Serial Experiments Lain (1998)
Serial Experiments Lain, Serial Experiments Lain Sinhala Sub, Serial Experiments Lain (1998)
මේ කතාව ඇරඹෙන්නේ “යොමොදා චිසා” කියන එක්තරා කනිෂ්ඨ පාසල් ගැහැනු ළමයෙක්ගෙ සියදිවි නසා ගැනීමේ සිද්ධියක් එක්කයි. ඔන්න ඉතින් පටන් ගත්තු ගමන් තියෙන්නෙ suicide එකක්. මැරුනට පස්සෙ මෙයාගෙම වයසේ යාළුවො කිහිපදෙනෙක්ට මෙයාගෙන් ඊ මේල් එකක් එනවා. හැබැයි හැමෝම හිතන්නෙ ඒක කාගෙ හරි විහිළුවක් කියලයි. ඒ ඊ මේල් එකක් මේ කතාවේ කතා නායිකාව වෙන “ඉවකුරා ලෙයින්” ටත් එනවා. වැඩිය තාක්ෂණික පැත්තට දක්ෂ නැති ලෙයින්ට ඒක එන්නෙත් හරිම අමුතු ක්‍රමයක් හරහායි. ඒ ක්‍රමේ මොකක්ද කියල මම මෙතනදි කියන්නෙ නෑ. ඒ ඊ මේල් එකෙන් මැරුණු ගැහැණු ළමයා කියන්නෙ “මං මගේ ශරීරය විතරක් අත් ඇරියා. මට ඒක හැමෝටම කියන්න ඕනි. හැමෝම ඒක ඉක්මනින් දැනගනීවි. දෙවියන් ඉන්නෙ මෙහෙ. ඉක්මනින් වයර්ඩ් එකට එන්න.” කියන දේ. මැරුණු කෙනෙක් කොහොමද ඊ මේල් එකක් එවන්නෙ? යොමොදා චිසා දිවිනසා ගත්තෙ ඇයි? ඉවකුරා ලෙයින්ට ඊ මේල් ආවෙ ඇයි? ශරීරය විතරක් අත් ඇරියා කියන කතාවෙ තේරුම මොකක්ද? කවුද මේ දෙවියො? මොකක්ද වයර්ඩ් එක කියන්නෙ? මේ ප්‍රශ්න ගොඩේ ආරම්භය තමයි මේ කතාවෙ ආරම්භයෙන් දකින්න ලැබෙන්නෙ.
Stars:
Kaori Shimizu, Bridget Hoffman, Dan Lorge, Randy McPherson
Genres:
Animation, Drama, Horror, Mystery, Sci-Fi
Season 01 |
Episode 01 & 02 |
Episode 03 & 04 |
Episode 05 & 06 |
Episode 07 & 08 |
Episode 09 & 10 |
Episode 11 & 12 & 13 |