MENU

AllBox-office HitsComicsFeatured ArticlesMarvel ComicsSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචාමර සම්පත්චිත්‍රපටිතීරණය ඔබේබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Venom (2018) Sinhala Subtitles | දෙදෙනෙකුගේ එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 355 votes.
Please wait...

කොයි කවුරුත් දන්නා කියන කාරණයක් තමයි, හැම වසරකම තම රසිකයන්ට අඩුවක් නැතුව චිත්‍රපට ලබාදෙන තැනක් තමයි මාවල් සමාගම කියන්නේ. ඉතින් මේ වසරේ මේ වෙද්දී සජීවී-ක්‍රියාදාම කැටගරි එක ආවරණය වෙන විදිහේ චිත්‍රපට හතරක් නිකුත්වෙලා හමාරයි. අන්න ඒ හතරවැනි නොහොත් අන්තිම චිත්‍රපටය එක්ක තමයි අද මං මුණගැහෙන්න ආවේ. හැබැයි ඉතින් තවත් මාවල් චිත්‍රපටයක් දෙසැම්බර්වල නිකුත්වෙන්න තියෙනවා.

මං හිතන්නේ මේ වෙද්දී ස්පයිඩර් මෑන්ව නොදන්න කෙනෙක් නැතුව ඇති. Tobey Maguire චිත්‍රපට ත්‍රිත්වයකුත්, Andrew Garfield යටතේ චිත්‍රපට ද්විත්වයකුත්, Tom Holland යටතේ එක් චිත්‍රපටයකුත් දැක්කනේ. මීට අමතරව ටොම් හෝලන්ඩ්ව නම් MCU එකේ වෙනින් චිත්‍රපට හරහාත් දකින්න ඇති ඔයාලා. කොහොමහරි මෙතෙක් බිහිවූ ස්පයිඩර් මෑන් චිත්‍රපට අතරින් අද අරගෙන ආව චරිතය රිදී තිරය හරහා දකින්න ලැබුනේ එක් වතාවක් විතරයි. ඒ ටොබිගෙ ස්පයිඩර් මෑන් තෙවැනි චිත්‍රපටය හරහා. සමහර අය හරි නමින් දන්නවා ඇති. එහෙම නැත්තම් කළු ස්පයිඩර් මෑන් කිව්වම තවත් අයට මතකයට එනවා ඇති. ඔව් “වෙනම්” ගැන තමයි මේ කියන්න හදන්නේ. චිත්‍රපටය ගැන කියන්න කලින් පොඩ්ඩක් මේ වෙනම් කියන චරිතය ගැන දැනගෙන ඉමු නේද?

කොමික් පසුබිම

කවුද මේ සිම්බියෝට්ලා කියන්නේ?

මේ වෙද්දී සජීවී ක්‍රියාදාම චිත්‍රපට වලින් නම් අපිට වෙනම්ගෙ ඔරිජින් ස්ටෝරිය දෙවිදියටකට දකින්න ලැබුනා. එකක් තමයි Spiderman 3 (2007), Venom (2018) හරහා. ඒත් කොමික්වල වෙනම්ට හුගාක් ඔරිජින් ස්ටෝරි වෙනස් ක්‍රම හරහා දකින්න ලැබෙනවා. සිම්බියෝට් කියන්නේ ස්ක්‍රල්, මැක්ලවුන්ස්, ක්නල්, සැන්ඩේරියන්ස් කියන පිටසක්වල ජීව කොට්ටාශයන් ඉන්න ඇන්ඩ්‍රෝමේඩා නම් මන්දාකිණියෙ තුන්වෙනි තැන ගත්ත තවත් එක් පිටසක්වල පරපෝෂී සත්ව කොට්ටාශයක්.  මේ අයට සිම්බියෝට් කියලා හදුන්වන්නේ ඒක විද්‍යාත්මක නාමයක් විදිහට හදුවන්න ගත්ත නිසයි. නමුත් මේ අයගේ සැබෑ නාමය වෙන්නේ ක්ලින්ටාර් කියලා. මොකද මේ අයගේ මව් ග්‍රහලෝකයේ නම වෙන්නෙත් ක්ලින්ටාර්මයි. නිශ්චිතවම හරි හැටි හැඩයක් නැති විරූපී කොට්ටාශයක් කිව්වොත් නිවැරදියි. මේ අය හොදද, නරකද කියලා හරියටම කියන්න පුලුවන් ඒ ඒ ක්ලින්ටාර්(සිම්බියෝට්)ලගේ අරමුණ අනුවයි. මේ අතරින් වෙනම්වත් සිම්බියෝට් කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන්. ක්ලින්ටාර්වල නම් මේ අය හුගක් සහජීවී වගේම හුගක් කාරුණික කොට්ටාශයක්. නොනැසී ජීවත් වෙන්න නම් සුදුසු ධාරකයෙක්ව ඕන.  හොද සිම්බයෝසිස් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න නම් ඒ කෙනා ලග සිම්බියෝට්යට ගැලපෙන කායික වගේම මානසික සුදුසුකම් තියෙන්න ඕන. එහෙම නැති වුනොත් සිම්බයෝසිස් නිසා ධාරකයා වගේම ක්ලින්ටාර් ජීවීයත් දූෂිත වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩියි.

අනික හරි සිම්බියෝට් කෙනෙක් ධාරකයෙක් එක්ක සම්බන්ධ වෙද්දී කායිකව වගේම මානසිකවත් සුදුසුකම් තියෙන්න ඕන කියලා කිව්වානෙ. මේ ක්‍රියාවලිය කිහිප ආකාරයකින්ම වෙන්න පුලුවන්.

  • සිම්බියෝට් කෙනෙක් එක්ක සම්බන්ධ වන ධාරකයා සිම්බියෝට්එක්ක ගැලපුනේ නැත්තම්, ඒ කිව්වේ හරියන සුදුසුකම් තිබුනේ නැත්තම් සිම්බියෝට් හුගක් වෙලාවට කරන්නේ කායිකව වගේම මානසිකව විනාශ කරන එක.
  • සිම්බියෝට් එක්ක සම්බන්ධ වෙන ධාරකයා ශුද්ධ ලේ රේඛාවකින් පැමිණෙන කෙනෙක් නම්, මොලයක තියෙන රසායනිකයන් හරි විදිහට සමබර වුනොත් බලාපොරොත්තු වෙන විදිහේ හොද සිම්බයෝසිස් ජීවීයෙක් බිහි කරගන්න හැකියාව තියෙනවා.
  • දෙවැනි කාරණේ සදහන් කරපු විදිහේ කාරණා දෙක සමාන නොවී සිම්බියෝට්ට හැකියාව ලැබුනොත් ධාරකයව ලබාගෙන හොද සිම්බයෝසිස් කෙනෙක් නිර්මාණය කරන්න, එතකොට වෙන්නේ තනිකරම සැහැසි සිම්බියෝට් කෙනෙක්ව නිර්මාණය වෙන එක විතරයි. ඒ කිව්වේ සිම්බියෝට්ට පුලුවන් තමන්ගේ ධාරකයා ලවා තමන් හිතන පතන හැමදේම කරවගන්න. ධාරකයා වෙන කෙනා එතකොට නිකන් සිම්බියෝට්ගෙ වහල්ලෙක් වුණා හා සමානයි.

එදාමෙදා කාලය අතරතුර ඔය වගේ සිද්දි ඕන තරම් වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ හේතු හන්දම තමයි කොමික් විශ්වයේ අය වගේම කොමික් ප්‍රේක්සකයන් හුග දෙනෙක් ඔය සිම්බියෝට්ව දරුණුම ජීවී කොට්ටාශයක් විදිහට දකින්නේ.

කවුද එතකොට මේ වෙනම් කියන්නේ?

විටෙක වීරයෙක්, තවත් විටෙක දුෂ්ටයෙක් වගේම තවත් විටෙක ප්‍රති-වීරයෙක් (ඇන්ටි-හීරෝ) කෙනෙක්. වෙනම් ගැන කලින් එයා පොඩ්ඩක් ඔයාලා මෙතෙක් දැකපු කෙනා ගැන මතක් කරන්නම්. SpiderMan 3 (2007) හරහා දකින්න ලැබුණු පෙළක් දෙනා තවමත් කියන “කළු ස්පයිඩර්මෑන්ට” තමයි වෙනම් කියන්නේ. එතනදී එයා මුලින්ම ධාරකයා කරගන්නේ පීටර් පාකර්ටයි (ස්පයිඩර් මෑන්ට) එතනදී නම් අසීමිත හැකියාවන් ලැබෙන ස්පයිඩර්මෑන්ට හොදක් දැනෙන්න ගත්තට පහු වෙනකොට එයා කෙනාව අත්හරින්න තීරණය කලා. මොකද පීටර්ට කාලයක් යද්දී බ්ලැක් සූට් එක පාලනය කරගන්න බැරි වුන නිසා වගේම එයාට නිතර ඇතිවුන ඉක්මන් තරහව නිසා. පස්සෙ ඕක ලැබුනේ එඩි බ්‍රෝක්ටනෙ. එයාට ලැබුනට පස්සෙ තනිකරම දුෂ්ටයෙක් විදිහට තමයි ක්‍රියා කලේ. දැන් අදහසක් ඇතිනේ.

ඔව්, වෙනම් අනික් සිම්බියෝට්ලට වඩා හුගක් වෙනස්ම ජීවීයෙක්. තමන් සම්බන්ධ වෙන කෙනාගෙ අරමුණු වගේම තමන්ගේ අරමුණුත් ඉටු කරන්න දෙදෙනා අතරම අන්‍යෝන්‍ය බැදීමක් ඇති කරගන්න හැකියාව තියෙන කෙනෙක්. වැරදි අදහසක් නම් අරගන්න එපා. ඒකෙන් කිව්වේ අනික් හැම  සිම්බියෝට් කෙනෙක්ම තමන්ගේ ධාරකයාව පාලනය කරන්න හදද්දී වෙනම් එහෙම කලේ නැහැ. තමන්ගේ ධාරකයාගෙ මනස එක්ක සම්බන්ධ වුනාම නිතරම ඒ කෙනාව තේරුම් ගන්න උත්සහ කලා. දෙන්නා අතරේ සමගියක් ඇති කරන් ඉන්න පුලුවන් කෙනෙක් තමයි වෙනම් කියන්නේ. මේ හන්දම අනික් සිම්බියෝට්ලා වෙනම්ට කැමති වුනේ නැහැ. එයාව පහත් ජීවීයෙක් ගානට දාලා සැලකුවේ. අනික් අය එක්ක බලද්දී ඒ හැටි බලයක් වෙනම්ට නැහැ. කෙටියෙන් කියනවනම් අනික් සිම්බියෝට්ලා අතරේ වෙනම් හරියට නිකමෙක් වගේ.

තමන්ගේම ජීව කොට්ටාශය “වෙනම්”  සිම්බියෝට්ව පිටුවහල් කරපු වෙලාවක මෙයාව හොයාගන්නේ ක්‍රි ගවේශකයක්.  එයා තේරුම් ගන්නවා වෙනම් කියන්නේ අනික් අයට හුගක් වෙනස් කෙනෙක් නිසා පිටුවහල් කරපු කෙනෙක් නිසා. තව දුරටත් මේ ජීවීයා ගැන අධ්‍යනය කරන්න අරන් ගිහින් කාලයක් ගත වෙලා වෙනම් අන්තිමේදී ටෙල්-කාර් කියන සොල්දාදුවා එක්ක සම්බන්ද වෙනවා. ඉතින් ටෙල්-කාර් සොල්දාදුවාව ක්‍රි ස්ක්‍රල් යුද්ධයට කලින් මේ දෙන්නා හුගක් පුහුණුවීම් වෙලා ඔත්තුකරුවෙක් වගේම ඝාතකයෙක් හැටියටත් කටයුතු කරනවා.  වතාවක් ටෙල්-කාර් ක්‍රි සරණාගතයින් බේරගන්න ගිය වෙලාවක, ටෙල්-කාර් වගේම සිම්බියෝට් වෙන් වෙනවා. තමන්ගේ ධාරකයා ගැන තියෙන මතකේ නැති වී යාමත් එක්කම වෙනම් ඒ ග්‍රහලෝකේ අතරමං වෙනවා. 😢 ඊටපස්සේ වෙනම්ව අහු වෙන්නේ පිටසක්වල දේශයක ඉන්න හුගාක් ක්‍රැර කෙනෙක්ට.

වෙනම්ව පිටසක්වල ජීවීයෙක්ට හසු වූ මොහොත

වෙනම් විශ්වාස කරන්න ගන්නවා ඒ කෙනා හුගක් හොද මහත්මා ගතිගුණ තියෙන කෙනෙක් කියලා. ඒත් ඒ කෙනා කලේ වෙනම්ව පාවිච්චි කරලා එයාව කෙලින්ම අරන් ගියෙ එයාගෙම මව් ලෝකය එයා ලවාම ජනඝාතනය සිද්ද කරන අරමුණින්. ඒත් එක්තරා මොහොතකදී වෙනම්ව හේස් මෑන්සර් කියන පිටසක්වල ආයුධ වෙළෙන්දාට අහුවෙනවා. වෙනම්ගෙ මේ ක්‍රියාකලාපයන් නිසාම එයාගෙම ක්ලින්ටාර්(සිම්බියෝට්)ලා එයාව බැට්ල්වර්ල්ඩ්වල වෙනම්ව හිර කරනවා එයාලගේ වරයාව වෙනම්ව තව දුරටත් අපවිත්‍ර කරයි කියලා තියෙන බයට. බැට්ල්වර්ල්ඩ් ගැන වැඩිය හිතන්නේ එපා. ඒක කියන්න ගියොත් මේ කතාව වෙනින් දිහාවකට යනවා. දැනට මෙහෙම විතරක් හිතන්න. බැට්ල්වර්ල්ඩ් කියන්නේ බියෝන්ඩර්ස් කියන පිටසක්වල ජීවින්ගෙ බලය ඩොක්ටර් ඩූූූම් හොරකම් කරලා ලෝකයන් කිහිපයක් එකට එක්කාසු කරලා ගොඩනගපු ලෝකේ තමයි බැට්ල්වර්ල්ඩ් කියන්නේ. ලිපියෙ ඉතිරියත් කියවන්න කැමති නම් මෙතනින් ගිහින් කියවන්න>>>

චිත්‍රපටයේ පසුබිම

Venom: Lethal Protector

මං මේ ලිපියේ මුලින්ම අමුනපු කොමික් ලිපිය කියවලා, චිත්‍රපට බැලුවට පස්සෙ හිතෙයි මොකක්ද මේ හදලා තියෙන්නේ කියලා. ඔව් කොමික් වලින් සෑහෙන වෙනසක් කරලා තමයි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. එහෙමයි කියලා කොමික් වලින් උපුටා ගන්න මේ අය අමතක කරලා නැහැ. David Michelinie වගේම Mark Bagley, Ron Lim වගේම Sam DeLarosa යන එක්කාසු වීමක් වෙලා 1993 පෙබරාවාරි කාලයේ සිට ජූලි දක්වා මුද්‍රණ අටක් යටතේ ප්‍රකාශනය වුනු Venom: Lethal Protector චිත්‍ර කතාව තමයි Venom (2018) චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. මේ කාලේ තමයි වෙනම් එඩි බ්‍රෝක් එක්ක සම්බන්ධ වෙලා හිටිය කාලේ දුෂ්ටයකු කියන චරිතයෙන් මිදිලා ඇන්ටි-හීරෝ කෙනෙක් එහෙම නැත්තම් ප්‍රති-වීරයකු බවට පත් වෙන්නේ. මේකට එක් හේතුවක් වෙන්නේ ස්පයිඩි එක්ක වෙනම් එකගතාවයකට එනවා කිසිම අපරාධයක් කරන්නේ නැහැ කියලා. මේ නිසාම තමයි නිව් යෝ(ර්)ක්වල ජීවත් වුනු එඩි වෙනම්වත් අරගෙන සැන්ෆ්‍රැන්සිස්කෝ වලට යන්නේ. එහෙට ගියාම එයාට සිද්දවෙනවා ස්ක්‍රීම්, ෆේජ්, රයට්, ලෑෂර් වගේම ඇගනී එක්ක සටන් කරලා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරේ බේරගන්න කතාව තමයි මේ චිත්‍රකතාව පුරාවට ගලාගෙන යන්නේ.

Planet of the Symbiotes

1995 ජුනි සිට ඔක්තෝම්බර් කාලය දක්වා මුද්‍රණ පහකින් සමන්විතව නිකුත් වූ මේ චිත්‍රකතාපෙල නිර්මාණය වෙන්නේ David Michelinie විසින්. සිම්බියෝට් හමුදාවක් ඇවිල්ලා පෘතුවිය ආක්‍රමණය කරන්න හදද්දී වෙනම්, ස්පයිඩර් මෑන් වගේම ස්කාලට් ස්පයිඩර් එකතු වෙලා මේ අයගේ ආක්‍රමණය නවත්තන්න හදපු කතාව තමයි මේ චිත්‍රකතාව පුරාවට ගලාගෙන යන්නේ.

ඉතින් ඔන්න ඔය Venom: Lethal Protector වගේම Planet of the Symbiotes කියන චිත්‍රකතා දෙකේම පුංචි අනුසාරයකින් ඇහුව තමයි Venom (2018) චිත්‍රපටයේ වෙනම් එඩි බ්‍රෝක් හා එකතු වී අනික් සිම්බියෝට්ලාගෙන් නගරේ වගේම වෙන්න ගිය ලොකු ආක්‍රමණයක් වලක්වපු විදිහ තමයි චිත්‍රපටය හරහා පෙන්නුම් කරන්න හදලා තියෙන්නේ.

මතක විදිහට නම් සෝනි සමාගම 2016 මාර්තු 5’වැනිදා තමයි වෙනම් චිත්‍රපටයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නිල වශයෙන්ම ප්‍රේක්ෂකයන් හට දැනුම් දීමක් කලේ. ඒවීඅයි ආඩ් ප්‍රඩක්ෂන්, කොලොම්බියා පික්චර්ස් වගේම මාවල් එන්ටර්ටේන්මන්ට් සමාගමේ එකතුවෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඒ අනුව “එඩි බ්‍රෝක්” ප්‍රධාන චරිතය සදහා The Dark Knight Rises (2012), Mad Max: Fury Road (2015) වගේ අති දැවැන්ත චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ “Tom Hardy” තමයි මේ චිත්‍රපටයේත් දායක වෙලා තියෙන්නේ. හාඩි කිව්වම ඉතින් කියන්න ඕන නැහැනෙ මොන තරම් සුපිරි නළුවෙක්ද කියලා?

  • කොච්චර සුපිරිද කියනවනම් චිත්‍රපටයේ එඩි බ්‍රෝක් හා සම්බන්ධ වෙන වෙනම්ඩට දායකත්වය සදහාද ඉදිරිපත් වෙලා තියෙන්නේ හාඩිම තමයි. ඒ විදිහට චරිත දෙකක් එක්ක, හඩවල් දෙකකුත් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නම් නෙවෙයි.
  • විශේෂයෙන්ම ටොම් හාඩිට වෙනම් චිත්‍රපටයේ දායක වෙන්න අවස්ථාව ලැබුනම එයා මේ චරිතේ තෝරාගන්න ලොකුම සාධකය වෙලා තියෙන්නේ එයාගේ පුතා. හාඩි කියන විදිහට එයාගෙ පුතා අතිශය වෙනම් චරිතයට ආදරය කරන කෙනෙක්. චිත්‍රපටයේ චරිතය ලැබුනට පස්සෙත් හාඩි නොදන්න හුගක් දේවල් වලට එයාගෙ පුතාගෙන් සහය ලැබුණු බව සැන් ඩියෙගෝ කොමික් කොන් වලදී ඔහු වරක් සදහන් කලා.

මීට අමතරව “ඈන් වෙයින්ග්” චරිතය සදහා Michelle Williams නිලියද, “කාල්ටන් ඩ්‍රේක්” නම් චරිතය සදහා Riz Ahmed නම් නළුවා දායක වෙලා තියෙනවා. මීට අමතරව මේ චිත්‍රපටය පුරාවටම දකින්න ලැබෙන සෙසු චරිත සදහා Scott Haze, Reid Scott, Jenny Slate, Melora Walters, Woody Harrelson වගේ තවත් බොහොමයක් නළු/නිලි කොට්ටාශයක් මේ සදහා තමන්ගේ සේවය ඉටු කරලා තියෙනවා.

ඔයාලා දන්නවද දන්නේ නැහැ වෙනම් චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින්ම ලොව පුරා හිටිය ප්‍රේක්ෂකයින් සෝනි සමාගමට දොස් කියන්න ගත්තා ස්පයිඩි නැති, කොටින්ම ස්පයිඩිගෙ ලොගෝ එකවත් පපුවේ හෝ පිටේවත් නැති වෙනම් කෙනෙක් ගෙන්නලා මොන විකාරයක්ද කරන්න හදන්නේ කියලා. මං හිතන්නේ ඒ විදිහට අනංමනං කියපු බොහෝ දෙනෙක්ගෙ දැන් කටවල් වැහෙන තැනට මේ චිත්‍රපටය නැරඹු ආදරණිය ප්‍රේක්ෂකයන් ඔප්පු කරලා හමාරයි. ඒ මොකද කියනවනම්, ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වගේ පුංචි මුදලක් යොදලා නිර්මාණය කරපු වෙනම් චිත්‍රපටය 2018 ඔක්තෝම්බර් 4″වැනිදා පෘතුගාලයේ තිරගත වීම ආරම්භ කරලා පළමු සතිඅන්තය තුල ඇමරිකානු ඩොලර් 80+ ගණනක් හොයාගෙන මේ වෙද්දී Justice League (2017) වගේම Guardians of the Galaxy (2014) චිත්‍රපටයටවත් උඩට එන්න නොදී තමන්ගේ තැන රැකගෙන හිටිය Star Wars (1977) චිත්‍රපටයේද ආදායම් වාර්තා කඩමින් අද දිනට (2018 නොවැම්බර් 11) ඇමරිකානු ඩොලර් මිලියන 780 ක බොක්ස් ඔෆිස් අගයක් ලබා ගනිමින්,

  • එදාමෙදා තුල වැඩිම ආදායමක් ලැබූ හොදම චිත්‍රපට 100 අතරේ 84 වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. වෙනම් චිත්‍රපටයට උඩින් තියෙන Deadpool (2016), Spider-Man (2004) චිත්‍රපට වලත් ආදායම් වාර්තා වෙනම් චිත්‍රපටය තුලින් කඩා දමන්න හැකියාව ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
  • එදාමෙදා තුල ලොව පුරාම තිරගත වූ සුපර් හීරෝ චිත්‍රපට දර්ශකය තුල 26’වැනි තැන ලබාගන්න වෙනම් චිත්‍රපටය හිමි කරගෙන තියෙනවා. තවමත් තිරගත වීම වෙන නිසා මේ ස්ථානය වෙනස් වෙන්න පුලුවන්. 
  • චීනයේ මෙතෙක් වැඩිම ඉපැයීමක් කල සුපර්හීරෝ චිත්‍රපට අතරේ තෙවන තැන ලබාගන්න Venom (2018) චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. මුල් තැන හා දෙවැනි තැන පිළිවෙලින් තාමත් රැකගෙන ඉන්නේ Avengers: Age of Ultron (2015) හා Avengers: Infinity War (2018) චිත්‍රපට දෙකයි.

Zombieland (2009), Gangster Squad (2013) වගේ චිත්‍රපට තුලින් ජනපි‍්‍රයතත්වයට පත් වූ Ruben Fleischer තමයි මෙහි අධක්ෂක කටයුතු කරන්නේ. Jumanji: Welcome to the Jungle (2017) චිත්‍රපටය ඇතුළු තවත් ජනප්‍රිය චිත්‍රපටවල තිර රචකයන් විදිහට කටයුතු කල Jeff Pinkner හා Scott Rosenberg දෙදෙනා තමයි වෙනම් චිත්‍රපටයේ ප්‍රධාන තිර රචකයන් වෙන්නේ. ඊළගට චිත්‍රපටය තව තවත් අලංකාර කරන පසුබිම් සංගීත කටයුතු සදහා දායක වෙලා තියෙන්නේ Black Panther (2018) චිත්‍රපටයේ පසුබිම් සංගීත යෙදු Ludwig Göransson වෙනම් චිත්‍රපටයෙ කටයුතු සදහාද දායක වෙලා තියෙනවා. සංගීතය ගැන කතා කරද්දී තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඕනෑම චිත්‍රපටයක් වෙනුවෙන් ලස්සන ගීත ටිකක් එක්කාසු කිරීම චිත්‍රපටයට ලොකු දායකත්වයක් ලබාදෙනවා. ඉතින් වෙනම් චිත්‍රපටය වෙනුවෙන් ප්‍රධාන ගීතය නිර්මාණය වෙන්නේ ලෝක ප්‍රසිද්ධ රැප් සංගීත වේදියෙකු, ගීත රචකයකු වන එමිනෙම්ය. එයාගෙ අතින් නිර්මාණය වුනු “Venom” ගීතය මේ චිත්‍රපටය සදහා ලොකු දායකත්වයක් ලබා දෙමින් මේ වන විට මිලියන 153+ අධික සංඛයාවක් ගීතය යූටියුබ් තුල නැරඹීමට තරම් ලොකු පෙළඹීමක් වුණා.

වෙනම් චිත්‍රපටය රූගත කෙරෙන අතරතුර

ප්‍රේක්ෂක මනාප 123,219 යටතේ මේ වෙද්දී චිත්‍රපටය 7.0/10IMDb අගයක් ලබාගෙන තියෙනවා. අවසාන වශයෙන් පසුගිය දිනෙක දැනගන්නට ලැබුණු ඇමරිකානු කොමික් පොත් රචකයකු, සංස්කාරකවරයෙක් වශයෙන් වගේම චිත්‍රපටතුල කැමියො රජෙකු ලෙස ජනප්‍රියතාවයට පත් වූ ස්ටෑන් ලී මහතා පසුගිය නොවැම්බර් 12 මිය යනවා. මේ වසරේ නිකුත් වූ මාවල් චිත්‍රපටවල අවසන් කැමියෝ දර්ශනය වෙනම් චිත්‍රපටයට ලබාදෙමින් තමයි ඔහු මිය යන්නේ. අවසන් කැමියෝ දර්ශනය ලබන වසරේදී නිකුත් වීමට නියමිත ඇවෙන්ජර්ස් චිත්‍රපටය හරහා දැකගන්න ලැබේවි.

මේ චිත්‍රපටයට මීට වඩා ආදායමක් ලබාගන්න තිබුණා වෙනම්ගෙ හතුරන්ගෙ ලැයිස්තුවෙ ඉන්න ස්පයිඩර් මෑන් මේකට සම්බන්ධ වුණා නම්. මොකද වෙනම්ගෙ සූට් එක ඇදපු මුල්ම සුපර්හීරෝ වෙන්නේ ස්පයිඩි. එයා නැති නිසාම තමයි කොමික් වලින් සෑහෙන වෙනසක් කරලා වෙනම් චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. අනික් හේතුව තමයි සැහැසි බව හැම අගලක් ගානෙම සටහන් වෙලා තියෙන වෙනම්ව ප්‍රේක්ෂකයන්ගෙ බලාපොරොත්තු කඩකරමින් R-Rated චිත්‍රපටයක් වෙනුවට පොඩි ළමයෙක්ට වුනත් නරඹන්න පුලුවන් මට්ටමේ PG-13 චිත්‍රපටයක් තමයි ලැබුනේ. පැතිරිලා තියෙන ආරංචි වලට අනුව නම් PG-13 යන්න හේතුව වෙලා තියෙන්නේ වෙනම්වයි ස්පයිඩර් මෑන්වයි මුහුණට මුහුණ ගෙන්නන්න හදන නිසාලු. හැබැයි හරියටම කියන්න නම් දන්නේ නැහැ. කොහොම වුනත් පසුගිය සැප්තැම්බර්වල පැවැත්වූ සැන් ඩියෙගෝ කොමික් කොන් සමුළුවේදි වෙනම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙච්චි Ruben Fleischer ප්‍රේක්ෂකයෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කිව්වේ එයාලට වෙනම්වයි ස්පයිඩර් මෑන්වයි මුහුණට මුහුණ ගෙන්නන්න ඕනකම තිබුනත් ස්ටුඩියෝ අතර පවතින නොගැලපෙන අදහස් මේ වැඩේට බාධාවක් වෙලා තියෙනවා කියලයි.

The Amazing Spider-Man 3 වෙනුවෙන් වෙනම්-ස්පයිඩර්-මෑන් එක්කාසු කර නිර්මාණය වී තිබු ෆෑන් මේඩ් පෝස්ටරය

හැබැයි ඉතින් ටොම් හාඩි වගේ සුපිරි නළුවෙක් ටොම් හෝලන්ඩ් වගේ පොඩි එකෙක් එක්ක හැප්පිලා, එයාගෙ අතින්ම පරාද වෙනවා දකිනවට වඩා MCU එකටවත්, ස්පයිඩි එක්කවත් සම්බන්ධ වීමක් වෙන්නේ නැතුව වෙනම කරන් යන මේ වැඩේ වටිනවා 😅 මගෙ අදහස නම් මේකයි ඇන්ඩ්‍රෙව් ගා(ර්)ෆීල්ඩ් හරහා රිදී තිරයට පැමිණි The Amazing Spider-Man චිත්‍රපට එකතුවට තව එකම එක චිත්‍රපටයක් එකතු කරලා එකේදී වෙනම්ව ගෙන්නලා ස්පයිඩිගෙන් වෙනම්ව අයින් වෙන විදිහට ඒ ටික කලා නම් අද මේ වෙද්දී දකින වෙනම්ව අපිට සුදු පාට ලොගෝ එක තියෙන, අසීමිත විදිහට මකුළු දැල් විදින්න පුලුවන් වෙනම් කෙනෙක්ව දැකගන්න තිබුණා. බලමුකෝ ඉස්සරහට වෙනම්ගෙ අනාගතේ මොන වගේ වේවිද කියලා. මොකද මේ චිත්‍රපටයේ අවසානයේ පසු දර්ශන වලින් මිලග වෙනම් චිත්‍රපටයේ දකින්න ලැබෙන චරිතයක ඉගියක් දීගෙන තමයි අවසන් වෙන්නේ. ඒ කොහොම වෙතත් ටොම් හාඩි මේ වෙද්දී වෙනම් චිත්‍රපට තුනක දායකත්වය සදහා අත්සන් තබා හමාරයි. දෙවැනි චිත්‍රපටය 2020 වසරේදී නිකුත් වීමට නියමිතයි.

දැන් ඉතින් මේ කියෙව්වා මදැයි නේද?! මේ සිනමාපටයත් නරඹන්න ආරාධනා කරමින් මම එහෙනම් මෙතනින් නවතිනවා. ගිහින් එන්නම්. ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 94382 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

318 thoughts on “Venom (2018) Sinhala Subtitles | දෙදෙනෙකුගේ එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

  • supuriyt sub krl thibb
    sub ek yan speed ek wdid wage (samahar wit mn podi hind wenn athi)
    thanxz

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • venom 2 ekath damuthee

    Reply
  • ඔයගේ explain මරු, සබ් එකට වඩා වටිනවා , ස්තුති

    Reply
  • Sahan Dinakara

    මචල්ලා Venom 2 එකේ සබ් එකත් දාන්නකෝ ඉක්මනටම

    Reply
    • madhukahulk

      Thanks bokka very good subtitle

      Reply
  • Weerasinghawijethilaka

    Thank you

    Reply
  • Nishanpradeep95

    Tnx mcho welldone

    Reply
  • Sandunprabath1230

    Aye balanda hituna bn Thanks sub 1ta

    Reply
  • මොළ කකුලුස්

    පට්ටම පට්ට film එකක් තමයි මේක…Thanks for subtitles………වැඩේ හොදටම නියමෙට කරල තියනව……

    Reply
  • Tharindu Madushan 96

    thank saho

    Reply
  • pasindu sudarshana

    thank you bro

    Reply
  • Thank you bro.. 🙂 keep it up good work.. 🙂

    Reply
  • Tharu Gunawardhana

    thnks brooo

    Reply
  • Dhanushka_ vipula

    සබ්1ට වගේම තොරතුරු ටිකත් වටිනවා බොක්ක… ජය වේවා

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි……. ජයවේවා……!!!!!!!!!!!

    Reply
  • Lahiru Lakshan

    thanks machn..

    Reply
    • isuru sandaruwan isuru

      Thanks

      Reply
  • Niyamai …jayawewa..!

    Reply
  • Thanks bokka ජය වේවා

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Best wishes to you as you progress from doing this great thing stage by stage and the time that you waste for the anonymous people who you don’t know .
    While this can be a difficult time, the results that you will achieve are worth all of the hard work that you will put in!
    And thanks for give me a chance to appreciate your work by small comment.

    Reply
  • basura indrachapa

    උපසිරැසියට ජයෙන් ජය!!!
    බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සබ් එකට
    ජයවේවා

    Reply
  • patta machan.. me wistare liyanna sehena mahansi wela tiyanawa.. thanx bro

    Reply
  • ashanudara

    Ammbooo machn…. Dala thiyena wisthare…. Eeeka patta… Atharidune nedda broooo…. Thanks machan mahansiyata.. With sub eka

    Reply
  • Shan_prasanna

    Thanks for Sinhala subtitlewindow.location=’https://www.google.com/search?client=firefox-b-ab&q=i+am+Hydrax’

    Reply
  • Thanks ……………….good luck …………………………..

    Reply
  • baiscopelkishu

    Thanx bro sub ekata.. patta lipiyak.

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • wasanthamax

    Sub akata thanks#

    Blood Brother (2018) film akata sub dennako plzzzzzzz!!!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි චාමර සහෝ,ජය!

    Reply
  • priyanthapremarathna

    ස්තුතිියි සබ් එකට ලස්සනට කරල තියෙනවා

    Reply
  • ආ කියන්න බැරි උනා
    ආර්ටිකල් එකේ දාල තිබ්බ වෙනම් කොමික් ස්ටෝරිය සෑහෙන්න වටිනව මචං ❤️

    Reply
  • චාමර සබ් එක සෑහෙන තරම් හොඳයි
    දිගටම වැඩේ හිඳටම කරමු
    ගොඩක් ස්තුතී ❤️

    Reply
  • ඔන්න බලලාමයි කමෙන්ටුවක් දාන්නේ..
    සබත් සුපිරියි..ෆිලුමත් සුපිරියි ඈ…
    වෙලාව ගියා දැනුනෙවත් නෑ..
    සබට බොහොම තුති සාමර… 😛
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • Naveen Ranasinghe

    Thank you for subtitle

    Reply
  • උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
    ජයෙන් ජයම වේවා…..

    Reply
  • Milinda Sadaruwan

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ. ජයවේවා…

    Reply
  • සබයට ස්තූතියි බ්‍රෝ…

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරයා sub ekata

    Reply
  • Rumeksh Dilhan

    Thanks you so much

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks බ්‍රෝ..
    හෝල් එකේ ගියෙත් මං දන්න විදියට මේ br එකේ තියෙන කාලයමයි.
    මං නිකන් ගූගල් කරල බැලුවම පැය දෙකයි විනාඩි ගානක් පෙනනුව
    අනේ මන්ද උන්ට මෝංගල්ද කියල
    නැත්තන් ඒ තරම් වැදගත්කමක් නැති අතිරේක සීන් ටිකක් එක්ක වෙන්නැති..එලම 🙂

    Reply
    • dimuthu lakmal

      ඔවු බන් මටත් එකම අවා එහෙම එකක් නෑ වගේ

      Reply
  • Suabat thanks bro..
    Jaya wewa…!!!

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • dimuthu lakmal

    Meke imdb eke paya 2.20 me copywala 1 v42 mokada me sen eka?film eka aduida?

    Reply
    • IMDb එකේ පැය දෙකයි විනාඩි තිහක් ගැන කියලා නැහැ. ෆිල්ම් එකේ නමට පහළින්ම කොච්චර කාලයක් ධාවනය වෙනවද කියලා සදහන් කරලා ඇති බලන්න. ඒකෙ තියෙන්නේ පැයයි විනාඩි පනස් දෙකයි කියලා. මේ වෙද්දී අප්ඩේට් කරලා තියෙන බ්ලුරේ අප්ඩේට් සබ් එකේ තියෙන්නෙත් පැයයි විනාඩි පනස් දෙකයි. ඒ කියන්නේ ෆිල්ම් හෝල්වල ගිය කාලයමයී. ඊට එහා පැය දෙකයි විනාඩි තිහක ෆිල්ම් එකක් කොහෙවත් පෙන්නුවේවත් නැහැ.

      Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • thanks sub ekata jaya wewa

    Reply
  • Thank you brother!!!ලිපියනම් පට්ට❤️

    Reply
  • BLACK_RACER

    smallville sub dennko

    Reply
  • පැතුම් ඉෂාර

    හම්මේ Br එක ආවා!!! ☺️☺️☺️
    තෑන්ක්ස් ඈ Update එකට

    Reply
  • Update eka enkn hitiye… thanks brooo wechcha mahansiyata… digatama me wage sub denna jaya wewa.. !

    Reply
  • Thanks alot ban.. Umbe nam ethin aniwa gannawa Sub eka..anika Venom kiyanne supiriyak ne…

    Reply
  • Rashiiddamalgoda

    Tnx sub akata. මොනවා උනත් පට්ට film එක.

    Reply
  • eloooo..BR update karala.. tnx again machan

    Reply
  • tnxx bro.. onna BR awilla.. 🙂

    Reply
  • Kantha_DLA

    BR update plzzzzzzzz…………

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • BLACK_RACER

    thanks
    the hacker wars 1 sub dennko

    Reply
  • Devinda nayanajith

    තෑන්ක්ස් බොක්ක

    Reply
  • Rasadara Dhanushka

    thank you brother

    Reply
  • chanuka_ayesh

    sub 1ta thankx machan

    Reply
  • Lakshansilva18

    Vanilla sky (2001) film ekata sub dennako

    Reply
  • Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

    Reply
  • Thanks bro sub ekata.

    Reply
  • Shaliyachathuranga

    methenta Three wheeler ekaka awe super

    Reply
  • kusalmeedum

    elama thank you sub ekata.

    Reply
  • ammo enakal hitiye thanx bro

    Reply
  • sub ekatai vistharetai thanx bro

    Reply
  • Sub ekata thanks bro.Lipiyath maru.

    Reply
  • එලම තෑන්ස් බ්‍රෝ!!!!!
    තෑන්ස් බයිස්කෝප්!!!!!!!!!!
    ෆට්ටම ලිපියක්!ජයවේවා!!!

    Reply
  • sampathvidu123

    thank you sooooooo much bro..

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි

    Reply
  • Dhanush Narangoda

    මට මේක කියපං මචෝ…. සබ් එකට වඩා වෙලා ගියා නේද මේ ලිපිය ලියන්න…. එල මචං තෑන්ක්ස්

    Reply
  • Ethan Carter

    Thank you for sub….

    Reply
  • Thanks lot for the sub.
    keep it up!!!

    Reply
  • nalindaslv

    Thanks….. sub ekata

    Reply
  • Thnks brother good work

    Reply
  • Pramukmili

    thanxxx brooooooo….

    Reply
  • Sachith Perera

    thanks machan

    Reply
  • hirushan45

    සබ් එකට තෑන්ක්ස් සහෝ….wish you all the best ❤️

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට. ජය වේවා.

    Reply
  • ජනිත් මාතුල ද සිල්වා

    Thank you…..

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Wasanthapkg

    එලකිරි මචෝ…..

    Reply
  • Rumesh dhanushka

    Thanks all friend ✨✨

    Reply
  • nuwantha222

    පට්ට මචෝ

    Reply
  • මමත් මේකෙන් ගොඩක් subs ගන්නවා තෑන්ක්ස් මචන්ලා ❤❤

    Reply
  • mihiranga kuruwita

    Thanks bro…..

    Reply
  • Rayan RnS

    Thank u brother ..

    Reply
  • darshana100

    thanks yalu awa gaman dunnata sub aka

    Reply
  • sujan1982

    thank u very much brother.

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • shashika gihantha

    thanks machnn

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!………………………….

    Reply
  • Thanks bro keep it up

    Reply
  • Malindasadaruwan

    Tnq Chamra Aiya,Digatama Kragana Ynna, All The Best

    Reply
  • dhanuja.tharuka

    WEBrip update please… _/\_

    Reply
  • WEBRIp එකට දියන් මචන්. Thank

    Reply
  • නියමයි. බොහෝම ස්තූතියි සිංහලින් ගෙනආවාට….

    Reply
  • sub ekatai lipiyatai thanks saho…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • ආ රොයිලි කොල්ල
      කොහොමද ඉතින්
      සබක් ගන්න ඇවිත් රස්තියාදුවක් ගහනව වගේ

      Reply
  • Udeesha Bandara

    sub ekata thanks bn..web rip ekawath thama na neda bn?

    Reply
  • Deshan Chathuranga

    Thnx saho…

    Reply
  • V.T.Piyumal

    patta bn saho..!thanks sub ekatai vitharetai..!jaya wewa..!

    Reply
  • Kaushan Rasanga

    පට්ට විස්තරේ
    බොහෝම ස්තූතියි ❤️

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Sadeepravindusasanka

    Kohomada film eka download krgnne

    Reply
  • …ජයවේවා…ගොඩක් ස්තූතියි සබ් එකට..

    Reply
  • Maga balan hitapu film ekak. Sub ekata thanx

    Reply
  • Dilshan Kelum

    Thanks bro…..

    Reply
  • niyama lipiyak..godak sthuthiyi machan patta.

    Reply
  • ade macho..supirima wistarayak.. film ekata wada ubala dana wistareth gdk watinawa. ekenma suba pathnawa baiscope.lk team ekata.. ️️️

    Reply
  • chandika1975

    thank you for the subtitle.

    Reply
  • Shehan putha

    superb bro…letter 1th niyamai..jaya wewa !

    Reply
  • Kanchuka100

    480p direct eke madin add 2k yana nisa sub hariyata set wen na ne bro

    Reply
    • එහෙනම් 720p අරගන්න. 480p එකට වඩා MB කිහිපයක පුංචි පරතරයක් තියෙන්නේ.

      Reply
  • Nandana_kumara

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Thank`s brother.sub enakan Balagana hitapu film ekk.superb work.Puluwannam The Villain -2018 ekatath sinhala sub Dennako

    Reply
  • මෙකේ කොටස් අඩුයිනේ. Venam film එකේ එයාලා දලා තියෙනවා. පැය 2 යි මිනිත්තු 20ක් තියෙනවා කියලා. මේ කොපියේ තියෙන්නේ පැය 1යි මිනිත්තු 42යි නේ. Please කොපිය වෙනස් කරන්න.
    උපසිරස හදපු කෙනාට බොහොම ස්තුතියි
    Bascopdowenlorad තියෙන ෆිල්ම් එකේ විඩියො කොපියත් මරැ කරන්න

    Reply
    • Ravindu Rukshan

      මං හිතන්නෙ සම්පූර්ණයෙන්ම වගේ නැහැ බ්ලුරේ එකේ ඇත්තෙ සම්පූර්ණ දාවන කාලය

      Reply
    • මේ දීලා තියෙන එකේ නම් තප්පර දහයකට ආසන්න කාලයක් හැරුනම කිසිම අඩුවක් නැහැ. මොකද ඔයා හෝල් එකක වෙනම් බැලුවා නම් දැනගන්න ලැබෙයි ෆිල්ම් එක හෝල් එකේ පෙන්නුවෙත් පැයයි විනාඩි 50-52 ක අතර කාලයක් කියලා. ගුගල් එකේ පෙන්නන පැය දෙකයි විනාඩි 20 කතාව පෙන්නන්නේ මේ නිසා වෙන්න පුලුවන්.

      01. ටොම් හාඩි ෆිල්ම් එක රිලීස් කරපු මුල් දවසේ කියලා තිබුනා විනාඩි කිහිපයක අඩුවක් තියෙනවා කියලා. සමහරවිට විනාඩි කිහිපයක් ඇත්තටම අඩු කරලා හෝල් වලට දෙන්න ඇති. බ්ලුරේ රිලීස් කරද්දී වැඩිපුර කෑලි තියෙන එකක් ආවොත් අනිවා අප්ඩේට් එකක් දෙන්නම්.
      02. හෝල් එකක ෆිල්ම් පෙන්නද්දී ෆිල්ම් එක මුලදී/විවේක කාලය අතරදී වෙනින් මූවී ට්‍රේලර්ස්, ඇඩ් පෙන්නවානේ. ඔය දෙකටත් සමහර වෙලාවට ෆිල්ම් එකේ ධාවන කාලයට එකතු වෙනවා වෙන්නත් පුලුවන්.
      03. ගුගල් එකේ නිතරම හරි විස්තර පෙන්නන්නේ නැහැ. IMDb බලන්න හුරු වෙන්න. ඒකෙ හුගාක් දුරට ඇත්තම තොරතුරු තමයි සටහන් වෙන්නේ ගූගල් එකත් එක්ක බලද්දී.මොකද IMDb එකේ තියෙන්නේ ධාවන කාලය විනාඩි 112 ක් කියලා. එතකොට ඒක පැය, විනාඩි වලට වෙන් කරලා බලන්න. පැයයි විනාඩි පනස් ගානකුයි සෙට් වෙනවා. Box Office Mojo එකෙත් බලන්න. ඒකෙ තියෙන්නේ පැයයි විනාඩි 52 යි කියලා.

      Reply
      • ස්තුතියි මචං. ලිපියත් සුපිරි. දිගටම දියන් අලුත් අලුත් movie . Ela.

        Reply
  • Sandeepmadushan

    Enakam hitiye.. elah

    Reply
  • Bruce___Wayne

    Thank you very much macho
    Ela

    Reply
  • Gathsara Umesh

    Bhoooom Sthuthi Ayyee…

    Reply
  • Jayawikrama

    Thanks bro suba…

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro. Meka anakan mara amaruwakin iwasagena hitiye.

    Reply
  • ප්‍රණීත් චින්තක

    ඔන්න ඉතිං මල්ලි කොහෙත්ම අදාල නැති වැඩක්නේ කරලා තියෙන්නේ. DC එකෙක් මාවල් දැවැන්ත චිත්‍රපටි වලට අතදාලා
    ඔය අත පුච්ච ගන්නයි යන්නේ. මාවල් ඒවා කරන්න ඕනේ මාවල් එවුන්. උඹලා එන එන ෆේල්වෙන බැට්මෑන් ෆිල්ම් වලට සබ් කර කර හිටපං. ඒක තමයි උඹලගේ උරුමේ. උඹ විස්තර දන්නවා තමයි. ඒ වුනාට උඹලට අදාල නැති වැඩ කරන්නෙපා. අනික විමා කිව්වා වගේ බලපංකෝ දාලා තියෙන නමේ හැටි. නමක් හරියට දාගන්න දන්නෑ. මම නං මේ සබ බලන්නේ නෑ. උඹේ සිංහල සබ් එක්ක බලලා අපිට ඉංග්‍රීසිත් බැරිවෙනවා. අනික මාතෘකාව කියවපු ගමන් තේරෙනවා උඹේ සබ් එක කොහොමට ඇතිද කියලා.

    බලමු මේ කොක්කට මාලු කීයක් අහුවෙයිද කියලා.

    Reply
    • Thisara Neo

      ඇම රස මදි වගේ ප්‍රණියෝ

      Reply
  • Dulshan_Kokila

    aiyooo! sub eka pahuwela yanneee

    Reply
  • Sarathabbowa

    නියම වැඩක් . බොහොම ස්තූතියි..

    Reply
  • Elma saho sub akta thanz

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub..@!@

    Reply
  • Thank you bro…!!!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සබ් එක වගේම ලිපියත් සුපිරියටම ලියලා තියෙනවා .

    Reply
  • sanjeewakbg

    thanks bro……

    Reply
  • Hashanindika

    godak Thanks sub ekta….mcn me HC HD eke winadi 40 aduwenda tiyenne…

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි චාමර අයියේ සබ් එකට. ජය වේවා…!!

    Reply
  • tnz sub ekata. enakal balan hitiye

    Reply
  • පල්ලෙහා වලියක් කීව නිසා ගිහින් බැලුවා.
    නෙදකින්
    ඇඩ්මින් කෙනෙක් ආතල් එකක් අරන්..

    හැබැයි රැවටිච්ච උනුත් හිටියද මන්දා..

    මෙකට මෙච්චර ඉක්මනට සබ් දෙයි කියලා හිතුවේ නෑ.
    උප සිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා…

    Reply
  • bohoma thanks sub dunnata.meka denakan balaagena hitiye.

    Reply
  • Thanks bro sub akata

    Reply
  • බොබී

    පල්ලෙහා වලියක් ගිහින් වගේ. සුපිරි නමක් තිබුනා නම් හොඳයි තමා. ඒත් සබ් එකයි අපිට වැදගත්. මාත් මේ උපසිරැසිය භාරගන්න අාසාවෙන් හිටියා සහෝ. ඒත් වැඩකාරයෙක්, විශේෂයෙන්ම අැඩ්මින් කෙනෙක් වැඩේ භාරගන්නවා නම් අපිට අායෙත් සැක හිතන්න දෙයක් නෑ නොවැ. අනික උඩින් තියෙනවා වගේ සුපිරි ලිපියක් මට නම් ලියන්න බැරි බව එකෙන්ම කියතහැකි. ඉතින් මේ සබ් එකට තුති. දිගටම වැඩ කරගෙන යමු සහෝ.

    Reply
  • පට්ට චාමර BRO….විමා ආතල් එකක් දීල තියෙන්නෙ

    Reply
  • Niroshani maduka

    Thank you so much sub ekata..meka denakm balagrna hitiye..

    Reply
  • ranga11112

    අඩුපාඩු කිව්වට කමක් නෑ. ඒත් ඒකට විදිහක් තියෙයි… අනික ඔයාට සිංහල උපසිරැසි අවශ්‍ය නැත්නම් ඇයි සබි ගන්නේ… නිකන් බලන්න.කෙනෙක්ට දෙයක් කියන්න කලින් හිතන්න දෙපාරක්.. හොද විදිහට තෙරැම් කරන්න. අනික දේයක් අගයන්න පුරැදු වෙන්න.අඩුපාඩුම බලන්න එප‍‍ා. ඔබෙත් මගෙත් අඩුපාඩු කොච්චරනම් ඇතිද? ඒවා අපිට පෙනනෙ නෑනේ නේද? සර්ව සම්පූර්ණ මිනිසුන් නෑත ඒ නිසා උතුම් මිනිසෙක් වෙන්න බලන්න

    Reply
  • ranga11112

    thanks chamara saho…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    ජය

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • විමා

    සබට තුති
    විස්තරය මරු

    ඒත් සහෝ Venom කියන එකේ තේරුම දෙදෙනෙකුගේ එක්වීම නෙමෙයි නේද
    මොන චාටර් නම්ද මේවා
    ඔහොමද උඹලා සබ් කරන්නේ
    පජාතයි බන්
    ඊයා…
    අපි බලන්නේ ඉංග්‍රීසියෙන්
    උඹලගේ පජාත සිංහල සබ් එක්ක බලන්නේ නැහැ

    Reply
    • Film eke name sinhala therumama dan oni kiyala ekak nane balanna barinam nika inna.nikan manussayek karana service ekata apahasa nokara inna puluwannam loku deyakd

      Reply
    • Hasitha Madush

      Sarcasm ද විමා bro නැත්තම් සිරා comment එකක් ද ?

      Reply
    • ඔබ කට වහ ගෙන පලයන් විමෝ ### තෝ වගේ උන් හින්දා තමයි බයිකෝප් එකේ aroow sun දෙඑක නැවැතුවේ මුන්ගෙ account බ්ලොක් කරන්න ඔන

      Reply
    • ranga11112

      අඩුපාඩු කිව්වට කමක් නෑ. ඒත් ඒකට විදිහක් තියෙයි… අනික ඔයාට සිංහල උපසිරැසි අවශ්‍ය නැත්නම් ඇයි සබි ගන්නේ… නිකන් බලන්න.කෙනෙක්ට දෙයක් කියන්න කලින් හිතන්න දෙපාරක්.. හොද විදිහට තෙරැම් කරන්න. අනික දේයක් අගයන්න පුරැදු වෙන්න.අඩුපාඩුම බලන්න එප‍‍ා. ඔබෙත් මගෙත් අඩුපාඩු කොච්චරනම් ඇතිද? ඒවා අපිට පෙනනෙ නෑනේ නේද? සර්ව සම්පූර්ණ මිනිසුන් නෑත ඒ නිසා උතුම් මිනිසෙක් වෙන්න බලන්න

      Reply
    • සමාවෙයං විමො හදීසියට සබ් කරලා දුන්නා මිසක් ඕවා ගැන මතක් උනේ නෑ. ඔස්කාර්වේදින්ගෙ කෙනෙක්ට අහු උනොත් ඒකෙන් නරක නාමෙ එන්නෙ මේ සයිට් එකට කියලා හිතන්න බැරි උනා. මේ දැන්ම මාතෘකාව “පොළොං විස” කියලා වෙනස් කරන්නම්

      Reply
      • Bandaramudiyansi

        මෙයා මෙක විහිලුවට කියල තියෙන්නේ ………..මෙය හොද උපසිරස කරුවෙක්නෙ….. I am sorry

        Reply
    • Bandaramudiyansi

      බයිස්කෝප් එකෙත් මෙවගෙ english ටිකක් දන්නව කියල උඩපනින සෙවලයෙක් තම ඔය වීමා උන්නෑහෙ කියන්නෙ . සබ් කරන කෙනෙක් උනත් කතාකරන්න ඉගෙනගන්න ඔනෙ අනුන්ට උගන්වන්න කලිම්

      Reply
      • විමා

        සාකසම් වලට අහුවෙලා නේ තදටම 😀

        Reply
  • Avindu Umesh Gunasinghe

    Tnx bro sub eka ikmntama dunnata!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    මේක එනකම් බලන් හිටියේ….
    සුපිරි ලිපියක්….
    Amazing Spider Man 3 එකක් අවොත් Spideyව MCU එකෙන් නැති වෙයි..
    මගෙනම් වැඩි කැමැත්ත Venomවයි MCU Spideyවයි එකතු කරලා ෆිල්ම් එකක් ගහනවාට…
    එතකොට MCU එකයි SUMC එකයි එකතු කරන්නත් පුළුවන්…

    Reply
  • යුරාන් ධනුක

    නියමයි චාමර සහෝ…
    එනකන් බලන් හිටපු තවත් ෆිලුමක් තමයි..
    බොහෝම ස්තූතියි… ජය…

    Reply
  • Thilankadissanayake

    අම්මෝහ් මෙ සබ් එක එනකම් ඇගිලි ගැන ගැන හිටිය . 1080 p BR තමයි ඉතින් මේ වගෙ සුපිරි ෆිලුම් බලන්ඩ ඔනෙ. එතකන් සබ් එක බාගෙන ඉවසීමෙන් ඉන්නවා. ගොඩාක් ස්තූතියි සහෝ . Good luck !

    Reply
  • dsdkavishka

    Thenks fatta….. meka enakan idiye

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • Chamod_Sasitha

    Br ekama balamu supiri filumakneh. Thanks for the sub❤️❤️

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…මේවා ඉතිං ආයේ 1080p BR එකකින්ම බලන්ඩ ඕනි ඒවා. එතකම් ඉවසීමක් තියෙන්නේ…ලිපියත් සෑහෙන්න වටිනවා. නොදන්න කරුණු ගොඩක් දැගත්තා. ලිපියටත් ස්තූති සහෝ. බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • තෑන්ක්ස් බං ලොවෙත් නෑ බානවා..වෙනද වගේම පට්ට ලිපියක් ඈ

    Reply
  • gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ….මේක එනකන් හිටියේ….හැඳින්වීමත් පට්ට….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • lakmal119940606

    Banna torrent ekak dannko yalu kauru hari

    Reply
  • Harsha_dilan

    Sub ekata thanx. Good luck

    Reply
  • Thisara Neo

    හෝල් එකෙනුත් බැලුවා. දැන් මේ රිප් එකත් බලනෝ. br ආවම එකත් බලනෝ…
    සිංහල උපසිරසියට තුති සාමර :p …. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *