Netflix චිත්‍රපට
සඳහා උපසිරැසි

Sinhala Subtitles for Netflix

තරුණ යුවලක් ළමයෙක් අපේක්ෂාවෙන් සිටියද ඔවුන්ට එම අපේක්ෂාව ඉටු කරගැනීමට නොහැකි වූ විට ළමයෙක් අරන් හදාගැනීමට තීරණය කරයි. ඇත්තටම කිව්වොත් එක ළමයෙක් විතරක් නෙමෙයි ඒක පැකේජ් එකක් මෙතැන් සිට ඔවුන්ට මොනවගේ දේවල්වලට මුහුණ දෙන්න වෙයිද කියලා බලන්නකෝ ඔයාලා

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්විම | නිමේෂ් තෙන්නකෝන්

ව්‍යාපාරිකයෙක් තම සමාගමේ දියුණුව වෙනුවෙන් පවුලක් විනාශයට පත් කර ඔහු පලායයි.එම පවුල ඔවුන්ගෙන් පලිගනී..

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | චමුදිත ප්‍රභාත්

අඳුරන්නෙ නැති උනත් එදිනෙදා අපේ ජීවිත වලට සම්බන්ධ කී දෙනෙක් නම් ඇත්ද? ඇත්තටම සමහරුන්ගෙ ජීවිත ලූඩෝ සෙල්ලමක් වගේ තමයි. මෑත කාලයේ උන්මාදයක් වුණ ලූඩෝ ක්‍රීඩාව පදනම් කරගෙනයි ලූඩෝ සිනමා පටය නිර්මාණය වෙන්නෙ. ලූඩෝ පුවරුවක ඇති වර්ණ හතරේ ඉත්තන් කිසිම විටෙක එකිනෙකා හා බැඳීමක් නෑ. නමුත් එකිනෙකා හා ගැටෙමින් සෙල්ලම දිගටම කරගෙන යනවා. මේ ලූඩෝ සිනමා පටයේ තිබෙන්නෙත් සමාජයේ නන්නාඳුනන නමුත් එකිනෙකා හා ගැටෙමින් ජීවිත සටනේ යෙදෙන කතා හතරක් ගැන…

 

මේ අරුම පුදුම තේමාව ඔස්සේ කතා කිහිපයක් ගොඩ නගමින් මෙය සිනමාවට නගන්නේ සම්මානනීය සිනමාකරු අනුරාග් බාසු විසින්. අති දක්ෂ ප්‍රවීණ ශිල්පීන් වන පන්කජ් ත්‍රිපාඨී, අභිෂේක් බච්චන්, නව පරපුරේ ජනප්‍රිය ශිල්පීන් වන ආදිත්‍ය රෝයි කපූර්, රාජ්කුමාර් රාඕ, ෆාතිමා සානා සහ සාන්යා මල්හෝත්‍රා සමගින් නවක නළු රෝහිත් සරෆ් හා, දකුණු ඉන්දීය නිළි පර්ලි මානී මෙන්ම ළමා නිළි ඉනායත් වර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙනවා. ප්‍රහසන, අපරාධ කාණ්ඩයට අයත් වන මෙම නිර්මාණයට සංගීතය මුසු කරන්නේ ප්‍රීතම් විසින්.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | රුවිනි තක්ෂිලා

 
 
මිනා කියන්නේ අම්මා දාලා ගියපු තාත්තත් එක්ක ජීවත් වෙන පොඩි කෙල්ලෙක්. ඉතින් මේ දෙන්නගේ ජීවිතේට තව දෙන්නෙක් එනවා. ඒ කුඩම්මා කෙනෙකුයි කුඩම්මගේ දුවයි.ඒ දුව ටිකක් ඔලුවෙන් ඉන්න කෙනෙක්. හැම්වෙලේම ඉන්ස්ටා යන්නයි එක එක විකාර. මිනත් පුලුවන් උපරිම උත්සහ කරනවා අලුත් සහෝදරිත් එක්ක සතුටින් ඉන්න.
ඒත් මේ අලුත් සහෝදරී,ජෙනී,මිනාට අඩත්තේට්ටම් කරනවා.මේ අතරෙදි මිනා හොයාගන්නවා හරිම අපූරූ දෙයක්. ඒ තමයි එයාට පේන හීන හැදෙන තැන. “හීන කරළිය”.කොහොමහරි මිනා අනික් අයට පේන හීන වෙනස් කරන්න ගන්නවා. මේ හීන කරළිය වටා මිනා කරන වෙනස් කම් නිසා මොනවා වේවිද? ඒ වෙනස්කම් ඔස්සේ තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නෙ.හරිම අපූරු චිත්‍රපටියක්.මොකද වෙන්නේ කියලා දැන ගන්න ඔයාලත් චිත්‍රපටිය බලන්න.

 

උපසිරැසි ගැන්වීම | JAAL

කතාව ගෙතෙන්නේ කළු ජාතික පවුලක් වටේ. දකුණු සුඩානයේ ආතතිය හා යුද්ධය හේතුවෙන් බොහෝ දෙනෙක් නගරයෙන් පැන යාමට උත්සාහ කරනව. අවාසනාවකට මෙන්, අයහපත් කාලගුණය සහ මුහුදු කුණාටුව හේතුවෙන් බොහෝ දෙනෙකුට ජීවිත පවා අහිමි වෙනවා. ඔවුන් දිවි ගලවාගෙන, සරණාගත කඳවුරක රැඳී සිටින අතර, ඔවුන් බොල් (සොප් ඩිරිසු) සහ රියාල් (වුන්මි මොසකු) කියන අපේ කතා නායකයො දෙන්නත් ඉන්නවා. සරණාගතයින්ගෙන් යුවළ එංගලන්තයට යවනු ලබන්නේ නැවුම් ආරම්භයක් ලබා ගැනීම සඳහා ය. මාර්ක් (මැට් ස්මිත්) ඔවුන් දෙදෙනා පදිංචි කරවීමට නව විශාල නිවස පෙන්වීමට කටයුතු කරනවා.
බොල් සහ රියාල් යන දෙදෙනාම විශ්වාස කරන්නෙත් නැහැ මෙතරම් විශාල නිවසක් ලැබෙයි කියලා. කෙසේ වෙතත්, පළමු රාත්‍රියේ සිටම එය බොල්ට වධ දීමට පටන් ගනී. නිවසේ බිත්තියට යටින් අවතාර ජීවීන් සිටින අතර එමගින් යුවළට ජීවත් වීමට අපහසු වේ. නමුත් එහි සිටින අවතාරවලට ඔවුන්ගෙන් යමක් අවශ්‍යයි. එය කුමක් ද? නිවසේ සැඟවී සිටින්නේ කාගේ නපුරු ආත්මයන්ද? මොකක්ද වෙන්නෙ කියලා දැන ගන්න නම්, චිත්‍රපටය බලන්නම වෙනවා..

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල

යාළුවෝ නම දෙනෙක්, ඉස්කෝලේ කාලෙන් පස්සේ, තවත් අවුරුදු ගානකට පස්සේ එකතු වෙනවා. මේකත් ලොකු පාපන්දු තරඟයක් බලන්න යන ගමන්, කැළැවේ කූඩාරම් ගහගෙන රැයක් ගත කරන්න. මෙයාලා හැමෝටම, තම තමන්ගේ රහස් තියෙනවා කියලා දැනෙන්නේ මෙහෙම එකතු වුනා

 

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල

 

 
 
අද මගේ ජිවිතයේ සුවිශේෂී කඩඉමක් සනිටුවහන් වන දවසක්… ගොඩක් කල් මේ අඩවියෙන් සිංහල උපසිරැසි බාගත කරමින් ඉදලා යටිහිතේ තිබුණු ආශාවත් එක්ක උපසිරසියක් කරන්න හිතුනා. ඉතින් මේ “මගේ පළවෙනිම උපසිරැසිය”. ගොඩක් අඩුපාඩු ඇති, ඒ ගැන සමාවෙලා අඩුපාඩු පෙන්වලා දෙන්න. ඉතින් මන් මේකට තෝරාගත්තේ ටිකක් අමුතු විදිහේ කතාවක්, William Olsson විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය තිරරචනය Catherine Hanrahan ගෙනි. IMDb දර්ශකයේ 8.4 වැනි ඉහල අගයක් ලබාගෙන ඇති Drama | Thriller ගණයට අයත්වන මෙම චිත්‍රපටය පැය 01 කුත් මිනිත්තු 37 ක් පුරා දිවෙයි. මෙහි ‘මාග්‍රට්’ ලෙස Alexandra Daddario ත්, ‘කසු’ ලෙස Takehiro Hira, ‘ඉනෙස්’ ලෙස Carice Van Houten , ‘ලියාම්’ ලෙස Andrew Rothney ත් අපූරු රංගනයක යෙදෙති.
කතාව කෙටියෙන්, මාග්‍රට් යනු ජපානයේ ටෝකියෝ නගරයෙහි ජීවත් වන ඇමරිකානු තරුණියකි. දිවා කාලයේ ඇය ජපන් ගුවන් ඇකඩමියක පුහුණුවන ගුවන් සේවිකාවන්ට ඉංග්‍රීසි උච්චාරණය කරන ආකාරය උගන්වයි. ඇය සෙසු විදේශිකයන් වන ඉනෙස් සහ ලියම් සමඟ බීමත්ව රාත්‍රිය ගත කරන අතර නගරයේ බොහෝ ආදර හෝටල්වල අහඹු පිරිමින් සමඟ ගොස් ලිංගික සම්බන්ධකම් පවත්වයි. ඇගේ රාත්‍රී අක්‍රමිකතා නිසා ඇයගේ උපදේශක නකමුරාගේ අවධානය යොමු කරමින් පසුව ඇය වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පෙලැබෙයි.

