MENU

18+ (TV)AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)බියජනක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Glory [S01: E16] Sinhala Subtitles | පළිගැනීමේ අවසන් අදියර! [සිංහල උපසිරැසි]

Rating: 8.6/10. From 13 votes.
Please wait...

 

ඔන්න එහෙනම් පොරොන්දු වුණු විදිහටම අපි මේ කතා මාලාව ඉවරයක් වෙනකල්ම ඉක්මනින් අරගෙන ආවා. කට්ටියට මතකද දන්නෑ මං පලවෙනි එපිසෝඩ් එකේ ලිපියෙදි කිව්වා මේ කතා මාලාව බලන්න ගත්තට පාඩුවක් නෑ, මුල ඉදන් අවසානය වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කියලා. කට්ටිය දැං ඒ කතාවට එකඟ වෙනවා ඇති නේද?… මේ කොටස නිකුත් වෙන්නේ ගිය මාර්තු දහ වෙනිදා, ඒ වගේම මේ කතා මාලාවෙන් මේ කොටසට තමයි IMDb වැඩිම අගයක් ගන්න සමත් වෙලා තියෙන්නේ, ඒ IMDb 8.6ක ඉහල අගයක්.

ඔන්න එහෙනම් හෙමින් හෙමින් කරගෙන ආපු මේ පළිගැනීමෙ අවසානයට අපි ඇවිත් ඉන්නවා. ඒ ආපු ගමන ගැන මං ආයෙ අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැයි කියල හිතනවා. කොහොම හරි දොන්ග්-යුන් මේ වෙනකොට සාරාගෙන් සහ හයි-ජොන්ගෙන් සම්පූර්ණෙන්ම පලිගෙන ඉවරයි. දැං ඉතුරු වෙලා ඉන්නෙ යොන්-ජින් සහ ජේ-ජුන්, හිටපු වසවර්තියෝම දෙන්නෙක්. ඉතින් මේ දෙන්නට එසේ මෙසේ අවසානයක් උරුම වෙන්න හොඳ නෑනෙ නේද? ඉතිං ඒ දෙන්නට වෙන දේත් මේ කොටසින් අපිට බලාගන්න හැකිවෙනවා. එහෙනම් දැං පළිගැනීම ඉවරද? නැහැ, එහෙම වෙන්නෑ. එකක් ඉවර වෙද්දි එකක් පටන් ගන්නවාලුනෙ. දොන්ග්-යුන්ගේ පලිගැනීම ඉවර වුණත් යෝ-ජොන්ගෙ පලිගැනීම තාමත් ඉතුරුයි. මොකද යෝ-ජොන්ගෙ ජීවිතේම මිහිපිට අපායක් කරපු එකා තාමත් හිරේ ඉන්නවා. ඒක යෝ-ජොන්ගෙ හිතට තදින්ම බලපාන දෙයක්. මොකද ඒ නරුමයා යෝ-ජොන්ගෙ තාත්ත මරපු එකට හේතුව ඔහු කියලා ඔහුට ඒත්තු ගන්නනවනේ. ඉතිං ඔහු ඒ වරදකාරී හැගීමෙන් මැරි මැරී තමයි ජීවත් වෙන්නේ. ඒ වරදකාරී හැඟීම ටිකක් හරි නැතිවෙන්නේ දොන්ග්-යුන් නිසයි. ඉතිං දෙන්ග්-යුන් මේ පාර යෝ-ජොන්ගෙ පළිගැනීමේ සහයකයා වෙන්න තීරණේ කරනවා. මේ පළිගැනීමත් මෙයාල කොහොම සිදු කරයිද කියලා මේ අන්තිම කොටස බලලාම දැනගන්නකෝ.

ඉතිං මං ආයෙත් කියනවා මගේ අදහසට අනුව කාලෙකින් බලපු හොඳ කොරියානු කතා මාලාවක් තමයි මේක, ඔයාලත් මඟ හැරගන්නැතුව මේක බලන්න කියලා මං ආරාධනා කරනවා. ඒ වගේම ස්තූති කරන්න ඕනෙ මේ කතා මාලාවට උපසිරැසි කරන්න එකතු වුණ, යුරාන් ධනුක/ මයුර සුරාජ්/ පවිත් විජේසූරිය/ රේණුකා සුභාෂිණී/ දිනිදු සම්පත්/ නයන බුද්ධික යන සහෝදර සහෝදරියන්ට සහ මේ වැඩේට ලොකු සහයෝජයක් දුන්න විමා අයියටත්. එහෙනම් ආයෙත් මේ වගේම ලස්සන නිර්මාණෙකින් හමුවෙමු. ජයවේවා!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3219 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Next BT1

All BT1

 

 

22 thoughts on “The Glory [S01: E16] Sinhala Subtitles | පළිගැනීමේ අවසන් අදියර! [සිංහල උපසිරැසි]

  • meke season 2 wlata sub denn puluwada?

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dineth Kanishka

    උපසිරැස දුන්න ඔක්කොටම ස්තුතියි.

    Reply
  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • lakmal karunathilaka

    wadiya korean balanne na
    meka asawen baluwa
    sub krapu hamotama godak thanks

    Reply
  • lahiru Bandara

    Kalekin Dunna Supirima Series Ekak. Asewen Baluwa. Thanks hamadenatama.

    Reply
  • ඉක්මනින්ම සබ් දුන්නට පට්ටම තැන්ක්ස් බයිස්කෝප් සෙට් එකටම
    ආපහු මේ වගේ සුපිරියක් ගේමු
    ජය වේවා බයිස්කෝප්

    Reply
  • Thanks for all subtitles

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • සබ් දීපු ඔක්කොටම තැන්ක්ස්

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Nayana Buddhika

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට වගේම කතාමාලාවටත් මාව සම්බන්ධ කරගත්තට බොහෝම ස්තූතියි සහෝ.
    ඉස්සරහටත් මේ වගේ සුපිරි වැඩක් කරමු.
    ජය වේවා !!!

    Reply
  • ස්තූතියි අයියේ අවසන් එපියටත් උපසිරසිය ලබා දුන්නට… ❤️

    Reply
  • උපසිරසිවලට තුති

    Reply
  • තැන්ක්ස් සබ් දුන්න ඔක්කොටම

    Reply
  • Sung Jin-Woo

    මේ සීරිස් එකට සබ් දුන්නට ගොඩක් තෑන්ක්ස් හැමෝටම. ඒ වගේම පහුගිය අවුරුද්ද පුරාවට පාලුවට ගිහින් තිබ්බ කොරියන් සබ් වලට ආයෙ පණ ගහල පටන් ගත්තු එකට ඊටත් වඩා තෑන්ක්ස්. තව කොරියන් සීරිස් එකකට ඉක්මනට සබ් දේවි කියල බලාන ඉන්නවා. ❤️❤️❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *