MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්එළක්‍රියාදාමචිත්‍රපටිදිනිඳු සම්පත්නාට්‍යමයසිංහල උපසිරැසි

The Sweeney (2012) | බල ඇණිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

The Sweeney 2012[box]ඔන්න යාළුවනේ සෑහෙන්න දවසකින් තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා.. මගේ 50 වෙනි චිත්‍රපටියට සුභපැතුම් එක් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන් 51 වෙනි උපසිරැසිය ගේන්නෙත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියකට කියලත් කියන්නම ඕන. වෙන චිත්‍රපටි වලට වඩා මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි දාන එක එක්තරා විදිහක අභියෝගයක් උනා. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටියේ ඉංග්‍රීසි ව්‍යවාහාරය අමුතුම ආකාරයේ එකක් වීම. ඒ කියන්නේ ඔය අපේ විශ්වවිද්‍යාල වල තියෙන අමුතු භාෂාව වගේ භාෂා විලාශයකින් තමයි මේ චිත්‍රපටියේ දෙබස් බොහෝමයක් තියෙන්නේ. අන්තර්ජාලයෙන් තේරුම හොය හොයා දාන්න උන නිසා හිතුවට වඩා කාලයක් ගත උනා මේ චිත්‍රපටියට උපසිරැසි දාලා ඉවර කරන්න. මේ චිත්‍රපටියේ අපි දන්න කියන නළු නිලියන් දෙතුන්දෙනෙක්ම ඉන්නවා. ඉස්සර අපි ආසාවෙන් බලපු රොබින් හුඩ් කතා මාලාවේ විල් ස්කාලට්ගෙ චරිතය රඟ පෑ Ray Winstone තමයි මේකෙ ප්‍රධාන චරිතය වන ජැක් රේගන්ගේ චරිතය රඟ දක්වන්නේ. ඒ වගේම Homeland රූපවාහිණී කතා මාලාවේ සාජන්ට් බ්‍රෝඩිගෙ චරිතය රඟ දක්වන Damian Lewis සහ Harry Brown (2009) චිත්‍රපටියේ රඟපෑ Ben Drew නැමති සුපිරි නලුවාත් මෙහි රංගනයෙන් දායක වෙනවා. IMDb දර්ශකයේ 6.1/10ක ඇගයීමක් ලබාගෙන තියෙන මේ සුපිරි චිත්‍රපටිය සම්මාන දෙකකටත් නාම යෝජනා ලබපු චිත්‍රපටියක් කියලත් නොකියා බැහැ. බ්‍රිතාන්‍ය පවුම් මිලියන 3ක වියදමින් නිපදවලා තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 338 වෙනි තැනට තියෙන සුපිරි ගණයේ චිත්‍රපටියක්.

කතාව පටන් ගන්නේ සන්නද්ධ මංකොල්ල කණ්ඩායමක් රත්තරං වගයක් හොරා ගන්න වෙලාවක පොලිසියේ විශේෂ බලඇණියක් මෙතනට කඩා වැදිලා ඒ මංකොල්ල කණ්ඩායම මැඩ පවත්වන සිද්ධියකින්. මේ බලඇණියේ ලොක්කා තමයි ජැක් රේගන් කියන්නේ. ඒ වගේම මේ මංකොල්ලය පිළිබඳව ඔත්තුව දෙන්නේ රේගන්ගෙ මිත්‍රයෙක් වන හැරී කියන වයසක පුද්ගලයෙක්. ඒ ඔත්තුව වෙනුවෙන් හැරීගෙ ගාස්තුව තමයි එතනින් හොරකම් කරපු රත්තරං කුට්ටි කිහිපයක්. ඉතින් සිද්ධිය අවසානයේදි එතන තිබුන රත්තරං කුට්ටි කිහිපයක් අඩු නිසා පොලිසියේ ලොක්කෝ රේගන්ගෙ බලඇණිය පස්සේ පන්නනවා. ඒ අතර රේගන්ට තවත් ඔත්තුවක් ලැබෙනවා ඒ නගරේ තියෙන බැංකුවක් මංකොල්ල කන්න යන එකක් ගැන. ඒත් ඔත්තුවේ හැටියට මංකොල්ලකාරයෝ ඇත්තටම මංකොල්ල කන්නේ ඒ බැංකුව නෙවෙයි. ඒ නගරේ තියෙන වෙනත් ආභරණ සාප්පුවක්. මේ මංකොල්ලය අතරෙදි ඒ සාප්පුවේ හිටිය ගෑනු ලමයෙක් මංකොල්ලකාරයන්ගෙ වෙඩි පාරක් නිසා මිය යනවා. රේගන් සහ ඔහුගෙ කණ්ඩායම මේ මිනීමරු මංකොල්ලකාරයන් හොයාගන්න සෑහෙන්න උත්සාහ කරනවා. ඒ හොරකම කරලා තියෙන ආකාරය මීට පෙර ඒ විදිහට හොරකම් කරපු සිදුවීම් එක්ක සසඳලා බලලා ෆ්‍රැන්සිස් ඇලන් කියන කම්බ හොරෙක්ව කොහොම හරි අත්අඩංගුවට ගන්නවා. ඒත් අන්තිමේදි ඒ හොරකමට ඇලන් සම්බන්ධයි කියලා ඔප්පු කරගන්න බැරි වීම නිසා රේගන්ට ඇලන්ව නිදහස් කරන්න වෙනවා. ඊට පස්සෙ තමයි හොඳම සිද්ධිය වෙන්නේ. එ අර කලින් ඔත්තුවේ විදිහටම ඒ කියපු බැංකුව මංකොල්ල කනවා. බැංකුවේ අනතුරු සංඥාව නාද වීම නිසා රේගන් තමන්ගෙ බලඇණියත් අරගෙන ක්ෂණිකව බැංකුවට යනවා. ඊට පස්සෙ…. ඒ ටික නම් කියන්නෙ නැහැ.

මේ මංකොල්ල කෑම් වලට ඇලන් සම්බන්ධයිද? රේගන්ට සහ ඔහුගෙ බලඇණියට මේ මංකොල්ලකාර මිණිමරුවන් අල්ලගන්න ලැබේවිද? රේගන්ට කවුද සහය දක්වන්නේ? ඒ වගේම රේගන්ට කැපිලි දාන්නෙ කවුද? හැරිගෙ ඔත්තුව වරදින්නේ ඇයි? බැංකුව මංකොල්ල කන්න හිටිය මංකොල්ලකාරයෝ ඇයි මුලින්ම ආභරණ සාප්පුවක් මංකොල්ල කාලා එතන හිටිය අහිංසක ගෑනු ලමයෙක්ව මරන්නේ? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ..[/box]

The Sweeney (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/FJg7Y” type=”icon” “center” newwindow=”yes”]360 MB (480p) කොපිය මෙතනින් බාගන්න[/button]
2170bfd385aae082b84f1dc62165ce7a93693a6f
[button link=”http://goo.gl/VmK3p” type=”icon” “center” newwindow=”yes”] 900 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
680dc68c4a8b5661ed935191247ea18bf99310a8
[button link=”http://goo.gl/F0CTo” type=”icon” “center” newwindow=”yes”]1.7 GB (1080p) කොපිය මෙතනින් බාගන්න[/button]
3a392391a3d514e9214170576705d3c86426bec6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3141 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

68 thoughts on “The Sweeney (2012) | බල ඇණිය [සිංහල උපසිරැසි සමඟ]

  • niyamai aaa…………..digatama sab danna wish you all the best………!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    බාගන්න ලිස්ටි එකේ තියෙන්නේ.ස්තූතියි.

    Reply
  • aiya dunnoth aye dekak ne aka patta film akak thama

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    එල කතාවක් නියමයි ,ජයවේවා.

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු…….

