Dynasties (2018-)
Production company(s) : BBC Natural History Unit, BBC Studios, BBC America, France Télévisions, Tencent Penguin Pictures, CCTV-9
Narrated by : Sir David Attenborough
Genres : Nature documentary
[box]
“ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, ඒත් වඳවීයාමේ තර්ජනයට දැඩිව මුහුණපා ඇති රාජ වංශ පහක්. චිම්පන්සි, එම්පරර් පෙන්ගුවින්, අප්‍රිකානු සිංහ, අප්‍රිකානු කැලෑ බල්ලා නොහොත් පේන්ටඩ් වුල්ෆ් ( Painted Wolf ) සහ ව්‍යාඝ්‍රයා කියන සත්ව වංශ පහ පිළිබඳව බොහෝවිට ඔබ කෙදිනකවත් දැක නොමැති අසා නොමැති දර්ශන සහ කරුණු කාරණාවන් රැසක් ඔබට මෙමගින් දැක බලාගන්නත්, අලුතෙන් තමන්ගේ දැනුමට කරුණු රැසක් එකතු කරගන්නත් විතරක් නෙමේ අලුත් විදියකට ලෝකය දැකල අපි අවට ඉන්න සත්තු ගැන හිතන්නත්, අපිට විතරක් නෙමේ මේ ලෝකය ඔවුන්ටත් හිමි බව වටහාගන්නත් නැවුම් දොරටුවක් මෙමගින් ඔබ සියලු දෙනාටම විවර කරගන්න ඉඩ හසර ලැබේවි. එමගින් ඔවුන්ගේ රාජ වංශය අපේ උපදින්න ඉන්න මතු පරපුරටත් මේ අසිරිමත් ලෝකයේ අසිරිමත් සත්ව-වංශිකයින්ව තමන්ගේ පියවි දෑසින්ම දැක බලාගන්නත් ඉඩ හසර ලැබේවි. 😀
[/box]
Season 01 |
Episode 01 |
Episode 02 |
Episode 03 |
Episode 04 |
Episode 05 |