නිවෙසක් නොමැතිව සහ ජිවිතයේ පතුලේ සිටින මාග්‍රට්ට තම මිතුරු ලියම්ව පිටුවහල් කළ බව හෙළි කරන ලියම්ගේ පෙම්වතිය වන ලුයිස් දන්වා සිටියි. ලුයිස් සමඟ බීමත් වන මාග්‍රට් බීමත් වී රාත්‍රියේ ටෝකියෝව වටා ඇවිදීමට පටන් ගනී. ඇය පසුපස එන අමුතු මිනිසෙකු දැක ඇයව ආදර හෝටලයකට ගෙන යන ලෙස ඉල්ලා සිටියි. මේ අතර ඇයට “කසු” නම් විශේෂිත පුද්ගලකු හමුවේ. ඔහු ඇයව “බුදුන්ගේ ගර්භාශය” නම් අපුරු තැනකට රැගෙන යයි.. කතාව අවසානයේ ඇය “බුදුන්ගේ ගර්භාශය” නම් සංකේතවාදය අවබෝධ කරගනිවිද? අවසානයේ යහපත සඳහා සමුගැනීමට පෙර නැවත ඉපදීමක් දැනේවිද? මෙයින් ඇය හා අප ඉගෙන ගන්නා පාඩම කුමක්ද ??
ඉතින් වැඩිහිටියන්ට පමණක් සීමාවුණු මේ චිත්‍රපටියේ අපට ගතහැකි ආදර්ශ බොහෝයි. සියල්ල අනිත්‍යබව ඔබටත් වැටහේවිද ? ආලයෙන් තොර රාගයක් අපට කියන්නේ කුමක්ද… අඩුපාඩුනම් ගොඩක් ඇති පලවෙනි එක නිසා. ගොඩක්ම අමාරු උනේ මේ ලිපිය සකසා ගන්නයි. ඔන්න අමාරුවෙන් ගලපගත්තා. චිත්‍රපටිය බලලම ගුණදොස් කියන්නකෝ ඔයාලා. මගේ විස්තර මගේ ෆේස්බුක් පිටුවෙන් ලබාගන්නත් පුළුවන්. එහෙනම් හැමෝටම සුභ දවසක්, කොරෝනා වසංගතය නිසා හැමෝම පරිස්සමින් ඉන්න. ජයෙන් ජය !

 

උපසිරැසි ගැන්වීම | සාරංග සිරිවර්ධන

ජර්මානු දඩයක්කාරයෙකුගේ උපකාරයෙන් නිදහස් වහලෙක් තම බිරිඳ කුරිරු මිසිසිපි වතු හිමියෙකුගෙන් බේරා ගැනීමට පිටත් වේ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | ප්‍රදීප් සඳකැලුම්

මාර්වල් කොමික් කතා මාලාවක් පාදක කරගත් මෙම කතාව විශේෂ බල පෙන්වන තරුණයින් පස් දෙනෙකු සගවා තබාගෙන ඉන්නවා අලුතින් ඔවුනට ලැබෙන බලය ඔවුන් හසුරවා ගන්නේ කෙසේද, මොවුන් සගවා ඉන්න තැනින් පැන යාමට හැකි වෙයිද? X Man කතා මලාවටද නෑ කම් කියන මේ කතාව එනකන් ගොඩක් අය බලන් හිටියා නෙ බලමු එහෙනම් මේ භයානක, ක්‍රියාදාමයෙන් පිරුණු චිත්‍රපටය

