Irumbu Thirai (2018) Sinhala Subtitles | අදෘශ්‍යමාන දත්ත මංකොල්ලකරුවා! [සිංහල උපසිරැසි සමඟ]
මතකද අපි පොඩි කාලේ අම්මා-තාත්තා…
අපිට කෑම කවන්න කොච්චර මහන්සි වුණාද කියලා?
මෙතැනදී එයාලා පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා අපිට බත් කවාගන්න.
බය!
ඔන්න ගෝනි බිල්ලා එනවා!
බත් කෑවේ නැත්නම් ගෝනි බිල්ලට දෙනවා අරගෙන යන්න කියලා!
මේ පුංචි බොරුවට බයවෙලා තමයි ගොඩක් ළමයි බත් කෑවේ!
මේ වගේ බොරු දේවල් අහලා බයවෙලා තමයි අපි හැදුනේ වැඩුනේ!
1969දී නාසා සමාගම රොකට් යවන්න පාවිච්චි කරපු…
පරිඝනක වලට වඩා…
අද අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක…
කෝටි ගුණයක් බලවත්!
අපි හැමෝම ජිවත් වෙන්නේ හොඳම කාල වකවානුවක.
ඒ තමයි…
තොරතුරු තාක්ෂණික යුගය!
ඉස්සර යුද්ධ වලදී…
ආයුධ පාවිච්චි කළා!
ඊට පස්සේ, ජීව විද්‍යාත්මක අවි පාවිච්චි කළා!
දැන් පාවිච්චි කරන්නේ, සයිබර් යුධෝපක්‍රම!
දත්ත හරියට පාවිච්චි කරන්න දන්න කෙනෙක්ට…
ඒවා හුදෙක්ම තොරතුරු විතරක් නෙමෙයි…
බලවත් ආයුධයක් වෙනවා!
තොරතුරු කියන්නේ ධනයක්!
කරන්න බැරි දෙයක් නැහැ!
මේ මොහොතේ ඔබ පරිඝනකයක් ඉදිරියට වෙලා හරි, ස්මාර්ට්ෆෝන් එකක් හරි, ටැබ්ලට් එකක් හරි අතට අරගෙන හරි, මේ ලිපිය කියවගෙන පල්ලෙහාට යනවා ඇති. මේ පරිඝනකය හරි, ස්මාට්ෆෝන් එක හරි, ටැබ්ලට් එක හරි ක්‍රියාකාරී වෙන්නේ ඔබේ අභිමතය පරිදි කියලා තමයි ඔබ හිතනවා ඇත්තේ. නමුත්, ඔබට නොදනී, ඔබටත් හොර රහසේම මේ උපකරණ වලට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා මං කිව්වොත් එහෙම බොහෝවිට ඔබ පුදුම වේවි.
ඔබගේ පරිඝනකයේ හරි, ස්මාට්ෆෝන් එකේ හරි, ටැබ්ලට් එකේ හරි කැමරාව ක්‍රියාවිරහිත කරලා තියෙන්න පුළුවන් මේ මොහොතේ. නමුත්, ලෝකයේ ඕනෑම කෙළවරක සිට, ඔබගේ කැමරාව ඔබටත් නොපෙනෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරමින්, ඔබගේ සෑම ක්‍රියාවක් දෙසම බලාසිටින්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියද? ලෝකයේ ඕනෑම කෙළවරක ඉඳගෙන, ඔබ කතා කරන හැමදෙයක් සඳහාම ඇහුම්කම් දෙන්න පුළුවන් කියලා ඔබ දන්නවද? ඔබගේ පරිඝනකයේ, ස්මාට්ෆෝන් එකේ, ටැබ්ලට් එකේ තියෙන ඔබගේ හැම පෞද්ගලික විස්තරයක්ම, ජායාරූපයක්ම, වීඩියෝවක්ම ඔබටත් නොදැනී ලබාගන්න පුළුවන් කියලා ඔබ දන්නවද? සරලවම කියනවා නම්, ඔබටත් නොදැනී, ඔබටත් වඩා හොඳින් ඔබ ගැන කාටහරි දැනගන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? ටික දෙනෙක් පිළිගනීවි. නමුත්, බහුතරයක් දෙනා පිළිගන්න එකක් නැහැ. එහෙනම්, මේ කාරණාව පිළිගත්-නොගත් සියලු දෙනාවම සාදරයෙන් පිළිගන්නවා, තාක්ෂණික අපරාධ ලෝකයේ ඩොන් හෙවත් වයිඩ් ඩෙවිල්ගේ රාජධානිය වෙතට! අත්වැල් බැඳගන්න අපත් සමගින්. මේ තමයි, දස දහස් ගණනින් අහිංසක මිනිසුන් අන්ත අසරණ තත්වයට පත්කරමින්, සිදුවූ දෙයක් හෝ ඔවුන්ට සිතාගත නොහැකි තත්වයට පත්කරන ලද, අදෘශ්‍යමාන ඩිජිටල් අපරාධකරුවෙකු සොයායන බුද්ධිමත් හමුදා නිලධාරිවරයෙකුගේ කතාව!
ඔබ දමිළ සිනමා නිර්මාණ ප්‍රිය කරන කෙනෙක්ද? එහෙනම් Vishal කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ මැයි 10 වෙනිදා ඔන්න Vishal බෝම්බයක් දැම්මා. නිකන්ම නිකන් බෝම්බයක් නම් නෙමෙයි. Imdb දර්ශකය 8.1 ක් වගේ දැවැන්ත අගයක් කරා කරකවන්න සමත්වෙච්ච දැවැන්ත පරමාණු බෝම්බයක් කිව්වොත් මං වඩාත් නිවැරදියි. හැබැයි, තනියෙන් නම් නෙමෙයි. දමිළ සිනමාවේ තවත් පතක යෝධයෙක් මේ වැඩේට හවුල් කරගන්නවා. Arjun! නම කිව්වම දමිළ සිනමා රසිකයෝ නොදැන ඉන්න කිසිම විදියක් නැහැ. ඒ වගේම තමයි, සුවහසක් සිනමාලෝලීන් උන්මාදයෙන් මුකුලිත කරපු ඒ උන්මාදනීය සිනහවේ උරුමක්කාරිය, සුරූපී Samantha Ruth Prabhu මෙම සිනමා නිර්මාණය තුලින් ඔබව වෙනත්ම ලොවක් කරා රැගෙන යාවි. ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ මායාකාරයා හෙවත් Yuvan Shankar Raja ගේ අපූර්ව සංගීතය ඔබට සියල්ල අමතක කරවාවී. නමුත්, අවාසනාවකට Azhagae නම් වූ ඒ අතිශය මියුරුම ගීතය චිත්‍රපටයෙන් ඉවත්කර තිබෙනවා කුමක් හෝ හේතුවක් නිසාවෙන්.
ඔබ ඕනෑතරම් ඉන්දීය චිත්‍රපට නරඹලා ඇති. ඒ චිත්‍රපට තුලින් ඕනේ තරම් ප්‍රති-වීර චරිත දැකලා ඇති. නමුත්, වගකීමෙන් කියන්නම්… එදා මෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල ඔබට දැකගන්නට ලැබෙන ප්‍රබලතම ප්‍රති-වීර චරිතයක් ඔබට මෙම සිනමා නිර්මාණය තුලින් දැකගන්නට වරම් ලැබේවි. නිකමට හිතින් මවාගන්න, ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත දෙකක්, එකිනෙකා සමගින් මූණට මූණ සිදුවන අති දැවැන්ත ඝට්ටනයක්! සැබවින්ම ඔබ සිතනවාටත් වඩා මේ ඝට්ටනය ප්‍රබල එකක් වේවි. විශේෂයෙන්ම, ඉන්දීය සිනමාව වෙනතකට හැරවූ සිනමා නිර්මාණයක් විදියට මෙය හඳුන්වලා දෙන්න පුළුවන්. මුලින් ඔබට හිතේවි, තවත් සාමාන්‍ය කතාවක් වගේ නේද කියලා. ඒත්, ඔබ සුළු වෙලාවක් ඉවසගෙන හිටියොත්, දැවැන්ත කම්පනයක් සමගින් සිය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන මෙම චිත්‍රපටය, අවසානය දක්වාම ඔබට හුස්ම ගැනීම අමතක කරවමින්, අපූරු සිනමා අත්දැකීමක් දීර්ඝ කාලීනව ඔබගේ මතකයේ ඉතුරු කරාවි. චිත්‍රපටය අවසානයේ, මං මේ කියපු දේවල් බොරු කියලා ඔබට හිතෙනවා නම්, පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා, බැනලා ගියා කියලා තරහක් නැහැ. ඒත්, එහෙම නෙමෙයි නම්, තීරණය ඔබට බාරයි!
ප. ලි – පැය දෙක හමාරක චිත්‍රපටයක්… තත්පරයකට වචන ගණනාවක් පිටකරන, අතිශය වේගවත්, නොනවතින දෙබස්… කාල රාමු කීයක් විතර ඇති කියලද හිතන්නේ? 1000 ක්? 1500 ක්? 2000 ක්? දන්නේ නැහැ. මොකද මේකට සබ් ෆයිල් එකක් ආවේ නැහැ. හාඩ්කෝඩ් කරපු සබ් එකක් විතරයි ආවේ. ඒ කියන්නේ, දෙබසින් දෙබස, අලුතින් කාල රාමු නිර්මාණය කරගෙන තමයි කරන්න වෙන්නේ. මේ වෙලාවේ තමයි තරිඳු රුක්ෂාන් සහෝදරයා උදව්වට එන්නේ. අසනීප තත්වයෙන් හිටියත්, බාගයක් කරමුද කියලා අහපු ගමන් නැහැ බැහැ කියන්නේ නැතුව උදව්වට ඇවිත්, මටත් කලින් වැඩේ ඉවරයක් කරලා දුන්නා. කාල-රාමු 2875ක්! ඔව්, එදාමෙදා තුර බයිස්කෝප් ඉතිහාසය තුල, වැඩිතරම කාල රාමු ප්‍රමාණයක් නිර්මාණය කරගෙන කරපු උපසිරැසිය මේක නොවුණොත් තමයි පුදුමය. මේ කාල-රාමු 2875 ආවේ තනිකරම දෙබස් වලින් විතරමයි. සිංදුත් ආවම තත්වය කොහොමද කියලා හිතාගන්න එක ඔබට බාරයි. එහෙනම් ගිහිං එන්න අවසරයි. ජය! [තාමත් බලන්න අදහසක් නැත්නම් නිකමට වගේ ට්‍රේලර් එක වත් බලලා ඉන්න. ඒත් හිත් දුන්නේ නැත්නම් අවාසනාව කියලා හිත හදාගන්න 😀 ]
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Original HD, HD-DVD (Tamil Rockers) සහ HDTV (TamilMV) පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 40469 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තූතියි සහෝදරවරුන් දෙන්නටම… ජයෙන් ජය!
Film Eka Balala Kiyannam Hodada Kiyala
bohoma stuti saho…budusaranai
sisila,tharindu dennama supiriyakma thama,jaya wewa
Ela ela
බොහොම ස්තූතියි සහෝ
elama
Thanks for your subtitles…..නියමෙට වැඩේ කරල තියනව යාලුව……
thanks bro
Thanx mchnla……
Thanks bn
Thanks bro..
Thank you
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
Godak sthuthi sahodaraya.
pft brother. artical eka kiyeuwath hitha pirenawa… jaya 😉
thanks bro….
Niyama wadak supiri thanks a lot……..
එලම මචං… ෆට්ට ෆිලුමක් නෙ බස්සල තියෙන්නෙ… ඊයෙ රෑ ඩව්න් කරල එලිවෙනකන් දෙපාරක් බැලුව බං. හීරෝට වඩා විලන් පට්ටම පට්ට. තැන්කුයි අපිට මෙහෙම සබ් දෙනවට ජයින් ජය මචී
tz sub ekata….
thank you.
Supiri thanks
Thank you
Thanks bn.supiri film ekk
කාල-රාමු 2875ක්! හිතාගන්න වත් බෑ. මාත් එක දවසක් සබ් එකක් කාල රාමු එහා මෙහා කිරීමක් විතරක් කලා. වෙලා ගියා ඒ වගේම එපා උනා. ඒත් කාල රාමු හද හද 2875 ක් හිතා ගන්න වත් බෑ. අපි වින්දනයක් වෙනුවෙන් කරන මේ කැප කිරීමට ගොඩක් ස්තූති සහෝදරයා.
ස්තූතියි.
thank sub
Thanks yaluwa
( Proper 720p HQ HD AVC )
Me copy ekt unth kmk ne saho..
Brother WEBRip ekt Sub ek sync krl dennko…
HD copy blnna be ane melw rhk ne…
Ek prin sync krt wedk ne brother thenin then time gap thiyenw godk…
Please…
puluwnnm loku deyk…
Hv a nce dy…!!
supiri bro<3
Thanks bro
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!
Ela bro
Keep it up
thanks
Patta. supiri. Thanks.
තෑන්ක්ස් සහෝ සබ් එකට.. පුලුවන් නම් Kaadhal Solla Vandhen (2010) ෆිල්ම් එකට සබ් කරහංකො මචං සුපිරි ලව් ස්ටෝරියක් මචං..
ආයෙත් තැන්ක් යූ කියනව සබ් එකට
ජය වේවා!
ela machn.tnxxxxxx
403 🙁
සොයා ගත නොහැක
ඔන්න ඔහොම තමයි පෙන්නන්නේ
මට විතරයි ද එහෙම වෙලා තීන්නේ .මොකක්ද දන්නෙ නෑ නේ
Subtitles download karnn ba ne.සොයා ගත නොහැක කියලා නේ පෙන්නන්නේ .
Thank u…! Great job.
Ela ela
Thanks
Thanks for subtitles
Thankzzzzzzzz
sub ekata bohoma stutie.api wanauwan karana kapa weema godak agaya karanawa
thank you
patta machan thanks
Thanks bro.
thanks
pattama thamaa.thankzz.
සිංහල උපරැසියට බොහොම ස්තූතියි
ජය වේවා!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….
෴ජය වේවා෴
thnx for sub….
Thanks…
Thank you,,,god bless you
Thank You & Wish You all the best
patta brothers great effort keep it up ELAz
thank bro
Movie ekanam niyamai. Mehema dewal habaa jiwithedi unat wenna puluwan. Loku adarshayak dena film ekak.
Irumbu Thirai enakam api gdak asawen blgena htya. Thanks a lot
Godakma sthuthi saho oyala dennatama
film aka ganna torrent file aka ganna thanak keyannako
1337x.to
Thanks Macho Mevage Flim Ekata Sub Dunnata
Elama bro…. Thanks….
අම්බෝ උපසිරසියට පටිට කට්ටක් කලා….
බොහොම ස්තූති.
ජයින් ජයම වේවා !!!
Superbb…. patta..
sub ekata thanks saho.. jaya wewa!!
thank u 4 the sub
bohoma sthuthi sahooo
SUB ekata tnq
plz give me download site
thanks
Thanks for the sub. very much appreciated !
Thanks…
ස්තූතියි සිංහල උපසිරැසියට ….
thanks sube ekata Hebbuli (2017)film ekatath sube dannako eka supiri film ekak.jayawewa
THANX BR
Thanks brother.
Subata Thanks Saho…oyla Dennatama..
Film 1ka balalama innm..
Jaya wewa….!!!!!
කාලෙකින් මෙවගෙ ටැමිල් එකක් මම බැලුවෙ… මෙක නියමයි… ඔයාලගෙ සබ් එක නම් Great නියෙමෙට දල
thanks bro!
sub ekata thanks….!
thanks saho
thanks machan
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
Thnx machan…lesi na patta gemak gahanna ona tamil movie ekaka sub hadanna…thnx
Ela
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
තෑන්ක්ස් මචෝ
“සිසිල ප්‍රසාද්” සොහොයුරාට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට ස්තූතිය
Sub එකට බොහෝම ස්තූතියි සහෝ…
thanks sub akata 🙂
hari machan,,,dan hari , thx
bro sub eka tiyanawanam mata ewahanko
thanx for you good job..
sub akata tks
ජය වේවා සිංහල උපසිරැසියට ස්තූතියි
bohoma sthuthi saho..
Thanks bro
Sub ekata thanx
thanxxxxxxx
niayamai…supiri filmuak.aniwa bamak..thanks sahola dennatama….sub ekata..digatama sub demu.jaya wewa……
Ado thama sub eka wada na.ikmanata hadala dennako…
පල්ලෙහා කමෙන්ට් ටික බලාගෙන ආවා නම් හරි, නැත්නම් උඩ කවුන්ලෝඩ් කවුන්ට් එක බැලුවා නම් හරි, සබ් එකේ අවුලක් නැහැ කියලා ඔයාට තේරේවි, සහෝ. අවුල තියෙන්නේ ඔයාගේ පැත්තෙන්. ඔයා පාවිච්චි කරන බ්‍රව්සර් එකේ. බ්‍රව්සර් එකේ cache memory ක්ලීන් කරලා බලන්න. ඒත් නැත්නම්, වෙන බ්‍රව්සර් එකකින් ට්‍රයි කරලා බලන්න. අනිවාර්‍යයෙන් හරියන්න ඕනේ. සබ් ෆයිල් එකේ නම් කිසි අවුලක් නැහැ.
film eka download karan sub eka denakan balan hitiye,,, thx machan
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
thanks sahoo sub eka dunnata..
sahola denatama thanks me upasirasa aragena awata. supiri film ekak.
ela
sub ekta thanks bro.
supiri
Thankz for sub
Adee ubata pattatama demala puluwanda.Elama ayiya tamil su dena ekanam pin athwwena wadk
Thnxxxxxxxxxxxxxx
thanks for sub
thank for sub bro……………
ස්තුතියි සිසිල….
ඒ එක්කම තරිඳුටත්…
ස්තුතියි බයිස්…..
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks brother…
Sub download wennane,
Thanks bro
Meka eanakan ape hamuduruvane thx bn vechhamahansiyata mata kiyanna thiyenne umbala dennata pin vishal ambe thava thamannah mata pissu hadilai navatinnethx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya…
Thanks for sub bro(s)
Thanks!!
විෂල්…තැන්කූ සිංහල සබ් එකට..ආදරෙයි..
Sub eka thank you dennatama…
මේක එනකන් හිටියෙ.ආපු ගමන් සබ් දුන්න එකනම් ලොකු දෙයක්.තෑන්ක්ස්
Thanks Saho Sub Ekata. Niyama Wedak. Jaya Wewa!!!
ස්තූතියි
Thanks..
Good Luck..
Thanks bro..
Thanks
බොහොම ස්තූතියි සහෝ……
බොහොම ස්තූති සහෝල දෙන්නටම.මෙහම ෆිලුමක් කොහොම මගහරින්නද. විශාල් කියන්නේ වෙනස්ම නිර්මාණ වලට දායක වෙන මං ආසම නලුවෙක්. අනිවාර්යයෙන් බලන්න ඕනි එකා තමා මේක..! ජය වේවා..බුදුසරණයි..!
tnz sub ekata. onna ahnm apith baawa….
sub ekata godak sthuthi…. sehenna mahansi wela thiyenawa…
patta kathawak wage,tnqqqqqqqqqq
Thanks machan
විශාල් & සමන්තා. කොහොම මගාරින්නද මේ වගේ එකක්.
සමන්තා දැන් Samantha Ruth Prabhu නෙවෙයි Samantha Akkineni. 😛
විස්තරේ හැටියට නම් සුපිරියක් වගේ.
