Vikings: Valhalla [S03 : E02] Sinhala Subtitles | ” ගෞරවය සහ අගෞරවය ” [සිංහල උපසිරැසි]
Vikings: Valhalla S03 Sinhala Subtitles
පසුගිය කතාංගයෙන්,
” ෆ්‍රේඩිස් තම සහෝදරයා වන ලීෆ් සහ තම සැමියා වන හරල්ඩ්ගෙන් වෙන්වීමෙන් පසුව, යෝම්ස්බෝග් වල නැවතීමට තීරණය කරනවා. තමන්ගේ සිහසුන වෙනුවෙන් සටන් වැදීමට සෙබළුන් එකතු කරගන්නට යන හරල්ඩ් පිටව යන්නෙ, ඒ වනවිටත් තම බිරිඳ ෆ්‍රේඩිස් මව් පදවියට පාත්‍ර වූ බවක් නොදැනයි. ඉන්පසු වසර හතකට පසු කොන්ස්තන්තිනෝපල් රාජ්‍යයේ අධිරාජ්‍යයාගේ යටතේ ආරක්ෂකයෙකු වශයෙන් හරල්ඩ් සේවය කරනවා. ඔහුගේ සහයට ඔහුගේ මිත්‍ර ලීෆ් ද සිටිනවා. කොන්ස්තන්තිනෝපල් අධිරාජ්‍යයාගේ අරමුණ සිරකීස් බලකොටුව යටත් කරගැනීම වෙද්දී ලීෆ්ගේ එකම අධිෂ්ඨානය වුණේ සිරකීස් බලකොටුවෙහි පුස්තකාලයට තුලට ගොඩ වැදීමයි. මේ අතර කනූට් රජතුමා තම බිරිඳ සමඟ පාප්තුමාගේ ආශිර්වාදය ලබාගැනීමට රෝමයේ ලෙටරන් මන්දිරය වෙත පැමිණෙන්නෙ, තම උපදේශක ගොඩ්වින්ගේ පෙරැත්තටයි. ඒ අතර පාප්තුමාගේ ආශිර්වාදය වගේම නව මිතුරුකමක් ඇති කරගැනීමට ගිය දැනට නෝර්වේ වල රජකම් කියන කනූට් රජු, බහින්බස් වීමකට ලක් වන්නෙ, පාප්තුමාගේ පරිවර්තක වශයෙන් කටයුතු කරන කාදිනල්තුමාගේ නොමනා දෙබස් උච්චාරණයන් නිසායි. වසර හතක් පුරාවට දඩයමක් මෙන් දැනුම සොයාගිය ලීෆ්ගේ විශිෂ්ට සැලසුම පරිදි මොවුන්ට රෝමයේ සිරකීස් බලකොටුවේ පවුර බිඳලමින්, එම රාජ්‍යයට ඇතුළු වීමට හැකි වෙනවා. ”
අද එතැන් සිට…
Vikings: Valhalla S03 Sinhala Subtitles
කලින් කොටසෙදිත් සඳහන් කළා වගේ ලිපිය දීර්ඝ කරන්න කිසිඳු බලාපොරොත්තුවක් නෑ, හේතුව ඔබ අප කාටත් එදිනෙදා ජීවිතේ තිබෙන කාර්‍යබහුලතාවය කියලා අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. ඉතිං පුළුවන් ඉක්මනට හැම කොටසෙම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා. පොඩ්ඩක් ප්‍රමාද වුණොත් ඒකත් කණගාටුව ඵල කරනවා.
Vikings: Valhalla S03 Sinhala Subtitles
එහෙනම්, අද කොටසත් බලන්න ඔයාලට ආරාධනා කරනවා. උපසිරැසියක් ප්‍රමාද වෙනකොට බනිනවා වගේ පුළුවන් නම් හැමෝම කමෙන්ට් එහෙකුත් දාගෙන යන්න කියලත් මතක් කරනවා.
Vikings: Valhalla S03 Sinhala Subtitles
හැමෝටම සුභ දවසක්! ජයවේවා!
[box]
S03. E02 :- ” Honour and Dishonour “
IMDb ratings :- 7.5/10
Director :- David Frazee
Writers :- Jeb Stuart, Jessica Sinyard, Michael Hirst
Next Episode :- ” Lost “
[/box]
Vikings: Valhalla S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2619 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Vikings: Valhalla S03 Sinhala Subtitles
Thanks komloooo
Thanks bro