The Girl in the Spider’s Web (2018) with Sinhala Subtitles | මකුළු දැලක සිරවූ යුවතිය…. [සිංහල උපසිරැසි සමඟ]
ස්වීඩන් ජාතික Stieg Larsson විසින් රචිත නවකතා මාලාවක තවත් කොටසක චිත්‍රපට ආගමනය සමගින් තමයි අද අපි මේ මුණ ගැහෙන්නේ. ඇත්තටම 2005 වසර තුල ස්වීඩනය තුල ඔහුගේ මේ කෘතිය ඉතාමත් සීඝ්‍රයෙන් අලෙවි වාර්තා තබමින් විකුණුන නවකතාවක් උනා. ඔහු මුලින්ම රචිත පොත උනේ Män som hatar kvinnor හෙවත් Men Who Hate Women (2005) නමැති කෘතිය සමගින් මෙම නවකතාකරු පාඨකයන් අතර ජනප්‍රිය වීම ආරම්භ උනා. පසුකාලීනව මේ පොතම ඉංග්‍රීසි අනුවාදනයක් ලෙසින් The Girl with the Dragon Tattoo නමින් 2008 වසරේදී ප්‍රකාශයට පත් උනා. ඔයාලට මතක නම් මේ නමින්ම චිත්‍රපටයක් පවා 2011 වසරේදී නිකුත් උනා. බලන්න බැරි උනා නම් The Girl with the Dragon Tattoo (2011) මෙන්න තියනවා සිංහල උපසිරැසි සමගින්ම. විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. මෙච්චර ජනප්‍රිය උන පොතක් ලියපු Stieg Larsson ඔහුගේ කෘති වලට ලැබෙන ජනප්‍රියතාව සියැසින් දැකගන්න බැරිවෙන්න තරම් අවාසනාවන්ත පුද්ගලයෙක්. ඇත්තටම ඔහු මේ කතා මාලාව පොත් 10 කින් සමන්විත පොත් මාලාවක් ලෙසටයි සැලසුම් කර තිබුනේ. නමුත් 2004 නොවැම්බර් 09 දින පඩිපෙලක් නගින අතර තුරදී ඇති උන හෘදාබාධයකින් ඔහු මිය යන්නේ මේ පොත් 10 කතා මාලාවේ පොත් 3ක් පමණක් අවසන් කර ඇති අවස්ථාවකදී. ඒ අවස්ථාව වන විට එහි මුද්‍රණය සඳහා සියල්ල සූදානම් කර තිබුනා. නමුත් තමන් රචිත පොතක පිටකවරය පවා දැකගන්න මේ රචකයාට වාසනාව ලැබී නැහැ. මේ පොතේ ජනප්‍රියත්වය හේතුවෙන් 2006 වසරේදී Flickan som lekte med elden හෙවත් The Girl Who Played with Fire නමැති දෙවන කෘතිය පාඨකයන් අතරට පැමිණියා. මෙයද 2009 වර්ෂයේදී සිනමාකරණය උනා. The Girl Who Played with Fire (2009) තමයි ඒ චිත්‍රපටය. පසුව නිකුත් උන පොත නිකුත් උනේ 2009 වසරේදී Luftslottet som sprängdes නමින්. මේ කෘතියම ඉංග්‍රීසි භාෂාවෙන් The Girl Who Kicked the Hornets’ Nest නමින් නිකුත් කෙරුනා. මේ පොතද The Girl Who Kicked the Hornets’ Nest (2009) නමින් සිනමාකරණය උනා.
පසුව ලාර්සන්ගේ අභාවය සමඟින් ඊළඟ පොත එනම් මේ කතා මාලාවේ සිව්වැන්න අවසන් කොට තිබුනේ යම් ප්‍රමාණයකට පමණයි. කොටසක් පමණක් නිමවූ ඒ පොත තිබුනේ ලාර්සන්ගේ නෝට්බුක් පරිගණකයක් තුල වන අතර එය ඔහුගේ බිරිඳ වන Eva Gabrielsson සතු උනා. පසුකාලීනව Millennium series හෙවත් මේ පොත් මාලාව දිගටම රචනා කිරීමට David Lagercrantz හට පැවරුණා. නමුත් ලාර්සන්ගේ බිරිඳ සතු අඩක් නිම කල කොටස අවසන් කිරීමට ඔහුට ලැබුනේ නැහැ. 2015 වසරේදී දස වර්ෂ සැමරුම වෙනුවෙන් මේ කතා මාලාවේ සිව්වැන්න Det som inte dödar oss හෙවත් The Girl in the Spider’s Web කෘතිය එලි දැක්වුවා. අද අපි මේ නරඹන්න යන්නේ ඒ කෘතියට අදාළ වූ සිනමා කෘතියයි. පසුව 2017 වර්ෂයේදී තවත් කෘතියක් එලි දක්වනුලැබූ අතර Mannen som sökte sin skugga ස්වීඩන් නාමයෙන්ද පසුව The Girl Who Takes an Eye for an Eye නමින්ද ඉංග්‍රීසි භාෂාවෙන් මේ කෘතිය පාඨකයන් අතට පත් උනා. බොහෝ දුරට ඉදිරි අනාගතයේදී පොතද සිනමාකරණය වේවි. මීට අමතරව Noomi Rapace රංගනයෙන් දායක වන කොටස් 6 කින් සමන්විත ටෙලිකතා මාලාවක් Millennium නමින් රූපවාහිනී තිරය මතින් ප්‍රේක්ෂකයන් අතට පත් උනා. ඊට අමතරව 2011 වසරේදී The Girl with the Dragon Tattoo (2011) සඳහා Best Achievement in Film Editing වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් පවා හිමිකරගන්න සමත් වෙලා තිබෙනවා. මේ තමයි ඔබට මේ කතා මාලාව ගැන දෙන්න පුළුවන් මතකාවර්ජනය.
මොකද්ද මේ කෙල්ලෙක් සම්බන්ධ කතාව? ඇත්තටම ඔබ මේ පොත් වලට හෝ කලින් සිනමා කෘතියක් නැරඹු කෙනෙක් නම් ලිස්බෙත් සැලන්ඩර් කියන්නේ නොදන්නා නමක් වෙන්න බැහැ. ඒ වගේම මිකායෙල් බ්ලොම්ක්විස්ට් කියන්නේ මේ චරිතය සමඟින්ම මේ කතා මාලාව තුල ජනප්‍රිය චරිතයක්. අද මේ ගෙනෙන චිත්‍රපටය තුලත් මේ චරිත දෙක ඔබට දකින්න ලැබෙනවා. ලිස්බෙත් කියන්නේ කොයිවගේ චරිතයක්ද කියනවා නම් ඇය දක්ෂ හැකර් කෙනෙක්. සමාජයේ කාන්තාවන්ට හිංසා කරන ධන කුවේරයෝ කාන්තාවන්ට කරන හිංසා වලට දඬුවම් දීල ඒ කාන්තාවන්ට යුක්තිය සාධාරණය ඉටු කරන විසි එක්වන ශත වර්ෂයේ රොබින් හුඩ් කෙනෙක් කිව්වොත් වඩා නිවැරදියි. මිකායෙල් කියන්නේ මාධ්‍යවේදියෙක් ඔහු සහ ලිස්බෙත් දෙන්නා ගොඩක් සමීපව මේ දේවල් හා සම්බන්ධ වෙනවා. ඉතින් අද කතාව ලිස්බෙත්ගේ අතීතයට සම්බන්ධයි. ලිස්බෙත් ගේ අතීතය ඇය පසුපස හඹා එනවා ඇයටත් නොදැනීම. හැකර් කෙනෙක් විදිහට ලිස්බෙත්ට ලැබෙනවා ටිකක් අපහසු කාර්යයක්. ඒ තමයි ලෝකයේ අන්තර්ජාලය හරහා පාලනය කෙරෙන නවීන න්‍යෂ්ඨික ආයුධ පද්ධති තනිවම පාලනය කල හැකි වැඩසටහනක පාලනය සොරා ගැනීම. මේ සඳහා අයට සිද්ධ වෙනවා ඇමෙරිකානු ආරක්ෂක අංශ සමඟ පැටලෙන්න. ඉතින් මේ හැම දෙයක් පසු පසම සිටින්නේ ඇය අතහැර දැමු ඇයගේම අතීතය. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා IMDb අගය 6.1 වූ Claire Foy රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය නරඹන්න කියල. එහෙනම් ඔස්කාර් සලරුවකින් මීළඟට මුණ ගැහෙමු. ජය !!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
SInhala Subtitles
-- Count 10907 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
The Girl Who Played with Fire Sinhala sub one
thanks wewa saho sub ekata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
ELA
Thankz bro
Thank You!
Thanks…
Thanks for Sub!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks for the sub
thanks …………………..
සබ් එකට තෑන්ක්ස් සහෝ
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
Ela…
Thanks for the sub
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
thanks bro…
pattama… thanks. loku sewayak karanne oyala
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Thnks machan..
Godak Sthuthi weva sub 1ta….!!! Jayaweva…..!!!! Nice job…!!!
Thanks
Thanks
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
jaya
Thnx saho jaya wewa!!
බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි
Thnx…….
Thank you bro sub ekata…
Jaya wewa!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
නියමයි ටිකක් සථ්‍යකුබ්බ ජාතකය වගේ..හැම දේමාපියාම බලලා රටට හොද පරම්පරාවක් හදන්ඩ හිතට ගන්ඩ ඕනේ..අසරන දරුවා අකමැත්තෙන් උනත් අනුකරනය කරන්නේ දෙමාපියන් තමාට කියලා කොන්දක් නැතිනම්
thanks bro
thank you bro..
Thank you
Ela bro
Thanks ayye..
Ela ela
meka dounlode karanne kohomada brp
tnx bro
Thanx bro….
bohoma sthuthiy!
thanks for subtitle
thank you so much brother
thanxx bro……….
Thanks
thanks bro…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහෝම ස්තූතියි හසා අයියේ උපසිරැසියට…
නියම ලිපිය නොවැ තියෙන්නේ..
මගේ මුල්ම සබ් එක වෙන The Girl With The Dragon Tatto 2011 මතක් කරාට ස්තූතියි..
ජය වේවා …!!!
Sub ekata thanks saho
subata thanks saho…keep it up
niyamaaaaaayi
බොහොම ස්තූතියි හසා අයියේ සබ් එකට…. ජය වේවා…!!
super akak wage thanks saho budu saranai
hasantha bro thanx oya uda kiyala thiyena anith film dekata \th sub denna adahasak thiyenawada lipiya kiyewwahama anikwath balanna hithuna
Thanks…………..
Thank you bro
Thank you so much
THanks
උපසිරැසියට ස්තුතියි සහෝදරයා


Thanks
thank you for the subtitle.
නියමයි සහෝ…පට්ට ෆිලුමක් කාලෙකින්…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…
Great bro my like you adeas
ස්තුති හසන්ත සහො …..
thnak for sub
thank you broo…
ela saho thanks
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro obata jaya. …
Thanks bro
ELane
The girl with the dragon tatto movie eka patta movie ekak. mekath ewage ekak wagei. sub deela nethi ithiri movie tikatah sub dennako. baiscope ekata sada jaya.
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
පට්ට තැන්ක්ස්
බොහොම ස්තුතියි හසන්ත අයියේ උපසිරසට