 

උපසිරැසි ගැන්වීම | මදුසංක බණ්ඩාර

අලුතින්ම ආව ඇනිමෙශන් චිත්‍රපටය තමයි මේ. 2017 දි මේකෙ තවත් එකක් ආවා මම හිනවා ඔයලා එක බලලා ඇති කියලා.එක නොබැලුවත් ප්‍රශ්නයක් නැ. පවුලේ ඔක්කොම එකට ඉදගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්. මම හිතනවා baiscope.lk තමයි මේ කතාව මුලින්ම ලංකාවට සිංහලෙන් දෙන්නේ කියලා.කතාව පැත්තට හැරුනොත් කතාවෙ දෙවෙනි ප්‍රධානියා බිග්ෆුට් ඇලස්කාවේ තෙල් සමාගමකට එරෙහිව සටන් කරනවා ඒත් එකපාරටම ඔහු අතුරුදහන් වෙනවා පස්සේ ඔහුගේ වීර පුතා කතාවේ ප්‍රධානියා සහ, මව, සත්තු යහළුවන් ඔහුව බේරා ගන්න යනවා. අපි බලමු බේරගන්න පුළුවන් වෙයිද කියලා.

 

උපසිරැසි ගැන්වීම | මදුසංක බණ්ඩාර

මෙම චිත්‍රපටය  IMDB ශ්‍රේණිගත දර්ශකයේ 5.5ක අගයක්ලබාගෙන ඇත.  චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා Corin Hardy. රුමේනියාවේ තරුණ කන්‍යා සොහොයුරියකගේ මරණය පිළිබඳව විමර්ශනය කිරීමට හා භූත කන්‍යා සොහොයුරියකගේ ස්වරූපයෙන් අශිෂ්ට බලවේගයකට මුහුණ දීමට වතිකානුව විසින් හොල්මන් අතීතයක් සහ නවකවරයකුගේ අවසන් භාරයේ එළිපත්ත මත සිටින පූජකයෙකු යවනු ලැබේ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | යොහාන් ප්‍රනාන්දු (Yoka)

Tim Hill විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය IMBD දර්ශකයේ 6.2ක මට්ටමක් දැනට ලබාගෙන තිබෙනවා.කුඩා ළමුන්ට ඉතාමත් යෝග්‍ය චිත්‍රපටයක්.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | හංසක නුවන්

ජනප්‍රිය Netflix
රූපවාහිනී
කතා මාලා

Sinhala Subtitles for TV Shows

අපරාධ කල්ලියක් තුළට රිංගා ගැනීම සඳහා නව යොවුන් වීදි ධාවකයන් කණ්ඩායමක් කුලියට ගනී.
ලොකප්‍රසිද්ධ ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව අනුසාරයෙන් රූගත කර තිබෙන මැන්ඩලෝරියන් කතා මාලාවට IMDB දර්ශකයේ 8.7ක් වැනි ඉහල අගයයක් ලැබී ඇත. එමෙන්ම මෙහි කතාංගයක් මිනිත්තු 40ක් වැනි කාලයක් ධාවනය වන අතර, මෙය ක්‍රියාදාම, වීරක්‍රියා, විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වන කතාමාලාවකි. මෙහි පළමු කතාමාලාවේ කොටස් 8ක් අඩං‍ගු වන අතර මුදල් ත්‍යාග සදහා අපරාධකාරයන් දඩයම් කරමින් මැන්ඩලෝරියන් ගෝත්‍රය නැවත ගොඩ නැගීමට උත්සහා කරනා වීරයෙකුගේ කතාව දිගහැරේ. අභ්‍යාවකාශ යානා, විවිධාකාර ග්‍රහලෝක, විවිධාකාර පිටසක්වල ජීවීන් ගැන උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට උපරිමයෙන් රසවිදිය හැකි කතා මාලාවකි.
18+ වැඩිහිටියන්ට පමණක් සීමා වූ, ස්පාඤ්ඤ බස කතා කරන මෙක්සිකන් රූපවාහිනී කතා මාලාවකි. කොටස් 18 කින් යුක්ත වන අතර, ත්‍රාසය කුතුහලය පිරි, නාට්‍යමය කතා මාලාවක් ලෙස නෙට්ෆ්ලික්ස් හරහා එළිදැක්වූයේ පසුගිය 2020 ජූලි මාසයේය. අපට හුරු පුරුදු නොවුණත්, ස්පාඤ්ඤ සහ මෙක්සිකන් ජනප්‍රිය නළු නිළියෝ මෙම කතා මාලාවට එක් වී සිටිති.
ලිංගිකත්වයට බයක් දක්වන කොල්ලෙක් වටා දිව යන කතාවක් මෙයාගේ අම්මා ලිංගික සම්බන්ද ලෙඩරෝග වලට උපදෙස් දෙන චිකිත්සකවරියක් මේ කොල්ලගේ පාසලේ කෙල්ලෙක් කියනවා ලිංගික සම්බන්දව උපදෙස් දෙන ක්ලිනික් එකක් පටන් ගමු කියල. මෙයාට ඒ සම්බන්දව පොඩි දැනුමක් තියෙන නිසා වැඩේ පටන් ගන්නවා එතන ඉදන් මරු මරු දේවල් වෙනවා.
Vampire diaries කියන්නේ ලෝකෙ පුරාම ගොඩක් දෙනෙක් ආදරෙන් වැලඳ ගත්ත කතාවක්.. වැම්පයර්ස්ල දෙ⁣න්නෙක් සහ මිස්ටික් ෆෝල්ස්වල ජීවත් වෙන එලීනා අතර ඇතිවෙන තුන්කොන් ප්‍රේමය තමයි මේ කතා මාලාවේ තියෙන්නේ. මේ කතාව drama, fantasy, horror category එකට තමයි අයිති වෙන්නේ. 2009 වර්ශයෙන් පටන් අරන් 2017 වර්ශය වෙනතෙක් මේ කතා මාලාව දිවෙනවා.

Season 8 කුත් episode 171 කුත් මෙහි අන්තර්ගත වෙනවා.. ⁣ඔයාලත් රසවින්ඳිින්න..😍😍😍
ජර්මානු නගරයක පිහිටුවා ඇති අද්භූත පෙරළියක් සහිත පවුල් කතන්දරයක්, එහිදී කුඩා දරුවන් දෙදෙනෙකු අතුරුදහන් වීම පවුල් හතරක් අතර සබඳතා හෙළි කරයි.
ඔවුන් සියල්ලන්ටම නගරයේ කරදරකාරී ඉතිහාසයට සම්බන්ධයක් ඇත – ඔවුන් දැන සිටියත් නැතත්. මෙම කතාවට 1986 දී එකම නගරයට සම්බන්ධ වන අද්භූත අංග ඇතුළත් වේ. “Dark” යනු නෙට්ෆ්ලික්ස් සඳහා නිපදවන ලද පළමු ජර්මානු මුල් මාලාවයි.

 

“අතීතය,වර්ථමානය සහ අනාගතය අතර ඇති වෙනස හිතුමතේ නොනැවතී පවතින මායාවක් පමණි.”
– ඇල්බර්ට් අයින්ස්ටයින්
Dark – Family Tree එක ගැන හොයන අය මෙතනින් බලන්න. SPOILER WARNING!
වෙබ් අඩවියක පල කරන මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මේක mini series එකක්. ඒ කියන්නෙ මේකෙ තියෙන්නෙ episode 3 යි. මේක නිර්මාණය වෙන්නෙ Charles Dickens ‍ගෙ A Christmas Carol කියන නව කතාව ඇසුරෙන්. විකාශය උනේ 2019 දෙසැම්බර් 22, 23, 24 දවස් තුනේ BBC නාලිකාවෙ. ඒ සතිය ඇතුළත හය ‍වෙනියට වැඩිම පිරිසක් නරඹපු රූපවාහිනී වැඩසටහන උ‍නේ මේක. මෙය ක්‍රිස්තියානි ආගම හා සම්බන්ධ කතාවක්.
දැඩි හදවතක් තියෙන Ebenezer Scrooge, නත්තලේ ආශ්චර්යය නිසා ‍වෙනස් වෙනවා. ඒත් Ebenezer ට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි ද??
ඔයාලම බලන්නකො නපුරු හදවතක් තියෙන කෙනෙක් ඇත්තටම වෙනස් කරන්න පුළුවන්ද කියලා..

 

සිංහල උපසිරැසි: රුවිනි තක්ෂිලා