Wayward Pines [S02:E01] with Sinhala Subtitles |යුධ පාලනය! [සිංහල උපසිරසි සමඟ]
පළවෙනි කතා සමයෙන්:-
අතුරුදන්වුනු නියෝජිතයෙක්, හුදෙකලා නඟරයක්, නඟරය වටවූ විද්‍යුත් තාප්පයක්, කඩකළ නොහැකි නීති හතක්.
1) වේවඩ් පයින්ස්වල ජීවිතය සතුටින් ගෙවන්න.
2) සතුටින් ඉන්න.
3) මහන්සියෙන් වැඩකරන්න.
4)දුරකථනය නාදවෙන හැමවිටම පිළිතුරු දෙන්න.
5) අතීතය ගැන කතා නොකරන්න.
6) පෙර ජීවිතය ගැන කතා නොකරන්න.
7) පිටවීමට උත්සහ නොකරන්න.
නීති කඩකළ අයෙකුට ලැබෙන මරණීය දඬුවමක්.
මුල් කතාසමය බලපු අයටනම් මේ දේවල් අමුතු දේවල් නෙවෙයි වෙන්න ඇති. කොහොම වුනත් අළුත් පිටුවක් පෙරළන්න කලින් කලින් පිටුව ආපහු කියවලා ඉන්න එකම හොඳ නිසා පළමු කතාසමය බලපු අයට පොඩි මතක්කිරීමක් කරන්නම්.
පළමු කතාසමය නොබලපු කෙනෙක් මුල් කතාසමය නරඹා පහළ කොටස කියවන එක වඩාත් හොඳයි. 😀
පළවෙනි කතාසමයෙ ප්‍රධානම චරිතය වුනේ ඊතන් බර්ක්, ඊතන් බර්ක් “රහස් සේවය” ආයතනයේ නියෝජිතයෙක්. ඔහුගේ සමකාලීන නියෝජිතයෙක් හදිසියේම අතුරුදන්වුනා. ඒ ගැන හොයන්න යන ඊතන් බර්ක් හා සහයක අනතුරකට ලක්වුනා. අනතුරෙන් පස්සෙ ඊතන් අවදිවෙන්නෙ රෝහලක. ඒත් ඊතන්ට රෝහලෙන් පිටවෙන්න අවසර ලැබෙන්නෙ නෑ. ඒත් බලෙන් රෝහලෙන් පිටවෙන ඊතන් නඟරයේ ෂෙරිෆ් මුණගැහෙනව. ඊතන්ගෙ පැමිණීම, අනතුර ගැන සැලකිල්ලක් නොදක්වන ෂෙරිෆ් ඊතන්ට නවාතැනක් හදලදෙනවා. කොහොමින් කොහොමින් හරි අත්භූත නඟරයේ අත්භූතබව තවත් වැඩිකරමින් නඟරය වටා තියෙන විදුලි වැට දකින්න ලැබෙනව. විදුලි වැටෙන් එහා තියෙන දේවල් පළමු කතා සමය බලපු අය දන්නව ඇතිනෙ. ඒ ගැන අමුතුවෙන් කියන්න නම් අදහසක් නෑ. දෙවෙනි කතා සමයෙදි මුල් කතා සමයෙදි දැකපු චරිත කිහිපයක් එක්කම නව චරිත කිහිපයක් දකින්න ලැබෙනව. මුල් කතා සමයෙදි දැකපු, ෂෙරිෆ් පෝප්, බෙන් බර්ක්, තෙරේසා බර්ක්, කේට් හියුස්ටන් ප්‍රධාන වශයෙන් දෙවෙනි කතාසමයටත් එකතුවෙනව. පළමු කතාසමය අවසානයේ “පළමු පරම්පරාව ” වේවඩ් පයින්ස් නඟරයේ ආධිපත්‍යය ලබාගන්නව. දෙවෙනි කතාසමය පටන්ගන්නෙ එතනින්.
නඟරයේ ආධිපත්‍යය ලබාගත්තු ජේසන් ප්‍රමුඛ “පළමු පරම්‍පරාව” නඟරයේ යුධ පාලනයක් ගෙනියනවා. නඟරයේ නිර්මාතෘ ඩොක්ටර් ජෙන්කින්ස් කියන්නෙ ඔවුන්ට වීරයෙක්. ඒ අතරෙ ඔවුන් තීරණය කරනව ප්‍රධාන චරිතය, ඩොක්ටර් “තියෝ යෙඩ්ලින්” අවදිකරවන්න. දෙවෙනි කතාසමයෙ පෙන්වන්නෙ තියෝ නඟරයේ තත්වයන් සමඟ කරන අරගලයයි. ඒවගේම මේ කතාසමයෙදි “ඇබී” ගැන නොදන්න කරුණු රාශියක් හෙළිවෙන්න නියමිතයි කියල තමයි දැනටනම් තොරතුරු ලැබෙන්නෙ. අපි බලමුකො ඉදිරියේදි මොකද වෙන්නෙ කියල. එහෙනම් මම ලිපිය අවසන් කරනව. ඇත්තටම කිව්වොත් ලිපිය ලිව්වෙ මේ කොටස නිකුත්වෙන්න කලින්. 😀
දෙවෙනි කොටසෙන් හමුවෙමු! ඔබට ජය!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2073 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankZZZZZZZZZZZZ bro!!!!!!!!
patttaaaa series eka bro…
බොහොම ස්තූතියි .
හැබැයි පොඩි අව්ලකට තියෙන්නේ ටොරන්ට් එක දෙන්නැති එක තමයි
thnx saho sub 1te 😀
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
patta bro … digatama demu
Thanks kollo… api ne danne meka enakn balan hitiya widiha ..
man hithuwe denne nathi wei kiyala. thanks bro digatama emu
ස්තූතියි මචෝ.
බොහොම ස්තුතියි සහෝ.
Thanks machan…….jayawewa……!
…………..බොහොම ස්තූතියි…………….
සබට තෑන්ක්ස් මචාාාන්… ආච්චිට හාල් ගරන්න.. මුන් පටන් ගන්න කොට කිව්වෙ මේක මිනි ටී.වී. සීරීස් එකක් කියල… :/
HDTV – https://kat.cr/torrents/wayward-pines-s02e01-hdtv-x264-killers-rartv-t12662759/
HEVC – https://kat.cr/torrents/wayward-pines-s02e01-720p-web-dl-hevc-x265-rmteam-720p-hevc-t12664149/
බාගන්න අය බාගන්ඩෝ්…
මම ගිය අවුරුද්දේ බලපු සුපිරිම සීරීස් එක තමයි Wayward Pines.
කුතුහලය කියන එක උපරිමයටම තිබ්බා… :O
හැබැයි සීසන් 2 බලන්න පුලුවන් වෙන්නේ අගෝස්තු වලින් පස්සේ තමයි 🙁
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks bro
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx sub akata
ela brooooo
#Hail_Hydra
elaaz.. ravidhu saho digatama mekata sub eka denna… all the best…