MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාචිත්‍රපටිතරිඳු රසාංගතීරණය ඔබේනාට්‍යමයබලන්නමලයාලම්සිංහල උපසිරැසි

Vimaanam (2017) With Sinhala Subtitles | අහස් යාත්‍රාවේ සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 27 votes.
Please wait...

“මේක මම නින්දෙදි දැකපු හීනයක් නම් මට ඒක අමතක කරලා දාන්න තිබුනා අම්මේ!
ඒත් මේක මට නිදාගන්න දෙන්නේ නැති හීනයක්!”

වෙන්කිඩි කියන්නේ උපතින්ම ශ්‍රවණාබාධිත දරුවෙක්.මෙයාගේ මේ කන් ඇසීමේ මඳබව නිසාම මෙයා පොඩිකාලේ ඉඳලම තමන්ගේ ඉස්කෝලේ යාළුවන්ගේ සමච්චලයට ලක්වෙනවා. මේ සමච්චලයන් අතරෙත් වෙන්කිඩි පන්තියේ දක්ෂම සිසුවෙක් විදියට තමන්ගේ ඉගෙනීම් වැඩ කරගෙන යනවා. ඔය අතරේ මෙයාගේ ඉස්කෝලෙට එනවා ගුවන්යානා ගැන එක එක විනෝදකාමී වැඩමුළු පවත්වන කෙනෙක්.මේ වැඩසටහනෙන් පස්සේ වෙන්කිඩිගේ හිතේ ගුවන්යානා ගැන තිබුණු ලොකු ආසාවක් ඉස්මතුවෙලා එනවා. මේ ආසාව කොයි තරම් දුර දිග ගියාද කියනවනම් මෙයාට ඕනේ වෙනවා තමන්ම හදන ගුවන්යානයක නැගලා කවදාහරි දවසක අහසේ පියාඹන්න. කොහොම වුනත් වෙන්කිඩි ට දිගටම ඉස්කෝලේ යන්න වෙන්නේ නම් නෑ .ඒකට හේතුව තමයි තමන් බීරෙක් කියලා වෙන්කිඩිගේ යාළුවෝ එයාට සමච්චල් කරන එක එයාට උහුලගන්න බැරි තැනකටම එන එක.ඉතින් වෙන්කිඩි තීරණය කරනවා තමන් ආයේ ඉස්කෝලේ යන්නේ නෑ කියලා. කොහොමවුනත් මෙයා මෙයාගේ හීනය නම් අත අරින්නේ නෑ. මේ දේවල් එක්කම වෙන්කිඩි ට හොඳ යාළුවෙකුත් ඉන්නවා. ඒ තමයි ජානකී. ඉස්කෝලේ යාළුවෝ වෙන්කිඩිගේ ආබාධයට,එයාගේ හීනයට සමච්චල් කරන වෙලාවට ජානකී තමයි පැත්තකින් ඉඳන් වෙන්කිඩි වෙනුවෙන් පෙනී ඉන්නේ. ඔය වගේ දේවලුත් එක්ක තමයි කතාව යන්නේ. ඉතින් වෙන්කිඩි එයාගේ හීනේ සැබෑ කරගනියි ද? ඒක ඔයාලම හොයාගන්නකෝ!

Vimaanam (2017)

ඔන්න මාස ගානකින් පස්සේ ආපහු බයිස්කෝප් අඩවිය පැත්තට ඇවිත් යන්න අවස්ථාව උදාවුනා. ඒකත් මලයාලම් චිත්‍රපටියකින්. මේ ෆිලුම නිකුත්වෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 22 වෙනිදා. මේක Drama ගණයට අයත්වෙන ෆිලුමක්.ප්‍රධාන රංගනයෙන්(තරුණ සහ මහළු වෙන්කිඩි විදියට) Prithviraj දායක වෙනවා.ඒ වගේම අපිට නිතර දකින්න ලැබෙන බාල,තරුණ, වැඩිහිටි මලයාලම් නළු නිලියෝ කිහිපදෙනෙක්ම ෆිලුමට රංගනයෙන් දායකවෙලා තියෙනවා. කිව්ව විදියටම මේක Drama ගණයට අයිති ෆිලුමක් නිසා බොහොම හෙමින් තමයි ගලාගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඒ විදියේ ෆිලුමක් බලන්න කැමති අය මේක බලන්න තෝරගන්නවනම් තමයි වඩාත් හොඳ.කොහොම වුනත් හැම මලයාලම් ෆිලුමක්ම නොවැරදීම බලන එහෙමත් නැත්නම් නිවින්,දුල්කර්, ප්‍රිත්වි ඉන්න ඕනෙම ෆිලුමක් බලන කෙනෙකුට නම් අමුතුවෙන් මේක බලන්න කියන්න ඕනේ නෑනේ. මමත් මේ කියපු දෙවෙනි ගොඩේ ඉන්න නිසාම තමයි මේ ෆිලුමේ උපසිරැසිය කරන්න ඕනේ කියලත් තෝරගත්තේ. ඒ වගේම කියන්න ඕනේ මේකේ මුල් උපසිරැසියේ ගොඩක් තැන්වල මලයාලම් දෙබස්වල තේරුම සටහන් වෙලා තිබුනේ නෑ. ඒ අඩුපාඩුව මඟ අරවන්න පුළුවන් තරම් උත්සාහ කලා. කොහොමවුනත් කතාවේ රසවින්දනයට නම් ඒක බලපෑමක් වෙන්නේ නෑ කියලා බය නැතුව කියන්න පුළුවන්.

