MENU

AllFeatured ArticlesPHOENIXSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)හින්දි (TV)

Yeh Kaali Kaali Ankhein [S02 : E01] Sinhala Subtitles | හූනියම තවම පණපිටින්.. [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

තමන්ගේ ජීවිතේට හම්බවෙච්ච අප්පිරියම ගෑනු කෙනාව තමන්ගේම අසරණකම නිසාම කසාද බඳින්න සිද්ධ වෙච්ච, ඒ දරුණු ගෑනිගේ පවුලෙන් තමන්ගේ ආදරණීය කෙල්ලගේ ජීවිතේ බේරගන්න වගේම තමන්ගේ පවුලේ අනිත් අයගේ ජීවිතේට අනතුරක් නොවෙන්නත් පුදුම විදිහේ ගේම් ටිකක් ගහන්න සිද්ධ වෙලා තියෙන කොල්ලෙක් තමා මේ. මාරයාගේ කටේ ඉඳන් මාරයාටම ගේම් එකක් දෙන්න තරම් පොරක් නෙමේ ඌ. හරි අහිංසකයි. පොඩි පොඩි හීන තිබ්බ ඉංජිනේරුවෙක්. ඒත් හෙන ගහන්නේ කලින් කියලා නෙමේනේ. අන්තිමට මේ හැමදේකින්ම බේරෙන්න නම් සමාදානෙන් මේවා කරලා හරියන්නෑ කියලා මිනිහා තේරුම් ගත්තා. ඒ නිසාමයි තමන්ගෙම ගෑනිව මරන්න බෝම්බයක් තියන්න මිනිහා තීරණය කළේ.
2022 වසරේදි Netflix ඔස්සේ නිකුත් කරපු Yeh Kaali Kaali Ankhein කියන්නේ Crime|Thriller|Romance ඝනයට අයිති වෙන වෙබ්කතා මාලාවක්. Tahir Raj Basin, Swetha Tripathi, Anchal Singh කියන පිරිස රංගනයෙන් එකතු වෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7ක අගයක් ලබාගන්නත් මේ කතාමාලාව මේ වෙද්දි සමත් වෙලා තියෙනවා. ඉතින් කොටස් 8ක් පුරාවට පළමු කතාසමය නරඹලා වසර 2කට ආසන්න කාලයක් ගත වෙද්දි කොටස් 6කින් යුක්ත දෙවන කතාසමයත් නිකුත් වෙලා තියෙනවා. මේ කතාසමයට සුපුරුදු පිරිසට අමතරව අලුතින් Gurmeet Choudhary එකතු වෙනවා. 
ඉතින් හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 196 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

4 thoughts on “Yeh Kaali Kaali Ankhein [S02 : E01] Sinhala Subtitles | හූනියම තවම පණපිටින්.. [සිංහල උපසිරසි]

  • බොහෝම ස්තුතියි සහෝදරයා..ස්තූතියි බයිස්කෝප්

    Reply
  • Buddhika laKMal

    තෑන්ක්ස් අයියේ මේකට සිංහල සබ් දෙනවට…
    පළවෙනි සීසන් එකත් බැලුවා.. මෙකත් බැලිල්ලක් තමයි ඉතිං….

    Reply
  • මේක නම් එල සීරිස් එකක් වගේ…තෑන්ක්ස් කොල්ලෝ..ඉක්මනට දෙන්න

    Reply
  • Thank you so much brother..❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *