Werewolf by Night (2022) Sinhala Subtitles | මාවල් විශ්වය වෙත අන්ධකාරයේ ආගමනය! [සිංහල උපසිරැසි]
UPDATE -> Color version
මාවල් රසිකයින් 2022 අවුරුද්ද ගතකලේ බොහොම කනස්සල්ලෙන්, ඒ තෝර් LAT එක 😀 නොහොත් ලව් ඇන්ඩ් තන්ඩර් සිනමාටයෙන් සහ ෂි හල්ක් ටීවී සිරිස් එක මගින් සිදුකරපු බලාපොරොත්තු කඩවීම් නිසාවෙන්. ගොඩක් අය කිව්වේ නම් අයන් මෑන්ගේ මරණයත් එක්ක මාවල් සිනමා විශ්වයේ අන්තිම ඇනයත් ගැහුවා, වලලා දාන එක තමයි දැන් කරන්න ඉතුරු කියල. මාවල් සිනමා විශ්වය කියන්නේ එහෙම ලේසියෙන් කාටවත් විනාශ කරලා දාන්න බැරි දෙයක් කියල වැඩි කාලයක් යන්න කලින් ඔන්න ඔප්පු කරල තියෙනව.
මාවල් සිනමා විශ්වයට අන්ධකාරයේ ආගමනය සිදුවෙන්න නියමිතයි. ඒ බව පහුගිය ෆිල්ම් දෙක තුනක ඉඟි මගින් දැනුම් දුන්නා මතකයිනේ. ඒ කියන්නේ බ්ලේඩ් වැනි චරිත මාවල් විශ්වය එක්ක එකතු වෙන්නයි ඉන්නේ. ඔය අතරවාරයේ මාවල්ලා ඔන්න අපිට හුරුපුරුදු මාවල්ලගේ ටොප්, ක්ලාසි නිර්මාණයක් ලබා දෙනවා. හොලිඩේ ස්පෙෂල් එකක් විධියට, ටීවී මුවී යන කැටගරියෙන් තමයි අපිට මේ විනාඩි 40ක සිනමා පටය ලබාදෙන්නේ. මාවල් සිනමා යුනිවර්ස් ඉතිහාසයේ මුල්ම හැලොවින් සේපෙෂල් එක විධියට තමයි මේක ලබාදෙන්නේ.
සිනමාපටය මුල් විනාඩි 30ක් වගේ තනිකරම කලුසුදු. එහෙම වෙන්න හේතුව මේකේ තියෙන ලේ සහිත දර්ශන නිසා, මේක බලන්න සුදුසු වයස් සීමාව TV-14 කාණ්ඩයෙන් අයින් කරලා TV-MA කොටසට දාන්න තියෙන ඉඩ නිසා. මොකද මාවැල්ල නෙමෙයි කවුරු උනත් බලන්නේ හම්බකරන්න සහ පුළුල් පරාසයකට මේක පෙන්නලා තමන්ගේ විව්ස් ප්‍රමාණය වැඩි කරගන්නනෙ.
ඉතිං වැඩිය කතා ඕන නැහැ අපේ සචින්ත මලයා මේකේ කොමික් පසුබිම ගැන පහල විස්තරයක් අරගෙන එනවා. ඒක කියවලම ෆිල්ම් එක බලන්න. මොකද මේ අපි දැනගෙන හිටිය, හුරුපුරුදු මාවල් සිනමා විශ්වය නෙමෙයි දිගහැරෙන්න නියමිතව තියෙන්නේ. එහෙනම් මම ගියා 🙂
——————————————————————————————————————————–
2022 අවුරුද්ද මාවල් සිනමා විශ්වයට ටිකක් පසු ගාමී එකක් වුණා කිව්වොත් ඔයාලා මාත් එක්ක එකඟ වේවි. මොකද මේ වසරේ ආපු මාවල් චිත්‍රපට සහ ටීවි සීරීස්වලින් බහුතරයක්ම හිතපු තරම් සාර්ථක වුණේ නැහැ. නමුත් ඒ දේ දිගටම සිද්ද නොවෙන බවට ඉඟි ලබාදෙමින්, මේ අවුරුද්දට වෙනස්ම හැරවුමක් ගත්තු මාවල්ලගේ විශේෂම නිර්මාණය Werewolf By Night කියන්න පුලුවන්.