    Reply
  • නිවාඩුපාඩුවේ පනහ ගැහුව වගේම නිවාඩුවක් අරගෙන පනස් එක්වැන්නත ගෙනත් තියෙන්නෙ එහෙනම් 😉
    උපසිරසට බොහොම තුති කොල්ලෝ… (දරු දෙන්නෙක්ගෙම පියෙක් උනත් තමත් අපිට දිනිදු කොල්ලම තමා ඉතින් 😀 )
    අනිව බලන ලැවිස්තුවට දාගත්ත එහෙනම්
    වෙලාවක් හම්බවෙච්ච හැටියෙන්ම අනිවා බැලීමට පොරොන්දුවෙමි
    ජය හොදේ
    පනස් දෙවැනට කොච්චර කල් යාවිද ? 😛

    Reply
  • සංජිව

    ela saho niyamai

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි දිනිදු සහෝ. චිත්‍රපටය නම් මා ලග තිබුන වගේ මතකයි. ඒ නිසා උපසිරැසිය විතරක් ගන්නවා.

    Reply
  • supiri machan,50 ta suba pathum

    Reply
  • S H E N A L

    pattazzzzzzzzzzzzzz……….yalu…………..thanku……….

    Reply
  • නලින්

    නියමයි දිනුදු සහෝ..
    50න් පස්සේ නිවාඩු ගිහින් ඇවිල්ලා හොයා ගෙන ඇවිල්ලා තියෙන්නේ
    නියම මුවි එකක්
    ඔන්න මාත් ගන්නවා

    ජය වේවා!!

    Reply
  • patta fillm ekak wagei..thank u sahoo…jaya wewa..

    Reply
  • Chathuranga

    thnks a lot… 😀

    Reply
  • patta katawak wage…
    bohoma stuti saho…. .

    Reply
  • ඔන්න අයියේ ස්තූතිය හද පුරෝල

    Reply
  • patta… thnx machoo…!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    Reply
  • ‘could with a chance of meatballs’ sinhala sub aka danna puluwanda.

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පට සිරි මොන කතාද>>>. දිනිදු සහෝ දුන්නනම්….බ්‍රොඩි ඉන්නවනම් තවත් එල ඇති…ආයේ පොරනම් නියමම නළුවෙක්…අනික ඔය දීපු ඩයි හාර්ඩ් එක, එලටම තිබ්බා…කාලෙකින් එලම ඇක්ෂන් ෆිල්ම් එකක් බැලුවේ ඒක තමයි…..ගින්දර සහෝ…
    මේකත් අනිවා බලනවා…මොකද බ්‍රොඩි ඉන්නවා කිව නිසා…

    Reply
    • බ්‍රෝඩියා මේකෙ එච්චරම වැඩ දාන්නෙ නෑ මචං. ඌ දිහා බලනකොටත් මට මල පනිනවා. කොච්චර හොඳ චරිතයක් රඟපෑවත් මට ඌව පේන්නේ දෙපිටකාට්ටුවෙක් වගේ.. 😉

      Reply
    • ඔව් බන් දිනිදුවො ඒකනම් හැබෑව
      රොයිලිය අපිට කරපු දේ බලහන්කො ඉතින් 😮
      අපිට දැන් බ්‍රෝඩිව පේන්නෙම රුවිතෙටනෙ
      කොයි තරම් හොද වෙන්න හැදුවත් කපටි බ්‍රෝඩියවමයිබ් පේන්නෙ මටත්

      Reply
  • I-Prasad Prematunge

    ඔන්න බානවෝ…. සුබ පැතුම් සහෝ දිගටම යමු..

    Reply
  • දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට! ඉදිරියටත් තව මේ වගේ ඒවා ගේන්න හොඳේ.. ජය වේවා!

    Reply
  • පට්ට මචන්. බොහෝම ස්තුතියි මචෝ සබ් එකට

    Reply
  • මේක හරියන්නෙ නෑ බොලව්!

    මේවා දැනගන්ඩත් කලින් මම හිතින් ප්ලෑන් කරලා තියෙන කතාවලට සමාන ඒවාම මුන් හදන්නේ කොහොමද?

    දැන් එකක් දෙකක් නෙමෙයි, කිහිපවාරයක්ම මම හිතන දේට ආසන්න දේවල් මේ විදිහට බටහිර රටවලින් ෆිල්ම් ගහලා සබ් එක්කම සයිට් එකෙනුත් දුන්නා. අයියෝ මේ වගේ රටක ඉපදෙන්ඩ වුණ කරුමේ තමයි. මෙයිට කිට්ටු අදහසක් මා ගාව තියෙනවා දැන් සෑහෙන කාලයක් තිස්සේ. ඒ වුණත් මේවා බලලා ඒවාට එද්දි කොපි කළා කියයි. කමක් නෑ අපි බලමුකෝ… මටත් දවසක් එන්නෙ නැතැයි. මම ඒ දවස හොයාගෙනහරි යනවා. චෝදනා ලැබුවත් කමක් නෑ, මට ඕනි දේ කරලා නැද්ද?

    ජයවේවා සහෝ…
    දිගටම ගේන්ඩ මෙහෙව් එව්වා. මට ලොවෙත් වටිනවා මචන් 😉

    Reply
      • ප්ලෑන් කළේ මංකොල්ලයක් බන්! 😛
        කොහෙද මේ එංගලන්තෙ සිනමාකාරයො ඒ හා සමාන කතාවක් හදලානෙ…
        දැන් ඉතින් මට මංකොල්ලකන්ඩ වෙන්නෙ නෑ. 🙁 ප්ලෑන ටිකක් වෙනස් කරලා ගන්ඩ වෙනවා. දුක තමා!

        Reply
      • උදා අපරාධ කාරයෙක් වෙන්ටද තනන්නෙ අප්පේ…? 😮
        ඇහැකිනම් සයිඩ් සප් එහෙකට මටත් කතා කොරහන්
        මටත් කෝඩෙ මේ දවස්වල ෆාස්ට් 5 බැලුවායින් පස්සෙන් පහු බැංකුවක් කඩන්නමයි හිත 😛

        Reply
  • ඔය දීලා තියෙන්න නියම බයිස්කෝප් එකක්.ස්තූතී

    Reply
  • my rating 10/ 7.9 very good film

    Reply
  • download 23%……

    thx

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි පහරක් වගේ
    එල එල සබට තුති
    තව දෙන්න සහෝ ලස්සන ඒවාට
    ඔබට ජය………

    Reply
  • කැළුම්

    අනිවා බලනවා. මැක්සා ෆිල්ම් එකක් වගේ පික් එක දැක්ක ගමන් පේනවා..

    Reply
  • ගින්දර ෆිල්ම් එක.

    බොහොම පින් සහෝට

    Reply
  • “දිනිඳු සම්පත්” obage weda mama agayakaranawa ..obata sada wasana 😀

    Reply
  • එළකිරි හොදේ මාත් ගන්නවා

    Reply
  • බොහොම පින් පට්ට නළුවෙක් නේ ඉන්නේ. සුපිරි ඇති

    Reply
  • supirima film aka jaya! 😛

    Reply
  • උදාර

    අඩේ මේක මම බෑවා ලගදී.. නියමයි දැන් සබ් එක්කම බලන්න ඇහැකි. තුති

    Reply
  • දිනිදු දෙන්න පට්ට ෆිල්ම්ස් 🙂 ජය

    Reply
  • niyamama film akak meyka. aniawa aye sub akka balanwa. thxz

    Reply
  • ලොවෙත් නෑ පට්ට පතුරු හොදේ 🙂

    Reply
  • එලම කිරි මචං සුපිරි ෆිල්ම් එකක් වගේ,, උබ දෙන ඒවා කොහොමත් පට්ටම තමා….

    Reply
  • තෑන්ක්ස් වේවා!!!

    Reply

Leave a Reply to සංජිව Cancel reply

Your email address will not be published. Required fields are marked *