අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Under the Bridge

Under the Bridge Mini Series Sinhala Subtitles

Under the Bridge

 

 

Under the Bridge Mini Series

කැනඩාවේ අතිශය සුන්දර සාමකාමී වටපිටාවක පිහිටා තිබෙන වැන්කූවර් දූපත් හී 1997 නොවැම්බර් මස 14 දින වයස අවුරුදු 14ක ඉන්දීය සම්භවයක් සහිත පාසල් සිසුවියකට අත් වූ අතිශය ඛේදනීය සත්‍ය කතාවක් ගැනයි මේ දිගහැරුම.

රීනා වර්ක් ඝාතනය පිළිබඳ නිර්මණය කර තිබෙන මෙම රූපවාහිනි කතා මාලාවෙන් ඔබට මෙම ඛේදවාචකයට දායක වූ සමාජ සාධක පිළිබඳ පුළුල් අයුරින් අවබෝධයක් ලබාගත හැක.
මෙවැනි සත්‍ය අපරාධ කතා වලට ප්‍රිය කරන ඔබ මේ රූපවාහිනී කතා මාලාව ඔබ නැරඹිය යුතුමයි.

රීනා වර්ක් දුඹුරු සමක් සහිත තරමක් ධනවත් පවුලක ගැහැණු ළමයෙක්. මෙයාගේ පවුලේ උදවිය වඩා හොඳ ජීවිතයක් ගත කිරීම සඳහා මීට අවුරුදු ගණනාවකට කලිනුයි කැනඩාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ. රීනාට මල්ලියි නංගීයි විදියට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. අම්මා තාත්තා වැදගත් උදවිය, ආගමික ඇදහිලි වලට තරමක් බර. මේ දෙන්නම රීනාට හරිම ආදරෙයි. මේ කොහොමවුනත් රීනාට නම් තමන්ගේ අම්මා තාත්තා ගැන ඒ තරම් පැහැදීමක් ආදරයක් නෑ. රීනා හරිම මුරණ්ඩුයි තමන්ගේ දෙමාපියෝ කියන වචනයක් කනකට ගන්නේ නෑ. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ රීනාගේ මේ නරක වයස සහ මෙයාගේ අම්මා තාත්තා මෙයාට පණවන සමහරක් නීති රීති නිසයි. රීනාගේ පාසල් ජීවිතේ හරිම ක‍ටුක එකක්. මෙයාට කිසිම යාළුවෙක් නෑ. මේ හේතුව නිසා වැඩි හරියක්ම තනිවෙලා තනිකඩව හුදකලාව තමයි මෙයාට ඉන්න සිද්දවෙන්නේ. මගේ පෞද්ගලික අදහසට අනූව මම හිතනවා මෙයාගේ ජාතිය, හමේ වර්ණය නිසා හැමෝම මෙයා දිහා වර්ගවාදී විදියට බලන්න ඇත්තේ, ඒකයි මෙයා කොච්චර උත්සහා කෙරුවත් යාළුවෝ නොහිටියේ. මෙහෙම ඉද්දි දවසක් රීනාට මුණ ගැහෙනවා තඹ කොණ්ඩේ සුදු හම තියන ලස්සන බෝනික්කෙක් වගේ කෙල්ලෙක්ව. මෙයත් රීනාගේ වයසෙමයි. ඔන්න රීනාට එදා එයාගේ ජීවිතේ හොයමින් හිටපු පළවෙනි යාළුවව මුණ ගැහෙනවා. රීනාට මෙහෙම යාළුවෙක් හම්බවුන එක මහමෙරක් වගේ වුණා. රීනා උපරිම උත්සහා කෙරුවා එයාගේ මේ යාළුවා හැසිරෙන සිතනපතන විදියට තමන්ගේ ජීවිතයත් හැඩගස්සව ගන්න. මෙන්න මෙතනදි තමයි රීනා ගොඩක්ම තමන්ගේ දෙමාපියන්ට මුරණ්ඩු කියන දේ නොහනා කෙනෙක් බවට පත්වෙන්න ගන්නේ, ඒ වගේම රීනාගේ සහ රීනාගේ පවුලේ ජීවිත වල අඳුරු කාලය එළඹීම උදාවෙන්නේ.

Under the Bridge Mini Series Sinhala Subtitles

Under the Bridge Mini Series Sinhala SubtitlesTrue Crime, Biography, Crime, Drama, Mystery, Thriller

Stars : Lily Gladstone, Vritika Gupta, Chloe Guidry, Javon ‘Wanna’ Walton, Izzy G., Aiyana Goodfellow, Ezra Faroque Khan, Archie Panjabi, Riley Keough, Matt Craven, Daniel Diemer, Meg Roe, Nazeem Jang, Anoop Desai, Isabella Leon, Dayah Brar, Maya Da Costa, Arta Negahban, Jill Teed, Michael Buie, Ella Dixon, Evan Rein

 

 

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08