අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Ahsoka

Ahsoka S01 Sinhala Subtitles

Ahsoka

 

 

Ahsoka

හොඳයි මිත්‍රවරුනි. අද මං ඔයාලට අරගෙන ආවේ පසුගිය වසරේ නිකුත් වුණු Star Wars සිනමා සහ ටෙලිනාට්‍ය මාලාවට අයත් Star Wars: Ahsoka කතා මාලාවේ සිංහල උපසිරැසියයි. Dave Filoni විසින් නිර්මාණය කළ මේ අෂ්ඨාංගික කතා මාලාව, The Mandalorian කතා මාලාවෙන් ව්‍යුත්පන්න කෙරුණු අතුරු කතාවක් (Spin-off) ලෙසින් දිග හැරෙන අතර, The Mandalorian කතා මාලාවට සමාන්තර කාලරාමුවක දිවෙමින් Return of the Jedi (1983) සිනමපටයෙන් පසුව වුණු සිදුවීම් විවරණය කරන්නේ, ඊට සමාන්තර අතුරු කතාවන් එකිනෙක සම්බන්ධ කරමින්. Ahsoka කතා මාලාවෙන් කියැවෙන්නේ හිටපු ජෙඩායි ශිෂ්‍යාවක වන අසෝකා ටානෝ සහ ඇයගේ මිත්‍රපාර්ශවකරුවන් විසින් ගැලැක්සීය අධිරාජ්‍යයේ අවශේෂයන්ට එරෙහිව, සටනට උකටලී වන නව ජනරජයේ පාලනයට අකීකරුව යමින් සටන් කරන අන්දමයි. Rosario Dawson මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ, The Mandalorian කතා මාලාවේ ඇයගේ චරිතය ප්‍රතිනිර්මාණය කරමිනුයි. ඊට අමතරව Natasha Liu Bordizzo, Mary Elizabeth Winstead, Ray Stevenson, Ivanna Sakhno, Diana Lee Inosanto, David Tennant, Eman Esfandi, Evan Whitten, Genevieve O’Reilly, Hayden Christensen, Ariana Greenblatt, Lars Mikkelsen, සහ Anthony Daniels යන නළු නිළියන්ද රංගනයෙන් දායක වෙනවා. Ahsoka Tano චරිතය Filoni විසින් Star Wars: The Clone Wars නම් සජීවිකරණ ටෙලිවෘතාන්තයට ද යොදාගෙන තිබෙනවා.

Ahsoka මුල්වරට විකාශය කෙරුණේ 2023 අගෝස්තු 22 වැනිදා යි. ඒ එහි මුල් කතාංග දෙකයි. අනතුරුව ඔක්තෝබර් 03 වැනිදා එහි ඉතිරි කතාංග හය විකාශය කෙරුණා. මේ කතා මාලාව වැඩිම ප්‍රේක්ෂක නැරඹුම් වාර ගණනක් හිමි කරගත් අතර, සාමාන්‍ය වශයෙන් ධනාත්මක විචාර ප්‍රතිචාර වගේම සම්මානයන් ද ලබාගත්තා. Ahsoka කතා මාලාව IMDb දර්ශකයේ මනාප ඡන්ද 118,000කට අධික ප්‍රමාණයකින් 7.5/10 ක අගයක් ලබාගන්නට සමත්ව තිබෙන අතර Rotten Tomatoes වෙබ් අඩවියේ 86%ක ප්‍රතිශතයක් දිනා ගන්නට සමත් වුණා. 2024 ජනවාරි වල ලූකාස් ෆිල්ම්ස් වෙතින් නිවේදනය කෙරුණේ මේ කතා මාලාවේ දෙවැනි කතා සමයකුත් නිෂ්පාදනය වෙමින් පවතින බවයි. එය 2025දී නිකුත් වීමට නියමිත බවටයි වාර්තා වන්නේ. තරු සංග්‍රාම කතා මාලාවේ ඉදිරි වියමන් කෙසේ වනු ඇතිද කියා අපි බලා සිටිමු.

Ahsoka Season 01 Sinhala Subtitlesඅපි දැන් යොමුවෙමු Star Wars සිනමා විශ්වය වෙත. Star Wars කියන්නේ ජෝර්ජ් ලූකස් විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු අභ්‍යවකාශ වීරකාව්‍ය ඔපෙරා මාධ්‍ය සිනමා සමුහයක් වන අතර, එහි ආරම්භය 1977 දී නිකුත් වුණු Episode IV: A New Hope සුප්‍රකට සිනමපටයෙන් සිදු වුණා. නිකුත් වුණු පළමු සිනමා පටන් පසුව එහි උන්මාදය ඉක්මණින්ම ගෝලීය පොප් සංස්කෘතික සංසිද්ධියක් බවට පත් වුණා. අනතුරුව මේ සිනමා නිර්මාණ මාලාව තවත් චිත්‍රපට, ටෙලිනාට්‍ය, නවකතා, කොමික් පොත්, වීඩියෝ ක්‍රීඩා ආදී වශයෙන් විවිධාකාර මාධ්‍යයන් ඔස්සේ පුළුල්ව ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුණේ එකිනෙක හා බැඳුණු ප්‍රබන්ධ විශ්වයක් නිර්මාණය කරමිනුයි. Star Wars එදා මෙදාතුර ඉහළම ආදායම් වාර්තා තැබූ ප්‍රබන්ධ කතා මාලා වලින් එකක් වෙනවා.

Ahsoka Season 01 Sinhala Subtitles1977 නිකුත් වුණු මුල්ම සිනමාපටය, Episode IV: A New Hope නම්වුණු අතර එයින් පසු එහි අනුබන්ධයන් (Sequels) ලෙසින් Episode V: The Empire Strikes Back (1980) සහ Episode VI: Return of the Jedi (1983) යන සිනමාපට නිකුත් වුණේ Star Wars සිනමා විශ්වයේ මුල්ම චිත්‍රපට ත්‍රිත්වය නිර්මාණය කරමිනුයි. Lucas පසුව එම ප්‍රබන්ධ මාලාවට සම්බන්ධ වෙමින් පෙර නිකුත් වුණු සිනමා ත්‍රිත්වයට පූර්වබන්ධයන් ත්‍රිත්වයක් (Prequel Trilogy) ලෙසින් Episode I: The Phantom Menace (1999), Episode II: Attack of the Clones (2002), සහ Episode III: Revenge of the Sith (2005) යන චිත්‍රපට නිර්මාණය කළා.

Ahsoka Season 01 Sinhala Subtitles2012 දී, Lucas ඔහුගේ නිෂ්පාදන සමාගම ඩිස්නි වෙත විකුණා, Star Wars සිනමා විශ්වයට ඇති හිමිකම අතහැර දැමුවා. මේ සිදුවීම පෙර සඳහන් කළ පූර්වබන්ධ සිනමා ද්විත්වයට තවත් අනුබන්ධ සිනමාපට ත්‍රිත්වයක් නිර්මාණය වීමට අඩිතාලම දැමුවා. ඒවා Episode VII: The Force Awakens (2015), Episode VIII: The Last Jedi (2017), සහ Episode IX: The Rise of Skywalker (2019) යන නම් වලින් නිෂ්පාදනය කෙරුණා. මේ සිනමාපට නවය “Skywalker Saga” හෙවත් “ස්කයිවෝකර් වෘතාන්තය” ලෙසින් හැඳින්වෙන අතර ඒ සියල්ල ඇකඩමි සම්මාන වලට නිර්දේශ වී මුල් නිකුත්වීම් දෙකට ඇකඩමි සම්මාන දිනාගැනීමට ද සමත් වුණා.

Ahsoka Season 01 Sinhala Subtitlesඉන් අනතුරුවද තවත් හුදෙකලා සිනමාපට දෙකක් නිකුත් කෙරුණු අතර ඒවා Rogue One (2016) සහ Solo (2018) යන නම් වලින් නිකුත් වුණා. මේ සියලු සිනමා නිර්මාණ එකතුවේ සමස්ත ආදායම ඩොලර් බිලියන 10ක් ඉක්මවා ගොස් තිබෙන අතර, එදා මෙදාතුර ලොව තුන්වෙනියට වැඩිම ආදායම ලද සිනමා සමූහය බවට Star Wars සිනමා සමූහය පත් වී තිබෙනවා.

Star Wars මාලාවට අයත් සිනමා නිර්මාණ සහ ටෙලි වෘතාන්තයන් ඒවායේ කතාව ගලා යාමේ අනුපිළිවෙලින් (chronological order) පෙළ ගැසුවොත් එන්නේ පහත දැක්වෙන ආකාරයටයි. ඒවායින් චිත්‍රපට දම් පැහැයෙනුත් ටෙලිවෘතාන්ත කොළ පැහැයෙනුත් දක්වා තිබෙන්නේ හඳුනා ගැනීමේ පහසුව තකායි.

    • Star Wars: Young Jedi Adventures (2023)
    • Star Wars: Episode 1 – The Phantom Menace (1999)
    • Star Wars: Episode 2 – Attack of the Clones (2002)
    • Star Wars: The Clone Wars (2008)
    • Star Wars: The Clone Wars (2003-2005)
    • Star Wars: Episode 3 – Revenge of the Sith (2005)
    • Star Wars: The Bad Batch (2021-2024)
    • Solo: A Star Wars Story (2018)
    • Obi-Wan Kenobi (2022)
    • Star Wars: Rebels (2014-2018)
    • Andor (2022)
    • Rogue One: A Star Wars Story (2016)
    • Star Wars: Episode 4 – A New Hope (1977)
    • Star Wars: Episode 5 – The Empire Strikes Back (1980)
    • Star Wars: Episode 6 – Return of the Jedi (1983)
    • The Mandalorian, season 1 and 2 (2019-2020)
    • The Book of Boba Fett, season 1 (2021)
    • The Mandalorian, season 3 (2023)
    • Ahsoka (2023)
    • Star Wars: Resistance, season 1 (2018)
    • Star Wars: Episode 7 – The Force Awakens (2015)
    • Star Wars: Episode 8 – The Last Jedi (2017)
    • Star Wars: Resistance, season 2 (2019)
    • Star Wars: Episode 9 – The Rise of Skywalker (2019)
    • Star Wars: Visions (2021-2023)

Action, Adventure, Drama, Sci-Fi, Fantasy

Stars : Rosario Dawson, David Tennant, Natasha Liu Bordizzo, Mary Elizabeth Winstead, Ray Stevenson, Ivanna Sakhno, Diana Lee Inosanto

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08