ගිය අවුරුද්ද පුරාම මෑත අවුරුදුවල නිකුත්වුනු හොඳ මලයාලම් ෆිලුම් හොය හොය ඒවට උපසිරැසි අරගෙන එන්න අපිට පුළුවන් වුනා.කොහොම නමුත් ඉගෙනීම් වැඩ නිසා පහුගිය දවස්වල උපසිරැසිකරන වැඩ වලින් තාවකාලිකව ඉවත්වෙන්න සිද්දවුනා. ඒ දවස්වල ගොඩක් අය අහලා තිබුනා දැන් මලයාලම් උපසිරැසි දෙන්නේ නැද්ද වැඩේ අත ඇරලද කියලා. මේ වැඩේ නම් එහෙම ලේසියෙන් අත ඇරෙන්නේ නෑ. අත අරින්න ඕනේ වුනත් දැන්නම් අත අරින්න අමාරුයි!! විවිධ හේතු නිසා වැඩේ තාවකාලිකව නැවැත්තුවත් ඉඩක් ලැබුණු ගමන් මේ පැත්තට අනිවාර්යෙන් එනවා. ඒ වගේම ඉස්සරහටත් මලයාලම් රසිකයින් වෙනුවෙන් සයිට් එකේ උපසිරැසි පලවේවි. හොඳ ෆිලුමක් ආව ගමන්ම අපේ කවුරුමහරි උපසිරැසිකරුවෙක් ඒ උපසිරැසිය අරගෙන ඒවි.ඒක නිසා හැමෝටම බයිස්කෝප් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා!

ඒ වගේම පහුගිය දවස්වල භාරගත්ත උපසිරැසිත් කරන්න බැරුව හිටියාම ඒ සමහර ඒවා භාර අරන් කරපු සිසිල සහෝ(අයියාට), තරිඳු රුක්ෂාන් අයියටත් මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු,
එතෙක් ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3966 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

40 thoughts on “Vimaanam (2017) With Sinhala Subtitles | අහස් යාත්‍රාවේ සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

  • නිමල් දිසානායක

    සිහිනෙක වුවද දිගටම එල්ලිල ඉන්න
    අතරේ යථාවත් ඕනා පිළිගන්න
    සුන්දර සිහිනයක හොඳහැටි කිමිදෙන්න
    ඇහැකිය මෙය බලනකොට මදි නොකියන්න

    Reply
  • britney sara

    මට මේකෙ සබ පේන්නෙම english වලින් නේ..ඇයි ඒ?

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Menaka Herath

    ස්තූතියි සබට සහෝ….
    තවත් නිර්මාණකරනයට ශක්තිය ධෛර්ය ලැබේවා….!!!!!!

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපරැසියට ස්තූතියි
    ජයෙන් ජය

    Reply
  • udayanga rajaguru

    Thanks bro….

    Reply
  • Ranjandesha

    Asam film malayalam..meka enakam mn balan hitjiye…thx tharidu..thava malayalam film denna..

    Reply
  • කාලෙකට පස්සේ තරිඳු සහෝ…
    බොහොම ස්තුතියි මචං.
    ඉගෙනීම් කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් පුලුවන් වෙලාවට මලයාලම් ෆිලුමකට උපසිරසිත් දෙන්න කියල ඉල්ලා සිටිනවා. ජයවේවා…!!!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • thanks for sub…..!

    Reply
  • thanx for sub bro good luck

    Reply
  • niayamai…patta ahhh..malayalam nm ithin bamak thama…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Menaka Herath

    ගොඩාක් ස්තූතියි උපසිරැසියට සහෝදරයා….
    ජයවේවා…

    Reply
  • praveen ranasinghe

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..බලන්නම ඕනි ෆිලුමක්

    Reply
  • ස්තුතියි…..

    Reply
  • ස්තුතියි.

    Reply
  • godak sthuthiu digatama karagena yamu jayawewa

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • ස්තුතියි තරිඳු සහෝ.ජයවේවා !

    Reply
  • සබ එනකමි මග බලන් හිටියෙ සහෝ. මෙතරම් ඉක්මනට සබ දුන්නට බොහෝම පිං.ජයවෙිවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *