අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Heeramandi: The Diamond Bazaar

Heeramandi: The Diamond Bazaar

 

 

Heeramandi: The Diamond Bazaar

හොඳයි මිත්‍රවරුනි මේ වතාවේ මං ඔබට අරගෙන ආවේ ගිය මාසේ නිකුත් වුණු අලුත්ම හින්දි ටෙලිනාට්‍යයක්. මේක මං හින්දි නිර්මාණයකට සිංහල උපසිරැසි ගන්වන දෙවැනි අවස්ථාවයි. බොලිවුඩ් රසිකයෝ හොඳින් දන්නා හඳුනන සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ලීලා බන්සාලිගේ අලුත්ම නිර්මාණය තමයි මේ Heeramandi කියන්නේ. 2024 අප්‍රේල් 29 සිට මැයි 5 දක්වා කාලය තුළ, Netflix හි ගෝලීය වශයෙන් දෙවනියට වැඩියෙන්ම නරඹන ලද ඉංග්‍රීසි නොවන ටෙලිනාට්‍යය හීරාමණ්ඩි වුණා.

එය මිලියන 4.5ක් නැරඹූ අතර, එහි පළමු සතියේදී ප්‍රේක්ෂක ප්‍රමාණය මිලියන 33ක් සමඟින්, එය නිකුත් වූ පළමු සතියේදී වැඩිම පිරිසක් නැරඹූ ඉන්දියානු කතා මාලාවේ වාර්තාව බිඳ දමන්න සමත් වුණා. එය රටවල් 10 ක අංක එකේ ප්‍රවණතාවයට පත් වූ අතර රටවල් 43 ක වැඩියෙන්ම නැරඹූ ටෙලිනාට්‍ය දහය අතර පැවතුණා. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය, සමාජය විසින් අමතක කර දැමුණු නළඟනන්ගේ නිදහස් අරගලය වඩා විචිත්‍රවත් ලෙස විදහා දැක්වෙන මේ කතා මාලාව සමාජයේ අපවාදයට ලක් වුවද සිය රට වෙනුවෙන් නිදහස් අරගලයට පණ පෙවූ, ඉන්දියානු වීරවරියන්, වීරවරුන් ගැන කතාවක්. 

Netflix හි ප්‍රධාන විධායක නිලධාරී Ted Sarandos සමඟ 2023 සම්මුඛ සාකච්ඡාවකදී, බන්සාලි විස්තර කළේ  හීරාමණ්ඩි ඔහුගේ “විශාලතම ව්‍යාපෘතිය” වන අතර මෙම කතා මාලාව Mother India (1957), Mughal-e-Azam (1960) සහ Pakeezah (1972) චිත්‍රපට සඳහා උපහාරයක් වනු ඇති බවයි. 

Heeramandi: The Diamond Bazaar

Drama, History, Romance

Stars : Aditi Rao Hydari, Manisha Koirala, Sonakshi Sinha, Richa Chadha, Anuj Sharma, Sharmin Segal, Sanjeeda Sheikh, Taha Shah Badussha

 

Heeramandi: The Diamond Bazaar
Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Heeramandi: The Diamond Bazaar