C/O Saira Banu (2017) Sinhala Subtitles | මව් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]
මලයාලම්,බයිස්කෝප් අඩවියේ නැගී එන චිත්‍රපට භාෂාව කිව්වොත් මම හිතන්නේ ඒකෙ වැරැද්දක් නෑ .මොකද දැන් ඉස්සරට වඩා මලයාලම් චිත්‍රපටවල උපසිරැසි බාගත කරන අයත්,ඒවට කමෙන්ට් කරන අයත් සැලකිය යුතුලෙස වැඩිවෙලා තියෙනවා.ඒ වගේම මලයාලම් ෆිලුම් වලට ලැබෙන කමෙන්ට් වලින් බයිස්කෝප් රසිකයින් මලයාලම් ෆිලුම් වලට දක්වන කැමැත්ත හොඳින් පිළිඹිබු වෙනවා.ඒ වගේම අලුත් මලයාලම් ෆිලුමක් ආවාම ඒකට උපසිරැසියක් එනකල් බලාගෙන ඉන්න අය බිහිවෙලා තියෙනවා.තමන් බලන්නේ මලයාලම් ෆිලුමක් කියලා දැනගෙන බලපු කෙනෙක් කොහොමටවත් ආයේ මලයාලම් ෆිලුම් බලන එක අත අරින්නේ නෑ .මොකද ඒවටම ආවේණික වුනු කතා ශෛලය ඉන්දියාවේ වෙනත් කිසිම ෆිලුමක අපිට දැකගන්න වෙන්නේ නෑ .ඉතින් මේ විදියේ ඔයාලා ආසාවෙන් බලන මලයාලම් ෆිලුම් ගැන නිතර චිත්‍රපට බලන අයටත් හඳුන්වලා දීලා,බයිස්කෝප් මලයාලම් රසිකත්වය වැඩි කරන්න එක් වෙන්න කියලා ආරාධනා කරනවා! මොකද ඒ විදියට රසිකත්වය වැඩි වුනාම චිත්‍රපටයක උපසිරැසි ඉක්මනින්ම ලබාගන්න පුළුවන් වෙයි වගේම මග ඇරුණු,ඔයාලා බලන්න කැමති මලයාලම් චිත්‍රපටවල උපසිරැසි හැම එකක්ම පාහේ ඔයාලට ලබා ගන්නත් පුළුවන් වෙයි.
ෆිලුම ගැන කතා කලොත්,මේක මේ අවුරුද්දේ මාර්තු මාසයේ තිරගත්වීම් අරඹපු චිත්‍රපටයක්.මලයාලම් චිත්‍රපටවල අප සාමාන්‍යයෙන් දකින සමහර නළු නිලියන් මේකෙත් දැකගන්න පුළුවන්.මේක අයත්වෙන්නේ Comedy Drama කාණ්ඩයන්ට.ඒ වගේම මලයාලම් නළු නිළියන්ගේ වගේම විචාරකයින්ගේත් ප්‍රසාදය මේ ෆිලුමට හම්බෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා.ෆිලුමට 100කට ආසන්න IMDb පරිශීලකයන්ගේ ඡන්දයත් ඇතුළුව සැලකිය යුතු IMDb අගයක් ලැබිලා තියෙනවා(අගය පල්ලෙහා තියෙනවනේ!).කොහොමවුනත් ඡන්ද ප්‍රමාණය වැඩි වීමත් එක්ක මේකට ලැබිලා තියෙන IMDb අගය තවත් වැඩිවෙයි කියලා හිතන්න පුළුවන්.
චිත්‍රපටය පටන් ගන්නේ සයිරා බානු සහ ජෝෂුවා පීටර් කියන අය ජීවත් වෙන ගෙදරක උදේ ඇතිවන සිද්දියකින්.ජෝෂුවා කියන්නේ නීති විද්‍යාලයේ දෙවෙනි වසරේ සිසුවෙක්.සයිරා කියන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කරන ලියුම් බෙදන කෙනෙක්.මේ කියන දවසේ උදේ සයිරා එයාගේ රියදුරු පරීක්ෂණයට යනවා.කොහොමවුනත් වෙනදා වගේම මෙයාට ඒක සමත්වෙන්න වෙන්නේ නෑ .මේ අතර ඇනී තරවාඩි කියලා කේරලයේ ජනප්‍රිය නීතිඥවරියක් ගැනත් ෆිලුම අපිට කරුණු කියනවා.ජෝෂුවාගේ කොලේජ් එකේ මේ කියන දවසේ විරෝධතාවයක් පැවැත්වෙනවා.ජෝෂුවා ඒකෙ ෆොටෝ ගන්න ඒකට සම්බන්ධ වෙනවා.කොහොමවුනත් මේ විරෝධතාවය කරපු අය සහ පොලිසිය අතර ඇතිවන ගැටුමක් නිසා ජෝෂුවා ට පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිද්ද වෙනවා.මේවගේ දේවල් එක්ක මේ අයගේ ජීවිත ගෙවිලා යද්දී ජෝෂුවා හුඟ කාලයක ඉඳලා දැකපු හීනයක් සැබෑ කරගන්න එයාට අවස්ථාවක් එනවා.ඒත් ඒකට එයාට විවිධ බාධා මතු වෙනවා.ඒ බාධා වලින් ජෝෂුවා ව ආරක්ෂා කරගෙන එයාව ඉස්සරහට එක්කගෙන යන්න මේ සයිරා ලොකු උත්සාහයක යෙදෙනවා.ඒ කතාව තමයි ෆිලුමේ අඩංගු වෙන්නේ.ඇත්තටම මේ ජෝෂුවා,සයිරා කියන්නේ කවුද? ඒ දෙන්නා අතරේ තියෙන්නේ මොනවගේ සම්බන්ධයක්ද,ඇනී තරවාඩි මේ අයගේ ජීවිත වලට සම්බන්ධ වෙන්නේ මොන විදියකටද?ජෝෂුවාගේ හීනය මොකක්ද?එයාට ඒක සැබෑ කරගන්න පුළුවන් වෙයිද? මේ කියන දේවල් ඔයාලා ෆිලුම බලලම හොයාගන්නකෝ!
මේ ෆිලුමේත් හොඳ පිටපතක් නිකුත් වෙලා සතියක් වගේ ඇතුලත උපසිරැසිය මේ විදියට පල කරන්න පුළුවන් කම ලැබුණා.මේ විදියට දින ගණනක මහන්සියේ ප්‍රථිපලය ඔයාලට එක ක්ලික් එකකින් පහසුවෙන්ම බාගෙන යන්න පුළුවන්.ඉතින් ඒ දේට කළගුණ සැලකීමක් විදියටවත් තව තත්පර කිහිපයක් අරගෙන උපසිරැසිය ගැන අදහසක් පල්ලෙහායින් දාගෙන යන්න කියලා මතක් කරනවා.මොකද ඕනෙම උපසිරැසිකරුවෙක් තමන්ගේ වැඩේ ගැන තෘප්තියක් ලබන්නේත් තවත් උපසිරැසි ඉස්සරහට ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරන්න බලගැන්වීමක් ලබන්නේත් මේ කමෙන්ට් වල තියෙන දේවල් දැකලා.ඒ විදියට බැලුවාම මේ පලකරන අදහසේ ප්‍රතිලාභය අවසානයේ තමන්ටම කැරකිලා එනවා.ඒ වගේම අඩුපාඩු තියෙන තැන්වලදී ඒවත් මතක් කරන්න.
එහෙනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු,එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
CO Saira Banu (2017) Malayalam DVDRip x264 700MB ESubs
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5203 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Superb
Ela ela
supirima film ekak story eka niyameta tiyenawa
sub ekata bohoma sthuthi
tawa tawath malayalam film walata sub karanna.
jaya wewa…!!!
ස්තුතියි කිව්වා!!!!!
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!
7th Day (2014) න් නැවත හමුවෙමු!
I am waiting…..
malayalam digatama karanna Thanks.
Thank you
බොහොම ස්තූතියි සබ් එකට… ජය වේවා !!
Angamaly Diaries කියන මලයාලම් ෆිල්ම් එකට සබ් එක දෙන්න බලනවද පොඩ්ඩක්..
dulqure salmange film okkogema sub denna
Thanks bro.. keep it up (y)
dhurva theligu film eke sub dennakooo
dhurva theligu film eke sub dennakoo
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
මලයාලම් වලට හොඳ ප්‍රතිචාර තියෙනවා නෙහ්.
මටත් හිතෙනවා තෙළිඟු පැත්තකින් තියලා මලයාලමක් කරලා බලන්න. 😛
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
Sub valata thnkz yaluvaaaa…. malayalam katha gdk ewa hodai eththa eka kathavak beluva knk aphu malayalam katha balana ekanm atharinne nehe…
Thanks..
Good Luck..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතී සහෝ…මලයාලම් නම් ඉතින් බැලිල්ලක්ම තමා….
නියමයි සහෝ … මලයලම් නම් බැලිල්ලක් තමයි… ගොඩක් ස්තුති සබි එකට… එ වගේම බයිස්කෝප් ඩවුන්ලෝඩි එක හරහා ඔබලා කරන්නේ ලොකු උදවිවක්… ලින්ක් දුන්නේ නැති කාලේ.. ලින්ක් හොයලාම ෆිල්ම් බලන්න එපා වුනා….. දිගටම මෙි වගේ වැඩෙි කරන් යමු…. කියමයි….
Thanks Saho
thnx bro…
jayawewa…
thanks for the subtitle
film eka banna link ekk dennako
baiscopedownloads.com සයිට් එකට ගියොත් ලේසියෙන්ම බාගන්න පුළුවන්.
ela machan puluwannan Dulquar Salmange film seratama sub diyan
budusaranai
bohoma sthithi sahooo niyamai thanks
thanks bro….
elaaaaaaaaaaaaaa
බොහා් මලයාලම් චිත්‍රපටි වල තියෙන Thriller ලක්ෂණයට තමයි ගොඩක්ම කැමති. මලයාලම් චිත්‍රපටි වලට රහ වැට්ටුවෙත් බයිස්කෝප්ලම තමයි. මං හිතන්නේ මේකෙ තියෙන ඔක්කොම දැන් බැලුවද කොහෙද?
ස්තුතියි මල්ලි….! ස්තුතියි බයිස්කෝප්…!!
elama jaya ..
ඉදිරියතත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ඔබට ජය
නියමයි මල්ලි.මෙි ෆිලුමට ඉක්මනටම සබ දෙන්න පුලුවන් වෙයි කියලා හිතුවෙම නෑ.ෆටිටයි මල්ලා. එල.ආසාවෙන් බලන්නෙ අපි මලයාලි ෆිලුමක්ම තමා.Alamara..Take Off මලයාලමි ෆිල්ම් වලටත් ඉක්මනට සබි ඔිනා මචන්…ජය හෝ…..
Take Off (2017) නම් අපේ සහෝදර උපසිරසිකරුවෙක් භාරගෙන තියෙනවා.ඒක එයා ඉක්මනින් අරගෙන එයි.තියෙන වැඩත් එක්ක තෝරා බේරාගෙන තමයි උපසිරැසි කරන්න වෙලා තියෙන්නේ.ඒ හින්දා තවත් අලුත් ෆිලුමක් ආවාම ඒකෙ සබ් ගේන්නම්!
Bandslam 2009 film eke sub genath tikak balanna plz….eka dala thiyena eka dwnld karana be
Dhruva film ekata subtitle dennako.
නියමයි සහෝ නියමයි මලයාලමි ෆිල්ම් වල තියෙන රසිතන්වය හරි වෙනස් එකක් මෙිකේ තියෙන ඔක්කොම මලයාලමි ෆිල්මි මම බැලුවා… අලුත් සබි එකක් update වෙනකොට එක මලයාලමි ද කියලා ඉස්සෙල්ලම බලන්නේ.. දිගටම මෙ වගේ මලයාලමි ෆිල්මි දෙමු… ජය වෙිවා….
හිතුවෙ නෑ මේ තරම් ඉක්මනට මේකට සබ් දෙයි කියල
ස්තුතියි සබ් එකට
thanks sho sub ekata..
thnx saho
බොහොම ස්තුතියි උපසිරසියට.
බුදුසරණයි..! ජය වේවා..!
Thanks saho…supiri film ekak..obata jaya wewa saho…..
niayamai…malayalam films nm balannama ona …thawa malayalam films denna.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamayi saho……elama
ඇත්ත කතාව මලයාලම් ෆිල්ම් වල සිත් ගන්නා දෙබස් තියෙනවා.ගොඩක් ස්තුතී
අඩෝ.. මේකට නම් සබක් ඒවි කියල හිතුවෙම නෑ. හොඳ කොපියක් ඇවිත් මේ තරම් ඉක්මනට අපිට සිංහල සබක් ලබාදීම පිළිබඳව මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මලයාලම් ෆිල්ම්වල රසිකත්වය වගේම මලයාලම් උපසිරසිකරුවන් ප්‍රමාණයත් වැඩිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අන්තිමට බයිලා ගහන්න ගිහින් කියන්න ආව දේත් අමතක වුනානේ. බොහොම ස්තුතියි මචං උපසිරසියට. දිගටම මලයාලම් ෆිල්ම් දෙමු කියල කියන්නේ නෑ ඉතිං කොහොමත් දෙනවනේ. ජයම වේවා….!!!
Thank u very much bro… Malayalam films kohomat hoda kathawak tiyenawa… Ohoma yan ohoma yan saho….
Thank’s for sub bro…
“7th day’ malayalam filumata sub demu
Jaya wewa
7th day දෙන්නම් සහෝ,හැබැයි වැඩ එක්ක ටිකක් කල් යයි!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Bohoom sthuthiy shoodaraya…..
Ikmninm thwth upasiresiykin hmuwrmmoo…….
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
ඇත්තටම දැන් බිහිවෙන හිංදි,දෙමල වලට වඩා මලයාලම් චිත්‍රපට ගොඩක් හොදයි. බොරු විකාර ගහගැනිලි එහෙම නෑනේ..දිගටම මේ වගේ චිත්‍රපට වලට උපසිරැසි ලබා දෙන්න සහෝ..!
:::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::
thanks machan ubala karana de watinakama kiyala nima karnna ba
ස්තූතියි සහෝදරය