අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Berserk (2016 – 2017)

Berserk (2016) Cover
Berserk

 

 

 

Berserk (2016 – 2017)

Kentaro Miura ගේ Berserk මන්ගාවේ The Golden Age Arc එකට පසුව එන මීළඟ Sequel Arc එක වෙන Conviction Arc එක ඇසුරු කරගෙන මේ Berserk (2016) ඇනිමෙ කතා මාලාව නිර්මාණය වී තිබෙනවා. IMDB දර්ශකයේ 6.7 ක අගයක් සහ MyAnimeList දර්ශකයේ 6.32 ක අගයක් ලබා ගන්න මේ කතා මාලාව සමත් වෙලා තිබෙනවා. Action, Adventure, Drama, Fantasy, Horror, Gore, Military, Seinen යන Genre වලට අයත් වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 12 ක් පුරා දිවෙන මේ කතාවේ ඇනිමේෂන් නිර්මාණ කටයුතු GEMBA සහ Millepensee යන ස්ටූඩියෝ දෙක විසින් සිද්ධ කර තිබෙනවා. ඒ වගේම කතාවේ Music දක්ෂ Music producer කෙනෙක් වගේම composer කෙනෙක් වෙන Shiro Sagisu විසින් හසුරුවලා තිබෙනවා. ඔහු Gainax ස්ටූඩියෝව සමඟ එක්ව Neon Genesis Evangelion කතා මාලාවට තම දායකත්වය සපයා තිබෙන නිසා මේ කතා මාලාවේ Music, BGM ගැන සැකයක් තියාගන්න දෙයක් නම් නෑ. Berserk (2016) හි ආරම්භක තේමා ගීතය වෙන “Inferno” ගීතය 9mm Parabellum Bullet සංගීත කණ්ඩායම perform කරද්දී, අවසාන තේමා ගීතය වෙන “Meimoku no kanata” ගීතය Nagi Yanagi ගායිකාව විසින් perform කරනවා. ඒ ගීත දෙකත් මේ කතාවට හොඳ රසයක් ලබාදෙන ගීත දෙකක් වෙනවා. ඒ වගේම කතාව අපි පෙර අත්විඳි සුපුරුදු රසයන් සමඟින් R+ Mild Nudity යටතේ Rate වී තිබෙන බවත් මතක් කරනවා.

කතාවේ ආරම්භය ගැන කියනවා නම්, මේ කතාව ඇරඹෙන්නේ ග්‍රිෆිත් තමන්ගේ සියළුම මිතුරන් බිල්ලට දී, ගට්ස්ගේ ඉදිරියේදී කැස්කාව නොමරා මරපු සිද්ධියෙන් පසුවයි. එනම් The Advent චිත්‍රපටයෙන් ගෙනා අවසානයෙන් පසුව දිග හැරෙන කතාවයි. ඒ සිදුවීමේදී ලැබුනු සළකුණ සමඟින් ජීවතුන් අතර ඉන්න දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි ගට්ස්. අනිත් කෙනා තමයි කැස්කා. ඒ සිදුවීමෙන් පස්සෙ ගට්ස් දැන් තවත් ආයුධ කිහිපයක් එක්කයි ගමන් කරන්නේ. ගට්ස්ටම අනන්‍ය වුනු ඒ කඩුව දැන් තවත් විශාලයි. ගට්ස්ගේ මරණය වෙනුවෙන් තාමත් ඒ හඬ, ආත්ම, වේදනා ගට්ස්ගේ පස්සෙන් එනවා. ඒ කරදර වලටත් මුහුණ දෙන ගමන් ගට්ස් කෙනෙක්ව හොයනවා. මේ ගමනේදී ගට්ස්ට අලුත් සහයකයන් කිහිප දෙනෙකුත් එකතු වෙනවා. ඒ ගමනේදී තමයි ගට්ස් අත්‍යවශ්‍ය අපරාධකාරයෙක් බවට නම් වෙන්නේ. ගට්ස්ව අල්ලා ගැනීම වෙනුවෙන් ශුද්ධ යකඩ දාම නයිට්වරු (The Holy Iron Chain Knights) පැමිණෙන්නේ මේ ගමන අතරෙයි. මේ නමින් ඔවුන් නම් කෙරෙන්නේ ඔවුන් ක්‍රිස්තියානි දහමට ආසන්න දහමක් අනුගමනය කරන නිසයි. ඒ වගේම ඔවුන්ගේ විශ්වාසයට අනුව කොහොමත් ගට්ස් කියන්නෙ අපරාධකාරයෙක්. ඉතින් ගට්ස්ව අල්ලගන්න මේ ශුද්ධ යකඩ දාම නයිට්වරුන්ට පුලුවන් වේවිද? තැනින් තැනට යමින් ගට්ස් හොයන කෙනා කවුද? නිමක් නැතුව ගට්ස්ගේ සෙවණල්ල පස්සේ එන ආත්ම වලට ගට්ස් මුහුණ දෙන්නේ කොහොමද? සුපුරුදු අඳුරු ෆැන්ටසිය මෙයින් ඇරඹෙනවා.

Animation, Action, Adventure, Drama, Fantasy, Horror

Stars : Allegra Clark, Hiro Shimono, Kazuyuki Okitsu, Yôko Hikasa, Toa Yukinari, Kaoru Mizuhara, Hiroaki Iwanaga

 

 

Season 01
Episode 01 & 02
Episode 03 & 04
Episode 05 & 06
Episode 07 & 08
Episode 09 & 10
Episode 11 & 12
Berserk Sinhala Subtitles