Training Day (2001) With Sinhala Subtitles| තිත්ත ඇත්ත. [සිංහල උපසිරසි සමඟ]
ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ (LAPD) රාජකාරියට තරුණයෙකු යන මුල්ම දවසක්. එහෙව් දවසකම ප්‍රබල LAPD පරික්ෂකවරයෙක් ඔහුට ලබා දීමට යන පැය 24 ක ප්‍රායෝගික පුහුණුවක්. මෙවන් දෙයක් කරන්නේ කුමකටද? මේ තරුණයාම ඊට තෝරා ගත්තේ ඇයි? එහි අවසානය කෙබඳු වේවිද? මේ සුපිරි සලරුවේ ඇති සිද්ධි දාමයේ මේවා ලස්සනට දිග හැරලා තියෙනවා. ඒ නිසා මේක බලන්නම වටිනවා. කතාව අපූරුවට ගොතලයි තියෙන්නේ. IMBb දර්ශකයේ 289,750 කගේ ප්‍රේක්ෂක ඡන්දවලින් 7.7/10 ක අගයක් ලබපු Crime Thriller වර්ගයේ සුපිරිම චිත්‍රපටයක්. අයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. Denzel Washington තමා වැඩේට බැහැලා ඉන්නේ. මේ වැඩේ නම් මිනිහා නැවැත්තුවේ 2002 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට දෙන සම්මානයත් ඇරගෙනයි. ෆිලුමත් බැලුව එකේ සිංහල සබ් එක නොදී ඉන්නේ කොහොමද. වැඩ පිට වැඩ තියෙද්දිත් Training Day එකට අත ගැහුවෙත් ඒ නිසයි. ඔන්න දැන් කට්ටියටම තියෙන්නේ බාගෙන බලන එකයි.
මාත් බයිස්කෝප් එකට මේ ආවේ මාස හතරකට විතර පස්සෙයි. කාර්යබහුලකම කියන වචනේ මාවත් හොයන් ආවා. ලැබුණ වෙලාවක ෆිලුම් දෙක තුනක් එහෙමත් බැලුවා. ඒවයේ සබ් බාගන්න බයිස්කෝප් එකටත් ආවා. ඒත් කට්ටියටම සබ් එකක් ගේන්න මට වෙලාවක් හදාගන්න බැරිවුණා. ඉඳලා ඉඳලා තමයි මෙන්න සබ් එකක් ගෙනාවේ. ඉතින් මේ සබ් එකට ඉඩ ලබා දුන් රොයිලි සහෝට නැවත නැවතත් ස්තූතියි. ෆිලුම ගැන නම් වැඩිය මං මුකුත් කියන්න යන්නෑ. කුතුහලයෙන් බලනකොටයි ෆිලුම රසවත් වෙන්නේ. හැබැයි මේක බැලුවම අපිට ගොඩක් දේවල් හිතන්න තියෙන බව නම් කියන්න ඕනි. බලාත්මක නීතිය මහජන ආරක්ෂාවට සැබැවින්ම රුකුල් දෙනවද? මේක තමයි Training Day චිත්‍රපටයේ පැය විසි හතරේ සිද්ධිය පුරා දෝංකාර දෙන පැණය. එක්සත් ජනපදයේ නුදුටු පැත්තක් වෙත මෙය ඔබව රැගෙන යනවා නොඅනුමානයි.
මට කියන්න දෙයක් අමතක වුණා. Denzel Washington කියද්දියි මතක් වුණේ. මේකේ සහාය නළුවට ඉන්නේ හොලිවුඩ්වල තවත් වැඩකාරයෙක් වන Ethan Hawke (Brooklyn’s Finest, Sinister, Total Recall, Gattaca). මිනිහත් මේකේ නැවතුණේ 2002 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවන් පස් දෙනා අතරට නිර්දේශ වෙලයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Antoine Fuqua (Shooter, Tear of The Sun, Olympus Has Fallen, The Equalizer) විසින්. Denzel Washington LAPD පරික්ෂකවරයාගේ චරිතයත්, Ethan Hawke ආධුනික පොලිස් නිළධාරියාගේ චරිතයත් කරගෙන යනවා.
එහෙනම් කට්ටියම ෆිලුම බලන්නකෝ. මං ආයෙත් එනවා. පුළුවන් තරම් ඉක්මණට සුපිරි ෆිලුමක් ඇරන් එනවා. බැරිවුණොත් පහුවෙලා හරි සබ් එකක් ඇරන් එනවා. ඔයාලගේ අදහස් මේ පිටුවේ තියලා යන්න අමතක කරන්න එපා. මට ඔයාලගේ කොමෙන්ටුව තමයි වටින්නෙම. එහෙනම් හැමෝටම ජය වේවා !!!
[button link=”https://goo.gl/Ib1ogj” type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p BRrip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/jKIadP” type=”icon” “center” newwindow=”yes”] 1.6 GB (1080p BRrip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7283 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් වැඩ නෑ
Thx machooo
ස්තුතියි උපසිරැසියට තෙලා සහෝ♥️
thanks for the sub
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
සුපිරියක් වෙන්න ඕන.පරන එකක් වුනාට සෙට් වෙන්නේ අද.මේ බාන ගමන්.සබට තුති!! ඔබට ජය!!
උපසිරිසියට බොහොම ස්තුති
Sub ekata thanks bn
Thank saho supiri mek nm.sab eka ගින්දර
thnks boss
thanks bro…
Good Movie. thanks!
සුපිරි සලරුවක්නේ මචං. ගොඩක් පිං. දිගටටම සබ් දෙන්න සහෝ, ජය වේවා!
baiscope ayyalata puluwannam Me Dana Film wala Adu Quality Thiyena Torrent Link Dennako Plz Loku Deyak
thanks
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියී…………ඉදිරියටම යමූ
thank you so much bro………………….
Thank you Very Much Viraj
Good Luck
thanks lot
ela saho api oyath akki hamadama…….
නියමයි මචෝ…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි නියමයි සහෝ
සුපිරි වැඩක්
සුපිරි ෆිලුමක් කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ela saho……..
බාලා තිබ්බෙ මචන් එලම ලොක ප්‍රසිද්ද ෆිල්ම් එකක් නෙහ් මෙක තැන්ක්ස්
thanks bro
Rudramadevi.2015 sab denna.
tnx