MENU

Naruto (2002 – 2007)

Naruto S01 Sinhala Subtitles

Naruto

 

 

Naruto (2007 – 2009)

මේ ලෑස්ති වෙන්නේ ලෝකයක්ම ආකර්ෂණය දිනාගත් නරුටෝ ඇනිමේ මාලාවේ Naruto Classic සීරීස් එක සිංහල උපසිරසියෙන් වර්ණවත් කරන්නයි. ඇනිමේ රසිකයෙක් නම් මග නොහැර බලපු ඇනිමේ එකක් තමා නරුටෝ කියන්නේ. ටිකක් දිග ඇනිමේ එකකට සෙට් වෙන්න බයේ ඉන්න අයට දැන් ඉඳන් නරුටෝ සිංහලෙන් බලන්න හැකියාව ලබා දීලා තියෙනවා. මේක ජපානෙ Big 3 කාණ්ඩයට අයත් වෙන ඇනිමේ මාලාවක්. Big 3 කියන්නේ  One Piece, Bleach, Naruto කියන ඇනිමේ සීරීස් ටික. ඒවා තාමත් සක්‍රීයව විකාශ වෙන ඇනිමේ.

නරුටෝ එකේ නම්  දැන් විකාශය වෙන්නේ Naruto Next Genaretion:Boruto සීරිස් එක. මේකෙ නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නේ Pierrot ස්ටූඩියෝව යටතෙයි. Bleach සහ පසු කාලෙකදි විකාශය වුනු Tokyo Ghoul, Black Clover කියන සුප්‍රසිද්ධ ඇනිමේ පවා මේ ස්ටූඩියෝව මඟිනුයි නිකුත් කරලා තියෙන්නේ.  මේ සීරීස් එක ජපානයේ TV Tokyo කියන නාලිකාවෙ විකාශය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් සතියකට එක එපිසෝඩ් එකක් වගේ තමා ඒ කාලේ රූපවාහිනියෙ විකාශනය වෙලා තියෙන්නේ. මේ එක් කථාංගයකට යෙන් 13,179,150 වියදම් කරලා තියෙනවා. ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 90,000 වගේ.
Naruto S01 Sinhala Subtitles

නරුටෝ ඇනිමේ මාලාව නිර්මාණය වෙන්නේ නරුටෝ මන්ගා සීරීස් එක ඇසුරෙන්. ඒ මන්ගා සීරීස් එක නිර්මාණය කරලා තියෙන්නේ මසාෂි කිෂිමොටෝ කියන පූජනීය කලාකරු විසින්. ලොව වැඩිම ආකර්ෂණය දිනාගත් ඇනිමේ අතර මුල් පෙලට ඇතුලත් වෙන්නත් මේකට හැකිවෙලා තියෙනවා. මේ ගැන කතා කරන අයගේ බහුතර මතයක් තමා නරුටෝ කියන්නේ.

ජීවිතයට දිරි ගැන්වීමක් නැත්තං මෝටිවේශන් එකක් කියන කතාව. තමන්ගේ ස්වරූපය, පවුල් පසුබිම, ලබා උපන් හැටි ගැන වද වෙවී සමාජ පීඩාවට හා කොන්වීමට ලක්වුනු බොහෝ දෙනෙක්ට නරුටෝ තුලින්  ජීවිතයට නව ආලෝකයක් ලබා දෙන්න හැකි වෙලා තියෙනව. නරුටො උසුමාකි කියන්නෙත් මව පියා අහිමි සමාජයෙන් කොන් වුනු දරුවෙක්. එයාගෙ එකම අරමුණ තමන්ගේ ගමේ හොකාගේ තනතුර ලබාගන්න එක. ඒක හිමිවෙන්නේ ගමේ දක්ශම නින්ජට. ඒක ලබාගන්න එක ලේසි පහසු වැඩක් නම් නෙවෙයි. ඒ වෙනුවෙන් අධිෂ්ඨානය මුල් කොට ගෙන ක්‍රියා කරන්න ඕන.

කතාව ආරම්භයට මග පෑදෙන්නේ මෙහෙමයි: එක දවසක් නයින් ටේල්ඩ් ෆොක්ස් එහෙමත් නැත්තම් වලිග නවයේ හිවලා කියන මහා බලවත්  රාක්ෂයා කොනොහගකුරේ ගමට පහර දෙනවා. මේකෙන් දිවි පරදුවට තියලා ගම බේරගන්නේ හතරවෙනි හොකාගෙ වන මිනාටෝ නමිකසේ විසින්. එයාට හිවලව මරන්න බැරි උනත් හිවලගෙ ආත්මය අරන් භාජනයකින් දැම්මා. දන්නවද මොකක්ද භාජනේ කියලා? ඒ තමයි නරුටොගෙ ශරීරය. අලුත් උපන් නරුටෝ බබාගෙ ශරීරය ඇතුලේ වලිග නවයේ සිවලගෙ ආත්මය මුද්‍රා තියන්න හතරවෙනි හොකාගෙ සමත් වුනා. එදා ඉඳන් ගොඩක් අය නරුටොව දකින්නේ ඒ හිවල් ආත්මය විදියට. ඒ ආත්මය හිතාගන්න බැරි තරම් බලවත් ආත්මයක්. නරුටො හැබැයි ඒ කිසි දෙයක් දන්නේ නෑ. එතන ඉඳන් තමයි කතාව ගලාගෙන යන්නේ.

නරුටෝ සීරිස් එකේ දැනගතයුතු කරුණු  කිහිපයක් අපි බලමු. අවශ්‍ය නම් ඒ ටිකත් කියවලා  බලන්න, නොකලා කියලා කතාව බලන්න කිසිම  බාධාවක් වෙන්නේ නෑ.

ඇනිමේ හා සම්බන්ධ ගම්මාන රාශියක් තියෙනවා. ඒ අතරින් නරුටෝ කතාව හා සම්බන්ධ ප්‍රධාන ගම්මාන කිහිපයක් පහල රූපයෙන් දක්වලා තියෙනවා,

Naruto S01 Sinhala Subtitles

ඔය අතුරින් නරුටෝ ජීවත් වෙන්නේ කොනොහගකුරේ නොහොත් කොළ ගම්මානයේ. ඉතුරු ගම්මාන ටිකත් ඉදිරියෙදි වැදගත් වෙයි. *හොකාගෙ – හොකාගේ කියන්නේ ගමේ දක්ශම නින්ජාවරයාට පිරිනමන තනතුර. ගමේ නායකයා වෙන්නෙත් ඔහුම තමා. *ජුට්සු – ගෙන් ජුට්සු, නින් ජුට්සු, තායි ජුට්සු ආදී නොයෙක් ජුට්සු කියන්නේ ප්‍රධාන ජුට්සු 3. ඒ යටතේ සෑහෙන්න ජුට්සු ගණනාවක් තියෙනව. ඒ ගැන වැඩිදුර තොරතුරු ඇනිමේ එකේ තියෙනවා.

මේ කරුණු වලට අමතරව තවත් දැනගන්න ඕන නම් මෙතනින් https://naruto.fandom.com/wiki/Narutopedia පිවිසෙන්න.

Action, Adventure, Animation

Stars : Junko Takeuchi, Maile Flanagan, Kate Higgins, Chie Nakamura, Noriaki Sugiyama, Yuri Lowenthal, Dave Wittenberg, Tony Beck

 

 

 

Season 01
Episode 01 & 02
Episode 03 & 04
Episode 05 & 06
Episode 07 & 08
Episode 09 & 10
Episode 11 & 12
Episode 13 & 14
Episode 15 & 16
Episode 17 & 18
Episode 19 & 20
Episode 21 & 22
Episode 23 & 24
Episode 25 & 26
Episode 27 & 28
Episode 29 & 30
Episode 31 & 32
Episode 33 & 34 & 35
Naruto Sinhala Subtitles