Rating: 7.6/10. From 64 votes.
Please wait...

ඔන්න එහෙනම් ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටියක් තමා අරගෙන ආවේ. ඉතින් නම දැක්කම හැමෝම දන්නවනේ මොකක්ද කියලා මොකද මේ ෆිල්ම් සීරීස් එක නිසා මේ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි.
ඉතින් Wrong turn බීෂණය ආරම්භ වෙන්නේ 2003 දි.. වැරදි පාරක ගිහින් කැලයක් මැද අතරමන් වෙන තරුණ පිරිසක් ඒ කැලේ ඉන්න ජාන විකුර්ති වුන මිනී මස් කන මිනිසුන් පිරිසකගෙන් ජීවිතේ බේරගන්න දරණ උත්සහයක් තමා මේ චිත්‍රපටයේ මූලික අන්තර්ගතය වන්නේ. ඉතින් මුල්ම චිත්‍රපටියෙන්ම රසිකයන් හිත් ත්‍රාසයෙන් ගිල්වා ආකර්ෂණය කරගන්න මේ චිත්‍රපටයට හැකි වෙනවා. ඉතින් 2007 දි මේ චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය එලි දක්වනවා. පළමු චිත්‍රපටියටත් වඩා දෙවන චිත්‍රපටිය අති සාර්තක වෙන්වා. (අදටත් මේ ෆිල්ම් සීරීස් එකේ මම කැමතිම චිත්‍රපටය මේ දෙවනි චිත්‍රපටිය) ඉතින් එයින් ලද අති සාර්තකත්වයත් එක්ක 2009 වසරෙදි තුන් වෙනි චිත්‍රපටියත් එලිදක්වනවා. ඒත් තුන් වෙනි චිත්‍රපටියෙන් පස්සේ ටිකෙන් ටික සීරීස් එකට තියන රසික ආකර්ෂණය අඩු වෙනවා. ඉතින් මේ හේතුව නිසාම 2014 දි හය වෙනි චිත්‍රපඨයෙන් මේ චිත්‍රපඨ මාලාව අවසාන කරනවා….
ඉතින් චිත්‍රපඨ මාලාව අවසන් වුනානම් Wrong turn 2021 මේ මොකක්ද.. ඇත්තටම මේක පරණ බ්‍රෑන්ඩ් නේම් එකෙන් අලුත්ම ස්ටෝරි ලයින් එකක් එක්ක අලුතින්ම එලිදක්වන චිත්‍රපටි යක්.. ඉතින් මේක ඔයාලා බලනවනම් කලින් චිත්‍රපටි වල මතකයන්, අත්දැකීම් අමතක කරලා මේක බලන්න.. මොකද කියනවනම් මේකේ ඒ චිත්‍රපට වලට වඩා හාත්පසින්ම වෙනස් කතාමාලාවක් ගලාගෙන යන්නේ…
ඉතින් එහෙනම් වැඩි විස්තර ඕනී නෑ කතාව පැත්තට යමු. මේ චිත්‍රපඨිය විකාෂණය ආරම්භ කරන්නේ 2021 ජනවාරි 25 වෙනිදා.. ඉතින් මාසයක් යන්නත් කලින් හොද පිටපතක් අන්තර් ජාලයට නිකුත් වුනා. කතාව ගැන කියනවා නම් ජෙනිෆර් කියන්නේ හොදට ඉගෙන ගත්තු තරුණ ලස්සන ගෑණු ළමයෙක්. එයා එයාගේ යාළුවෝ එක්ක ගොඩක් විනෝදෙන් තමා කාලේ ගතකරන්නේ. දවසක් මේ සෙට් එක යනවා කදු නගින්න. ඉතින් එයාලා ඒ යන නගරේ ගොඩක් අමුතු තැනක්. එයාලා නවාතැන් ගන්න තැන ඉන්න ගෑනු කෙනා කියනවා “ඔයාලා කොයිම වෙලාවකත් යන පාරෙන් පිටට යන්න එපා කියලා” ඉතින් ඔන්න යාලුවෝ සෙට් එක කන්ද නගින්න පටන් ගන්නවා. ඉතින් එයාලා යන මාර්ගය වැටිලා තියෙන්නේ සිවිල් යුද්දයේ යුද පිටියක් මැදින්. ඔන්න යාලුවෝ සෙට් එක පාරෙන් පිට පැනලා අර යුද්ධේ කාලේ පුරාවස්තු තියනවද හොයන්න යනවා. ඒත් ඊට පස්සේ සිද්ද වෙන්නේ එයාලා හීනෙකින් වත් හිතුවේ නැති දෙයක්…
එහෙනම් එතනින් එහෙට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. ත්‍රාසය භීතිය කුතුහලය උපරිමයි. හැබැයි කලින් ෆිල්ම් ටික මනසෙන් අයින් කරලා මේක අලුත් ෆිල්ම් එකක් කියලා හිතන් බලන්න.. මොකද මේක අලුත්ම වෙනස්ම විදිහකට ආව එකක් නිසා. (ඔයා කලින් ෆිල්ම් හිතේ තියන් මේක බලනවා නම් වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම මෙලෝ රහක් නෑ. ඒත් ඒවා අමතක කරලා අලුත් එකක් කියලා හිතන් බැලුවොත් මේක සුපිරි ෆිල්ම් එකක් කියලා හිතෙයි..) ඉතින් මේක අවසන් වෙන විදිහටනම් තවත් චිත්‍රපටියක් ඒවී කියලා බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්..
එහෙනම් මේක මට ලබාදුන්න අශාන් විමුක්ති අයියටත්, මේ සීරීස් එකේ පරණ අයිතිකරු ඩොක්ට සමීර අයියටත් ස්තූති වෙන ගමන් මම යනවා. හැමෝටම ජය..




Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22144 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sub ekata thanks brother
patta bro goodluck
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Nice!!!!!
Sub ekat thankz
උපසිරසියට බොහෝම ස්තූතියි
බොහෝම ස්තූතියි උපසිරැසියට…
Thanks ………good luck
එනකල් මග බලන් ඉදපු ෆිලුමක්.පරන ෆිල්ම්ස් සෙට් එක තරම් ත්‍රිල් එක නැති උනත් ස්පොයිල් නොවි බලන්න පුලුවන් වෙයි වගේ.බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
Thanks saho
Thanks bro
thanks a lot saho sub ekata
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Good work brother, Thanks for the sub!
Thanks jayawewa….!
Sub ekata thanx
Thanks
සබ් එකට ස්තුතියි සහෝ
දිගටම අලුත් ඒවට සබ් දෙමු
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මම හුඟ දෙනෙකුගෙන් ඉල්ලපු ත්‍රාසජනක Horror කැටගරියට අයිති සුපිරි ෆිල්ම් Collection එකක් තියනවා. කාටවත්ම උනන්දුවක් නැති පාටයි. සහෝට පුලුවන් නම් උපසිරැසි දෙන්නකෝ. Hannibal Lecter Collection එක. මේකේ දෙවන ෆිල්ම් එක වන The Silence of the Lambs – 1991 චිත්‍රපටයට බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි දුන්නා. සහෝට නොහැකි නම් කාට හරි භාර දෙන්න පුලුවන් නම් collection එක බලන්න ආසාවෙන් ඉන්නේ.
01 – Manhunter – 1986
03 – Hannibal – 2001
04 – Red Dragon – 2002
05 – Hannibal Rising – 2007
බොහොම ස්තූතියි
සබ් එකට ස්තුතියි..
thanks..
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks for sub!
deparak baluwe na download karala damma
තෑන්ක්ස් සහෝ
දෙනකන් බලන් හිටියේ අඩේ තෑන්ක්ස් බොල
Thanks bro……..
Dilshan saho puluwn nm “Monster Hunter(2020)” film ekta sub denna,anith site walin deela thibunath oyala denkn thama bln innow
ඒකට උපසිරැසි ඉක්මනින්ම දේවී..
බොහොම ස්තූතියි සහෝ
ඉස්සර හැමෝටම කලින් සබ් දැම්ම බයිස්කෝප් එක දැන් අන්තිමටම සබ් දාන සයිට් එක වෙලා..මොනවා උනත් බැදීම එහෙම්ම මයි..ස්තුතියි..සබ් එකට..
උපසිරසියට බොහොම ස්තූතියි…