MENU

AllComicsFeatured ArticlesMarvel ComicsSinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහොල්මන්

The New Mutants (2020) Sinhala Subtitles | ශක්තිය හඳුනා ගනිමින්….. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 58 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් කාලෙකට පස්සේ චිත්‍රපටියක උපසිරසියක් අරගෙන ආවා. ඇත්තටම චිත්‍රපටිය නම් බොහෝ කලක් තිස්සේ පැමිණීමට නියමිතව තිබිලා අපිට ලැබුන එකක් නේ. අපිට නරබන්නට ලැබුන මාවල් කොමික් ආශ්‍රයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් තමා මේ. හැබැයි මෙහි සහ වල මාවල් කොමික් චරිත අතර පැහැදිලි වෙනස් කම් කීපයක්ම තියෙනවා. ඔයාලට චිත්‍රපයට බැලුවම ඒක තේරුම් ගන්න හැකි වේවි.

අපි කෙටියෙන් බලමු මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන මාවල් චරිත ටික.

Wolfsbane
ඇත්තටම මෙයා අපි දන්නා නරවෘකයා වගේ. අවශ්‍ය මොහොතක වෘකයෙක් වෙන්න හැකියාව තියෙනවා මෙයාට. ආගමික භක්තිය උපරිමෙන් තියෙන වගේම ඊට බියක් දක්වන චරිතයක්. නමුත් සැබෑ කොමික් වල මිට වඩා වෙනස් කමක් දකින්න ලැබෙනවා

Magik
රුසියානු සම්බවයක් ඇති විපරිතයෙක්. අවකාශ හරහා ගමන් කිරීමට හැකියාව තියනවා. කොමික් තුල ඇයට ලොක් හිඩ් කියන මැජික් මකරෙක්ගේ උදව් ලැබෙනවා. මෙම ෆිල්ම් එකේ තත්වය ටිකක් වෙනස්. ඔයාලට බැලුවම තේරේවි.

Cannonball
මාවල් කොමික් චරිතය හා ටිකක් හෝ සමානව චිත්‍රපටියේ දකින්න ලැබෙන එකම කොමික් චරිතය කැනන් බෝල් ද මන්දා. කාල තුවක්කු උණ්ඩයක් වගේ විනාශයක් කරන්න මෙයාට හැකියි.

Dr. Cecilia Reyes
මාවල් කොමික් තුල තමා වටා ආරක්‍ෂිත පද්දතියක් තබාගෙන සිටින මානසික වෛද්‍යවරියක් තමා මේ.

Dani Moonstar නොහොත් Mirage
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමා මේ. ප්‍රතිවාදියාගේ මනසේ මැවෙන සිතුවිලි ඔහුට හෝ ඇයට එරෙහිව හෝ පක්ෂව යොදාගන්න හැකියාව තියෙනවා මෙයාට. මාවල් කොමික් තුල නම් තෝර් ගේ රටේ වැල්කරි එක්ක එහෙම වික්‍රමාන්විත ක්‍රියාන්විත ගැන කතන්දර තියෙනවා. නමුත් මෙම චිත්‍රපටයේ නම් චරිතය බොහෝ වෙනස්.

Sunspot
මෙයාට සුර්ය ශක්තිය උරාගෙන ඒවා ශක්තිය බවට පත්කරගන්න මාවල් කොමික් තුල හැකියාව තියෙනවා. මෙම චිත්‍රපටයේ නම් එයාගේ හැකියාවන් ටිකක් වෙනස්.

ඉතින් ඔයාලට පේනවා මම ප්‍රධාන චරිත පහ ගැනම කල පැහැදිලි කිරීම් වලින් කියල තියෙනවා සැබෑ මාවල් චරිත වලට වඩා යම් වෙනස් කමක් චිත්‍රපටයේ දකින්නට තියෙනවා කියල. ඒවා ඔයාලට චිත්‍රපටය බැලුවම තේරුම් ගන්න හැකියි. ඒවා කියන්න ගියොත් චිත්‍රපටය සොපොයිල් වේවි. ඒවගේම මාවල් චරිතයේ ලක්ෂණ ගැන පැහැදිලි කිරීමත් අනවශ්‍යයි. චිත්‍රපටයේ චරිත හා සමාන නොවෙන නිසා. පසුව බයිස්කෝප් මන්සලේ ලිපියකින් ඒවා පැහැදිලි කරන්න බලමු.

ඔන්න එහෙනම් IMDb අගය 5.5 පමණ වන මෙම සුපිරි වීර චිත්‍රපයට බලන්න මම ආරාධනා කරනවා. Action, Horror, Sci-Fi කාණ්ඩයේ චිත්රපයටක් වන මේක PG 13 කාණ්ඩයේ කියල කියන්න ඕන. එහෙනම් ඉඅස විඳින්න චිත්‍රපටය. ඉක්මනින්ම වෙනත් චිත්‍රපටයකින් හමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලත් කියන්න ඕන.

ගිහින් එන්නම්. බුදු සරණයි….

“අපේ හිතේ හොඳ සහ නරක දෙකම තියෙනවා. අපි ඉස්මතුවෙන්න දෙන්නේ එයින් මොන හැඟීමද, අන්න ඒ හැඟීම තමා ඔයා නිරුපනය කරන්නේ. ඔයාගේ ජිවිතයට බලපාන්නේ. එම සිතුවිල්ල කුමක්ද තීරණයේ අයිතිය හිමිවන්නේත් ඔයාටමයි.”
— මෙම චිත්‍රපටයෙන් අපිට දෙන පණිවිඩය ඒකයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19036 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

54 thoughts on “The New Mutants (2020) Sinhala Subtitles | ශක්තිය හඳුනා ගනිමින්….. [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Meshak (wolverine)

    sub ekata thanks bro

    Reply
  • Meshak (wolverine)

    sub ekata thanks bro

    Reply
  • SmartBoy SL

    thanks a lot bro…. keep it up…

    Reply
  • Thank you very much….!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks …………………

    Reply
  • Anonymous

    Subata thanks……

    Reply
  • mek X wen Series eke ekk nemeda bro

    Reply
  • සාරංග ජේ. ලියනගම

    Thanks

    Reply
  • Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    එනකම් බලන් හිටියේ….
    මේ අවුරුද්දේ Marvel කියලා මේක විතරයි බලන්න තියෙන්නේ…

    Reply
  • thanks bro. jaya wewa…!!!

    Reply
  • චතුර

    නියමයි..දෙවෙනි කොටසක් අනිවා

    Reply
  • D.Chamara

    බොහොම ස්තූතියි …. !

    Reply
  • Thanks, may the davil take you 2 eke sub denna ko

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Hasitha Madush

    සබ් එකට ස්තූතියි සහෝ..ෆිලුම නම් පට්ට අවුල් මගුලෙ feminism,homosexuality රිංගවලා…

    Reply
  • Pramukmili

    Thanx bro…………………….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
    • සංජය ලක්මාල් ලියනගේ

      බොහොම ස්තූතියි සහෝදරයා….ජය වේවා…!!

      Reply
  • Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ඇගිලි ගැන ගැන හිටියෙ මේකෙ බ්ලූරෙ කොපියක් එනකන්,,, එලම බ්‍රෝ❤️

    Reply
  • Nelson Rodrigo

    Good work friend, thanks for the sub

    Reply
  • Sahan Gayantha

    Thank a lot saho sub ekata

    Reply
  • ඉස්තූතියි ❤️

    Reply
  • උපසිරැසියට තුති !

    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • Maduranga Perera

    Thanks for sub.

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .

    Reply
  • RuwanLakshan93

    බොහෝම ස්තුතියි සහෝ… මේක එනකල් බලාගෙන හිටියේ. ජය වේවා!!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *