The Dragon Prince [S05 : E01 & E02] Sinhala Subtitles | යා යුතු මඟ පෑදූ “ඩොමිනා ප්‍රොෆන්ඩිස්!” [සිංහල උපසිරසි]
කොහොමද ඉතින්!? අතිශය ජනප්‍රිය ඇනිමේෂන් කතා මාලාවක් වෙන The Dragon Prince Season 5 සඳහා සිංහල උපසිරසි ලබාදීම ආරම්භ කරනවා එහෙනම්. ප්‍රමාදයක් වෙලා තියෙන නිසා මුලින්ම මං සමාව ඉල්ලනවා. මේ සීරීස් එකේ මූලික තොරතුරු සහ පසුබිම ගැන මං මීට පෙර කතාසමයෙ පැහැදිලි කිරීමක් කළා. ඉතින් ඒ දේවල් ආයෙ ආයෙත් කියන එක අනවශ්‍යයි. බලන අය අනිවා මේ සීරීස් එකේ ගැම්ම පිළිබඳව සාක්ෂි දරනවා. ඉතින් මේ සීසන් එක Book 5: Ocean විදිහටයි නම් වෙලා තියෙන්නෙ. ඒ වගේම සීරීස් එකේ අපි දැන් දෙවෙනි Phase එකේ ඉන්නෙ කියලත් ඔයාලා දන්නවනෙ. එහෙනම් කලින් කතා සමය කෙටියෙන් සාරාංශ කිරීමක් කරගෙන අලුත් සීසන් එකට ආරම්භයක් ගමු.
තුන්වෙනි කතා සමයෙ අවසානයට අපි ගියොත්, මතක ඇති විරෙන්ගෙ අඳුරු හමුදාවට එරෙහිව ස්ටෝර්ම් ස්පය'(කුණාටු ගිර) පාමුල මකරුන්, එල්ෆ්වරුන් හා මිනිසුන් එකාමෙන් සටන් වැඳුනා. ඒ යුද්ධය සිදුවී වසර දෙකක් ගතවූ තැනයි කලින් කතා සමය ආරම්භ උනේ. අපි දැන හැඳිනගෙන හිටපු බොහොමයක් චරිත වයසින් මුහුකුරා ගිහිල්ලා. තම පියාගෙ අභාවයෙන් පසු ඒස්‍රන් කටෝලිස්වල රජු ලෙස පාලනය ගෙනයනවා. කැලම් කටෝලිස්වල හයිමේජ්වරයා ලෙස තම මායාමය අධ්‍යයනයන් හා ගවේෂණ සිදුකරනවා. ඒ වගේම රෙයිලා අවුරුදු දෙකක් තිස්සෙ මුළු ක්ෂේඩියාවම පීරලා විරෙන්ව සොයල අන්තිමේදි කටෝලිස්වලටම ආවා. මේ අතරෙ ලක්ස් ඕරියාවෙ බිඳවැටීම නිසා විනාශවුණු සන්ෆයර් එල්ෆ්වරුන්ගෙ ජනාවාස නැවත මිනිසුන්ගේ සහය ඇතිව ගොඩනැඟෙමින් පවතිනවා. ඒ වගේම අමායා හා ජනායී දැන් විවාහ වීමටයි සූදානම.
ඒ වගේම විරෙන් තාම පණපිටින් කියල අපි දැක්කනෙ. ක්ලෝඩියා මායාවකින් තමයි ඔහුව ආපහු ජීවිතයට ගෙනල්ලා තියෙන්නෙ. ඒත් මේ මායාව තාවකාලික නිසා දවස් 30කින් විරෙන් මියයනවා. ඒ නිසා ක්ලෝඩියා දැන් උත්සහ කරන්නෙ ක්ෂේඩියාවෙ ඉන්න බිහිසුණුම ජීවියා වෙන ඇරවෝස් ලවා මේ මායාව ස්ථිර කරගන්නයි. මේ දේවල් මෙහෙම තියෙනකොට තමයි මකර රැජින කටෝලිස්වල චාරිකාවකට එන්නෙ. ඒ අතර තුළ ස්ටෝර්ම් ස්පය’ තුළ ක්ලෝඩියා හා සිදුවුණු ගැටුමකින් ස්කයිවින්ග් එල්ෆ්වරුන්ගෙ මේජ්වරයා වෙන අයිබිස් මියයනවා. ඔහුගෙන් ආ අනතුරු ඇඟවීම අනුව මකර රැජින ඒස්‍රන්, කැලම්, රෙයිලා සහ සොරෙන් සමඟ නැවත ස්ටෝර්ම් ස්පය’ වෙතට පැමිණෙනවා. මේ අතරතුර තමා මකර රැජින මේ ඇරවෝස් කියන්නෙ කවුද, මොනවද කළේ කියල සේරම පැටිකිරිය හෙළිකරන්නෙ.
ඇරවෝස්ව සිරකරලා තියෙන මායාමය සිරකුටිය ඇවිල්ලා ප්‍රෙහෙළිකාවක්. කවුරුත් දන්නෙ නෑ ඒක හරියටම තියෙන්නෙ කොහෙද කියල. නමුත් හැම ප්‍රධාන මකරෙක් සතුව මේ ප්‍රෙහෙළිකාව විසඳන්න පුලුවන් ඉඟියක් තියෙනවා. ඒ අනුව තමයි කැලම්, රෙයිලා, ඒස්‍රන් සහ සොරෙන් භූමියෙ ප්‍රධාන මකරාවෙන “රෙක්ස් ඉග්නියස්” සොයාගෙන අම්බ ටෝර් වෙතට පිටත්වෙන්නෙ.
රෙක්ස්ගෙ ගුහාවට පිවිසෙන ප්‍රධාන දොරටුව අවහිරවෙලා තිබුණු නිසා මේ පිරිස පසුපස දොරටුව සොයාගෙන ඩ්‍රේක්වුඩ් හරහා වැටීඇති අන්චාර්ටඩ් වනය තරණය කරනවා. සෑහෙන අභියෝග මැද මේ පිරිස රෙක්ස් ඉග්නියස්ව හමුවුණත්, ඇරවෝස්ගෙ සිරකුටිය පිහිටි තැන සඳහන් සිතියම ක්ලෝඩියා අතට පත්වෙනවා. ඉතින් මේ නිසා කැලම් ඇතුළු පිරිසට පියවරක් ඉදිරියෙනුයි දැන් ක්ලෝඩියා ඉන්නෙ.
ඉතින් කැලම්, රෙයිලා, ඒස්‍රන් මීළඟට ගන්න පියවර මොකක්ද? ඇරවෝස් ආපහු නිදහස් වෙයිද? ක්ෂේඩියාව නැවතත් අඳුරෙ ගිලී යයිද? මේ ප්‍රශ්න ටික සමඟින් 5 වෙනි කතා සමය නරඹන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1294 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