි හැරුණකොට අනෙකුත් දමිළ චිත්‍රපටි මම බලන්නේ බොහොමත් අඩුවෙන් මේ චිත්‍රපටිය නම් බලන්නම හිතුණා ඔබ මේ චිත්‍රපටිය ගැන කර ඇති සාරාංශය කියවූ විට උපසිරසියට බොහෝමත් ස්තුතියි සහෝදරයා
උපශිරැෂියට බෝම තුති…
යේක දෙමළ එකක් නිසා කවුරු හරි උස්සන් එයි. 😛
අනිවා බැලිල්ලක්.
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
ela ma sisi broo
thanks bro
Thanks වෙනස් එකක් වගේ ඒ හින්ද බලන්න ඕන
Thanks For sub
thanks
Thank you very much
ela bn….
Thnxxxxxxxxxxxxxxxxx
thank you…
බොහොම ස්තුතියි sisila
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Thanks Sisila bro
Niyamai …..
thanks sisila bro sub akata
ela…
Thanks..
Good Luck..
ela…..
Thank you so much……
supiri yalula supiri wadak subapathanawa hadawathinma
thz
superi
Ela
Thx
Thank you
elama saho thanks
පිටකවරය නම් ලස්සනයි….පොත කියවලා බලමු කොහොමද කියලා….ස්තුතියි ඔබලාගේ වෙහෙස මහන්සියට අපගේ විනෝදය සඳහා සිදුකරන
Hathvalamai me sisila ne thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….
Villain (2017) sub denna bro
thankz
Elama
supiri malli
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..සිසිල සහෝගෙ සබක් කියන්නේ අනිවා බැලිල්ලක් තමයි. ලිපියත් මරු…ජය වේවා!
Thank you
Thank you
thanzz bro
sub ekata tanx bro
පට්ටම කතාවක්….නියමයි
Thanks
Thanks bro
උපසිරසියට බොහොම ස්තුති බ්‍රෝ…
Bs bro
Thank you
ගින්දර
ගොඩාක් ස්තූතියි ……
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Tnx sub ekata
ela
බොහොම ස්තුතියි..මචං…මෙික කවුරු හරි දෙනකන් බලං හිටියේ..ගොඩක් ස්තුතිය…දෙවි පිහිටයි…
niyamai broooooooo
Niyamai broo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro sub akata.digatama sub demu.jayaa
thanks for you…..sub ekata,,,ela kiri super
best movie
thanks bro
උපසිරැසි යට ගොඩක් ස්තූතියි සහෝ
Thanx bro
thanks
thanks yalu sub ekata
Mata file eka ewanna puluwanda download karanna baane
Thx for the sub brooo,,,,,,
Thank you bro..
thanks…
thankes bro…
thank you bro,
ekenma balanawane… Thanks subata sisila bro!
Thanks bro..
Sub ekata thanx
උපසිරැසි යට ගොඩක් ස්තූතියි සහෝ
thank you
Kyala thiyena vidiyata balannama hithenawa.. thank you…
බොහොම ස්තුතියි සිසිල සහෝ උපසිරසියට.
ඉදිරියටත් මේ වගේ සුපිරි චිත්‍රපට අපට දෙන්න කියල ඉල්ලා සිටිනවා.
ඔබට ජයවේවා….!!!
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
ජයෙන් ජය.
Thanx sahooooo
Godak mahansi wela tiyenawa.ස්තුති සහෝදරයා…
Niyamai Sisila Aiya Jaya Wewa!!!!!
තෑන්ක්ස් සහෝ… Keep It Up!
ela machooooo
Sub ekata thanks sisila sahoo…
thanks saho sub ekata
බොහෝම ස්තුතියි
tnq
supiri elama saho keep it up baiscopelk team ekatama jaya
Thank you ayye…ayya dena film 1knm anima balanva…
බොහෝම ස්තුතියි මේ වගේ වෙනස් වීදිහේ දෙමල ෆිල්ම් අපිට ගේනවට.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
ජයෙන් ජය.
thanks for sub i think beter thriler movie
thx broo
Thanks Ela
dan harida brooo, dan download sub eka karannda
උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී.
සිදුවූ ප්‍රමාද දෝෂයට කණගාටුව.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතුයි සිසිල සහෝ.
සවිස්තරාත්මක ව කරපු ලිපිය පහලට බාගයක් විතර කියවගෙන එද්දිම මට හිතුනා
මේක සිසිල දාපු සබ් එකක් වෙන්න ඇති කියලා.
ජයෙන් ජය.
තැන්කූ සහෝ sub ekata.
Vishal ගේ Villain චිත්‍රපටයේ sub එකත් දානවද….
Sub eka wada nethooo help karanoo
sub eka pen ne machan
sub eka pen ne machan
sub eka peney nha
sub eka penne nehe nee
Thank you,,,,,,baiescope team eke,,,,mallila,,nangila serawanta godaaak thanks,,,,,thawa lassana Tamil movies denna
ammo tnx saho sub ekata…vachana na bn kiyanna..pattama filumak
[email protected]
sub eka gththa knk mail ekak dpnko bn sign in wla htya site ekta downld wn ne sub eka error ekak enwa gththa knk ewpnko
sabata bohoma stutie hoda filumak danakam balan hitiya.api wanuwan karana kapawema agayanawa saho.
ස්තූතියි
Thanks bro
Tnx bro!!
Niyamai !
meka download karagana link eka nathda?
ඇති යන්තම් පිපාසයට දිය බිංදුවක් වැටුණා වගේ තමයි උපරැසියක් එනකම් බලාගෙන හිටියේ
ඔන්න එහෙනම් තැන්කු වේවා “සිසිල ප්‍රසාද්” මල්ලියෝ බාගත්තා හොඳේ.
ඉක්මනටම තවත් එකක් කරන්න ශක්තිය ලැබේවා
Supiri sisila bro. Man asama category eka crime,mystery, thriller. Thank sub ekata mewage ewata digatama sub demu
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
elama broooo balagena hitiye enakam
thanx sub ekata
Patta thanxx sub ekata sisira saho film eka kainma balauwa supiriyak tama eka graphic tikak awulneke story eka maru
එලම… උපසිරස ලබා දීම පිලිබදව අපේ ස්තූතිය
සුපිරියක් වගේ. උපසිරැසියට ස්තූතියි අයියා!