ඉක්මනින්ම බලන්න ඕන. දෙන්නටම බොහොම තුති උපසිරැසිය වෙනුවෙන්.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thank you so much bro and nice description…..
antisocial 2015
Kilo two bravo film 2 sub dennako
thank you bro elaa,,,
thanks macho
බොහොම ස්තුතියි ඔබට subtitle ekata
film එකේ විචාරය නම් පට්ට බ්‍රෝ…..
හිත හදා ගත්තා අනිවාරෙන්ම බලනවා කියලා….
බොහෝම ස්තුතියි උපසිරැසියට….
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thankz saho.elama
thank you so much sahola dennatama..
සිංහල උපසිරැසියට ස්තූතියි…
අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට ඔබ දෙපලටම නැවත වරක් ස්තූතියි…
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය …
thank you, loku utsahayak , loku kape kireemak, thanks
සබ් එකට බොහොම ස්තූතියි.
Niyamai thank u
Niyamai machan….!!! Keep it up….
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanx machns
හැමදාම සුපිරියක්ම අරගෙන එන අපේ සිසිල සහෝට වගේම MTR තරිඳු සහෝටත් බොහෝම ස්තූතියි……… ජය වේවා,,,,,,,
thanks sub ekata machan
නියමයි සහෝ ඒත්
සබ් එක download වෙන්නෙ නැහැනෙ
Tnx sahola dennatama
නියමයි වියමයි සිසිල සහෝ ට සහ තරිඳු සහෝට බෝම පිං අපට මේ සබ දුන්නට.නියම ෆිලුමක් .සබ හදන්න කාපු කට්ටට ඔයාලට බෝම පිං සහෝලා.ජය වේවා
මේවා නොබලන දෑස මක්කටෙයි.අායෙ ඉතිං සමන්තා ඉන්නවනං අන්ඩර දෙමළ හරි බලනවා.හම්මෝ.එනකං අැගිලි ගැන ගැන හිටියෙ.කොහොම ස්තුති කරන්නද මංදා.සදා ජය.
Thanxx machan sub ekata bohoma pin balagena hitapu filumak
Thank You
Sub newei,me post eka kiyewwat athi bn..ela..thnx
thanx ……….
Bhoooom sthuuthiyi..
Ayylg mhnsyt apit krnn plwn ekm lokun de meke vithrk kiyl hitheddi ethtm duk hthnw ayyla..
supiri bn thanks kollane ubala me karana deta… mahansi wela weekend eke inna kota oluwe thiyana hamadema tikakata hari adu wenne me wage film akakin ena athal eken thama bro…. ubalata godak pin…….
සබ් එකට ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි….
elama brola 2natama supiriyak dunnnataaaaa thanxxxxx
thankes bro…
thanks saho me filuma enakan balagena hitiye
Tnks bro sub ekata
Jaya wewa !!!
Thanks dennatama
ස්තූතියි මචන් සබ් එකට!
සබ් දෙනකල් බලන් හිටපු ෆිල්ම් එකක්.
ජයවේවා! නැවත හමුවෙමු!
ගොඩක් ස්තුතියි සහෝ…ඔගොල්ලොන්ගෙ මහන්සියට ….ජය වෙිවා…..දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ….
ela machan saho.okkoma upasirasa karuwanta thanx thamange kalaya waya karala sub denawata.
Thank u brothers sub ekata. Supirima movie ekak…
niyamai saho..thanx sub ekata
thnq zub ekta
kiyanawane balnnama kiyala onna enm gatta. thnq zub ekta
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
බොහොම ස්තූති..
තවත් එනකන් බලන් ඉදපු සබ් එකක්
bro sub eka tiyanawanam mata ewahanko
patta bn.. thanks
Thanks
thama baiscopedownload dala nadda bro
Baiscopdownload ake link aka diyan aaaa
thankz mchn….
supiri wadak sahoo niyamai <3
ela.. sub ekata thanks??
download link eka dapan ma puthi
Godak mahansiwela dunna sub ekata godak sthuthi
Thanks for sub brolata……….
meke movie eka ganne kohomada