Terra Nova
[box]
වර්ෂ 2149 වෙද්දී අධික ජනගහනය හා දුෂණය වෙන වාතය හේතුවෙන් පෘථිවියේ පාරිසරික බිඳවැටීමක් ඇතිවී මනුෂ්‍ය සංහතිය අනතුරකට ලක් වී තිබෙනවා. මිනිස්සු ජීවත් වෙන්නේ අඳුරු ලෝකයක වගේම එළියට බැස්සහම හුස්ම ගන්නත් ශ්වාසක උපකරණ අවශ්‍ය වෙනවා. ජිම් ශැනන් කියන්නේ මේ කාලේ ජීවත් වෙන චිකාගෝ පොලිසියේ මත්ද්‍රව්‍ය අංශයේ වැඩ කරන නිලධාරියෙක්. නමුත් ඔහු බරපතල නීතී උල්ලංඝනයක් කර තිබෙනවා. ඒ තමා පවුලක සිටිය හැකි ළමයින් සීමාව වූ දෙදෙනෙක් වෙනුවට නීතියට පිටින් ගොස් ළමුන් තුන් දෙනෙක් හදා සිටිනවා. ඉතින් කතාව පටන් ගන්නේ ඒ ගැන ඔත්තුවක් ලැබී ජනගහන පරීක්ෂක නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමට පැමිණීමෙන්.
ඒ වගේම මේ කාලයේ විද්‍යාඥයන් කළ පරීක්ෂණයකදී අහම්බයෙන් මෙන් කාලයේ බිඳුමක් සොයාගන්නවා. එමඟින් සමාන්තර විශ්වයකට යෑමේ පාරක් විවෘත වෙනවා. හැබැයි මේ ද්වාරයෙන් යන්න විතරයි පුළුවන්. එහේ ඉඳන් ආපහු එන්න බෑ. ඉතින් මේ ද්වාරයෙන් යන ලෝකය තවමත් තිබෙන්නේ වසර මිලියන 85 ක් පිටුපසින්, එනම් ක්‍රිටේසීය යුගයේයී. එයට දුන් නාමය ටෙරා නෝවා යී. එනම් ලතින් වලින් නව පෘථිවිය හෝ නව ලෝකය යන අරුතයි. ඉතින් ඩයිනෝසර් සතුන් පවා සිටිනා මේ ග්‍රහලෝකය ජනාවාස කිරීමේ එක් පැත්තටකට පමණක් යන භයානක ගමන යන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ.
ඉතින් මේ කලින් කියපු ශැනන් පවුල හා මේ ටෙරා නෝවා සම්බන්ධ වෙන ආකාරය බලන්න ඔන්න මම ඉඩ දෙනවා.[/box]
Creator:
Kelly Marcel, Craig Silverstein
Stars:
Jason O’Mara, Shelley Conn, Christine Adams, Allison Miller, Landon Liboiron, Naomi Scott
Genres:
Adventure | Mystery | Sci-Fi
Episode 01 & 02 |
Episode 03 |
Episode 04 |
Episode 05 |
Episode 06 |
Episode 07 |
Episode 08 |
Episode 09 |
Episode 10 |
Episode 11 |
Episode 12 & 13 |