අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)දිමුතු චතුරංගනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

The Night Agent [S01 : E07] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – පීටර් අත් අඩංගුවට [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

The Night Agent [S01 : E07] Sinhala Subtitles

කොහොමද සෙට් එක? ඔන්න එහෙනම් කොටස් 06 ක් ඉවරයි. අද අපි බලමු 07 වෙනි කොටස..

07 වෙනි කොටසට යන්න කලින් හය වෙනි කොටසෙ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්.

හය වෙනි කොටසෙ ඔන්න මුලින්ම පෙන්නවා රෝස් පස්සෙ එන මිනීමරුවට කොහොමද අර මුද්ද හම්බවෙන්නෙ කියන ටික, ඔක්කොම බලන්න ඇතිනෙ වැවේ සිද්ධිය. 5වෙනි කොටසෙ අන්තිමට ඉවර වෙන්නෙ රොස් සහ පීටර් දෙන්නා ආපහු ධවල මන්දිරයට යන්න යනවා. ඒත් එක්කම ඩේල් සහ එලන් කියන මිනීමරුවො දෙන්නත් අත ඇරීමක් නම් නෑ. ඒ දෙන්නා පස්සෙම එනවා. ඒත් පීටර්, රෝස්වයි හාඩ් ඩ්‍රයිව් එකයි, එයාගෙ යාලුවා සිස්කොගෙ ගෙදර තියලා තමා යන්නෙ මෙයාලා හොයාගත්ත සාක්ෂි ටික ජනාධිපතිනියටයි, ඩයෑන්ටයි පෙන්නන්න උප ජනාධිපති රෙඩ්ෆීල්ඩ්ගෙ මේකට සම්බන්ධයක් තියෙනවා කියන්න. 

ඒ අස්සෙ ඔන්න මන්ක්ස්ව ප්‍රධානියා කරනවා මැඩීව හොයන වැඩේ. ඇරින්ග්ටන් අයින් කරන්න හැදුවත් එතනින් මන්ක්ස් කියනවා බෙන්ට ඇරින්ග්ටන් ඕනි කියලා එයාගෙ කණ්ඩායමට. කොහොමවුනත් ඉතින් මේක ඇරින්ග්ටන්ටනම් දිරව ගන්න අමාරුයි. කොහොම හරි දෙන්නා අන්තිමට තීරණය කරනවා යාලුවො සගයෝ වගේ මැඩීව හොයන්න.
image.png
ඒ අතරෙ රෝස්ව සිස්කොගෙ ගෙදර දාලා පීටර් ධවල මන්දිරයට යනකොට එතන හැමෝම කලබලෙන්. මොකද මැඩීගෙ අතුරුදහන් සිද්ධිය එක්ක. ඒත් පීටර් මේ කිසිම දෙයක් දන්නෙ නෑ. ගිහින් ඔක්කොම විස්තර ඩයෑන්ට දෙනවා පෝටස් (ජනාධිපතිනිය ) ට දෙන්න. ඒ යන ගමන් තමයි ඩයෑන් කියන්නෙ පීටර්ට, පීටර්ගෙ යාලුවාට කියන්න කියලා රෝස්ව ධවල මන්දිරෙන් දාගෙන යන්න කියලා. එතකොට තමයි පීටර්ට දෙලව රත් වෙන්නෙ. මොකද පීටර් කිව්වෙ නෑ රෝස් කොහෙද ඉන්නෙ කියලා. ඒත් ඩයෑන් ඒක දන්නවා කියන්නෙ, ඩයෑන්ගෙ මිනිස්සු තමයි පස්සෙන් එන්නෙ කියලා පීටර්ට තේරෙනවා. මේක වුන ගමන් අනිත් පැත්තෙන් ඩයෑන් වික්ට කියනවා රෝස්ව මරන්න කියලා. ඒත් ඊට කලින් පීටර්, රෝස්ට කියනවා ගෙදරින් පැනලා යන්න කියලා. ඒ අතරෙ පීටර් ඩයෑන්ගෙ ඔෆිස් එකෙන් පැන ගන්නවා. ඩයෑන් මුලු රහස් සේවයටම පීටර් ගැන අනතුරු අගවනවා. මුලු රහස් සේවාවම පීටර්ව ධවල මන්දිරේ ඇතුලෙ හොයනවා වුනත් පීටර් ලස්සනට එලියට පැනගන්නවා. ඒ අතරෙ මිනීමරුවො දෙන්නා සිස්කොයි, රෝස්ගෙයි පස්සෙ යනවා. කොහොම හරි එලන් සිස්කොට වෙඩි තියනවා වාහනේ ඇතුලෙදිම. රෝස් මගින් බැහැලා පීටර් කිව්ව තැනට එද්දි, ඩේල්ට අහු වෙනවා. ඒත් වාසනාවට වගේ එවලෙම පීටර් ඇවිත් කොහොම හරි ඩේල්ව මරනවා. 
ඉතින් අද අපි කතාව එතන ඉදන් ඉස්සරහට බලමු. ඉක්මනට අට වෙනි කොටසින් මුන ගැහෙනකල්, හැමොටම සුභ දවසක්.
The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1633 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

 

Previous BT1

All BT1

Nxt Season BT12

6 thoughts on “The Night Agent [S01 : E07] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – පීටර් අත් අඩංගුවට [සිංහල උපසිරසි]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Anonymous

    thank uu bro keep it up

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • 8 th ada denwda ♥️

    Reply
    • ඔන්න දැන් දීලා තියෙන්නේ….

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *