Band of Brothers
මේ සුපිරිම සුපිරි IMDB 9.6/10 ක් ගත්තු, ස්ටීවන් ස්පිල්බර්ග් හා එහි රඟපෑ ටොම් හෑන්ක්ස් එක්ව සම නිෂ්පාදනයක් විදියට ගෙන ආපූ මේ කතාවෙන් කියවෙන්නේ දෙවන ලෝක යුද්ධයේදී යුරෝපය නාසි පාලනයෙන් මුදාගැනීම පිණිස පාබල හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි වෙරළට ගොඩ බහින්න පෙර දා රාත්‍රියේ නෝමැන්ඩි භූමියට පැරෂුට් භටයන් විදියට බැස්ස ඇමරිකානු 506 වැනි පාබල හමුදා රෙජිමේන්තුවට, 101 වැනි වාසර කොට්ඨාසයට අයත් E කණ්ඩායමේ දෙවන ලෝක යුද ක්‍රියාන්විතයයි.
දෙවෙනි ලෝක යුද්ධයේ නැගෙනහිර යුද පෙරමුණට හා සමස්ත යුද්ධයටම හැරවුම් ලකුණක් වෙච්ච ස්ටාලින්ග්‍රාඩ් සටන මෙන්ම බටහිර යුද පෙරමුණට නෝමැන්ඩි ආක්‍රමණයත් අයත් වූ Operation Overlord මෙහෙයුම ඉතාම වැදගත් එකක් වුණා. විශේෂයෙන්ම අවුරුදු ගාණක් සටන් කරලා හෙම්බත් වෙලා හිටපු බ්‍රිතාන්‍යයේ මුවදොරටම ආ පසු; එනම් ජර්මානු හමුදාව ප්‍රංශය ආක්‍රමණය කළාට පසුව ජර්මනියට තව ඉතුරුවෙලා තිබුණේ මුහුද තරණය කොට බ්‍රිතාන්‍ය අල්ලා ගැනීම පමණයි. ඇමෙරිකාවේ දායකත්වයෙන් ශක්තිමත් වීම හා ස්ටාලින්ග්‍රාඩ් පරාජය මතින් ජර්මනිය ආක්‍රමණය කිරීම සදහා මෙම මෙහෙයුම ආරම්භයක් වුණ අතර මේ මෙහෙයුම සඳහා ආසන්න වශයෙන් භටයන් 130,000 – 156,000 අතර සෙබළුන් සහභාගී වූ බව සදහන්. ඉන් බාගයක්ම ඇමරිකානු හා ඉතිරිය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් සහභාගී වූවන්. එලෙසම සිදූවූ ජීවිත හානියද අති මහත්.
ක්‍රියාදාම, ත්‍රාසජනකබව, හාස්‍ය සපිරුණු සත්‍ය සිද්ධීන් දැක්වෙන මේ චිත්‍රපටිය Saving private Ryan බලපු අයනම් අත අරින්නෙ නැති බව විශ්වාසයි. මේක නොබලන එක හරිම අපරාධයක් කියලා තමා මට කියන්න වෙන්නේ.
Stars:
Scott Grimes, Damian Lewis, Ron Livingston, Shane Taylor, Donnie Wahlberg, Peter Youngblood Hills
Genres:
Action | Drama | History
Complete Episodes |
Episode 01 |
Episode 02 |
Episode 03 |
Episode 04 |
Episode 05 |
Episode 06 |
Episode 07 |
Episode 08 |
Episode 09 |
Episode 10 |
We Stand Alone Together |
Comments are closed.