The Grudge 2 (2006) | ශාපලත් නිවස..!! [සිංහල උපසිරැසි සමඟ]
හොල්මන් චිත්‍රපටියක් බලමු ද? හොඳයි එහෙනම් ඔන්න මං ගෙනාව මගේ පස්වැනි උපසිරැසි නිර්මාණයට 2006 වසරේදි නිකුත් වුණු පට්ට පදිරි චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි Grudge 2. චිත්‍රපටියෙ නම බලද්දි ඔයාලට හිතෙනව ඇති මේක Series එකක් කියලා. ඔව් අපේ සහෝදරයෙක් මේකෙ පළවෙනි චිත්‍රපටිය වෙන Grudge එකේ සිංහල උපසිරැසිය දීල තියෙනවා. ඒක ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන්. පළවෙනි කොටස බලපු කට්ටියත් ඇති. ඒගොල්ලන්ට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. දෙවෙනි කොටස යන්නෙ ඇත්තටම කිව්වොත් පළවෙනි කොටසත් එක්ක එකතුවෙලා. එහෙම වුණා කියලා මේකෙ පළවෙනි කොටස බලන්නම ඕනෙ නෑ. දෙවෙනි කොටස හොඳටම ඇති තේරුම් ගන්න. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Takashi Shimizu ; ඒ වගේම මේකට ලැබිල තියෙන IMDb අගය 4.9 ක්. වැඩිය කතා කරන්න ඉස්සර වෙලා අපි චිත්‍රපටිය ගැන චුට්ටක් දැනගෙන ඉමු නේද?
අපි Grudge චිත්‍රපටියෙ පළවෙනි කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නෙ ජපානෙ තෝකියෝ වල තියෙන පැරණි ගෙදරකින්. මේ ගෙදර මීට ටික දවසකට කලින් භයානක මිනීමැරුමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ගැහැනියකුයි, දරුවෙකුයි සාහසික ලෙස ඝාතනය වීම. ඒ මිනීමැරීම සිද්ධ කරන්නෙ දරුවගෙ තාත්තා, ඒ කියන්නෙ අර ගැහැනියගෙ සැමියා. ගැහැනියගෙ බෙල්ල මිරිකලා කඩා දමලා, පොලිතින් කවරෙක ඔතලා ඒ ගෙදරම තියෙන අටුවක් අස්සෙ මේ සැමිය හංගනවා. දරුවව මරන්නෙ නාන තටාකෙ ගිල්ලවලා. මෙතනදි හොල්මන් කරන්න පටන් ගන්නෙ මේ කියන ගැහැනිය. ඇයට සිද්ධ වුණු අසාධාරණය නිසා, ඇය හැමෝගෙන්ම ඒකට පළි ගන්නවා. ඒ පළි ගැනීම සිද්ධ කරන්නෙ, මේ ගෙදරට යන එන හැමෝවම ඉතා බිහිසුණු ලෙස මරා දාලා. මරණ විදිහ හිතාගන්නවත් බෑ. මිනිස්සු කියන්නෙ මේ ගෙදරට යන හැමෝටම සාපයක් වදිනව කියලා. මේකට දරුණු ලෙසම බිලි වෙන්නෙ, කැරන් (Sarah Michelle Gellar) කියන ගැහැනිය. ඇය පස්සෙන් අර මැරුණු ගැහැනියගෙ ආත්මය එන්න පටන් ගන්නවා. පළවෙනි කොටස අන්තිමේදි, කැරන් මේ සිද්ධිය දැනගෙන, ගෙදර ගිනි තියන්න පටන් ගන්නවා. ඒත් ඒක ඉවර වෙන පාටක් නෑ.
දැන් තමයි Grudge 2 චිත්‍රපටියෙ දෙවෙනි කොටසට යන්නෙ, මෙතනදි මේ සිද්ධියට එකතු වෙනවා කැරන්ගෙ සහෝදරිය වන ඕබ්‍රි (Amber Tamblyn). ඇයත් මේ සිද්ධිය ගැන හොයා බලන්න පටන් ගන්නවා. චිත්‍රපටිය පටන් ගන්නෙ කිසිම තේරුමක් නැතිව. ඒත්, ඔයාලට අවසානය වෙද්දි, මේ හැම එකක්ම තේරුම් ගන්න පුළුවන්. මෙතනදි, කතා ගොඩක් අපිට බලාගන්න පුළුවන්. ඒත්, ඒවා පටන් ගන්නෙ එකම තැනකින්. ඇත්තටම කවුද මේ මැරුණු ගැහැනිය? ඇය මේකට සම්බන්ධ වෙන හැම කෙනෙක්වම මරන්නෙ තමන්ගෙ පලිය පිරිමහ ගන්නමද? මොකද්ද මේක ඇතුළෙ සැඟවිලා තියෙන රහස?
ඉතුරුටික බලන එක ඔයාට බාරයි. හැබැයි මම එකක් කියන්නම්, මේක රෑට නම් බලන්න එපා, අර ගැහැනියගෙ මූණ දැක්කහම නම් ඕන්නෑ.. :p
[button link=”http://tinyw.in/tN45″ type=”icon” “center” newwindow=”yes”] 750 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8052 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/YasH.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
බොහෝම ස්තූතියි සබ් එකට
thanks
සබට තුති කොල්ලෝ දිගටම මේ වගේ හොඳ ඒව දෙන්න
ela kollo.weldone
i like horror films very much.they are very scary!! when i’m watching them i feel i also with them and also the gruge had catched me!!! i love this film very much!!! 😀
The ghost in this movie is little weird…I mean scary….Anyway love this movie…Thanx saho..
mechchara kalekata apu horror film wlin wediyenma baya hithena film ekak. reta balanawa thiya hithannawath be. niyamai
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
සුපිරි මේකේ තුන්වෙනි එකත් දෙන්න, THE GRUDGE – 03 (2009)
නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Saho…
Thank you
ස්තුතියි යෂ්මික සහෝ සිංහල උපසිරසියට!
ජය වේවා!
thanks thanks
Elzzzzzzzzzzzzz machan
එල
සබට තුති
ඔබට ජය………………
එලකිරි සහො බොහොම ස්තුතියි 😛 😛 ජය
who are ypu??? from where are you???? ;D
ස්තුතියි සහෝ.
අම්මෝ හොල්මන්…
ස්තුතියි සහෝ.
ඔව් ඔව් හප්පේ හොල්මන්…:පී
you r very scared @ ghosts!! i know it very well!!!:lol: 😆
ela baluwada manda one ekak kiala banawa
බොහොම ස්තුතියි…!!! ^_^
නියමයි මචන් නියමයි !
මාර බයිස්කෝප් එකක්නෙ ගෙනත් තියෙන්නෙ .
දිගටම සබ් දෙන්න . සුභ පැතුම් ! 😀
ඔන්න ගත්තා මචෝ පලවෙනි එක බළලා තියේ
දෙවැනි එකත් බලමු අනිකත් ඉක්මනට දෙන්න පුළුවන්නම් හොදයි
තෑන්ක්ස් තෑන්ක් කස්ටියටම…..!!! තාම එක්කෙනයි බාල තියෙන්නෙ… දාපු ගමන්මනේ…
mea,kastiyama newei!!! kattiyama!! mama hithannenan oya massage daanna kalin sinhala literature improve keregenema dammoth hodai!!! 😆 😆 😆
patta machan. kiyala wadak na. sub ekata thanx 🙂
no thanx!!! 😆 😆
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