The Timber (2015) with Sinhala Subtitles | පියා සොයා ගිය සොහොයුරෝ [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ටික දවසකට පස්සෙ මගේ තුන්වෙනි උපසිරසිය ඔයාලට අරගෙන ආවා. මේ වතාවේ තෝරගත්තේ 2015 වසරේ තිරගතවුණු Adventure ගණයට වැටෙන සලරුවක්. මට මේ ෆිල්ම් එකට උපසිරසි කරන්න බාරදුන්නු හසන්ත වික්‍රමරත්න අයියවත් මතක් කරන්නම ඕන. අසාවෙන් බාරගත්තට මේ ෆිල්ම් එකේ සමහර තැන් වල තියන දෙබස් සිංහලට පරිවර්තනය කරන එක ටිකක් අමාරු වැඩක්… ඒත් කොහොම කොහොම හරි අමාරුවෙන් වුනත් දෙබස් ගළපලා සබ් එක ඉවර කළා… ඉතින් ෆිල්ම් එක බලද්දි පොඩිහරි අඩුපාඩුවක් තිබුණොත් ඒකට සමාව ඉල්ලනවා.
ෆිල්ම් එක ගැන කියනවනම් මේ ෆිල්ම් එක 2015 වසරේ පෙබරවාරි 27 තමයි තිරගත වීම ආරම්භ කළ ඇමෙරිකානු චිත්‍රපටයක්. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Anthony O’Brien විසින්. ෆිල්ම් එකේ දෙබස් නිර්මාණය කරල තියෙන්නෙ Steve Allrich,Anthony O’Brien,Colin Ossiander කියන කට්ටිය එකතුවෙලා. Tim Borquez විසින් මේ ෆිල්ම් එකේ සංගීතය නිර්මාණය කරල තියනවා. එතකොට මේ ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නෙ ANA Media සමාගම මඟින්. ඉතින් කොහොමහරි මේ සලරුවට 5.5 ක හොඳ මට්ටමේ Imdb අගයකුත් ලැබිල තියනවා.
ඉතින් කතාව පැත්තට හැරුනොත් මිනිත්තු අසූ එකක් පුරාවට ගලායන මේ කතාව ගෙතෙන්නෙ පොඩි කාලයේදීම තමන්ව දාලා ගිය තාත්තව හොයන්න යන තරුණ සහෝදරයන් දෙන්නෙක් ගැන. මේ සහෝදරයන්ගෙ නම් තමා වයට් සහ සැමුවෙල්. මේ දෙන්නගෙ තාත්තා ඒ කිව්වෙ “ජෙබඩායි සීග්‍රෙව්” කියන්නෙත් ලේසි පහසු හාදයෙක් නම් නෙවේ. මෙයා දරුපවුල අතහැරල පැනල යන්නෙ මිනීමැරුමකට සැකකරයෙක් වුණ හින්දයි. ඉතින් මේ සහෝලා තාත්තව හොයන්න යන්නේ අරමුණු දෙකක් හිතේ තියාගෙන. වයට් යන්නෙ තාත්තව මරන්න… සැමුවෙල් යන්නෙ තාත්තව ආපහු එක්ක එන්න… ඉතින් මේ දෙන්න යන ගමනෙදි එක එක සිදුවීම් වලට මුහුණදෙන්න මේ සහෝලාට සිද්ධ වෙනවා. කොහොම කොහොම හරි අන්තිමේදි මේ දෙන්නට තමන් ඉඳපු ගෙදරත් නැතිවෙන්න යනවා. පොඩිකාලෙදි දැක්කට පස්සෙ නොදැකපු තාත්තව මරන්න වයට් යන්නෙ ඇයි… සැමුවෙල්ට තාත්තව ආපහු එක්ක එන්න පුළුවන් වෙයිද… ජෙබඩායි ඇත්තටම පැනල ගියේ ඇයි… මේගොල්ලන්ට තමන්ගෙ ගෙදර බේරගන්න පුළුවන්වෙයිද… ඉතින් මේ දේවල් දැනගන්න කතාව බලලම ඉන්නකෝ…
Due to copyright issues, we do not provide any torrent link.
The.Timber.2015.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1982 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/IsuruSampath1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for sub!
Thank you bro sub ekata..
Jaya wewa!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ ..දිගටම සබ් දෙමු ..නියම වැඩක්
meke Torrent 1 hoyala dennako
උපසිරැසියට ගොඩාක් ස්තූතියි.ජයෙන් ජය
Torrent 1 ewannako
[email protected]
ela saho
සබට තුති
ඔබට ජය
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
elama thanks
Machnla ara torent dunna boscope move kiyna site eka dan nadda.google serch karata hoyagnna ba bn.torent hoygnna gdk amarui.plz.danna ekkewath innawanm coment ekak danwada.eka hari meken dena fillm downlod karagnna puliwan site ekak hari dannwnm kiynawada.plzzz
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
නියමයි සහෝ. තව එකක් ඉක්මනට ඔ්නේ…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
thanks bro meka patta film 1k..thanks again…