ටීවි සීරීස් එකක් හෝ චිත්‍රපටයක් නොවෙන, හැලෝවීන් වෙනුවෙන් නිකුත් කරපු special එකක් වෙන “Werewolf By Night” මාවල් විශ්වයේ ලයිව් ඇක්ශන් තිරයට අලුත්ම චරිත පෙලක් හඳුන්වා දෙනවා.
ඉතිං කවුද මේ Werewolf By Night කියන්නේ?
වර්තමාන MCU එකේ චරිත අපිට කොස්මික්, ස්ට්‍රීට්, සුපර්නැචුරල්, etc., වගේ කොටස් කිහිපයකටම බෙදන්න පුලුවන්. ඒ අතරින් සුපර්නැචුරල් පැත්තේ ආරම්ඹය Moon Knight කතා මාලාවෙන් අරගත්තා. ඉතිං ඔවුන් අතරට එකතු වෙන අලුත්ම චරිතය තමා Werewolf By Night කියන්නේ.
මාවල් විශ්වයට එද්දී මේ වෙන තෙක් වෙයාවුල්ෆ්ලා කිහිප දෙනෙක්ම ඉඳල තියෙනවා. ඔවුන් අතර විශේෂම කෙනා වෙන්නේ ජැක් රසෙල්. 1972 අවුරුද්දේ Roy සහ Jean Thomas, Gerry Convay සහ Mike Ploog අතින් නිර්මාණය වෙලා Marvel Spotlight #2 කොමික් එකෙන් ලෝකයා වෙත පැමිණෙනවා.
(Marvel Spotlight #2)
වෙයාවුල්ෆ්ගේ ඔරිජින් එක ගැන කතා කරන්න නම් අපිට දශක කිහිපයක් ආපස්සට යන්න සිද්ද වෙනවා. ජැක් රසෙල්ට පරම්පරා ගණනාවකට කලින්, 18 වෙනි සියවසේදී ටාන්සිල්වේනියාවේ Grigory Rusoff කියලා කෙනෙක් ජීවත් වුණා. මේ කාලවකවානුවෙදිමයි ට්‍රාන්සිල්වේනියාවේ Dracula ත් ජීවත් වුණේ. Grigory ගේ පළවෙනි බිරිඳ වුණු Louisa ව ඩ්‍රැක්‍යුලා විසින් මරාදැමීමයි මේ හැම සිදුවීමකම ආරම්ඹය වෙන්නේ.
තමන්ගේ බිරිඳ වෙනුවෙන් පලිගන්න හිතාගෙන 1795 දි Grigory මහ රෑක ඩ්‍රැක්‍යුලාගේ මන්ධිරයට යනවා. පිනී පෙට්ටියක් ඇතුලේ නිදාගෙන හිටිය ඩ්‍රැක්‍යුලාගේ හදවතටම ඇනලා ග්‍රිගොරි ඔහුව ගඟකට විසි කරනවා. ඒ දේ කරලා ඩ්‍රැක්‍යුලාගේ මන්ධිරය පරික්ෂා කරනකොට ග්‍රිගොරිට ඩ්‍රැක්‍යුලා සිර කරන් ඉඳපු ලිඩියා කියන කාන්තාවම හමුවෙන්නේ. මේ ලිඩියා කියන්නෙත් වෙයාවුල්ෆ් කෙනෙක්. නිදහස අරගත්තට පස්සේ ලිඩියා ග්‍රිගොරිව සපා කනවා. ඒ මොහොතේ ඉඳන් ග්‍රිගොරිව වෙයාවුල්ෆ් ශාපයට ගොදුරු වෙනවා. මේ ශාපය හඳුන්ව තනි වචනය තමා “lycanthropy” කියන්නෙ.
කොහොම හරි සපා කෑමට කලින් ග්‍රිගොරිගේ ළමයින් ඉපදිලා තිබුණු නිසා ඔහුගෙන් පස්සේ කෙලින්ම රූසෝෆ් පරම්පරාවට මේ ශාපය වැදුණෙ නෑ. ඒත් 1950 ස් ගණන්වල ග්‍රිගොරිගේ පරම්පරාවේ කෙනෙක් වුණු Gregor Rusoff විසිනුයි මේ කරදරේ ආයෙත් පටන් ගන්නේ.
Gregor ට Darkhold පොතේ පිටපතක් හොයාගන්න ලැබෙනවා. පොතේ එක තැනක lycanthropy ශාපය නැවත ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේදයක් තියෙනවා. ඉතිං Gregor හිතුමතේට නැවතත් ශාපය ක්‍රියාත්මක කරලා වෙයාවුල්ෆ් කෙනෙක් බවට හැරෙනවා.
ඒ ශාපය ඔහුගේ පුතා වෙන Gregory ටත් උරුම වෙනවා. මෙතනදි තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමා Gregor ටත් ෆිලිප් නමින් තව පුතෙක් හිටියා. Gregory විවාහ වෙන්නෙත් ෆිලිප්ගේ කලින් පෙම්වතිය වුණු ලෝරා එක්කයි. ඒ දෙන්නට Jacob සහ Lissa නමින් පුතෙක් සහ දුවෙකුත් හිටියා. ලෝරා ග්‍රෙගොරි වෙයාවුල්ෆ් කෙනෙක් බව දැනන් හිටියා වගේම ඇය ග්‍රෙගොරිගේ වෙයාවුල්ෆ් හැරීම පාලනය කරගන්න උදවු කරන්න ක්‍රමේකුත් හොයාගන්නවා. ඒ “Lunar Pendent” එකක්. ඒත් දවසක පුර හඳ දවසක ග්‍රෙගොරිව වෙයාවුල්ෆ් කෙනෙක් බවට හැරෙනවා. ග්‍රෙගොරි ගිහින් තමන්ගේ ප්‍රදේශයේ මිනිස්සු කිහිප දෙනෙක්වම මරනවා. එදා රෑ සිල්වර් උන්ඩ යොදාගෙන ගමේ මිනිස්සු එකතු වෙලා ග්‍රෙගොරිව අවසන් ගමං යවනවා.
එන්තිමේදී ග්‍රෙගරි කියන්නෙ වෙයාවුල්ෆ් කෙනෙක් බව මුලු ට්‍රාන්සිල්වේනියාවටම හෙලිවෙනවා. අනතුර කලින්ම ලෝරා ළමයින්වත් එක්කගෙන ඈතකට යනවා.
ලොරා Philip ව හොයාගෙන ඔහු සමග විවාහ වෙනවා. ෆිලිප් තමන්ගේ වාසගම රසෙල් විදිහට වෙනස් කරන් උන්නු එතනින් පස්සෙ ජේකබ් සහ ලීසා දෙන්නගෙ නමුත් ජැක් රසෙල් සහ ලීසා රසෙල් විදිහට වෙනස් වෙනවා. ඒත් තමන්ගේ තාත්තාගෙන් lycanthropy එක ජැක්ට වගේම ලීසාටත් උරුම වෙනවා.
ජැක්ගේ 18 වෙනි උපන්දිනේට කලින් දවසෙ රෑයි ජැක්ගේ වෙයාවුල්ෆ් බලයන් ක්‍රියාත්මක වෙන්නේ. එතනින් පස්සෙයි “Werewolf By Night” බිහිවෙන්නේ.
ජැක් වෙයාවුල්ෆ් කෙනෙක් විදිහට කරපු පළවෙනි දේ තමා මැක්ස්වෙල් ග්‍රාන්ට් කියන කෙනාව ඝාතනය කිරීම. මැක්ස්වෙල් කියන්නේ ෆිලිප්ගේ ඩ්‍රයිවර්. ඒත් මැක්ස්වෙල් හොර රහසේම “Committee” රහස් අපරාධ සංවිධානයට වැඩ කරනවා. මේ රහස් සංවිධානයෙන් ග්‍රෙගොරිගේ වෙයාවුල්ෆ් සාපය ගැන හොයාගෙන ලෝරාවයි ෆිලිප්වයි බ්ලැක්මේල් කරනවා. ෆිලිප් ඔවුන්ට මුදලින් ප්‍රතික්ෂේප කරපු නිසා මැක්ස්වෙල් රිය අනතුරකින් ලෝරාව ඝාතනය කරනවා. මරණාසන්න තුවාල වෙන ලෝරා තමන්ගෙ අන්තිම මොහොතෙදි ජැක්ටයි ලීසාටයි ඔවුන්ගේ පරම්පරාවේ ඇත්ත ගැන හෙලි කරනවා. වෙයාවුල්ෆ් කෙනෙක් වෙලා තුන්වෙනි දවසේ රෑම ජැක් මැක්ස්වෙල්ව මරලා දානවා.
එතනින් පස්සේ ඉඳන් Werewolf කෙනෙක් විදිහට ජැක් ඇඩ්වෙන්චර්ස් ගණනාවක පැටලෙනවා වගේම ඔහුට සතුරන් ගොඩකුත් මුණගැහෙනවා. ඔවුන් අතරින් Moon Knight ජැක්ගේ ප්‍රබලම විලන් කෙනෙක්. මූන් නයිට්ව කොමික්වලට ඉස්සෙල්ලම හඳුන්වලා දුන්නෙත් Werewolf By Night #32 කොමික් එකෙන්. මූන් නයිට්ට අමතරව Sabretooth, Dracula, Desmund Druid එහෙමත් ජැක්ගේ බලවත් ප්‍රතිවාදීන් වෙනවා.
සතුරන් විතරක්ම නෙවෙයි, ජැක්ගේ ජීවිතේදි ඔහුට තමන් වගේම සුපර්නැචුරල් දේවල් එක්ක ගැටෙන මිතුරන්වත් මුණගැහෙනවා. Legion of Monsters කණ්ඩාමෙත් ජැක්ට හොඳ තැනක් ලැබෙනවා. Frankenstein, Morbius, Vampire By Night වගේම Man Thing කියන්නෙත් ජැක්ට හිටිය කැපී පෙනෙන යාලුවන් කිහිප දෙනෙක්.
Lycanthropy එකත් එක්ක ජැක්ට විශේෂ බලයන් සහ හැකියාවන් ගණනාවක්ම ලැබෙනවා. ඒ අතරින් ප්‍රධානම එක වෙන්නේ වෘකයෙක්ගේ පෙනුමක් සහිත මනුෂ්‍යයෙක් බවට හැරෙන එකයි. මීට අමතරව,
• ටොන් එකකට ආසන්න බරක් එසවීමට හැකි Superhuman Strength
• ඉක්මණින් ප්‍රතිචාර දැක්විය හැකි Superhuman Reflexes සහ Speed (වේගය)
• අධික දරාගැනීමේ ශක්තිය හෙවත් Superhuman Durability
• ඉක්මණින් සුවවීමේ හැකියාව
• තියුණු නිය සහ දත්
• ඕනෑම දෙයක් පහසුවෙන් හඳුනා ගැනීමට හැකි තියුණු ඉව සහ අඳුරේදී පැහැදිලිව දේවල් දැකීමේ හැකියාව ඇතුලු සුවිශේෂි බලයන් ගණනාවක් වෙයාවුල්ෆ් ෆෝම් එකේදී ජැක්ට ලැබෙනවා. ජැක්ට විතරක් නෙවෙයි, ඕනම වෙයාවුල්ෆ් කෙනෙක්ට මේ දේවල් පොදුයි. පුර හඳ දවස්වලදී සම්පූර්ණයෙන්ම වෙයාවුල්ෆ් කෙනෙක් බවට හැරුණාම මෙයාලගේ ශක්තිය තවත් වැඩි වෙන බවත් කොමික්වලදී සඳහන් වෙනවා.
කොහොම වුණත් වෙයාවුල්ෆ්ලට පොදු දුර්වලතාවයනුත් තියේ. මතක ඇති මම උඩදි සඳහන් කළා මිනිස්සු එකතු වෙලා ග්‍රෙගොරිව මරන්න සිල්වර් උණ්ඩ පාවිච්චි කළා කියලා. ඒ මොකද වෙයාවුල්ෆ්ලා, වැම්පයර්ස්ලා ඇතුලු සුපර්නැචුරල් කොට්ටාසයන් සිල්වර් ආශ්‍රිත ආයුධවලට ලොකු දුර්වලතාවයක් දක්වනවා. සිල්වර් දේකින් හානියන් කළොත් ඔවුන්ගේ සුවවීමේ ශක්තිය අඩාල වෙනවා. සිල්වර් දේකින් මොළයට හෝ හදවතට පහර දීලා ඔවුන්ව මරන්න පුලුවන්.
Werewolf By Night ව ලයිව් ඇක්ශන් තිරයේදි ජීවමාන කරන්නේ Gael Garcia විසින්. ගේල් තමා අද ඉඳන් මාවල් සිනමා විශ්වයේ ජැක් රසෙල් විදිහට අපිව හමුවෙන්න එන්නේ. ගේල් මේ චරිතයට හොඳ සාධාරණයක් කරපු බවයි මට නම් හිතෙන්නේ.
Man-Thing
WBN ස්පෙශල් එක බලද්දී ඔයාලට හමුවෙන තවත් චරිතයක් තමා Man-Thing (මෑන්- තිං) කියන්නේ. ඉතිං මෙයා ගැනත් සාරාංශයක් බලලම මූවි එක බලන්න යමු.
Savage Tales #1 කොමික් එකෙන් මුලින්ම චිත්‍රකතා පිටු අතරට ආපු Man-Thing ව නිර්මාණය කරන්නේ Stan Lee විසින්. මෙයත් අපි DC වල දකින Swamp Thing ට හුඟක් සමානයි. ManMan-Thing බවට හැරෙන්න කලින් මෙයාව හැඳුන්නුවේ Dr. Ted Sallis විදිහටයි.
Dr. Theodore Sallis කියන්නේ එම්පයර් ස්ටේස් විශ්වවිද්‍යාලයේ biochemistry විශය කාණ්ඩය කරපු මහාචාර්‍යය කෙනෙක්. ඔහුගේ දක්ෂකම දැකපු ඇමරිකන් මිලිටරි එකෙන් ටෙඩ්ව හමුදා සෙබලුන්ව ජෛන රසායනික විෂ දේවල්වලට ඔරොත්තු දීමට ක්‍රමයක් හොයාගැනීම වෙනුවෙන් කරපු Project Sulfur එකට සහභාගී කරගන්නවා. ටෙඩ් මේකෙදි සාර්ථක වෙලා SO-2 නමින් සිරම් එකක් හොයාගන්නවා. මේ සිරම් එක ගන්න ඕනම කෙනෙක්ව toxic biochemicals (විෂ සහිත ජෛව රසායන) වලින් ආරක්ෂා කරනවා. ඒත් ඒක ගන්න ඕනම කෙනෙක්ව රාක්ෂයෙක් බවට හැරවෙන නිසා SO-2 සිරම් එක නවතා දමනවා.
ටික කාලෙකට පස්සේ ටෙඩ් Ellen Brandt කියලා ගෑණු ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. ඔය අතර තමා ටෙඩ්ගේ යාලුවා වුණු කර්ට් කොනර්ස්ට යුද්ධය අවසන් කරලා ගෙදර එන්නේ. (මේ කර්ට් කොනර්ස් තමා පස්සෙ කාලෙක ස්පයිඩර්මෑන්ගෙත් සතුරෙක් වෙන Lizard බවට හැරෙන්නේ.) ඔහුට අතක් අහිමි වෙලා තියෙන බව දැකපු ටෙඩ්ට Super Soldier සිරම් එකක් හදන්න අදහසක් එනවා.
ටෙඩ් එලන්වත් එක්කගෙන ෆ්ලොරීඩා එවර්ග්ලේඩ්ස්වලට පිටත් වෙන්නේ තමන්ගේ වැඩ දිගටම කරගෙන යන අදහස ඇතුවයි. ටෙඩ්ගේ වැඩ ගැන ඇහැ ගහන් හිටිය AIM නම් සංවිධානයක් SO-2 එක අරගන්න උත්සහ කරනවා. සිරම් එකේ වැඩ කටයුතු සාර්ථකව ඉවර කරන ටෙඩ් පරීක්ෂණවල සාක්ෂි ඔක්කොම ගිණි තියනවා. හැබැයි ඔහු ගාව එක සිරම් සාම්පල් එකක් ඉතුරු වෙනවා. ටෙඩ් කරන දේ දැනගත්ත AIM ලා ටෙඩ්ට හදිසියේම පහර දෙනවා. AIM ලාගෙන් කාර් එක්කින් පැනගන්න ටෙඩ් අන්තිම SO-2 සාම්පල් එක ඉන්ජෙක්ට් කරගද්දිම වෙන අනතුරකින් ටෙඩ්ව පාර අසල තිබුණු swamp එකකට වැටෙනවා. සිරම් එකේ බලය swamp එකත් එක්ක එකතු වෙලා ටෙඩ්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේ වෙනස් වීමෙන් තමා Man-Thing ව බිහිවෙන්නේ.
Man-Thing කියන්නෙත් සෑහෙන පවර්ෆුල් චරිතයක්. මෙයාටත් බලයන් ගණනාවක්ම තියෙනවා.
• Swamp එකේ බළය නිසා මෙයාට Chlorokinesis හැකියාව තියෙන නිසා තම අවට තියෙන ශාක පාලනය කරන්න පුලුවන්.
• තමන්ගෙ ශරීරයේ ප්‍රමාණය කැමති විදිහට වෙනස් කරගැනීමේ හැකියාව
• නැවත උත්පාදනය වීමේ හැකියාව
• ඔරොත්තු දීමේ හැකියාව
• Superhuman strength එක නිසා ඉතාම විශාල ශරීර ශක්තියක් හිමිවීම
• Nexus එක යොදාගෙන සමාන්තර විශ්ව අතරේ ගමන් කිරීමේ හැකියාව
අද මූවි එකෙනුත් ඔයාලට මෙයා ගැනත් බලාගන්න පුලුවන්. කලින් කිව්වත් වගේ ටික ටික Marvel Studiosලා සුපර්නැචුරල් පැත්තත් ඩිවලොප් කරගෙන එන්නේ. ඉතිං ඉස්සරහට එන්න තියෙන නිර්මාණවලින් අනිවාරෙන්ම Werewolf By Night, Man-Thing වගෙ චරිතත් බලාගන්න ලැබෙයි. ඉතිං කොමික්වල දකින චරිත විනාශ කරන්නෙ නැතුව, source material එකටත් සාධාරණයක් වෙන්න ඔවුන්ව ලයිව් ඇක්ශන්වලට අරගෙන ඒවි කියලා බලාපොරොත්තු වෙමු.
[box]
Director: Michael Giacchino
Writers: Heather Quinn, Peter Cameron, Peter Cameron
IMDB Ratings : 7.6
Release Date: 07 October 2022
[/box]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
SInhala Subtitles
-- Count 9772 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thanks for Sub!
Thanks brdh sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thor love & thunder ekata sub eka nette ai ???
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
බොහොම ස්තූතියි සහෝ……
thanks..
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
thanks…….
Ghost riderඩත් legion of monsters කණ්ඩායමෙන් වැඩකරානෙද?
Thanks brother
Keep it up
Sub ekata godak thanks. Habai dn link click kalama sahena wena wena sites walata redirect wenna dala thynwa. pluwnnm ewa remove kalanm hodai. keep up
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
උපසිරසියට තුති
Thanks sub ekata
Thanks Saho
hammoo ela ela.. jayama wewa.
Pattaaaaaaaaaaaaaaaaa
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
Thnx saho
තෑන්ක්ස් සබ් එකට
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
thanks ayye sub ekt
සිංහල උපසිරැසියට ස්තූතියි
සබට තුති අයියේ ❤️
Subtile එකට වගේම, ලිපියටත් ගොඩක් ස්තූතියි. Baiscopelk එකෙන් ලස්සන ලිපියකුත් එක්කම හොඳ quality එකෙන් Sub එක දෙනවා කියලා දන්න නිසාම වෙන කොහෙන්වත් Sub ගන්නෙත් නැතුව, English sub එක්ක බලන්නෙත් නැතුව හිටියා…
ලිපිය ලියන්නත් මාර විදිහට මහන්සි වෙලා… Thanks for everything bro. Baiscopelk is the Best.
දැන් නම් සිරාවටම මේ ගොන් ෆැන්ටසි මාවල් ෆිල්ම් ඇති,එන්න එන්නම MCU එකෙන් එන ෆිල්ම් වල බලන්න දෙයක් නෑ ඇත්තටම
ඒ දවස්වල තිබුනු නිර්මානාත්මක හොලිවුඩ් production ආපහු එනවනම් නියමයි.ඩිකැප්‍රියෝ,මැට්,හාර්ඩි වගේ සුපිරි නලුවොන්ගෙන් තව කොච්චර වැඩ ගන්න පුලුවන්ද?
thank you wewa