logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Scam 1992: The Harshad Mehta Story (2020)

Scam 1992: The Harshad Mehta Story  Sinhala Subtitles

Scam 1992: The Harshad Mehta Story

 

 

Scam 1992: The Harshad Mehta Story

ඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිද්ධ වුණූ ලොකුම වංචාව ගැන තමා මේ Tv Series එකෙන් කියවෙන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු එකක්. 1992 දී ඉන්දියාවේ Share Market එක සහ Money  Market එක අතර සිද්ධ වෙච්ච හුවමාරු ගනුදෙනුවලින් එතෙක් සිද්ධ වුණු විශාලම චංචාව සිද්ධ වෙනවා.

මේ කතාවේ කතා නායකයා හර්ෂාද් මෙහෙතා කියන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක්, විශ්ව විද්‍යාල උපාධිදාරියෙක්, ඒත් ඉගෙන ගන්න කැමැත්තක තිබ්බ කෙනෙක් නෙමේ. Share Market එකෙන් ගොඩ ආපූ කෙනෙක්. ඔයාලා The Wolf of Wall Street බලලා තියෙනවා නම් ඒකේ මුල් සිදුවීම්වලයි මේකෙයි ලොකු වෙනසක් නෑ. මෙහෙම ගමන පටන් අවුරුදු 10 යන්න කලින් හර්ෂාද් 1992 දී ඉන්දියාවේ ඉහළම බදු ගෙවන්නා වෙනවා. ඒකාලෙදි එයාගේ වත්කම්වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4000ක්,උද්ධමනයත් එක්ක බැලුවොත් දැන් වෙද්දී කෝටි 20000ට වැඩියි. ඉතින් මොකද්ද මේ වෙච්ච වංචාව? කොච්චර ගාණක්ද? ඒක නම් කියන්න පුලුවන් තරමේ සරල දෙයක් නෙමේ. ටිකක් සංකීර්ණයි. ඒක බලලාම තමා දැන ගන්න වෙන්නේ. අනික මේක තනි පුද්ගලයෙකුට විතරක් කරන්න පුලුවන් තරමේ වංචාවකුත් නෙමේ.

Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles

මේ කතාව ආකාර 2කින් ඉන්දියාවේ පෙරළියක් කරපු කතාවක්. පළවෙනි එක මන් කියපු විදිහටම ඉන්දියාවේ ලොකුම මූල්‍ය වංචාව දෙවනි එක තමා මේ Series එක Release වෙන්නේ 2020 අවුරුද්දේ. ඒත් තවමත් ඉන්දියානූ ටෙලි සීරිස් එකකට හම්බ වුණ වැඩිම IMDb ratings තියෙන්නේ මේ කතාවට අවුරුදු 2ක් ගත වුණත්. IMDb පරිශීලකයන් 150,000කට ආසන්න  මනාප වලින් 9.3 ක IMDb Rating Point එකක් තියාගෙන ඉන්නවා . මේ කතාව ලංකාවේ නම් වැඩිය ප්‍රසිද්ධ වුණේ නෑ මන් දන්න විදිහට. ඒත් මේකේ Intro Music එක නම් ඔයාලා ගොඩක් දෙනෙක් කොහේ දි හරි අහලා ඇති.

Scam 1992: The Harshad Mehta Story

Biography, Crime, Drama

Stars : Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher, Anjali Barot, Chirag Vohra, Brinda Trivedi, Jay Upadhyay, Kumkum Das

 

Scam 1992: The Harshad Mehta Story

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Scam 1992: The Harshad Mehta Story