අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleUD Shehanඉංග්‍රීසිකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටවික්‍රමාන්විතසිංහල උපසිරැසි

The Even Stevens Movie (2003) Sinhala Subtitles | දූපතක හිරවෙලා වියරුවැටෙන පවුල [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 5 votes.
Please wait...
The Even Stevens Movie (2003) Sinhala Subtitles
ඔන්න එහෙනම් තවත් පරණ විනෝදකාමී හොලිවුඩ් ෆිල්ම් එකක් අරගෙන ආවා. Disney Channel එකෙන් තමා මේක නිකුත් කරලා තියෙන්නේ. අපි කවුරුත් දැකලා හුරුපුරුදු Shia LaBeouf මේකේ ඉන්නවා, Transformers (2007) ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවලා ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්ත කොල්ලා තමා ඒ. පැයයි විනාඩි 34ක කාලයක් ධාවනය වෙන මේ චිත්‍රපටිය Family/Comedy ගනයට වැටෙන එකක්. මේ නිසා පවුලේ හැමෝටම එකට ඉඳගෙන මේ චිත්‍රපටිය බලතහැකි.
 
ස්ටීවන්ස් පවුල දැන් පිටත්වන්නේ ඔවුන්ගේ බැඳීම් පරීක්ෂා කරන, ඉවසීම අභියෝගයට ලක් කරන, 
ඔවුන් එකිනෙකාට වඩාත් සමීප කරන සහ ඔවුන්ව වෙන් කරන අත්දැකීමකට මුහුණ දීමටයි.
 
ඇමරිකානු පවුලක් වෙන ස්ටීවන්ස් පවුල දකුණු පැසිෆික් දූපතක් වන මැන්ඩලිනෝ වෙත සියලු වියදම් දරන නිවාඩු සංචාරයක් නෝමිලේ දිනාගන්නවා. මෙයාලගේ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා, එක කෙල්ලයි කොල්ලෝ දෙන්නයි. ඉතින් මේ පවුලේ අම්මා තාත්තා මේක තමන්ට ලැබුණ හොඳ අවස්ථාවක් කියලා හිතලා මේ ගමන යන්න පිටත් වෙන්න තීරණය කරනවා. මේ දූපතට ගියාම බොහොම උණුසුම් ආදරණීය පිළිගැනීමක් ස්වදේශික දූපත් වාසීන්ගෙන් මෙයාලට ලැබෙනවා. මෙයාලා හොඳ විනෝදයෙන් සාමකාමීව මේ දූපතේ කල් ගෙවමින් ඉන්නවා. ඒත් දවසක් මේ පවුලේ ඉන්න බාල කොල්ලා ලුවීස් කරන එක වැඩක් නිසා මුළු ස්ටීවන්ස් පවුලම එක මොහොතින් කබලෙන් ලිපට වැටෙනවා. මෙයාලට ආයේ ගෙදරවත් යාගන්න බැරුව මේ දූපතේ හිරවෙනවා. දවස් ගෙවෙනවත් එක්ක මෙයාලට කන්න කෑමක්වත් නැතුව යනවා. මේකෙන් මේ පවුල වියරුවැටිලා වගේ එකිනෙකා කටයුතු කරන්න ගන්නවා. පවුලේ වැඩිමල් දියණිය රෙන් මේ දූපතේ අභිරහස් දූපත්වාසියෙකු එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගන්නවා, මේකෙන් මේ කතාවට නව මානයක් එකතු කරනවා. අවසානයේ එක ලොකු බොරුවක් ගැන මේ පවුල දැනගන්නවා. ඒකෙන් මේ හැමදෙනාම පුදුම වෙනවා.
 
කොහොමද මෙයාලා එකපාරටම මෙහෙම සංචාරයක් දිනාගන්නේ ? ලුවීස් මොනවා කරලද හැමදෙනාවම එහෙම අමාරුවේ වැට්ටුවේ ? 
මොකක්ද මේ ලොකු බොරුව ? මෙයාලට මේ දූපතෙන් ගැලවිලා යන්න පුළුවන් වෙයිද ?


උත්තර දැනගන්න එහෙනම් ෆිල්ම් එක දැන්ම අරගෙන බලන්න.

The Even Stevens Movie (2003) Sinhala Subtitles

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 115 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

The Even Stevens Movie (2003) Sinhala Subtitles

One thought on “The Even Stevens Movie (2003) Sinhala Subtitles | දූපතක හිරවෙලා වියරුවැටෙන පවුල [සිංහල උපසිරසි සමඟ]

  • Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *