අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Berserk (1997 – 1998)

Berserk Sinhala SubtitlesBerserk

 

 

Berserk (1997 – 1998)

ඔහු 1976 වසරේදී, එනම් තමන්ට වයස අවුරුදු 10 දී තම ප්‍රථම Manga මාලාව තම පාසලේ මිතුරන් වෙනුවෙන් එළි දක්වනවා. ඔහු 1979 මධ්‍යම පාසලේ සිටියදී, ඔහු වෘත්තීය චිත්‍ර ඇඳීමේ ක්‍රම භාවිත කිරීමට පටන් ගත් විට ඔහුගේ චිත්‍ර ඇඳීමේ ශිල්පීය ක්‍රම බෙහෙවින් දියුණු වෙනවා. ඔහුගේ උසස් කලාත්මක මට්ටම හමුවේ එකළ සිටි දක්ෂ ගුරුවරුන් පවා, ඔහුට ඉගැන්වීමට ඔහු නොදන්නා කිසි දෙයක් තමන් සතුව නොමැති බව පවසා තිබුනා.

කෙසේ වෙතත් ඒ වෙන විටත් ඔහු විශාල අසිපතක් දරණ රණශූරයෙක් පිළිබඳ කතාවකට අත්පොත් තබා අවසන් වී තිබුනා. මේ නිසාම ඔහු 2002 වසරේදී 6 වන Tezuka Osamu Cultural Prizes නම් ත්‍යාග ප්‍රධානෝත්සවයේදී විශිෂ්ටතා සම්මානය දිනා ගන්නවා. 1989 වසරේදී ඇරඹි ඒ කතාව, 2021 වසරේදී ඔහු උග්‍ර හදවත් රෝගයක් හේතුවෙන් මිය යන තෙක්ම පළ වෙනවා.

එමෙන්ම මේ කතාව 2023 වන වසර වෙන විට Manga පිටපත් මිලියන 60 ක අධික ප්‍රමාණයක විකිණුම් වාර්තාවක් තබමින් Best Selling Manga Series of All time අතරින් එකක් බවට පත් වෙනවා. එමෙන්ම MyAnimeList වෙබ් අඩවියට අනුව 9.47 ක ඉතා ඉහළ Rating අගයක් ලබා ගනිමින් No.1 වන්නට සමත් වෙන්නේද ඔහු රචිත මේ Manga මාලාවයි. Kentaro Miura නම් මේ අති දක්ෂ කර්තෘ රචිත මේ Manga මාලාව Kenpū Denki Beruseruku හෙවත් Berserk නම් වෙනවා. ඉතින් මෙවර මම ඔබේ ඇනිමෙ ෆැන්ටසියට අරන් ආවේ එම අති විශිෂ්ට Masterpiece මන්ගාව ඇසුරෙන් ස්වර්ණමය ඇනිමෙ යුගයේ නිමවුනු Berserk ඇනිමෙ කතා මාලාවයි.

1997 දී Oriental Light and Magic හෙවත් OLM Studio එක විසින් Naohito Takahashi ගේ අධ්‍යක්ෂණය සමඟින් මිනිත්තු 23 ක් පුරා දිවෙන මුළු කොටස් 25 ක් ලෙසින් Berserk ඇනිමෙ කතා මාලාව නිකුත් කරනවා. මුල් Volumes 13 උපයෝගී කරගෙන මේ Berserk ඇනිමෙ කතා මාලාව නිර්මාණය කරනවා. මේ වෙන විට Volumes 42 ක් නිකුත් වී තිබුනත් එහි අවසානය සිද්ධ වෙලා නෑ. Miura ගේ අකල් මරණය හමුවේ නැවතී තිබුනු Berserk මන්ගාව දැන් වෙනත් කර්තෘවරයෙක් හමුවේ නැවත ඉදිරියට ලියවෙන බවට තොරතුරු නිකුත් වී තිබෙනවා.

Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen කියන Genre කිහිපයටම මේ Berserk ඇනිමෙ කතා මාලාව අයත් වෙනවා. R+ Mild Nudity යටතේ Rate වෙලා තියෙන මේ Berserk පළමු කතා මාලාව IMDB හි 8.7 ක ඉහළ අගයක් වගේම MyAnimeList හි 8.6 ක ඉහළ අගයක් ලබාගෙන Top Anime අතර 96 වන ස්ථානයේ මේ වෙන විට පසු වෙනවා.

Berserk Sinhala Subtitles

ඒ වගේම මේ කතාවේ Music ගැන අනිවාරෙන්ම මතක් කළ යුතුමයි. Susumu Hirasawa ගේ අපූරූ නාද රටාවන් හමුවේ මේ කතාව බොහෝ විචාරකයින්ගේ ප්‍රශංසා දිනාගන්න සමත් වෙනවා. කතාවේ ආරම්භක තේමා ගීතය වෙන “Tell Me Why” ගීතය PENPALS සංගීත කණ්ඩායම විසින් perform කරද්දී අවසාන තේමා ගීතය වෙන “Waiting So Long” ගීතය Silver Fins සංගීත කණ්ඩායම විසින් perform කරනු ලබනවා.

මේ තේමා ගීත එක්ක Susumu Hirasawa ගේ නාද රටාවන් මේ කතාව වෙනමම රසයකින් වගේම හැඟීමකින් ප්‍රේක්ෂක සිත් පුරවන බව පවසන එක අතිශයෝක්තියක් නොවන බව පැවසිය යුතුමයි. ඒ තරමට කතාවේ එක් එක් අවස්ථාවන් මේ Music එක්ක හොඳටම feel වෙන විදිහ ඔබට අත්දැකීමෙන්ම දැනගන්න පුලුවන්. මොකද මේ කතාව ඒ ඇනිමේෂන් ඒ සංගීතය එක්ක රස විඳිනවා කියල කියන්නෙ ඒක වෙනමම රසවත් අත්දැකීමක්.

Berserk Sinhala Subtitles

ඒ වගේම මේ Berserk ඇසුරෙන් මුළු කතා මාලා 4 ක් සහ චිත්‍රපට 3 ක් මේ වෙනවිට නිර්මාණය වී තිබෙනවා. ඒවා නම්,
1. Berserk (1997)
2. Berserk:The Golden Age Arc I-The Egg of the King movie (2012)
3. Berserk:The Golden Age Arc II-The Battle for Doldrey movie (2012)
4. Berserk:The Golden Age Arc III-The Advent movie (2013)
5. Berserk Season 1 (2016)
6. Berserk Season 2 (2017)
7. Berserk:The Golden Age Arc-Memorial Edition (2022)

මීට අමතරව Berserk Remake Series එකක් 2025 වසරේදී නිකුත් වෙන බවට නිවේදනය කර තිබෙනවා. මේකෙ විශේෂත්වය තමයි මේ Remake series එක fan made series එකක් වෙන එක. ඒ වගේම මේ Berserk ඇසුරු කරගෙන ප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා නිර්මාණය වෙලා තියෙනවා. Dark Souls, Elden Ring, Dragon’s Dogma, Final Fantasy සහ Devil May Cry ඉන් ප්‍රසිද්ධම කිහිපයක්. ඒ වගේම සමහර ඇනිමෙ සඳහාත් මේ Berserk හි ආභාෂයන් ලබාගෙන තියෙනවා. Sword Art Online, Goblin Slayer, Claymore සහ Devilman Crybaby ඉන් කිහිපයක් වෙනවා.

Berserk Sinhala Subtitles

මේ කතාව ඇරඹෙන්නේ එක්තරා අඳුරු යුගයක දිග හැරෙන කතාවක් විදිහටයි. මේ යුගයේ සිද්ධ වෙන්නේ එච්චර හොඳ යහපත් දේවල් නම් නෙමෙයි. දේශපාලන වගේම ශාරීරික බලය තියෙන පිරිස් ඒ බලයන් ඔස්සේ අසරණයන්ව තලා පෙලා දාන යුගයක් උදා වෙලයි තියෙන්නෙ. කොටින්ම සාමාන්‍ය මනුස්සයෙක්ට තමන්ගේ රටේ තත්වය ගැන කතා කරන්න පවා බිය විය යුතු යුගයක් උදා වෙලයි තියෙන්නෙ.

මේ යුගය උදා වුනේ “ග්‍රිෆිත්” නම් අයෙක් රජ වුනායින් පස්සෙයි කියන මතයක් හුඟ දෙනෙක්ට තිබෙනවා. එවන් කාලයක එක්තරා දවසක තමයි කළු පාටින් ඇඳගත්තු එක්තරා අභිරහස් පුද්ගලයෙක් රාජධානියට එන්නෙ. මේ පුද්ගලයා හුඟක් විශේෂ කෙනෙක්. ඒ පුද්ගලයා වෙන කිසි කෙනෙක් පාවිච්චි කරන්නෙ නැති, වෙන කිසි කෙනෙක්ට හසුරුවන්න බැරි විදිහේ සහ වෙන කිසි තැනක දකින්න ලැබෙන්නෙ නැති විදිහේ ප්‍රමාණයෙන් විශාල කඩුවක් තමන්ගෙ ප්‍රධාන ආයුධය විදිහට පාවිච්චි කරනවා.

මේ කඩුව හසුරුවන්නම වගේ ලැබුනු ශක්තියක් සහ වේගයකුත් උපතින්ම වගේ මේ පුද්ගලයාට උරුම වෙලා තිබුනා. හැබැයි මෙයා කවුද කියන එක කවුරුවත් දන්නෙත් නෑ. මේ පසුබිම උඩ රටේ එක තැනක බලයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමක් සිද්ධ වෙනවා. ඒත් ඒ සිද්ධියට විරුද්ධ වෙන්න මේ රටේ උදාවෙලා තියෙන තත්වය නිසා කිසි කෙනෙක් පුංචිම උත්සහයක්වත් ගන්නෙ නෑ. කොටින්ම වචනයක්වත් කතා නොකර කිසි දෙයක් නොදැක්කා වගේ මුනිවත රකින එකයි කරන්නෙ.

එතනදි තමයි අර අයුතු ප්‍රයෝජන ගත්තු අයගේ ජිවිතේ අවාසනාව උදා වෙන්නෙ. අර කළු ඇඳගත්තු පුද්ගලයා අතින් මේ සියළු දෙනා සාහසික විදිහට මරණයට පත් වෙද්දි, ඔහු එකම එක පණිවිඩයක් විතරක් නොමරා ඉතුරු කරපු එක්කෙනෙක් අතේ යවනවා. ඒ පණිවිඩය තමයි “කාළ අසිපත්කරුවා ආවා, ගිහින් තමුන්ගෙ ප්‍රධානියාට කියනවා…”

Berserk Sinhala Subtitles

මේ කාළ අසිපත්කරුවා ලෙසින් හඳුන්වා ගන්නා පුද්ගලයා කවුද? එයා ආවෙ ඇයි? මේ විදිහෙ පණිවිඩයක් දෙන්න හේතුව මොකක්ද? අර විදිහෙ යුගයක් ඒ රටට උදා වෙලා තියෙන්නෙ ඇයි? ග්‍රිෆිත් කියල කියන්නෙ කවුද? මේ රට පාලනය කරන්නෙ ග්‍රිෆිත් නම්, ඔහුගෙයි මේ කාළ අසිපත්කරුවා අතරෙයි යම් සම්බන්ධයක් තියෙනවද? ඔන්න ඔය විදිහට දිග හැරෙන මේ Dark Fantasy ය මෙතැන් පටන් රසවිඳින්න ආරාධනා කරනවා.

මිත්‍රත්වය, සහෝදරත්වය, ආදරය, වෛරය, ඊර්ෂ්‍යාව කියන මානව හැඟීම් එක්ක මම ඉහතදී පැහැදිලි කළාක් වගේ යුධ සටන් පුරාවට රුධිරය වැගිරෙන මායාව අධිස්වාභාවිකත්වයෙන් පිරුණු විශිෂ්ට අඳුරු ෆැන්ටසිමය කතාවක් විදිහට මේ Berserk හඳුන්වන්න පුලුවන්. කොටසක් කොටසක් පාසා ප්‍රේක්ෂකයාව උද්දාමයට භීතියට කුතුහලයට ත්‍රාසයට පත් කරන මේ Masterpiece ඇනිමෙ කතා මාලාව සැම අතින්ම රසවත් බව විඳ ගැනීම දැන් ඔබට භාරයි. ස්වර්ණමය යුගයේ බිහිවුනු තවත් එක් ඇනිමෙ කතා මාලාවක ආරම්භය මෙතනින් සනිටුහන් කරනවා.

Berserk Sinhala Subtitles

සුපුරුදු විදිහට මේ කතාවේ උපසිරැසි මාලාවත් නිර්මාණය කරල තියෙන්නේ ජපන් බසට අනුකූල වෙන විදිහටයි. ඉතින් කතාව සිංහල උපසිරැසි එක්ක japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. ඒ වගේම ඇතැන් තැන්වල ප්‍රචණ්ඩකාරී දර්ශන දෙබස් එක්ක රුධිර වැගිරවීම් වගේම නිරුවත් දර්ශනත් අඩංගු වෙනවා. ඉතින් කතාව නරඹන ගමන් මේ Masterpiece එක ගැන ඔයාගෙ අදහස පහළින් Comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් විඳගන්න මේ Dark Fantasy යේ අඳුරු අලංකාරය. මීළඟ කොටස් තුළින් හමුවෙමු.

Action, Adventure, Animation

Stars : Marc Diraison, Nobutoshi Canna, Carrie Keranen, Kevin T. Collins, Unshô Ishizuka, Carla Tassara, Jon Avner, Yûko Miyamura

 

 

 

Season 01
Episode 01 & 02
Episode 03 & 04
Episode 05 & 06
Episode 07 & 08
Episode 09 & 10
Episode 11 & 12
Episode 13 & 14
Episode 15 & 16
Episode 17 & 18
Episode 19 & 20
Episode 21 & 22
Episode 23 & 24 &E25
Berserk Sinhala Subtitles