අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රුක්ෂාන් ඛාන්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Vikings: Valhalla [S03 : E07] Sinhala Subtitles | ” හද්‍රාදා ” [සිංහල උපසිරැසි]

Rating: 9.5/10. From 4 votes.
Please wait...
Vikings: Valhalla S03 Sinhala Subtitles
Vikings: Valhalla S03 Sinhala Subtitles

පසුගිය කතාංගයෙන්,

” සිතියම්කරුගේ ඒත්තු ගැන්වීම යටතේ නැවත තමන්ගේ ගමන ආරම්භ කළ ලීෆ්, යොම්ස්බෝග් ගම්මානයට පැමිණෙනවා. එහිදී ඔහු දැකගන්නට හැකි වෙන්නෙ විනාස වී ගිය ගම්මානයක සුන්බුන් කීපයකි. රෝමානෝස් අධිරාජ්‍යයාගේ ඝාතනය හමුවේ වැරදිකරු වී සිර භාරයේ සිටින හරල්ඩ් හමුවට සෝයි අධිරාජිනිය පැමිණෙනවා. සිර කුටිය වෙත පැමිණෙන සෝයි අධිරාජිනිය සමාව ඉල්ලුවත් එම වරදට තමාගේ කෑදරකම බව හරල්ඩ් පවසනවා. ඉතිං මීලඟට කනූට් රජුගේ පැමිණීම හමුවේ ඇල්ෆ්ගිෆු රැජින කැටිගට් සරන්නෙ රජුගේ පිලිගැනීමේ බලාපොරොත්තුව ඇතුවයි.

කනූට් රජු කැටිගට් වලට තමන්ගේ පුතුන්වන් සියල්ලටම වගේම එමා රැජිනගේ පුතුන්වත් රැගෙනයි කැටිගට් වලට පැමිණෙන්නෙ. ඉතිං මේ අතර ෆ්‍රේඩිස්ගේ බෝට්ටුවකුත් යොදාගෙන එරික් මාළු අල්ලනට ගොසින් නැවත ගම්මානයට පැමිණෙද්දී අනිත් බෝට්ටුව අවසරයකින් තොරව රැගෙන එරික්ගේ කීප දෙනෙක් වෙළඳාම් කටයුතු වලට පිටව ගොස් තිබෙනවා. ඒ වගේම ගබඩාව තුල තිබෙන ෆ්‍රේඩිස් ඇතුළු පිරිසගේ කෑම බීමත් හරි අඩකටම වෙන්න හොරකම් කරගෙන තිබෙනවා. ගුරුගෙදර තුල පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ෆ්‍රේඩිස් තමන් ඇතුළු පිරිස නැවත පිටත් වෙන බවද පවසනවා.

ග්‍රීන්ලන්තවැසි කවුරුන් හෝ කැමති අයෙක් වේ නම්, ඔවුන් සමඟ යා හැකි බවද පවසනවා. මේ තීරණයට විරෝධය පාන ඇයගේ පියා වන එරික්, නොයෙකුත් අන්දමින් තව කාලයක් මෙහෙ රැඳෙන්නත්, ඉදිරියට එන ශීත කාලය සරල නොවන බවත් පවසමින් නොයා ඉඳීමිට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. හරල්ඩ් සිගර්ඩ්සන්ගේ නඩු විභාගයට ඔහු පල්ලිය හමුවේ ඉදිරිපත් කෙරෙනවා. එතනදී තමන්ගේ මිතුරන්ව හා සෝයි අධිරාජිනියවද ආරක්ෂා කරමින්, තමන් සෝයි අධිරාජිනියව බලහත්කාරයෙන් දූෂණය කළ බව පිලිගන්නවා.

විවේකීව කැටිගට් ගම්මානය ඇවිදින්නට පැමිණ සිටින කනූට් රජුට ලීෆ් ව හමුවනවා. එතනදී ඔහුගේ ගමනාන්තයට ලඟා වීමට තමන්ගේ නමින් බෝට්ටුවකුත් පිරිසකුත් ලබා දෙන්නට කනූට් රජු පොරොන්දු වනවා. වරදකරු වූ හරල්ඩ්ව පසු දින මරණ දණ්ඩනයට නියම වෙන තෙක් පොළොව යට ගුහාවක සිර කරනවා. එතනදී හරල්ඩ් විසින් නව සැලසුමකට අරඅදිනවා. තමන්ගේ ඒත්තු ගැන්වීමෙන් ඵලක් නොවන හෙයින් එරික් හොර රහසේම ගොස්, ෆ්‍රේඩිස් ඇතුළු පිරිසේ කපිතාන් වන අකීව මරා දමා ෆ්‍රේඩිස්ගේ පුත්‍ර නොහොත් තම මුනුබුරාව රැගෙන පලා යනවා. “

අද එතැන් සිට… එහෙනම් අවසන් කොටසින් හමුවෙමු.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

[box]
S03. E05 :- ” Hardrada “
IMDb ratings :- 8.0/10
Director :- Emer Conroy
Writers :- Jeb Stuart, Daisy Martey, Michael Hirst
Next Episode :- ” Destinies “
[/box]

Vikings: Valhalla S03 Sinhala Subtitles

Vikings: Valhalla S03 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 661 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Vikings: Valhalla S03 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

One thought on “Vikings: Valhalla [S03 : E07] Sinhala Subtitles | ” හද්‍රාදා ” [සිංහල උපසිරැසි]

  • Sandaru Nimsara

    Tnx ruka❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *