The Mentalist [S07 : E12/13] with Sinhala Subtitles | අවසනයි මේ… [සිංහල උපසිරසි සමඟ]
ගිය සතියේ කතාව අවසානයේදීම මිනීමරුවා ග්‍රේබියල් කියලා ජේන් හිතුවත්, ඇත්තම මිනීමරුවා විසින් ග්‍රේබියල්ව මරලා, එයාගේ ඇඟේ බොරුකාරයා කියලා හණ ගහලා තිබියදී FBI වලට හමුවෙනවා. මේක නිසා මෙයාලා ආයෙමත් ලොකු සංකූලතාවයකට පත්වෙනවා. ඇත්ත මිනීමරුවා තාමත් එලියේ.
කතාව ආරම්භයේදී නැවතත් මේ මිනීමරුවා විසින් ගැහැණු කෙනෙක්ව පැහැරගෙන මරලා දානවා. පෙර විදියටම මේ ගැහැණු කෙනාව මරලා තියෙන්නේ පිස්තෝලයකින් වෙඩි තියලා. ඒ වගේම තමයි පෙර පුරුදු විදියටම මැරුණු කෙනාගේ ඇඟිල්ලක නියපොත්තකුත් ගලවාගෙන තියෙනවා. මීට කලින් වතාවේ ජේන්ට මේ විදියට මිනීමැරුම සිදුවුනු තැනට එන්න වෙන්නේ නෑ. නමුත් මේ අවස්ථාවේදී ජේන්ට පුළුවන්කම ලැබෙනවා මෙතනට ඇවිල්ලා මෘතශරීරය ගැන අධ්‍යනය කරන්න. එතැනදී FBI වලට කලින් වතාවේ අවධානයට ලක් නොවුනු කාරණාවක්, ජේන්ගේ ඇහැ ගැටෙනවා. ඒ තමයි මැරුණු ගැහැණු කෙනාගේ අතේ ඉදිකටුවකින් සිදුරු කරපු සලකුණක් තියෙනවා කියලා. මේ සලකුණු ඇතිවෙලා තියෙන්නේ මළ මිනියෙන් ලේ ගත්තු නිසා. මේ හේතුවෙන් මෙයාලාට ලොකු ප්‍රශ්ණයක් මතු වෙනවා, ඇයි මිනීමරුවා තමුන් මරණ මිනිස්සුන්ගේ ලේ ගන්නේ කියලා.
මේ විදියට මිනීමරුවා පස්සේ හඹායන අතරතුර, වේගා වෙනුවෙන් වැඩ බාර ගන්න එන්නේ ටෝර්ක් කියලා කෙනෙක්. ඔයාලට මතක ඇති මෙයා කවුද කියලා. CBI වල ඉන්න කාලේ කට්ටියගේම වැඩ තහනම් වෙලා ජේන්ට විතරක් රේ හැෆ්නර් යටතේ වැඩ කරන්න ලැබුණා කියලා මතක ඇති නේද? එතනදී තමුන්ගේ කලින් කණ්ඩායමේ අයව වැඩට ගන්න කියලා ජේන් මෙයාලා අතරේ රණ්ඩු ඇති කලා කියලත් මතක ඇති. එතනදී කණ්ඩායමේ මිටිම කෙනා කියලා ටෝර්ක්ව තමයි අවඥාවට ලක් වුනේ. ඉතිං ජේනුත් අඩි උස සපත්තු දෙකක් එයාගේ මේසේ උඩින් තියලා ඒ ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. කොහොම වුනත් මේ ටෝර්ක්ගේ අදහසක් අනුව, මිනීමරුවාට ඇමක් ගිල්ලවන්න කියලා ජේන් නැවතත් රූපවාහිනී වැඩසටහන් වලට යන්න පටන් ගන්නවා. කලින් ජේන් මේකට කැමති වෙන්නේ නෑ. ඒත් ශ්‍රේණිගත මිනීමරුවෙක් ඉන්නවා කියලා ජනතාව අතර තියෙන බය නිසා, පොඩි දේටත් කලබල වෙන මිනිස්සු පොලිසියට කතා කරන්න පටන් ගන්නවා. මේ වගේ බයෙන් ජීවත් වෙන මිනිහෙක් මහ රෑ තමුන්ගේ දොරට තට්ටු කරපු කෙනෙකුට, ශ්‍රේණිගත මිනීමරුවෙක් කියලා වැරදිලා වෙඩි තියලා මරලා දානවා. මේක නිසා ජේන් ටෝර්ක්ගේ යෝජනාවට කැමති වෙලා, රූපවාහිනී වැඩසටහන් වලට යන්න තීරණය කරනවා. එහෙම කරන්නේ මිනීමරුවාට ජේන් ගැන අවධානය ඇති වෙන්න කියලා. මේ විදියට මිනීමරුවාට ජේන් ගැන අවධානයක් ඇති වෙන්න කියලා කරපු වැඩෙන්, මිනීමරුවා ජේන්ව පැහැරගන්නවා. අවසානයේ මොනවා වෙයිද….? ඒක දැනගැනීම ඔයාලට බාරයි. ඒ වගේම තමයි අද කතාව ඔයාලට බොහෝම විනෝදාත්මක වගේම වැදගත් එකක් වේවි. අද කතාවේදී පරණ කතා වල හමුවුනු චරිත ටිකකුත් දකින්න ලැබෙනවා. 🙂
.
.
.
.
.
අද කතාංගය තමයි මේ සම්පූර්ණ The Mentalist කතා මාලාවේ අවසාන කොටස. 2014 අගෝස්තු 18 වෙනිදා මම ඔයාලට පොරොන්දුවක් දුන්නා, මෙන්න මේ විදියට…
“මම ඔයාලව අතරමං කරන්නේ නැතිව මේ කතාවේ උඩ මළුවටම යනකන් කරුණා කරනවාම තමයි.” (ඒ කිව්වේ කතාව මග නවත්තන්නේ නැතිවම දෙනවා කියලා…)
ඔන්න අද මම ඒ පොරොන්දුව ඉශ්ඨ කලා. ඇත්තටම මට මම ගැනම සතුටුයි, මේ කතා මාලාව පොරොන්දු වුනු විදියටම විදියටම අරුත් පදගදාර්ථයන් එකට අමුනලා පරිවර්ථිත උපසිරැසියක් විදියට ඔයාලා හමුවට ඉදිරිපත් කිරීමට ලැබීමට හැකිවීම පිලිබඳව. කතාව මුලක ඉඳන් පරිවර්ථනය කරද්දී මට හරියට සිංහල යතුරු කරනයවත් බැරිව තමයි හිටියේ. ඒ වගේම පරිවර්ථනයට අවශ්‍ය වෙන භාශා දැනුමත් බොහෝම අඩු මට්ටමකයි තිබුණේ. ඇත්තටම කිව්වොත්, අකුරු ටයිප් කරද්දී මටම හොඳටෝම තරහා ගියා අකුරු වරදින එක ගැන. එතකොට මම වරදින වරදින අකුරක් ගානේ මටම හයියෙන් ටොකු ඇනගත්තා. ඒත් ඒකට හරියන්න අද හොඳට යතුරු පුවරුව හසුරුවන්න පුළුවන්. ඒ වගේම තමයි පුංචි කාලේ ඉඳන් තිත්ත වෙලා හිටපු ඉංග්‍රීසි භාශාවත් බොහෝම රසවත් භාශාවක් බවට පත්වුනා. (ඇනගත්තු ටොකු වලට හරියන්න මාස 2ක් විතර පතරංග ඔළුවේ කැක්කුමකුත් එක්කම) 😉
කොහොම වුනත් උපසිරැසි සපයද්දී එදා මෙදාතුර මට හයියක් වුනේ ඔයාලගේ අදහස් දැක්වීම් තමයි. හැබැයි බලාපොරොත්තු වුනු තරමින්ම නම් මට අදහස් ලැබුණේ නෑ. (ඒකට කමක් නෑ) ඒ වගේම හැමදාම වගේ මට අදහස් දක්වන්න කිහිප දෙනෙක් පුරුදු වෙලා හිටියා. එයාලා නම් වශයෙන් මතක් කරන්න යන්නේ නම් නෑ. නමුත් මට ඔයාලව මතකයි. 🙂
2014 අගෝස්තු 18 වෙනිදා ආරම්භ වුනු මේ පොද වැස්සත් එක්ක Online ඉඳලා මාත් එක්ක තෙමුණු හැමෝම මම හදවතින්ම මතක් කරන ගමන් The Mentalist අද බයිස්කෝප් අඩවියේ නැවතීමේ තිත තියනවා •
“ඔබේ අඳුරු අතීතයට අගාධයේ ලතවන්නට දෙන්න. ඔබ අගාධයට පිය නොතබන්න. අනාගතයට දෑස් හෙලමින් වත්මනට ජීවත් වන්නට දෙන්න. ඔබේ සයනය කෙතරම් ලොකුද? සිහිනය දිව ගියාදෙන්. ඔබ සිහිනයේ දිව ගියහොත්, ඔබ සයනයෙන් ඇද වැටේවි.” :- PCR
෴ සමාප්තයි…෴
ආයු -බෝ -වේවා !!!
[button link=”http://tinyurl.com/ml9pcja” type=”icon” “center” newwindow=”yes”] 161 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/qd5c2fd” type=”icon” “center” newwindow=”yes”] 425 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1814 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මුල ඉදන්ම දුන්න උපසිරස වලට ස්තුතියි…
බොහොම ස්තුතියි මචං,ඔක්කොම එපි උබේ සබ් නිසා සුපිරියට බැලුවා
ඔයා සබ් එක දීලා අවුරුදු හතකට පස්සේ , පිස්සු තදවෙලා වගේ වැඩට යන එකත් අතපසු කරගෙන, ගියත් ෆෝන් එකට එපිසෝඩ් එකක් දාගෙන යනවා, මම මේ කතාව බලනකොට හිතුන දේ තමයි මෙච්චර සීසන් ගාණකට එපිසෝඩ් ගානකට සබ් දෙනවා කියන්නේ ඒකත් කිසිම උපකාරයක් බලාපොරොත්තු නොවී කරනවා සහ කරා කියන්නේ මම මේ කොමෙන්ට් එක ලියන මොහොතේ ඔයා ජීවිතයයේ උපරිම දියුණුවක් ලබාගෙන නැත්තම්, ලෝක ධර්මය බොරු, බුදු සරණයි මහත්මයා ඔයාට
Godak sthuthi..jaya wewa
සුපිරි වැඩක්! Thank you so much ❤️
මෙච්චර ගේමක් ගහලා ඉවර කලාට ගොඩක් ස්තූති මචං❤️
ගොඩාක් පින් කොල්ලෝ! මේ වගේ හැම වැඩක්ම පටන්ගන්න ශක්තියෙන්ම හරියට කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!
බොහොම ස්තූතියි ඉවර වෙනකම් කතාව කලාට. ජය වේවා..
මුල ඉඳන් ඔක්කොම බැලුවා. කතාව ලස්සනයි. සබ් එකත් හොඳට කරලා තියනවා. බොහොම ස්තූතියි මේ කතාවට අවධානය දුන්නාට.
season 7 tama sub dunnata tnx
Hats off to your effort..
thanks mcn
Thank You very Much
mr robot season 3 sub denna puluwannam loku deyak maentalist okkoma beluwa thanks mama sub hadanna danne nee eunata oyala hadanaewa balanawa eka amaru ethi oyalai sup ekata bokkenma api ennawa
Godak Thanks obata. Balapu suprima kathawak. Supiriyatama wade karala thibba. Jaya wewaaaa
siraaa suppa kathawa tq kpllp
Siraama….. Thanks MCN..
නියමයි මහත්තයෝ මම අද තමා මේක බලන්න ගත්තෙ……ලොකු මහන්සියක් ලොකු කැපවීමක් ඔබ තුමාට ජ්යම වේවා……සුබ අනාගතයක්….සතුටින් ජීවත් වෙන්න ලැබේවා…….
Thank you bro
thanks brooo………. eka digata baluwa……….. pattama tv series ekak
Thanks bro
මේකේ සියලුම කොටස් (150) තුන්වැනි වතාවටත් බලලා ඉවර කළා.ඒ වගේම කතාවටම ගැලපෙන පරිදි උපසිරසි සකසලා තිබුනා. ඔබට තුති.
patta wadak 1st series eka sinhala sub ekka ballala ewara krapu
Gooooooooooooood Luuuuck
නියම කතා මාලාවක්. උපසිරැසියට ස්තූතියි සහෝ…..
me result ena dawas tika hinda meka kohomt balanwa … result honda unot menta. ayit mula indan balanwa……..
elama pcr ayiye meka sinhala sub natuwa balala wadak na….
wenama episode ekk gahanda one patrik jane with pcr kiyala me dunnu sub kandaraawata ………
GOOD LUCK
TIGER….TIGER……..
elama thama pcr ayiya okkoma baluwa thanx ah,,,, balapu supirima tv srs ekak sub okkotama thnx ah
Supirima tv series eka. Balapu mulma eka. Eka supiriytm tiynw. The mentalist tawath issaraht tibbanm niyamai.
Good luck mchn…
thanks mcn…..
Thank you very much
thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu.
ගොඩක් ස්තූතියි අයියේ…ගොඩක් ආසාවෙන් මම බලපු TV Series එක,ගොඩක් ස්තූතියි ඒ වගේම ඉස්සරහට කරන හැම සබ් එකකටම සුබපැතුම්..ඇත්තටම හොඳයි ඔයාගෙ සබ් නම්. JP
thanks saho..jayen jayama wewa…
බොහොම ස්තූතියි සහෝදරයා දැන් මේක ඉවරවෙලා වසරකට වැඩි උනත් මම තාම බලමින් ඉන්නෙ
ඔයාගේ සිංහල සබ් වලට ගොඩාක්ම ස්තූතියි ඔයාගේ සබ් අමුතුයි රසවත් ඇත්තටම බලන්න අාසයි
කිසිදු ආර්ථික ලාබයකින් තොරව ලබාදෙන මේ සේවය අපි හුගාක් අගේ කරනවා
හැම ep එකක්ගානෙම අදහස් දක්වුයේ නැති නිසා අවසානයේ
ඔයාට ස්තූති කරන්න හිතුවා තව දුරටත් මේ වගේ සබ් දෙන්න ශක්තිය ධෛර්්‍යය ලැබේවා !
මං දැකලා තියෙන හොඳම උපසිරැසි තිබුන tv series එක තමා mentalist .වචන ගැලපීම පට්ට සහෝ පට්ට.
මං දැකලා තියෙන හොඳම උපසිරැසි තිබුන tv series එක තමා mentalist.වචන ගැලපීම පට්ට සහෝ පට්ට.
Jaya wewa sahodaraya!mamath wasse themennai hadannee 😀
එළ
bohoma sthuthi yaluwa
thank u very much bro…patta katawak..sinhala sub pattay…
thanx sahooooooooooooooooo
thank u very much.
සබ් අරගෙන තොග පිටින් කොමෙන්ට් නොදැම්මට සමාව ඉල්ලනවා..
කියන්න වදන් නැ කොමෙන්ට් නැ කියල මග කතාව මග නතර නොකර එක දිගට දුන්නු එකට ඇත්තටම ස්තුති සහො. ජය වේවා!… උම්මා..
මේක බලපු අපිට මෙහෙම දුකනම්
පැට්‍රික් ජේන්ට කෝම දුක ඇතිද..
උබ මචන් සුපිරි වැඩ්ඩෙක් එච්චරයි කියන්න තියෙන්නෙ
තව එකක් කරමු
සබට තුති
ඔබට ජය……..
බොහෝම ස්තුතියි සියලු දෙනාගේම අදහස් දැක්වීම් වලට.
තව කිහිප දවසකින් අලුත් කතාවකින් හමුවෙමු !!! 🙂
ආයු -බෝ -වේවා !!!
මාත් බලපු සූප්පා ටීවි සිරීස් එකක් එල සහෝදරයා එල කියන්න වචන නෑ….
‘කොහොම වුනත් උපසිරැසි සපයද්දී එදා මෙදාතුර මට හයියක් වුනේ ඔයාලගේ අදහස් දැක්වීම් තමයි. හැබැයි බලාපොරොත්තු වුනු තරමින්ම නම් මට අදහස් ලැබුණේ නෑ.”
යාලුවා මම බයිස්කොප් එකේ බාරගත්ත වැඩක් ඉවර වෙනකන් ඉවර කරපු ටික දෙනාගෙන් ඔයත් කෙනෙක් එක නිසා දුක්වෙන්න එපා.. අපිට දුකයි කාතාව නතර වෙන එක ගැන….
thnxxxx mchan obata diraiya shakthiya
digatama match eke gahuwata obata thuti jaya wewaaaaaaaa
$$$$$$$$$$$$$ OBATA JAYEN JAYA…..
මුලින්ම මෙච්චර කාලයක් මේ කතාවට සබ් දීපු එකට ඔයාට ගොඩක් ස්තූතියි… ඒවගේම පිං…. මගේ ජීවිතේ බලපු කතා වලින් අමතක නොවන චරිතයක් බවට පැට්‍රික් ජේන් කියන චරිතය පත් උනේ ඔයා නිසා…. ගොඩක් කාලයක් මේකට සබ් දීපු එක දැක්කත් මං එච්චර ගණන් ගත්තෙ නෑ. ඒත් දවසක් මට මේක බලන්න හිතුණා. ඉතින් සීසන් 1 එක බාලා බලන්න ගත්තෙ හරියටම 2015 ජනවාරි 20 වෙනිදා… එදා බලන්න ගත්තු මේ කතාව අද මේ මොහොතේ තමයි බලලා ඉවර කළේ…. දවස් 45 ක් ඇතුළත කතා මාලවක සීසන් 7 ක එපිසෝඩ් 150 ක් බලලා ඉවර කරපු එක මට නම් වාර්තාවක් වගේ… කවදාවත් මෙච්චර පිස්සුවෙන් කතාවකට ඇබ්බැහි උනේ නෑ…අන්තිම කොටසේ උපසිරැසි දුන්නත් කමෙන්ට් එකක් දාන්න පරක්කු උනේ උවමනාවෙන්මයි. මොකද මට මේක අන්තිම මොහොත වෙනකම් රසවිඳලා මගේ අදහස ප්‍රකාශ කරන්න ඕනෙ උනා.
ගෙදරින්, යාලුවන්ගෙන් බැනුම් අහ අහ කැම්පස් එකේ වැඩත් අතපසු කරගෙන නිදි මරාගෙන මේ කතාව බැලුවෙ ඇයි කියලා කියන්න හේතුව මම වත් දන්නෙ නෑ. මං දන්න එකම දේ පැට්‍රික් ජේන්, තෙරේසා ලිස්බන්, කිම්බල් චෝ, ග්‍රේස් වෑන් පෙල්ට්, වේන් රිග්ස්බි කියන කට්ටිය මගේ ජීවිතයේ අමතක නොවෙන චරිත බවට පත් උන බව විතරයි. කවදාවත් කතා වක් බලලා මම මෙච්චර සතුටු වෙලා නෑ… කොටස් 150 ක් බලන එක ලේසි වැඩක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා. කොටින්ම කිව්වොත් ආසන්න වශයෙන් පැය 100 ක් විතර…. ඇත්තට කිව්වොත් මම මේක බැලුවෙ පිස්සුවෙන් වගේ… ඉතින් කොටස් 150 බලන එකට වඩා ඒකට ගැලපෙන උපසිරැසි නිර්මාණය කරන එකේ අමාරුව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
තව ලියන්න ගොඩක් දේවල් තිබුණා…
ඒත්… දැනට මේක ඉවර උනා කියලත් හිතා ගන්න අමාරුයි…
සමහර අයට මේක නිකන්ම නිකන්ම කතාවක් ඉවර උනා වගේ දැනෙනවා ඇති… ඒත් මට නම් මේක මං ළඟින් හිටපු කට්ටියක් ඈත් උනා වගේ..
ඉතින් සහෝ මං මෙතන තවත් විකාර කියවලා වැඩක් නෑ… බොහොම ස්තූතියි ඔයාගේ කාලය, දැනුම, ඩේටා, මුදල් …. මේ සියල්ල වැය කරලා අපිට මතකයේ රැඳෙන කතා මාලාවක් නිම කිරීම ගැන…
ස්තූතියි…
ජය!!!
තුති!
ela mchooo.. thnx 🙂
මචන් උබ මාව මේකට ඇබ්බැහි කරා සිරාවටම… කලින් මේක බලන්න හම්බුනත් බෝරිං වෙලා හිටියෙ… ඒත් ප්‍රිසන් බ්‍රේක් එකට පස්සෙ අවසානෙට බලපු සිරාම සීරිස් එක තමා මේක… තෑන්ක්ස් මචන් මං තවම අගටම බැලුවෙ නෑ… මේක ඉවරවෙයි කියලා දුකයි බං…. තෑන්ක්ස් අගේන්… උම්මා ඈහ්…
එහෙනම් එකත් ඉවරයි ඈ….
ඒ වගේම ඔයලා මේ කරන දේට ගොඩාක් පින් සහෝ..
ඔයාගේ පිහිටෙන් එකත් බලලා ඉවරයි..
තවත් කතාවකින් හමුවෙමු….
ජය වේවා !!!
බොහෝම ස්තූතියි.
okkotama thanks. niyama wadak dunne. DOCTOR HOUSE MD ………….ekatath sub diyan machan
Mee series 1 iwara unaama patta dukak danuna.. Praneeth bro ge sub nathi una nam man mee series 1 balana 1k naa.. Season 1 e episode 1 ta daapu lipiya nisa balanna patan gatta kathaawa pissuwen wage 1 digatama baluwa.. Godak thanks bro.. A wagema mathak karanna oni sub parakku nokara porondu unu widiyatama deepu bawa.. Jaya wewa bro.. Thawath rahas pareekshaka kathaawak hoyala sub denna…
Budusaranai….!
☺
එල ඈ..
මේතෙක් දාපු කොමෙන්ට් ටික කියවලා තමයි මගෙ කොමෙන්ට් එක දාන්නෙ.
ඇත්තටම හොද අදහස් ටිකක් ලැබිලා තියෙනවා.
එකට හේතුව විදිහට මම දකින්නෙ එකක් මේ කතාවේ සාර්ථකත්වය, අනික තමයි ඔයා එකක්වත් මග නොහැර මේ දක්වා කතාව සුපිරි විදිහට සබ් ටික දීම. (ඇත්තටම සුපිරි විදිහට.)
කතාව හැමදාම බලන අයගෙන් ලැබෙන සහයෝගය අඩු උනත් මේ දක්වා ආපු එක අගය කරන්න ඔනේ.
අන්තිමට එකම ඉල්ලිමයි තියෙන්නෙ, සබ් දෙන එක නවත්තන්න එපා.
තවත් සුපිරි කතාවකින් මුන ගැහෙමු.
ජය වේවා. !
ela mchan ela uba niyamai bn digatama kathwa elatama dunna…………………########
downloads adui kiyala kathawa nawatthuwe na …
annna ekaii mchan respect eka
thnxx mchan obata digaaayu
karaana works okkama elatama success wewa JAYA WEWAAAAA@@@@@@@@!!!!!!!!!
thanks mcn sub digatama dunnata.
mama asama tv serious ekak meka.
thanks.
ehema nathnan ”Arrested Development” kiyana tv series eka dennako.
thanks saho sub ekata. puluwannam the office kiyana tv series eka dennako.
නියමයි
බොහොම ස්තූතියි සහෝ මග නතර කරන්නේ නැතුව දිගටම මේකට සබ් ලබා දුන්නාට….
😛
ළඟදීම යාලුවෙක්ගෙන් ලැබෙන්න තියෙන නිසා දැනටම ඔක්කම සබ් අරගත්තා..…… 🙂
ඉක්මනින්ම ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
මෙච්චර කල් මේ ඔක්කම sub දුන්නට thanx.තැනින් තැන හිතුන වෙලාවල් වලට දෙන නැතිව දිගටම දුන්නට ගොඩක් පිං
thanks mithtraya meka maga nawaththanne nathuwa apeta degatama dunnata. mama wada arela gedara enne ada yaluwa sub dala athe kiyala hethe thiyagena mama me kathawa godak asawen baluwe ayemath godak sthuthi yaluwa.
මචං මට උඹව මතක තියෙන්නෙ කාරණා දෙකක් නිසා. එකක් තමා මේ කතාමාලාවට මාව ඇබ්බැහි කරපු කෙනා විදියට. අනික තමා මේක ප්‍රතිචාර ගැන නොහිතා දිගටම දීපු හින්දා (එහෙම කරන්න කොච්චරනම් හිතක් තියෙන්න ඕනද කියලා මම හොඳටම දන්නවා. 🙂 ) උඹේ ලිපි හා උපසිරැසි නොවෙන්න මම මේක නොබලන්න ඉඩ තිබ්බා. එහෙම වුණානම් වෙන්නෙ හෙනම අපරාධයක් තමා. තාම නම් මම බලන්නෙ 3 වෙනි අදියර වුණාට මම ඉතුරු ඒවත් බාගෙන ඉන්නෙ. තියෙන වෙලාවත් එක්ක මෙච්චර බලපු එකත් ලොකුම පුදුමයක් එක අතකට. පැට්‍රික් ජේන්, ලිස්බන් ඇතුලු පිරිස වගේම ප්‍රණීත් රණසිංහ කියන නමත් සදා මතකයේ රැදේවී සුපිරි වැඩකාරයෙක් විදියට. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසි වලට. ජය෴෴ 😛 😛
thnks machan මේ සීරියස් එක තමා එක කොටසක් නෑර මං බැලුවේ ඉවර වෙනකම්.
උඹ සබ දුන්නේ නැත්නම් මෙහෙම පට්ට සීරියස් එකක් හම්බ වෙන්නේ නෑ..
සුපිරියි තැන්කු වේවා.
මේ වගේම සුපිරි ටීවී සිරිස් එකක් ඉක්මනටම හොයාගෙන සබ දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එකෙන්ම
බොහෝම ස්තුතියි මම බලපු කතා වලින් හොඳම කතාවක් තම මේක, හැම කොටසක් ගානෙම comment එකක් දාන්න නම් බැරිඋනා.
නැවතත් බොහෝම ස්තුති.
thanks praneeth saho math meka ahamben bewe niyama kathawa meka mgen thawa hathara pas denek illagena beluwa eyalath oyata thanks karanawa oya patta wada karayek ayeth thanks wade iwara web]naka kala maga neweththuwe ne mm godeak baya una coment adu weddi oya meka maga nawathwai kiyal ath eheme ale ne.oya karana wadath ehema karanna oyata suba anagathayk welawak thibunoth me wage lassana kathawak karanna api wenuwen ayeth goodaaak sthuthi
tankz machan
balpu pattama series ekak godak pin
ane iwarath unada????ayyooo man hari asawen balapu ekama tv series eka meka….mata hamadamath cmnt karanna nam bari una.ekata sorry…kohoma unath methek dawasak apita me widiyata eka digata sub dunnata thank you very much…ane ikmanatama thawathh me wagema lassana story ekak denna.wish you all the best…..
බොහොමත් ස්තුතියි සහෝ
තව තවත් සිංහල උපසිරැසි ඉදිරියටත් ලබා දෙන්න ශක්තිය ලැබෙවා
සබට තුති සහෝ !!!!
නියම tv සිරිස් එකක අවසානය තෙක් අපව රැගෙන පැමිණියාට හද පිරි ප්‍රණාමය !!!!!
Hamada cmt kre nam ne. Habei series eka cmplte beluwa. Thank You Verymuch mcho………
tnx mchn godak……patta tv series 1k iwra una 1k gana dukai monva karnnada …..
obata jaya…………….
thanks saho godaaaaaaak……………supirima tv series ekakata sub dunnata….hamadama comment nokarath oyage mahansiyata api hamadamath hadawathinma thuthi pudanawa…………………………….
supiri mchn.godak sthuthi sub valata.niyamai.
මෙතුවක් දවසක් කට්ට කලා ..
හැමදාම වගේ sub එකක් දෙන්න වටිනා කාලය වගේම
හැකියව , ශක්තිය වැය කරලා
සහෝ ඔයා කරපු මේ වැඩේ නම් පට්ට සුපිරි
අයේ ඉතින් ඒ ගැන කියන්න වචන නැ ..
ඉතින් ඒ හැම දේකටම ගොඩක් ස්තුට්ති
මේ වගේ දිගටම sub කරන්න ශක්තිය දහිරිය ඔබට නොඅඩුව ලැබේව ,,
එහෙනම් සහෝ ඔබට
ජයවේවා. 😀 😀 😀
well done……PRANEETH saho…methuwak kalayak purawata The Mentalist api wenuwen genawata..Thankzzzzzzzzzzzzzzzzzzz……… comment adu una bawa aththa saho.me lankawa ne….comment adu una kyla kala me sewaya sahena watinawa….Great work & Lot of thanks.idiriyatath me wge thawa sub karanna shakthiya labewa.jayen jaya……
thanks saho awasan wenakam metek dura genawata ubata jayen jayama wewa…
බොහොමත් ස්තුතියි සහෝදරයා,පලවෙනි එපිය දීපු දවසේ ඉදන්
බලන්න ගත්තු සිරිස් එකක්,අන්තිමට තිබ්බ හදිසිය නිසා සබ් දෙන්න කලින්
සීසන් 6 ක් ම බලලා ඉවර කරා,සීසන් 7 ඔයාගේ සබ් එක්ක බලන්න උනේ නැ
මොකෝ එපිය එනකම් බලාගෙන ඉන්නේ,ආපු කමන් කඩ්ඩත් එක්කම බලලා ඉවර කරනවා
ඒ තරමට වහ වැටිලා උන්නේ මේ කතාවට,මේවැනි කථාවක් අපිට සමීප කිරීම ගැන ස්තුති වන්ත වෙනවා
ඔන්න මේ එපිය නම් ඔයාගේ සබ් එකත් එක්ක බලන්නේ,සබට බොහොම තුති සහෝ
තවත් මෙවැනිම සිරිස් එකකට අත ගහමු නේද..? 😉 ජය වේවා!! 😛 😛
බොහෝම ස්තුතියි ප්‍රණිත් සහෝ!!!!!!!!!!!!!!
ඉදිරියටත් වැඩි වැඩියෙන් සබ් කරන්ඩ ශක්තිය දෛර්ය ලැබේවා……….
සමාවෙන්න ඕනෙ කොටසින් කොටසට කොමෙන්ටුවක් දාන්න බැරි උනාට
බලපු හොදම ට්ව series වලින් එකක්. Thank You වේවා
බොහෝම ස්තූතියි බොහෝම පින්..සබ් දෙන එක නවත්වන්න එපා..
එළ එළ ප්‍රණිත් සහෝ
ජය වේවා!
බොහොම ස්තුතියි සහෝ! මං මේ කතාව පළවෙනි කොටසේ ඉඳන් එකක් නෑර සීසන් 7ම බැලුවේ ඔයාගෙ සබ් දීම නිසා. සමාවෙන්න ඕනෙ කොටසින් කොටසට කොමෙන්ටුවක් දාන්න බැරි උනාට. අගේ කරන්න වටිනා වැඩක් ඔයා කලේ. මෙහෙම සබ් හදනවා කියන්නෙ ඉතිං ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා අපි දන්නවා. වෙලාවක් තියේනම් තවත් අලුත් ටීවී සීරියස් එකක් සබ් කරලා අරගෙන එන්න. ඔබට ජය!!!!
බොහොම ස්තුතියි. මේ tv series එකට sub දුන්නාට. අන්තිම වෙනකම් දිගටම බැලුවා. මාත් බැලුව පට්ටම tv series එකක් තමයි මේක. එළ සහෝ ජය වේවා!!!!!!!!!!!!
සහෝ ප්‍රණීත්………
මම මෙන්ටලිස්ට් බලන්න ගත්තේ S01 E01 දාල තිබ්බ ලිපිය දැකල.
මම පිස්සුවෙන් වගේ බලපු කතාවක් උනා මේක. හරිම දුකය් ඉවර උන එක ගැනනම්.
අනිත් ඒවත් එක්ක බලනකොට මේක බලපු අය අඩු උනත් දුන්න වචනේ ඒ විදියටම
තියාගෙන අපිව අතරමන් නොකර අවසානය දකිවා ගෙනාවට බොහොම ස්තුතිය් සහෝ.
කිසිම වාසියක් නැතිව, Comment එකකින් පමණක් සැහිමට පත්වෙලා
කාලය, මහන්සිය අපි වෙනුවෙන් වැය කරමින් මේ කරන වැඩේට ගොඩක්ම පින්.
The Mentalist කියනකොට ”පැට්‍රික් ජේන් ” වගේම “ප්‍රණිත් රණසිංහ” වත් අනිවාර්යෙන්ම මතක් වේවි සහෝ.
සෑම අවසනයකම ආරම්බයකට හේතුවක් කියනවනේ.
Mentalist වගේම හොද කතාවක් අපහු ගෙන්න සහෝ.
තව තවත් සිංහල උපසිරැසි ඉදිරියටත් ලබා දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
Thax bro …. api wenuwen me karapu deta.. api balaporoththu wenawa me wagema fun katawak ekka api hamu wei kiyala
…. thax….. 🙂
Thanks praneeth.
patta machan.samaharak aya wage magin nawaththanne nathuwa digatama adagena giyata thanks 🙂
බොහොම ස්තුති . මුළු series කලින් බැලුවා දැන් ආයිත් සිංහල sub එක්ක බලවා season 4 ඉදලා.
සිංහලෙන් sub දීපු නිසයි බැලුවේ මුලින්ම. එත් බලපු හොදම ට්ව series වලින් එකක්. Thank You වේවා
බොහොම ස්තුතියි සහොදරය.. මේ කතාමාලාව ඉවර වෙනකම් ලබා දුන්නාට : )
meka mula edala ewara wenakam epa wenne nathuwa baluwa.
oya translate karapuwath niyametama thibuna.
meka ewara una eka gana nam dukai.
digatama sub dunnata godak godak thanks…..
thnkz mcn
සහො, කියන්න වචන නෑ ..බොහෝම ස්තූතියි බොහෝම පින්..සබ් දෙන එක නවත්වන්න එපා..
එළ එළ ප්‍රණිත් සහෝ
ජය වේවා!
Thanks saho…
සහො, කියන්න වචන නෑ ..බොහෝම ස්තූතියි බොහෝම පින්..සබ් දෙන එක නවත්වන්න එපා..
තව එකකට සබ් දෙන්න පටන් ගන්න..නැවතත් බොහෝම ස්තූතියි..
(මට නම් ටිකක් දුකයි..tv series එක ඉවර හින්දා..)
මීට කලින් එකම වතාවයි කතාවක් ඉවර උනා කියලා දුකක් දැණුනේ.
ඒ ප්‍රිසන් බ්‍රේක් කතා මාලාව.ඊගාවට මේක තමයි.
සබ් එක පරක්කු වෙනකොට වෙන ඒවයි නම් කඩ්ඩෙන්ම කාගෙන බැලුවා, ඒත් සබ් එකේ තිබ්බ ආතල් එක හන්දා මේකෙ නම් ඔක්කොම සබ් එක්කම තමයි බැලුවේ.
එළ. බොහොම ස්තූතියි.තව මේ වගේ වැඩකට අත ගහමු නේහ්? 😉
Man kiyanna oni welaa thibunu adahasama Lasa bro kiyala thiyenawa… A adahasa nam aththama thamai….
එළ එළ ප්‍රණිත් සහෝ
ජය වේවා!
අයියෝ………..මේක ඉවරයිද? මේ වාගෙ දිග series එකක ඉවර කර කියන්නෙ අත්තටම උබ වැඩකරයෙක් මචෝ………tnx අපි වෙනුවෙන් ඔයාගෙ වටින කාලය කැප කරල කරපු මෙදේට…………..ආයේ අලුත් series එකක් අරන් එන් නැද්ද?හැබැයි මේ වාගෙ long series එකක් තමයි අපිට ඕනෙ………..ජය වේවා සහො…….
Fringe tv series එකට sub කරමුකො සහො ඉවර වෙන්ඩම ඇවිල්ල තියෙන්නෙ..season 5 ක් තියෙනවා
බොහොම ස්තුතියි…
The Musketeers සීසන් 2 එකට සබ් දෙන්නකෝ පුලුවන්නම්…
දැන් කොටස් 6 විතර ගිහිල්ලා….
අයියෝ මේක ඉවරයි කිවුවම දුකත් හිතෙනවා.මන් ආසම tv series එකක් තමයි මේක.මේ කතාවේ රසවත් බව වැඩි උනේ ඔයාගේ සබ් එක නිසාම තමයි.ගොඩක් පින් සහෝ….ඉදිරියටත් වැඩි වැඩියෙන් සබ් කරන්ඩ ශක්තිය දෛර්ය ලැබේවා………….
බොහෝම ස්තුතියි .
ගොඩක් ඉස්තුති සහෝ මේකේ sup එක දිගටම දුන්නට ජය වේවා !!
ela ela
thnx mchn
thnks mcho…. tv series eka baluwe ubata pin sidda wenna thma… jaya wewa…….
adooooooooooooo adin kthwa iwrada. 🙁 (athramn nkra digtma dunnata thnks mchn)