අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Evilive

Evilive (2023) Sinhala Subtitles

Evilive

 

 

Evilive

මුලින්ම රංගනයෙන් දායක වුණු අය ගැන කතා කරොත් ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ Shin Ha- Kyung ඔයාලා Beyond Evil බලලා තියනවනම් මෙයාව අමතක වෙන්න විදියක් නෑ. ඒවගේම Kim Young- Kwang , Shin Jae-Ha වගේ දැවැන්ත චරිත මේ කතාමාලාවේ දැකගන්න පුලුවන්.
මේ සුපිරි කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Kim Jun-Min කියන අධ්‍යක්ෂකවරයා ඒවගේම තිර රචනය කරලා තියෙන්නේ Seo lee – Hee විසින්. Hospital playlist , Midnight වගේ චිත්‍රපට හා කතාමාලාත් මෙයාගේ අතින් ලියවුණු ඒවා.

Evilive Sinhala Subtitles

ඉතින් මේ සුපිරි කතාව පැත්තට ගියොත් නීතියත් එක්ක තමා කතාව ගලාගෙන යන්නේ. ප්‍රධාන චරිතය වන හන් ඩොං-සූ කියන්නේ මැදි වයසේ ඉන්න අහිංසක යුක්තිගරුක කාටවත් කරදරයක් නැති පාඩුවේ ඉන්න නීතිඥ මහත්මයෙක්. ඒත් තමන්ගේම ක්ෂේත්‍රයේ සමකාලීනයන්ගේ පෞද්ගලික පළිගැනීමක ගොදුරක් වෙන්න සිද්දවෙන මෙයාට වසර තුනකට නීති ක්ෂේත්‍රයේ තහනමකට ලක්වෙන්න වෙනවා. ඒත් ඒක්කම තමන් මෙතෙක් කල් රැස් කරපු කීර්ති නාමයන් , මුදල් , රැකියාව ඇතුළු හැමදේම අහිමිවෙලා යනවා. ඒත් ඒ වසර තුන අමාරුවෙන් ගෙවලා දාපු ඔහු තහනම ඉවත් උනාට පස්සේ තම බිරිඳ , තවමත් ආර්ථික අතින් පිළිවෙලක් නොවු එකම සහෝදරයා , ඔහුගේ සිගිති දියණිය, ඒවගේම රෝගී තත්ත්වයෙන් පෙළෙන ඔහුගේ මව නිසා ආයෙත් නීති ක්ෂේත්‍රයේ රැකියාවට යනවා ඔහුගේම සගයන්ගේ සමච්චලයට ලක්වෙමින්.

වසර තුනක තහනමකින් නැවත් ආ නිසාදෝ මෙයාට රැකියාව කරගන්න බොහෝසෙයින් අමාරුවෙනවා. මෙයා හිරගෙවල්වලට ගිහින් එහේ ඉන්න පුංචි පුංචි අපරාධකාරයොන්ගෙන් අනේ මට නඩුවක් දෙන්න කියලා හිගා නොකා හිගාකන තත්ත්වයට පත්වෙනවා.

Evilive Sinhala Subtitles

ඔහොම ඉන්නකොට තමා තම සහෝදරයාගේ මාර්ගයෙන් හිරේ ඉන්න එක සල්ලිකාර මහත්තයෙකුගේ නඩුවකට හන් ඩොං-සූට කරගහන්න සිද්දවෙන්නේ. ඉතින් වැලේ වැල් නැතුව ඉදපු මෙයා ඒ නඩුව අකමැත්තෙන් උනත් භාර ගන්නවා.ඒත් එයා කවදාවත් හිතන්නේ නැතුව ඇති මේක එයාගේ මුළු ජීවිතයම කනපිට හරවාවි කියලා.

ඉතින් මේ සල්ලිකාර මහත්තයා ලේසි පහසු පුද්ගලයෙක් නෙමෙයි එයා එම ප්‍රදේශයේ ඉන්න යුංසොං කියන මැර කල්ලියේ දෙවනියට ඉන්න කෙනා වුණු සියෝ දෝ- යන්ග්. දෛවයේ සරදමකට මෙන් ඔහු කියන කියන දේවල් සිදු කර දෙන්නත් අහිංසක හන් ඩොං-සූට සිද්දවෙනවා.

Evilive Sinhala Subtitles

ඉතින් මේ මැර නායකයා බැලු බැල්මට කඩවසම් බවින් යුක්ත උනත් අසළ සිටින පුද්ගලයන්ට මරණ බිය ගෙනදෙන්න සමත්වෙන පුද්ගලයෙක්. ඒ තරමට දරුණු පුද්ගලයෙක් වුණු ඔහුට හන් ඩොං-සූ ඔහුගේ රිසි අවශ්‍යතා ඉටු කරදෙන්නේ තම පවුලේ අයගේ ජීවිත ආරක්ෂා කරගන්න.

Action, Crime, Thriller

Stars : Choi Jung-in, Shin Ha-kyun, Kim Young-kwang, Sin Jae-ha, Song Young-chang, Gil Hae-Yeon,Bae Na-Ra

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10