අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

A Killer Paradox (2024 – )

A Killer Paradox Season 01 Sinhala Subtitles

A Killer Paradox

 

 

A Killer Paradox

මේකට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නෙ Lee chang- hee කියන අධ්‍යක්ෂකතුමා.තිර පිටපත් රචනාවෙන් දායක වෙලා තියෙන්නෙ Kim Da-Min කියන රචකයා. ප්‍රධාන චරිතයන් ගැන කතා කරොත් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Choi woo-shik. ඔයාලා Rooftop Prince , Parasite , The witch යන චිත්‍රපට හා කතාමාලා නරඹලා තියනවනම් මෙයාව නොදැන ඉන්න විදියක් නෑ. ඒවගේම Son suk- Ku වගේ දැවැන්ත චරිතත් මේකේ ඉන්නවා. The Roundup , D.P වගේ චිත්‍රපට හා කාතාමාලාවලත් මොහුව දැකගන්න පුලුවන්.

ඉතින් මේ සුපිරි කතාමාලාව පැත්තට ගියොත් ප්‍රධාන චරිතය වන Choi woo-Shik විසින් මෙහි ලී ටැන්ග් කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යාව නිරූපණය කරනවා. ලී ටැන්ග් කියන්නේ අධ්‍යාපනයද කරන ගමන් පාට් ටයිම් ජොබ් එකක් කරලා තම ජීවිතය ගොඩ දාගන්න උත්සහ කරන සාමාන්‍ය තරුණයෙක්. ඉතින් මේ තරුණයගේ එකම අභිප්‍රාය වෙන්නේ සල්ලි ටිකක් හොයාගෙන කැනඩාවට යන එක.එයා ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වෙනවා.ඒත් ඉතින් එක මූසල රාත්‍රියක තමා දුටු ඒ සිහින ඔක්කොම කණපිට පෙරලිලා එයාගේ මුළු ජීවිතේම වෙන අතකට හැරෙනවා.

මොකද්ද ඒ? ඒ තමයි දාම ඝාතකයෙක් වෙන්න වෙන එක. එකපාරට කොහොමද මේ සාමාන්‍ය තරුණයා දාම ඝාතකයෙක් බවට පත් වෙන්නේ. ඒත් මෙයා නිකම්ම නිකන් Serial Killer කෙනෙක් නෙමෙයි සමහරුන්ට අනුව වීරයෙක්.

මොකක්? දාම ඝාතකයෙක් කොහොමද වීරයෙක් වෙන්නේ. ඒක තමා ඉතින් කතාව ඒ කොහොමද? ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මේ කතාමාලාව නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි මෙයාව අල්ලගන්න දත කාගෙන බලන් ඉන්න එක රහස් පරීක්ෂකතුමෙකුත් මේකේ ඉන්නවා. එයාට ලී ටැන්ග්ව අල්ලගන්න පුලුවන් වෙයිද කියලත් එහෙනන් බලන්නකෝ.

Crime, Comedy, Sriel Killer, Thriller

Stars : Choi Woo-sik, Son Suk-ku, Lee Hee-joon, Aria Song, Ren Hanami, Halley Kim, Hao Feng, Hyun Bong-sik, Andrew Lee, Kim Geum-soon, Nam Jin-bok, Jang Sun, Han Sang-kyung, Jo Seok-hyeon, Joon Hyeon-sook

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08