මාස්ටර්’ස් සන් [S01 : E07] Sinhala Subtitles | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.
ජොන්ග් වොන් ගෙ ලේකම්තුමා කිම් බොහොම කැමතියි ජොන්ග් වොන් ගොන්ග් ෂිල්ට කැමති වෙනවනම්. ඉතින් ඔහු බොහොම මහන්සි වෙනව මේ අපූරු යුවල ආදරෙන් ලංකරන්න. ගොන්ග් ෂිල් ගෙ නිවාස සංකීර්ණයේ ඉන්න පුංචි දරුවො දෙන්නෙක්ට හමුවෙන බෝනික්කෙකු ඇතුලෙ ඉන්න ළමා හොල්මන් නිදහස් කල අරින්නයි ගොන්ග් ෂිල් මෙවර සූදානම. ඒ සිදුවීමෙදි මේ දෙදෙනාට පොලීසි යන්නත් වෙනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2451 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!