Apna Desh (1972) with Sinhala Subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

එමෙන්ම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය සතියේ මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දහඅටවෙනි සිංහල උපසිරසිකරණයයි. මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරසි ලබාදෙන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. එමෙන්ම පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම. එය ඉතා අගනා දිරිගැන්වීමක්. මෙතෙක් එසේ අදහස් දැක්වීමක් නොකළ අයට, ඒ සඳහා තමාගේ ඊ මේල් ලිපිනය භාවිතා කරමින් අදහස් දැක්වීමක් කරනා ආකාරය පිළිබඳව විස්තරයක් පහළ කමෙන්ටුවකින් දක්වන්නම්. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1272 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/PriyanthaD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
පැරණි චිත්‍රපටි වලට උපසිරැසි ලබා දීම නම් ඔබට නොනවත්වාම කරන්නටම වේවි…කෙටියෙන්ම කිව්වා ඕන් …..
abiman ekata sub dennako film eka yootube eke thiyenawa
බොහොම ස්තූතියි අයියෙ උපසිරැසියට. ඉස්සර බැලුවා. ලස්සනම චිත්‍රපටියක්.
දැන් ආයෙ අරන් බලන්වා.
thanks.lakeer eke sub ekath dennako
Rajesh – Mumtaz APNA DESH. Great Job Priyantha.
Respect You
බොහොම ස්තූතියි ඔබට ජය.
හිතවත් ප්‍රියන්ත,
හැත්තෑව දශකයේ ඉතාමත් ම ජනප්‍රිය වූ චිත්‍රපටයක් ඔයා ගෙනැත් තියෙන්නේ. මේකේ සියලුම සින්දු ගොඩක් ජනප්‍රිය වුණා කියලා කියනවා. සුනෝ චම්පා ගීතය තමයි වඩාත් ම ජනප්‍රිය වුණේ. උපසිරැසියට බොහොම ස්තූතියි
මුලින්ම සමා වෙන්න ඕන.ගිය පාර දාපු geet මූවී eka download කරා ගොඩක් ආසාවෙන් රස වින්ද.සඉට් එකට ගොඩක් අඩුවක් වෙලා තිබුන ෆීල්ම් එකක්.එත්තටම කලින් දුන්න geet මූවි එක මන් dvd එක ගොඩ කාලෙක ඉදන් මා ගාව තිබුන.සඉට් එකට ආවොත් ඉස්සල්ලම බලන්නෙ ඔයාගේ ෆීල්ම් එකක් සබ් දාලද කියල තමා.මහන්සිය ගොඩක් අගයනවා.ඉක්මනින් තවත් පරන සිනමා පටයක් අපට ලබා දෙඉ කියා බලා පොරොත්තු වෙනවා.ඔබට ජය.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
sub ekata thanx bro.man podi kaale balapu film.ath ayema balanna asai,puluwannam menna me films walatath sub karanna.obata jaya. “mere jeewan saathi” “gora aur kaala” “sachcha jhutha” “daag” “aan milo sajna”
අදහස් දැක්වීමට ස්තුතියි! එය සබ් නිර්මාණය කරන්නෙකුට ගොඩක් ලොකු දිරි ගැන්වීමක්. ඔබ ඉල්ලා තිබෙන ෆිල්ම් පහම මා ඉදිරියේ දී සබ් කරන්නට තීරණයකර තිබෙන ඒවා, ඒ නිසා මේ වෙබ් එක සමඟ බැඳී සිටින්න සතියකට එක බැගින් හෝ දෙන්නම්.
sub ekata thanx bro.man podi kaale balapu film.ath ayema balanna asai,puluwannam menna me films walatath sub karanna.obata jaya.
“mere jeewan saathi” “gora aur kaala” “sachcha jhutha” “daag” “aan milo sajna”
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
හැකිනම් Sharmeelee (1971) ෆිල්ම් එකටත් සබ් දෙන්න.
ජය වේවා!
බුදු සරණයි!
තාරක සොයුර,
ඔබ නිතරම අදහස් දක්වමින් මා දිරිගන්වන සුවිශේෂී කෙනෙක්. එයට ගොඩක් ස්තුතියි! ඔබ ඉල්ලා තිබෙන Sharmilee (1971) සිනමාපටයේ වීඩියෝව දැනටම මා ළඟ තිබෙනවා. දැනට ෆිල්ම් පහක් සබ් කරගෙන යන නිසා ඉදිරියේදී එය අනිවාර්‍යයෙන් ලබා දෙන්නම්. එසේම මෙහි අදහස් දක්වා තිබෙන අනෙක් අයටද මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා!
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
විශිෂ්ටයි සොයුර. දැන් 70 දශකයටත් අතගහල තියෙන්නේ නේද? 🙂 . මමත් පුලුවන් විදියට ඔබට සහය වෙන්නම්. මේ දිනවල මාත් Mere Jeevan Saathi (1972) චිත්‍රපටය සඳහා උපසිරැසිය නිර්මාණය කරමින් සිටින්නේ.එහි ඉතාම මියුරු ගී කිහිපයක් තියෙනව. ඒ නිසා හැකි පමණ එම ගීත සියල්ලටත් මා උපසිරැසි යොදන්නම්.උපසිරැසිය නිම කිරීමට මට කාලයක් ගත වේවි.ගුණාත්මක උපසිරැසියක් ලබා දීමයි මගේ අරමුණ.ප්‍රියන්ත සොයුරාගෙන් මා තවත් 50 සහ 60 දශකවල චිත්‍රපට බලාපොරොත්තු වෙනවා. ඔබේ ලිපි නම් කදිමයි.එය කියවන විට ඕනෑම රසවතෙකුට දෙවරක් නොසිතා උපසිරැසිය බාගැනීමට සිතෙනව.මා ඔබේ උපසිරැසි වඩාත් අගය කරන්නේ ඔබ ඒවා සරල බස් වහරකින් කාටත් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරන නිසයි.එම හැකියාව හැමෝටම නැහැ.අවසන් වරට මා ඔබේ Geet(1970) සිනමා පටය නැරඹුවා.ආයෙත් බලන්න හිතෙනව.ඉතින් මෙයත් අනිවාර්යයෙන්ම මා නරඹනවා. Geet චිත්‍රපටයට Direct ලින්කුවක් සාදා දීම අප සැමටම පහසුවක් වුණා. ඉදිරියේදී Torrent Seeds අඩු හෝ බාගත කිරීම අපහසු චිත්‍රපට සඳහා එසේ ලින්ක් සාදා දෙන්න.එය විශාල පහසුවක්.එමෙන්ම Youtube පිටපත් තිබේනම් ඒවාට ප්‍රමුඛ තැන දෙන්න. මොකද එම පිටපත් බොහෝ විට පැහැදිලි සහ අපට පහසුවෙන් අඩු Mb
ප්‍රමාණයකින් Direct බාගත කළ හැකි නිසා.
කසුන් හර්ෂණ සොයුර,
ඔබත් නිතරම අදහස් දක්වමින් මා දිරිගන්වන සුවිශේෂී කෙනෙක්. එයටත් ගොඩක් ස්තුතියි! ඔබත් පැරණි හින්දි සිනමාපට සබ් කරන්නට තීරණය කිරීම ගැන මට ඇත්තෙන්ම ඉතාමත් සතුටක්. ඒ වගේම ඒවා ප්‍රිය කරනා අනෙක් අයටත් සුබ ආරංචියක් වේවි. ඔබ නවකයෙක්වන නිසා මට හැකි උපරිම ආකාරයෙන් ඔබට සහය වෙන්නම්. නිතරම මෙම වෙබ් එක සමඟද බැඳී සිටින්න. ඒ මන්ද මෙම පැරණි හින්දි සිනමාව ගැන ඔබේ හොඳ රුචිකත්වයක් තිබෙන නිසා. මාගේ ඊළඟ උපසිරසියත් ඔබ කැමතිම එකක් වේවි.
ස්තුතියි..ටිකක් පරක්කු වුනා නරඹන්න..කමක් නෑ..බොහෝම ස්තුතියි උපසිරැසියට..ජයවේවා !!
ස්තූතී
niayamai…thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……