MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉසුරු දිල්ශාන්එළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබටහිරබලන්නසිංහල උපසිරැසි

The Duel (2016) with Sinhala Subtitles | ද්වන්ද සටන ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 4 votes.
Please wait...

ටික කාලෙකින් තවත් චිත්‍රපටියක් අරන් එන්න පුළුවන් වුනා.මේක Drama,Westernයන කාණ්ඩ වලට අයිතිවන චිත්‍රපටියක්. ජුනි 24වෙනිදා තමයි චිත්‍රපටිය එලියට ආවේ. imdbමීටරේ 5.8ක් කැරකිලා තියෙනවා මේකට. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ, ඒබ්‍රහම් ග්‍රාන්ට් විදියට සුපිරි නළු Woody Harrelson ,ඩේවිඩ් කින්ග්ස්ටන් විදියට Liam hemsworth,ඩේවිඩ්ගේ බිරිද මැරිසෝල් විදියට Alice Braga යන අයයි. කතාව ගැන පොඩි සදහනක් කරන්නම්,

ඩේවිඩ් කියන්නේ ටෙක්සාස් රේන්ජර් කෙනෙක්. ටෙක්සාස් රේන්ජර් කෙනෙක් කියලා හදුන්වන්නේ, ඒ දශකයේ ටෙක්සාස් ප්‍රාන්තයේ නීති පද්ධතිය පවත්වාගෙන යාම ආදී නොයෙක් ක්‍රියාවන් සිදුකල පුද්ගලයෙකුට. රහස් පරීක්ෂකයෙක් වගේ කෙනෙක් තමා රේන්ජර් කෙනෙක් කියලා හදුන්වන්නේ. අභිරහස් ඝාතන කීපයක් ගැන හොයලා බලන්න ඔහුගේ ආණ්ඩුකාරවරයා විසින් ඩේවිඩ්ට පවරනවා. මේ ඝාතනයට ලක්වුණු මළ සිරුරු හම්බවෙන්නේ ගඟක එකම තැනකින්. මේ ගැන ආන්ඩුකාරවරයා සැක කරන්නේ ඒබ්‍රහම් ග්‍රාන්ට් කියලා කෙනෙක්ව. ඉතින් ඩේවිඩ්ට පැවරෙන රාජකාරිය තමා ඒබ්‍රහම් ජීවත්වෙන නගරයට ගිහින් ඔහු මේ ඝාතන වලට වග කියන්න ඕනෙද කියලා හොයල බලන එක. මේ ඒබ්‍රහම් කියන කෙනා අමුතු පුද්ගලයෙක්. ඒ නගරයේ අය ඔහුව හදුන්වන්නේ “දේශකයා”කියලා. ඒවගේම ඔහුට දේව බලයක් තියෙන බවට විවිධ කතා පැතිරිලා තියෙනවා. කොහොමවුනත්, ඩේවිඩ්ට මේ ගමනට බිරිදවත් එකතුකරගන්න වෙනවා ඇයගේ බලකිරීම නිසා. ඉතින් මේ දෙන්නා මේ නගරයට ගියාම ඒබ්‍රහම් ඔවුන්ව සාදරයෙන් පිළිගන්නවා. ටික කාලයක් මේ නගරේ ඉද්දී ඩේවිඩ්ට විවිධ අමුතු දේවල් දැකගන්න වගේම දැනගන්න ලැබෙනවා. නගරයේදී ඔහුට හමුවන කෙනෙක් කියනවා කිසිම කෙනෙක් මේ නගරයෙන් පිටවෙලා ගිහිල්ලා නෑ වගේම පිටවෙලා යන්න බෑ කියලා. ඒවගේම ඒබ්‍රහම් ඩේවිඩ්ගේ බිරිදට යම් විදියක බලපෑමක් කරනවා..ඇයට උණක් වැලදෙනවා වගේම වෙනස් කෙනෙක් බවත් පත්වෙමින් යනවා.. ඉතින් මේ ටික ඇති කියලා හිතෙනවා..අන්තිමේදී ඩේවිඩ්ට මොනාවෙයිද? ඩේවිඩ්ගේ බිරිදට මොනාවෙයිද? ඒබ්‍රහම් මේ ඝාතන වලට සම්බන්ධද? ඒවගේම ඩේවිඩ් සහ ඒබ්‍රහම් අතර අතීත කතාවකුත් තියෙනවා. ඒ මොකක්ද? කියන ඒවා දැනගන්න මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා..නාට්‍යමය කියලා වර්ග කලාට මේකේ ක්‍රියාදාම එහෙම තියෙනවා ඈ.. දන්නවනේ ඉතින් Western චිත්‍රපටිවල වෙඩි තියන දර්ශන එහෙම…එහෙනම් මං ගියාවේ!

හැමෝටම ජයවේවා!!

The Duel (2016) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Web පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3557 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

20 thoughts on “The Duel (2016) with Sinhala Subtitles | ද්වන්ද සටන ! [සිංහල උපසිරැසි සමඟ]

  • the last duel ekt one oylage trm sub kagewat wadak na

    Reply
  • The last duel 2021 sub dila ne

    Reply
  • The last duel 2021 and zeros of the one 2021 sinhala sub eka denna

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro

    Reply
  • Thanks …………..good luck ………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • බොහෝම ස්තුතියි….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thisara Neo

    උපසිරැසියට තුති…


    #Hail_Hydra

    Reply
  • thanxxxxxxx bro………..

    Reply
  • නියමයි සහෝ…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • නිලන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ jennifer body 2009 sub plese

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • sub akata thnx macho….

    Reply
    • නිලන්ත

      thanx for sub

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *