True Detective [S01 : E07] | කැළලක් ඇති මිනිහා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ True Detective කතා මාලාවේ 7 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඉක්මනින් ම ඔයාලට ගෙනාවා. මේ කතා මාලාවේ අවසන් කොටස හෙවත් 8 වෙනි කොටසෙත් බාගෙකට විතර මේ වෙන කොට උප සිරැසි ගන්වලා අවසන්. ඒකත් ඉතා ඉක්මනින් ඔයාලා අතට පත් වේවි.
ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ.. බිලී ලී ටට්ල් නැමති පුද්ගලයාගෙන් ප්‍රශ්ණ කිරීම හේතුවෙන් රස්ට් ව වැඩ තහනමකට ලක් වෙනවා. ඒ වගේම මාටි ගෙ බිරිඳ විසින් රස්ට් සමග ඇති කරගන්න සම්බන්ධතාවය ගැන ඇය විසින්ම හෙළි කිරීම නිසා රස්ට් සහ මාටි අතර ගැටුමක් ඇති වෙනවා. ඒ හේතුවෙන් රස්ට් රැකියාවෙන් ඉල්ලා අස් වෙනවා. අවසානයේදී වසර ගණනාවකට පස්සේ නැවතත් රස්ට් ගෙ ආරාධනය මත මාටි ඔහු සමග ඇති තරහ ඉවතලා අත්‍යාවශ්‍ය කරුණක් සම්බන්ධයෙන් කතා කිරීමට එකඟ වෙනවා.
මෙවර කොටස පටන් ගන්නේ මෙරී ෆොන්ටෙනට්, ඩෝරා ලෑන්ග් වැනි මියගිය ගෑනු ළමයි ගැන යට ගිය සිද්ධීන් ගැන රස්ට් විසින් සිදු කරන නැවත සෙවීමේ ක්‍රියාවලියට මාටි විසින් තම සහය ලබා දීමට කැමැත්ත පල කිරීමෙන්. වසර ගණනාවකට පසු පරණ මිතුරන් දෙදෙනා විසින් නැවතත් ඔවුන් අතීතයේ කටයුතු කල සිද්ධියේ අවසානයක් දකින්න බලාපොරොත්තුවෙන් පසු වෙනවා. ඔයාලට මතක ඇති රස්ට් හා මාටි විසින් යම් යම් පුද්ගලයන්ගෙන් කල ප්‍රශ්ණ කිරීම් වලදී මුහුණේ යට කොටසක් ඇති පුද්ගලයෙක් ගැන එක එක අය එක එක කතා කිව්වා… මෙවර කොටසේ අපේ රහස් පරීක්ෂකවරු දෙදෙනාගේ උත්සාහය වන්නේ මේ කැළලක් සහිත පුද්ගලයා කවුද කියලා සොයා ගැනීමයි
ඉතින් යාළුවනේ.. ඇයි රස්ට් විසින් පරණ සිද්ධිය නැවතත් විමර්ෂණය කරන්න පටන් ගන්නේ? රස්ට් ගෙ විමර්ෂණයට සහය දීමට මාටි එකඟ වෙන්නේ මොන හේතුවක් නිසා ද? කවුද මේ කැළලක් සහිත පුද්ගලයා? ළමයින්ගේ අතුරුදහන් වීම් වලට සහ මෙරී ෆොන්ටෙනට් වැනි ගැහැනු ළමයින්ගේ මරණ වලට මෙම පුද්ගලයා සම්බන්ධ වෙන්නෙ කොහොමද? අපේ රහස් පරීක්ෂකවරුන් දෙපලට මේ කැළලක් සහිත මිනිහා ගැන හොයා ගන්න ලැබේවිද?
SInhala Subtitles
-- Count 7472 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ………………..good luck ………………
thanks bro!
thanks bro..
උපසිරැසියට බොහොම ස්තූතියි දිනිඳු සහෝ
thanks machoo sinhala sub wallata
එලස්
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. අන්තිම කොටසත් එහෙනම් ඉක්මනට ලැබෙයි කියලා හිතනවා. ජය෴෴ 😛 😛
thanks
ස්තූතියි ඔන්න එහෙනම් සබ් එක ගත්තා
mata meke hora mokada balanna tiyenne puduma asawak patta interest katawak meka ela sub denawata
අම්මටසිරි, සබ් එක කලින්ම දුන්නට මොකෝ මම බැලුවේ නැහැ..
සයිට් එකේ දෙනකම්ම උන්නා…
දැන් බලනවා හිටු කියලා..
ගිය කොටහේ වලියනම් ආයේ කියලම වැඩක් නැ..
මෙන්න බලනවනම් තවත් කතාවක්…
කොහෙද..අපේ උන්ට මහා ගොන් රසවින්දනයක් නොවැ තියෙන්නේ, උඩ දාගේන දෙමල තෙලිඟු එව්වා බලන්න තරම්..
හැබැයි ඒ ඩයල් වලට මෙව්වා බැලුවත් තේරුම් ගන්න බැරි වෙයි..ඒ නිසා එව්වම බලන එක හොදා..
ඔන්න එහෙනම් සබ ආයෙත් ගත්තා හොඳේ…
ජය වේවා..
අනික් කොටහත් ඉක්මනට දුන්නා නම්…
හි හී… කමක් නෑ ඉතින්.. ටික දෙනෙක් හරි මේක බලනවනෙ ආසිරියෝ..
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ගොඩක් ස්තුතියි සහෝ මේක ඉවර වෙලා පුළුවන් නම් අර හැනිබල් ටීවී සිරිස් එකට සබ් දෙන්නකෝ 🙁 එකේ දැන් කොටස් ගොඩක් ගිහින්නේ
හැනිබල් එකට තමයි මචං ඊලඟට සබ් දාන්න ඉන්නේ.. ඒකත් ඉක්මනට දෙන්න බලන්නම්.
Niyamai Dinidu Sahoo……
Digatama demu….
Math oka illa hitiya..
Thankzz agin True Detective Sub walata.. 🙂 🙂
Niyami Niyami Saho. Thankzz Sub tika complete kranwata….
Mama meka thama ballnna gathe na.. Habai aniwaryen balanwa.
Wadiya kattiya nobaluwata Imdb lakunu ganen meka Supiri kiyla therenwa….
Meken passe thwa supiri TV ekakta Sub gemu Sahoo… 😉 😉
Obata Jaya !!!!
ela ela saho jaya wewa
fatta
niyamai onna mama bawa suba patum.