MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඉංග්‍රීසිඉතිහාසමයඑළචරිතාපදානචිත්‍රපටිනාට්‍යමයපවුලේ සැමටරොෂාන් ශමීර ජයසිංහවාර්තාමයසිංහල උපසිරැසි

The World’s Fastest Indian (2005) Sinhala Subtitles | ගොඩබිම තැබූ වේගවත්ම වාර්ථාව.. [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 9 votes.
Please wait...

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් අඩවියේ හැමෝටම..

ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් ලස්සන ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ඇත්තටම මම මේ සබ් එක තෝරගත්තේ මගේ 26 වෙනි එකට. ඒත් සබ් හදන්න ගත්ත දවසේ ඉඳලා තිබුණ ආසාවක් ඉෂ්ට කරගන්න පුළුවන් වුනා. ඒ නිසා PonMagal Vandal මගේ 26 වෙනි සබ් එක විදිහට ආවා. ඊටත් පස්සේ මේ අවුරුද්දේ නිකුත් වුන චිත්‍රපටි දෙකකට සබ් හැදුවා. එකක් සොහාන් සහෝදරයාගේ ඉල්ලීමකට. ඒ නිසා මේ චිත්‍රපටය ටිකක් පස්සට ගියා.

හර්බට් ජේම්ස් මුන්රෝ (Herbert James Munro) කවුරුත් හඳුනන්නේ බර්ට් මුන්රෝ නමින්. 1899 දී උපත ලද ඔහුගේ පියා ගොවියෙක්වූ විලියම් මුන්රෝ වන අතර මව ලිලී ඇග්නස් රොබින්සන්ය. පළමුවන ලෝක යුද්ධය අවසන් වන තුරුම මුන්රෝ පවුල ගොවිපලේම රැඳී සිට ඇත. ඉන් පසු මුන්රෝ, ඔටීරා උමගේ ඉදිකිරීම්කරුවෙක් ලෙස රැකියාවට යනවා. ඒ යන්නේ තම පියා සමඟ අලුත් ගොවිපලක් මිලදී ගැනීමේ සිහිනයත් සමගයි. මේ අතරතුර ඔහු වෘත්තීය වේගවත් ධාවකයකු බවට පත්වෙනවා. 1930 වසර වලදී එක්සත් ජනපදයෙන් ආරම්භ වූ දරුණු ආර්ථික අවපාතයත් සමග මුන්රෝ නැවතත් ඔහුගේ පවුලේ ගොවිපල වෙත යනවා. ඉන්පසු කාර්මිකයෙක් හා යතුරුපැදි අලෙවිකරුවෙක් ලෙස රැකියාවක් සොයාගත් ඔහු යතුරු පැදි ධාවනයෙන් ඉහළට ඇවිත් නවසිලන්ත යතුරුපැදි දර්ශකයේ ඉහළටම එනවා.

(1967 දී බර්ට් මුන්රෝ සිය වාර්තාව තැබීමට භාවිතා කළ 1920 ඉන්දියානු (පිටතින් අඩක් ඉවත් කර) අනුරුවක්)

  • 1962 දී ඔහු 883cc පන්තියෙන් පැ.කි. 288ක වාර්ථාවක් තියනවා.
  • 1966 දී 1000cc පන්තියෙන් පැ.කි. 270.476ක වාර්ථාවක් තියනවා.
  • 1967 දී 1000cc පන්තියෙන් පැ.කි. 295.453 ක වාර්ථාවක් තබන අතර සුදුසුකම් ලැබීම සඳහා ඔහු පැ.කි. 305.89ක වේගයෙන් ධාවනය කර ඇත. එය මෙතෙක් වාර්ථා වූ වේගවත්ම වේගයයි. පියාසර සැතපුමක් සඳහා නිල නොවන වේග වාර්ථාව පැ.කි. 331 කි.
  • 2006 දී ඔහුව AMA යතුරු පැදි ප්‍රසිද්ධ කෞතුකාගාරයට ඇතුලත් කර ඇත.
    ඔහුගේ මරණයෙන් වසර 36කට පසු 2014 දී ඔහුගේ පුත් ජෝන්, ඒ වන විට AMA ගණනය කිරීමේ දෝෂයක් දැක,
  • 1967 දී තැබූ වාර්ථාව පැ.කි. 296.2593 ලෙස අළුත් කර වාර්ථාව නිවැරදි කර ඇත.


(මුන්රෝගේ ඉන්දියන් යතුරු පැදිය ඉන්වර්කාර්ගිල් හි ප්‍රදර්ශනය තබා ඇත)

2005 වසරේ තිරගත වුන The World’s Fastest Indian චිත්‍රපටයේ මාතෘකාව වී ඇත්තේ ඔහුගේ බොන්විල් වේග ධාවනයයි. මෙය ඓතිහාසික සිදුවීම් මත පදනම්ව නිර්මාණය කලත් මෙහි එන ඇතැම් සිදුවීම් සහ චරිත නම් වෙනස් කර ඇත. චිත්‍රපටයේ තිර රචනය හා අධ්‍යක්ෂණය Roger Donaldson විසිනි. Anthony Hopkins, Diane Ladd, Jessica Cauffiel සහ Christopher Lawford ඇතුළු නළු නිලියන් රැසක් චිත්‍රපටයට දායක වී ඇත. 2005 දෙසැම්බර් 07 වන දා නවසිලන්තයේදී තිරගත වූ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 18.3 ක් උපයා ඇත. විනාඩි 127ක ධාවන කාලයක් ඇති The World’s Fastest Indian චිත්‍රපටය සඳහා 7.8ක IMDb අගයක් සහ 82%ක Rotten Tomatoes අගයක් ලැබී ඇත.

එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් දවසක ඔයාල හමුවෙන්න එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා..

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1129 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

7 thoughts on “The World’s Fastest Indian (2005) Sinhala Subtitles | ගොඩබිම තැබූ වේගවත්ම වාර්ථාව.. [සිංහල උපසිරසි]

  • Malith Samarawickrama

    Thanks so much sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Little Joe (2019)
    The King of Staten Island (2020)
    The Lovebirds (2020)
    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *