අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිකනිෂ්කා පෙරේරාක්‍රියාදාමකොරියානුත්‍රාසජනකනාට්‍යමයබලන්නබියජනකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

The Sin (2024) Sinhala Subtitles | පාපය [සිංහල උපසිරැසි] [*600]

Rating: 7.7/10. From 11 votes.
Please wait...

The Sin (2024) Sinhala Subtitles

ඉතිං ළමයි ඔන්න මම ආයෙත් ඔයාලට චිත්‍රපටියක් අරගෙන ආවා. ‍මම මේක තෝරගත්තෙ මගේ 600 වෙනි නිර්මාණය විදිහට. පළවෙනි උපසිරැසිය වෙනුවෙන් වගේම අදත් මම අරගෙන ආවෙ හොල්මන් කතාවක්. ඉතිං ඒ ගමන ගැන කියනව නම් ඇත්තටම ඒක ගොඩක් සතුට දනවන ගමනක්. විනෝදාංශක් විදිහට පටන් ගත්ත මේ උපසිරැසි හැදීම ඉස්සර නම් ඇත්තටම වෙලාවක් කලාවක් නැතුවම කලා. එක දිගටම ඔන් ගොයින් කතා දෙක තුන දුන්නා. ඒත් කියන්න දුකයි.. දැන් නම් එහෙම කරන්න වෙලාව වෙන් කරගන්න හරිම අමාරුයි. ඒත් කැමති විදිහෙ අලුත් කතාවක් චිත්‍රපටියක් ආවම ඉතිං අත නලියනවා. චිත්‍රපටියකට උපසිරැසි කරනව වගේ නෙවෙයි ඔන් ගොයින් කතාවකට උපසිරැසියක් දෙද්දි ඉතිං වෙලාවට දෙන්න ඕනෙනෙ. ඇඩ්මින් මඩුල්ල නම් කවදාවත් බල කිරීමක් කරල නැතත් ඒක වෙලාවට දුන්නෙ නැත්නම් මගේ හිතට හරි නැහැ. ඒකයි ඇත්තටම දැන් එහෙම  ඔන් ගොයින් කතා ඒ තරම් කරන්නෙ නැත්තෙ. ඉස්සර අපි එක්ක ගොඩක් සහෝදර සහෝදරියො හිටියා බයිස්කෝප් එකේ කොරියන් සෙක්ෂන් එක ලස්සන කරන්න. ඒත් දැන් නම් කාලයත් එක්ක හැමෝම කාර්යබහුල වෙලා. ඉතිං දැන් අපි දෙන නිර්මාණ ප්‍රමාණය අඩු වෙලා. බයිස්කෝප් එකෙන් උපසිරැසි අරගෙන කොරියන් කතා බලන නංගිලා මල්ලිලට මම කැමතියි ආරාධනාවක් කරන්න මේක අවස්ථාවක් කරගන්න. ඔයාලත් එකතු වෙන්න අපි එක්ක.. තව කෙනෙක්ට බලල රස විඳින්න පුලුවන් උපසිරැසියක් හදන්න. මුලින්ම ටිකක් අමාරුයි වගේ දැනෙයි. අපි හැමෝම එහෙම තමයි පටන් ගත්තෙ. ඒත් විනෝදෙන් කරද්දි ඒක අමාරු නැහැ. අපේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න වගේම ටිකක් නුහුරු වුනත් කොරියානු වචනත් කාලයත් එක්ක ටික ටික අපිට තේරුම් ගන්න පුලුවන් වෙනවා. අපේ ඇඩ්මින් මඩුල්ල ඕනම වෙලාවක අලුත් සාමාජිකයින්ව පිලිගන්නව වගේම උදව් කරන්නත් කැමැත්තෙන් ඉන්නව කියල මම හිතනවා. ඉතිං ඔයාලටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආයෙමත් ආරාධනාවක් කරනවා….

මට ඉතිං හැමදාම වගේ අදත් මම දැන් කරන්න හදන්නෙ මේ තරම් දුර එන්න උදව් කරපු හැමෝටම ස්තූති කරන්න තමයි. දන්න නොදන්න ඇඩ්මින් මඩුල්ලෙ හැමෝටම වගේම මගේ උපසිරැසි ගන්න, අදහස් දක්වන, නොදක්වන හැමෝටම ගොඩක් ස්තූතියි. මේක නොකියෙව්වත් මගේ උපසිරැසි ඉස්සෙල්ලම බලල අඩුපාඩු කියන මගේ නංගිටත් මම අද ස්තූති කරන්න හිතුවා. ඔයාල බලන්න කලින් එයා තමයි මගේ හැම උපසිරැසියක්ම බලල අඩුපාඩු හොඳ නරක කියන්නෙ. ඒ වගේම උපසිරැසියක් දෙන්න පරක්කු වුනත්, කවදාවත් බනින්නෙ නැතුව වෙලාව දෙන අපේ ඇඩ්මින් මල්ලිලා හැමෝටමත් ගොඩක් ස්තූතියි.

එහෙනම් ඉතිං දැන් ඇති නේද… ඔයාලා එහෙනම් මේ කතාවත් බලල වෙනද වගේම හරි වැරදි අඩුපාඩු කියයි කියල මම බලන් ඉන්නවා.. තව කාලයක් ඔයාලත් එක්ක මේ වැඩේ කරගෙන යන්න මට වෙලාව අවස්ථාව ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

එහෙනම් හැමෝටම 사랑해요 ❤️❤️❤️    

කතාව ගැන කියනව නම් මේක පව් ගැන කියවෙන කතාවක්. පව කියන දේ කොච්චර භයානකද, ඒක නැති කරන්න කොයි තරම් අමාරුද කියල මේ කතාවෙන් අපිට බලාගන්න පුලුවන් වෙනවා. Dong Seok Han අධ්‍යක්ෂණය කරපු Dong Seok Han රචනය කරපු මේ චිත්‍රපටියට Kim Eun-Hye, Je Sangprak  වගේම Ji-Hoon රංගනයෙන් දායක වෙනවා. පැය 1යි විනාඩි 43ක් දිවෙන මේ කතාව 2024 අප්‍රේල් 3 වෙනිදා තමයි තිරගත වුනේ.

(කොරියානු සිනමාවේ නවතම සහ වඩාත් සිත්ගන්නා සුළු ප්‍රවණතාවක් වන්නේ “Seire” සහ “Fallen” වැනි මාතෘකා වඩාත් කැපී පෙනෙන නියැදි අතරට ඇතුළත් වන විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක චිත්‍රපටවල කලා ගෘහ සෞන්දර්යය සමඟ ප්‍රභේද පදනම ඒකාබද්ධ කිරීමයි. Han Dong-seok ද “The Sin” හි ඒ සමාන ප්‍රවේශයක් ක්‍රියාත්මක කරන අතර, එය පර්යේෂණාත්මක චිත්‍රපටයක් පිළිබඳ කතාවක් ලෙස ආරම්භ වී මුලුමනින්ම කලාත්මක සිනමා සෞන්දර්යය රඳවා තබා ගන්නා පූර්ණ-ත්‍රාසජනක නිර්මාණයක් බවට පත් වේ. – The Sin ගැන වෙබ් පිටුවක පලවූ සමාලෝචනයක් )

ඔයාලා මීට කලින් Seire බැලුවනෙ… එහෙනම් අද බලමු මේ කියනව වගේම The Sin කියන්නෙත් ඒ වගේ කතාවක්ද කියලා….

නැටුම් පාදක කරගත් Avant-garde කලාත්මක චිත්‍රපටයක් රූගත කරන්න ග්‍රාමීය අතහැර දැමූ පාසලකට එන නිෂ්පාදන කාර්ය මණ්ඩලයක් වගේම නළු නිළියෝ පලවෙනි දවසෙ ඉඳන්ම අද්භූත දේවල් වලට මුහුණ දෙනවා. මේක තවත් වැඩි වෙන්නෙ සහය නිලියක් ආවේශයකින් වගේ උඩු මහලෙන් බිමට පැන්නට පස්සෙයි. එහෙම පනින ඇය අත පය කැඩිල මරණයට පත් වුනත් මොහොතකින් ආයෙත් නැගිටිනවා.. ඊට පස්සෙ ඇති වෙන්නෙ කවුරුත් හිතපු නැති  තත්ත්වයක්.. ඒ මොකක්ද කියල දැන ගන්න නම් කතාව ඉවර වෙනකල්ම බලන්න…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 147 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Project Silence (2024) Sinhala Subtitles

5 thoughts on “The Sin (2024) Sinhala Subtitles | පාපය [සිංහල උපසිරැසි] [*600]

  • congratulations for 600 subs,keep it up….

    Reply
  • Buddhika laKMal

    600වෙනි උපසිරැසියට සුබ පැතුම් සිස්….
    උපසිරැසි 600 වෙනුවෙන් ඔයාගේ පෞද්ගලික කාලය වෙන් කරාට බොහෝම ස්තූතියි…..
    කරන කියන සියලුම කටයුතු සාර්තකම වේවා….
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි……….

    Reply
  • Congratulations on creating your 600th subtitle !!
    Your journey so far has been amazing !!

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    කඩයිමට උණුසුම් සුබ පැතුම් අක්කේ
    උපසිරසි 600*ක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඒකට වැය වෙන කාලය ගැන ආපහු අමුතුවෙන් කියන්න ඕන නෑ.
    කොරියානු සිනමාව පැත්තෙන් ලොකු සේවයක් කරපු කෙනෙක් තමයි ඔයා
    ගොඩක් අය කාර්‍යබහුල වෙද්දි තාමත් අත අරින්නේ නැතුව උපසිරසි ගේනවට බොහෝම ස්තූතියි
    දිගටම වැඩේ කරගෙන යමු
    ජයවේවා!!!

    Reply
  • Kavindu Nethmina

    600 උපසිරැසියට සුභ පැතුම් අක්කේ,ඉස්සරහටත් මේ වගේ සිංහල උපසිරැසි දෙන්න Time එකක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *