The Last Days of American Crime (2020) Sinhala Subtitle | අවසාන මංකොල්ලය… [සිංහල උපසිරැසි]
ඔන්න එහෙනම් සුපුරුදු පරිදි මේ අරගෙන එන්නෙ ”නෙට්ෆ්ලික්ස්” චිත්‍රපටයක් සමඟයි. හැබැයි මේක ටිකක් විශේෂ චිත්‍රපටයක් වෙනවා. මොකද කිව්වොත් මේක ”කොමික් බුක්” එකක් පාදක කරගෙන තමයි නිර්මාණය කරන්නෙ. ඇත්තම කිව්වොත්, මෙවැනි චිත්‍රපට දකින්න ලැබෙන්නෙ හුඟක් කලාතුරකින්. ඒවගේම තමයි මේක ”ග්‍රැෆික් නවල්” එකක් ලෙස තමයි යන්නෙ. ඒ කියන්නෙ හුඟක් සාහසික දර්ශන ඇතුලත් වෙනවා. සරලවම කිව්වොත් 18+ ගණයට. ඉතිං මෙහි නිර්මාතෘවරයා වෙන්නෙ ”Rick Remender” ය. පහතින් දකින්න ලැබෙන්නෙ ඔහුගෙ ජයාරූපයක්.
~ නිර්මාතෘ වෙන Rick Remender ~
ඒවගේම තමයි ඔහු මේවා විතරක් නෙමේ Seven to eternity l Uncanny X-Force: Deathlok Nation l Uncanny X-Force: Otherworld l The Delirium of Hope වැනි කොමික් බුක් ගණනාවක නිර්මාතෘවරයෙක් වෙනවා. ඉතිං ඔයාලා කොමික් බුක් වලට කැමති පුද්ගලයෙක් නම් මොහුගෙ නම සර්ච් කරලා කිහිපයක්ම හොයාගන්න හැකියාවක් ලැබෙයි.ඉතිං ඔහු මෙලෙස නිර්මාණය කරපු ”The Last Days Of American Crime” එකෙ කොමික් බුක් එක තමයි පහලින් දකින්න ලැබෙන්නෙ.
~ The Last Days Of American Crime ~
ඔන්න ඉතිං කොහොමහරි නෙට්ෆ්ලික්ස්ලා මෙය පාදක කරගෙන චිත්‍රපටයක් ගහනවා කියලා 2018 වර්ෂයෙම සඳහනක් කරනවා. මේක අද දවසෙදී ආපු ගමන් නිසා IMDb අගය නිශ්චිතව කියන්න බැහැ. මොකද වෙනස් වෙන සුළුයි. ඒවගේම තමයි කුණු තක්කාලි අගයත්. ඉතිං මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Olivier Megaton විසින්. ඔහුගෙ මීට පෙර නිර්මාණ වෙන්නෙ Taken 2 l Taken l Colombiana වැනි චිත්‍රපට. මං හිතනවා ඒ ටික බලලා ඇති කියලා. බලල නැත්තම් අදම බලන්න කියලත් කියනවා. පැය 2 යි විනාඩි 28 ක් දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Action | Adventure | Crime | Thriller යන කාණ්ඩ වලටයි. ඒවගේම තමයි රංගනයෙන් Édgar Ramírez l Michael Pitt l Anna Brewster l Sharlto Copley l Sean Cameron Michael වැනි නළු නිළියන් පිරිසක් දායක වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ”පුර්ව ප්‍රචාරක පටය” අනිවාර්යෙන්ම නරඹන්න කියලා තමයි. එහෙනම් දැන් අපි කතාවට පැත්තට හැරෙමුකො.
නුදුරු අනාගතයෙදී ඇමෙරිකාව අපරාධ ක්‍රියාවන් වැඩි වීමක් අරගන්නවා. සාමාන්‍ය මිනිහෙක්ට පාරේ බැහැල යන්නවත් බැහැ. හැමතැනම වගේ සාහසික ක්‍රියා සිද්ධ වෙනවා. බංකු මංකොල්ල කනවා. ඉතිං රජයෙ කට්ටිය මේකට විසඳුමක් අරගෙන එනවා. ඒ තමයි එක්තරා සංඥාවක්. මේකෙදි අපරාධ ක්‍රියාවන් කරන කෙනාට ඒවා කරන්න බැරි වෙනවා. ඒ කියන්නෙ මොළයෙ ලොකු බලපෑමක් වෙනවා. ඉතිං මේකට තියෙන්නෙ සතියකට වගේ කාලයක්.ඒවගේම තමයි බ්‍රික් කියන්නෙ මෙවැනි මංකොල්ලකරුවෙක්. ඔහු තමන්ගෙ මල්ලිගෙ මරණය නිසා හැමදෙයකින්ම වගේ පැත්තකට වෙලා ඉන්නෙ. හැබැයි දවසක් මෙයාගෙ මල්ලිගෙ යහළුවෙක් හොයාගෙන එනවා මංකොල්ලයක සැළැස්මක් අරගෙන. ඒවගේම තමයි රටින් පැනගන්නත්. පොඩි ගාණක් නෙමේ. ඩොලර් බිලියන ගාණක්. ඉතිං මෙයාලට හැකියාවක් ලැබෙයිද මේ වැඩේ කරගන්න? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ. ඒවගේම තමයි ඇතැම් දර්ශන හේතුවෙන් තනියෙම බලනවා නම් තමයි හොඳ වෙන්නෙ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11820 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother
Thanks for sub!
Thanks
meloo rahak na subtittle english srt sub eka convetor ekkin converty karalani dala tiyenne.
Thanks brother
Thankzz
Thanks
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
එලම සහෝ.
නිවන් සුව අත්වේවා මචං.
thanks a lot saho sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
gamma bro
Thanx bro..good luck….
good luck
Thank you very much & Good luck.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks jayawewa…..!
thanks sub ekata jayawewa…………….
බොහොම ස්තූතියි
thanks bro…
thanks..
bohoma sthuthi
Thanks malli
Thanks lot friend.
ස්තූතියි…
බොහොම ස්තුතියි සබ් එකට
තෑන්ක්ස් මචං සබ් එකට ජය වේවා
Sthuthi obata
බොහොම ස්තුතියි සහො උපසිරැසියට !!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
sub ekta jaya
Thanks brother….
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරියක් වගේ…
niyamai.. download karala nikamata search karala baluwe
සබට තුති රවිදුවා ❤️
bohoma sthuthi saho
Super film ekk sahoo pattama thnks for the subtitles..
❤❤