MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේදමිළනාට්‍යමයබලන්නරවිඳු නවින්සිංහල උපසිරැසි

Viruman (2022) Sinhala Subtitles | හුස්ම දී රකින අම්මාට දුන් පොරොන්දුව. [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 50 votes.
Please wait...

මසාලා, හාස්‍යජනක, නාට්‍ය වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය එම්. මුත්තයියාගේ අධ්‍යක්ෂණයක්. 2015දි නිකුත් වුණ කාර්ති, රාජ්කිරන් රඟපෑව Komban (2015) චිත්‍රපටයත් මුත්තයියාගේ අධ්‍යක්ෂණයක්. කොම්බන් චිත්‍රපටයේ කාර්ති, රාජ්කිරන් සංයෝජනය ආකර්ෂණීයයි. රාජ්කිරන් මේ වගේ ග්‍රාමීය කතා/ප්‍රාදේශීය චිත්‍රපටිවල තමයි වැඩිපුර දකින්න පුළුවන්. වයස්ගතවීම නිසා මෑත කාලීනව නම් රාජ්කිරන් චිත්‍රපටියක දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. කොහොම වුනත් රාජ්කිරන් මිනිස්සුන්ගේ ආදරේ දිනාගත්ත, එයාගේ රඟපෑම බලන්න මිනිස්සු ආසාවෙන් බලන් ඉන්න නළුවෙක්. රජිකිරන්ගෙ චිත්‍රපටි බලලා තියෙන කෙනෙක්ට නම් මතක් වෙන්නෙ එයාටම විශේෂ වුණ වේට්ටිය බඳින විලාසිතාව. කොහොමින් හරි Muni (2007), Kaavalan (2011), Venghai (2011), Rajini Murugan (2016), Pa Paandi (2017), Sandakozhi 2 (2018) වගේ චිත්‍රපටිවල මෑත කාලයේදි දකින්න පුළුවන් වුණා. විශේෂයෙන්ම Rajini Murugan (2016) චිත්‍රපටයේ හාස්‍යෝත්පාදක කොටස්වලට රාජ්කිරන් එක්ක සූරිත් එකතු වෙනවා. ඉතින් මේ චිත්‍රපටයෙදිත් ආයේමත් රාජ්කිරන්, සූරි දෙන්නා ආයේ හමුවෙනවා. චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක චිත්‍රපටියක් නොවුනත් හාස්‍යජනක කොටස් වැඩි ප්‍රමාණයක් මේ චිත්‍රපටයේ ඇතුලත් වෙනවා.

විරුමන් චිත්‍රපටයේ නළු නිළියන් විදිහට ප්‍රකාෂ්‍ රාජ් චිත්‍රපටයට වැඩි බර ප්‍රමාණයක් තිබෙන චරිතයක් කරනවා. අපේ වීරයා කාර්තිගේ විරුද්ධවාදියා විදිහට තමයි ප්‍රකාෂ් රාජ් හමුවෙන්නෙ. රාජ්කිරන්, සූරි ගැන කලින් කතා කලානේ. සාරන්‍යා පොන්වන්නන් මෙහි වැදගත් චරිතයකින් හමුවෙනවා. සාරන්‍යා ගොඩක් චිත්‍රපටිවලදි අම්මාගේ චරිතයෙන් අපිව හමුවෙලා තියෙනවා. සාරන්‍යා, මනි රත්නම්ගේ තවත් එක් සොයාගැනීමක්. ලෝකප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂක ශංකර්ගේ දුව අදිති ශංකර් මේ චිත්‍රපටියෙන් මුල්වරට සිනමාවට පිවිසෙනවා. තමන්ගෙ පලමු චිත්‍රපටයෙන්ම රළු චරිතයක් ඉදිරිපත් කිරීම විශේෂයි. මේ හැරුණම මනෝජ් භරතිරාජා, ඉලවරසු, G.M. සුන්දර්, සිංගම්පුලි, කරුනාස්, වඩිවුකරසි යන අය මීට රංගනයෙන් දායක වෙනවා.

කාර්ති Paruthiveeran (2007) චිත්‍රපටයේ මදුරෛ භාෂා ව්‍යවහාරය වගේම හැසිරීම ස්වාභාවික ආකාරයෙන් ඉදිරිපත් කරනු ලැබුවා. සාමාන්‍යයෙන් නාගරිකව හැදී වැඩුන නළුවෙකුට ඒක අසීරු කාර්යයක්. අපභාෂාව යොදාගැනෙන චිත්‍රපටක් වූ Madras (2014) හි කාර්තිගේ රඟපෑම වෙනුවෙන් සම්මාන හිමිකර ගන්නවා. තවදුරත් කාර්තිට ප්‍රාදේශීය චිත්‍රපටවල චරිත නම් අපහසු කටයුත්තක් නෙවෙයි. මේ වසරේදි නිකුත් උන Vikram (2022) චිත්‍රපටියේ කාර්ති හඬින් විතරක් එකතුවෙනවා. ඒ වගේම මනි රත්නම්ගේ අවුරුදු ගණනක හීනයක් වුණ පොන්නියින් සෙල්වන් කතා පොත සිනමාවට මැවෙමින් තියෙනවා. මීලඟට නිකුත්වෙන එහි පලවෙනි කොටසෙන් කාර්තිව නැවත හමුවනවා. ඒ හැරුණුකොට කාර්තිගේ සර්දාර් චිත්‍රපටය බොහෝ විට මේ වසරේදී නිකුත් වීම්ට ඉඩ තිබෙනවා.

විරුමන් චිත්‍රපටයේ සංගීතය යුවන් ශංකර් රාජා සපයනවා. ගීත හතරක් මේ චිත්‍රපටයේ ඇතුලත් වෙනවා. සිඩ් ශ්‍රීරාම් ගායනා කරම “ගංජා පූ” Lyrical වීඩීයෝව යූටියුබ් හි නැරඹුම් වාර මිලියන 50 පසුකරනු ලැබුවා. කොහොම වුණත් මේ Overseas නිකුත් වුණ පිටපතේ ඉලයරාජාගෙ “ආකසම් කන්නුකුල්ල” කියන ලස්ස්න සින්දුවක් ඇතුලත් වෙන්නෙ නැහැ. ඒකට හේතුව ඉලයරාජා තමන්ගේ ගීතවල Overseas අයිතිය එයා ගාවම තියාගන්න නිසාද දන්නෙ නැහැ.

මේ චිත්‍රපටියේ නිෂ්පාදකතුමා (සමහරවිට දන්නවා ඇති) නළු කාර්තිගේ අයියා සූරියා වගේම නෑනා ජ්‍යෝතිකා. අගෝස්තු 12 නිකුත් වුණ මේ චිත්‍රපටියට ධණාත්මක ප්‍රතිචාර හැම අතකින්ම ලැබී තිබුණා. අධ්‍යක්ෂක මුත්තයියා මේ ආකාරයේ ප්‍රාදේශීය චිත්‍රපටි කිරීමටම විශේෂ වූ කෙනෙක්. එයා මේ වෙනකල් කල හැම චිත්‍රපටියක්ම ප්‍රාදේශීය චිත්‍රපටයි. මේ චිත්‍රපටය නිකුත් වූ දින ආදායම ඉ.රු. කෝටි 8ක් පමණ හිමි කරගන්නවා. මේ වනවිට 2022 වර්ෂයේ වැඩිම ආදායම් වාර්තා හිමිකරගත් චිත්‍රපට ලැයිස්තුව අතරට මේ චිත්‍රපටියත් ඇතුලත්. සූරියාගේ මේ වර්ගීකරණයේම ආව චිත්‍රපටිය මේ ලැයිස්තුවේ Etharkkum Thinindhavan (2022) ඉ.රු. කෝටි 100 පහු කරලා තියෙනවා. මේ අවුරුද්දෙ පහුගිය අවුරුදු වල ආදායම් අතරින් අසාර්ථක වුණ නළුවන් කිහිප දෙනෙකුටම බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා අලුත් කරගන්න පුළුවන් වෙනවා. Thiruchithrambalam ධනුෂ්ගේ පලවෙනි කෝටි 100 චිත්‍රපටිය වෙයිද කියලා ඉස්සරහට දැනගන්න පුළුවන් වේවි.

පුළුවන් ඉක්මනින්ම තවත් චිත්‍රපටයකින් හමුවෙන්නම්. අදහස් දක්වන හැමෝටමත් ඔයාලා හැමෝටමත් ස්තූතියි! ඉස්සරහටත් අදහස් උදහස් බලාපොරොත්තු වෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip / HD පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20410 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

55 thoughts on “Viruman (2022) Sinhala Subtitles | හුස්ම දී රකින අම්මාට දුන් පොරොන්දුව. [සිංහල උපසිරසි]

  • Lasantharathnasirirox

    බොහෝම ස්තූතියි සහෝ…ජයවේවා..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Naveen Mbr

    හැමෝටම ස්තූතියි!

    Reply
  • නදීක ගුරුගේ

    ෂ්තුතියි ෂහෝදරයා

    Reply
  • Thanks brother for sub ..keep going ..

    Reply
  • එලකිරි සුපිරිකිරි

    Reply
  • තැන්ක්ස් ලොක්කා

    Reply
  • Vikrant rona kannada film eka heta release wenawalu
    Sub eka ikmanin demu baiscope kawruhari set wela

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • ජල්ලි

    ගැම්මක් බ්‍රෝ

    Reply
  • HC E Sub copyakda thynne

    Reply
  • ස්තුතියි !

    Reply
  • Idunil Weerasinghe

    Thanks brother

    Reply
  • Naveen Mbr

    අදහස් දැක්වූ හැමෝවම ස්තූතියි! <3

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • Tamilmv
    Tamilrockerz එකක්වත් දැන් වැඩ නැහැනේ
    Tamil,hindi film walata torrent gnna puluwn site ekak kynnko
    Sub ekata thanks

    Reply
    • Naveen Mbr

      ටැමිල් මූවි එකේ අගට .space/ .cyou කියලා ගහන්න. ටැමිල්බ්ලාස්ට එකේ අගට .casa කියලා ගහන්න. සයිට් දෙකම වැඩ.

      Reply
  • තැන්ක්ස් සහෝ

    Reply
  • Madhawa Priyankara

    කතාවෙ මුල් ටික අනිවා කියන්න… මේච්චර ප්‍රශ්න මැද්දෙ හැම එකම බලන්න වෙලාවක් නෑ බ්‍රෝ…

    Reply
    • Naveen Mbr

      රෝලෙක්ස් සර් කියන්න. නම විතරයි පෙන්නන්නෙ. 😉

      Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • Naveen Mbr

    හැමෝම ස්තූතියි!

    Reply
  • මුලින්ම බයිස්කෝප් එකෙන් සබ් එක ලැබුනේ කාලෙකට පස්සේ

    Reply
  • ඩිලා

    ස්තුතියි මචෝ

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • එනකල් බලාගෙන හිටියෙ
    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Reply
  • Buddhika laKMal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • සබ් එකට තෑන්ක්ස් ❤️

    Reply
  • Anonymous

    පිස්සුනේ

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

    Reply
  • මයුර

    සබට තුති මචෝ..

    Reply
  • Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaaaaa

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
    ඉක්මනින්ම සබ් එක ගෙනාවට තව සැරයක් ස්තුතියි

    Reply
    • Naveen Mbr

      ස්තූතියි පසිඳු සහෝදරයා!

      Reply
      • Diluk shehan

        ස්තූතියි sub එකට, පුලුවන්නම් gulu gulu එකෙත් කරන්න

        Reply
        • Naveen Mbr

          කරන්න තමයි හිතාගෙන හිටියෙ. විභාග වැඩ නිසා කරන්න වෙන්නෙ නැහැ. පහුවෙලා දෙන්න බලනවා. ස්තූතියි 😉

          Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *