The Crow (1994) Sinhala Subtitles | පලිගැනීමට යලි උපන් ඔහු [සිංහල උපසිරැසි සමග]
ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. කොච්ච්ර රාජකාරී තිබුනත් මේ පැත්ත අමතක කරන්න බෑ නොවැ. මේ පාර ගෙනාවේ 90 දශකයේ ජනප්‍රියත්වයට පත් වු කොමික් චරිතයක් ඇසුරින් නිර්මාණය කල චිත්‍රපට පෙලක පළමු චිත්‍රපටය. The Crow: City of Angels (1996), The Crow: Salvation (2000) The Crow: Wicked Prayer (2005) තමයි මේ කතා මාලාවේ ඉතුරු චිත්‍රපට පෙළ. ප්‍රතිචාර හොඳ උනොත් ඉතුරු ෆිල්ම් ටිකටත් උපසිරැසි ලබා දෙන්නම්. මේ ච්ත්‍රපටය ඉතිං මේ චරිතය ලංකාවේ වැඩිය ජනප්‍රිය නොවුනට මේ ෆිලුම මිලියන $50.7ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තියන්නත් සමත් උනා. ඒ වගේම IMDb 7.6ක ඉහළ අගයක් ලබගෙනත් තියෙනවා. Fangoria Chainsaw සම්මාන උළෙලේ හොඳම රංගනය/ හොඳම සංගීතය/ හොඳම පුළුල් දර්ශන චිත්‍රපටය යන සම්මාන ත්‍රිත්වය හිමි කරගනිමට මෙය සමත් උනා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරේ Alex Proyas. ප්‍රධාන චරිතය වන ක්‍රෝ ලෙස රංගන දායකත්වය ලබ දෙන්නේ එදා මෙදා තුර බිහිවු සුපිරිතම කුංග් ෆූ ක්‍රියාදාම රංගන ශිල්පියා වන බෘස් ලී ගේ එකම පුතු වන Brandon Lee යි. මේ චිත්‍රපටය බ්‍රැන්ඩන්ගේ දිවියේ ඉතාම අවාසනාවන්තම චිත්‍රපටය ලෙස හඳුන්වන්න පුලුවන්. ඒ මොකද කියලා ලිපිය කියවලා ඉවර වෙන කොට ඔයාලට දැනගන්න පුලුවන්. ඉතිං මේ ක්‍රෝ කොමික් චරිතයක් කිව්වට කිව්වට ලංකාවේ අයටනම් මෙයාව එච්ච්රම හුරු පුරුදු නැතුව ඇති මොකද මෙයා අයන් මෑන්, තෝර්, හල්ක්, බැට් මෑන්, සුපර්මෑන් වගේ අතිශය ජනප්‍රිය චරිතයක් නෙමෙයි. ඉතිං මෙයා ගැන වැඩිය අහලා නැති නිසා යමක් දැනගන්න කැමතිනම් පහල විස්තරේ කියවලා ඉන්නකෝ.
කවුද මේ ක්‍රෝ (The Crow) ???
1989 දී ඇමරිකානු චිත්‍ර ශිල්පී ජේම්ස් ඕ බාර් විසින් Caliber Comics (කැලිබර් කොමික්ස්) වෙනුවෙන් තමයි පලමු වතාවට මේ ක්‍රෝ කියන චරිතය නිර්මාණය කරන්නේ. 2011දී IGN විඩීයෝ ක්‍රීඩා සමාගම විසින් ලොව හොඳම කොමික් පොත් වීරයන් 100 දෙනෙක් අතරින් 37 වන ස්ථානයට මේ ක්‍රෝ කියන කොමික් චරිතය නම්කරා. ක්‍රෝ (Crow) කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ කපුටානේ. ඇයි මෙයාට ක්‍රෝ කියන්නේ ? මොනවද මෙයාට තියෙන සුපිරි බල ? මෙයා අනිත් සුපිරි වීරයන්ට වඩා වෙනස් කෙනෙක්. ඒ ඇයි ? එයාව කොහොමද නිර්මාණය වෙන්නේ කියලා දැන් කියන්නම්.
කැලිබර් කොමික් එලි දැක්වු ක්‍රෝ පලමු සගරාව
පුරාණ කාලයේ මිනිස්සු කපුටා අද්භූත සතෙක් ලෙසත් ජීවමාන ලෝකය සහ ඉන් ඔබ්බට ඇති යථාර්ථය අතර ඇති සම්බන්ධකය ලෙසත් කපුටාව සැලකුවා. මරණයෙන් පසු මිනිස්සුන්ගේ ආත්මය මලවුන්ගේ දේශයට ගෙනයන්නේ කපුටෙක් බවට මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබුනා. නමුත් සමහර වෙලාවට ඒ මළගිය ආත්මය ජීවත්වෙලා ඉද්දි සම්පූර්ණ කරගන්න බැරි උන දෙයක් පිළිබදව යම් කිසි දුකකින්, කළකිරිමකින්, සැනසීමක් නැතුව ඉන්න අවස්ථාවලදී මේ කපුටා ඒ ආත්මය නැවත මළවුන්ගේ දේශයෙන් ඉවත් කරගෙන නැවත මේ ලෝකයට ගෙන ඒමට බලයක් ඇති බවටත් මිනිස්සු විශ්වාස කරා. නමුත් එහෙම දෙයක් වෙන්නේ සමහර විශේෂම අවස්ථාවකදී විතරයි. ඉතිං මෙහෙම කපුටා මළවුන්ගෙ ලෝකයෙන් ආත්මයක් ආපහු ගෙනත් මියගිය කෙනා ජීවත් වෙලා හිටපු ශරීරයටම දැම්මම එයාට නැවත පණ ලැබෙනවා වගේම සුපිරි බලයන් හා හැකියාවන් කිහිපයකුත් හිමිවෙනවා. නමුත් ඒ පුද්ගලයා ජීවත් වෙලා හිටියට වඩා පෙනුමෙන් ටිකක් වෙනස් වෙනවා. මොකද මැරුණ මළ මිනියකටනේ ආපහු පණ එන්නේ. ඉතින් ක්‍රෝ බවට පත් වෙන්න නම් කපුටෙක් මැරුණ කෙනාගේ ආත්මය නැවත ගේන්න ඕන. නමුත් හැමකෙනාගෙම ආත්ම එහෙම ගේන්නේ නෑ කියලා කලින් කිව්වනේ. ඉතිං එහෙම විශේෂ අවස්ථාව වල කපුටාගේ උදව් මගින් ක්‍රෝ බවට පත් වෙච්ච 12 දෙනක් විතර ඉන්නවා. එයාල හැමෝම ගැන විස්තර කරන්න බැරි නිසා, ප්‍රධාන කෙනා ගැන කියන්නම්.
Eric Draven (එරික් ඩ්රේවන්)
ඇත්තටම වෙනත් කොමික් වල හා මේ චරිතය පාදක කරගත් රූපවාහිණි කතා මාලා තුල එරික් වෙනුවට වෙනත් නම් භාවිතා වෙලා තියෙනවා. ඒත් මේ චිත්‍රපටියේ අපිට හම්බෙන්නේ එරික් ඩ්රේවන් කියන නම නිසා අපි එයා ගැන කතා කරමු. එරික් කියන්නේ තමන්ගේ පෙම්වතිය වන ශෙලී එක්ක බොහෝම ආදරයෙන් සාමාන්‍ය විදියට ජීවිතය ගත කල යුවලක්. දවසක් මෙයාලා තමන්ගේ විවාහයට කලින් දිනයේ වාහනේ ගමන් කරද්දී පාළු පාරක වාහනේ කැඩෙනවා. මෙයාලගේ අවාසනාවට එතනින් මැර කල්ලියක සහයකයෝ ටිකක් එතනින් යන ගමන් මෙයාලව දකිනවා. ශෙලී වගේ ලස්සන කෙල්ලෙක් පාළු පාරක ඒ වගේ වෙලාවක ඉන්නවා දකින මේ මැරවරයෝ ඇවිත් එරික්ගේ ඔළුවට වෙඩි තියනවා. ඒත් ඒකෙන් එරික්ව නොමැරුනත් වෙඩිපහර නිසා එරික්ව අංශභාග තත්වෙට පත්වෙනවා. ඒ අතර මැරයෝ ටික ශෙලීව දූෂණය කරලා මරලා දානවා. පසුව එරික්ව රෝහලකට ගෙනගියත් ඔහුටත් ජීවිතය බේර ගන්න බැරි වෙනවා. මේ සිදුවීමෙන් හරියටම අවුරුද්දකට පස්සේ එරික්ගේ ආත්මය කපුටෙක් මලවුන්ගේ දේශයෙන් නැවත රැගෙන එනවා. එහෙම වෙන්නේ එරික්ගේ ආත්මය ජීවත් වෙලා ඉද්දි ඉෂ්ට කර ගන්න බැරි උන දේවල් ඉෂ්ට කර ගන්න දෙවෙනි අවස්ථාවක් දෙන්නයි. ඒ දෙවෙනි අවස්ථාව තමයි තමන්ගේ හා පෙම්වතියගේ මරණයන්ට වගකිව යුතු පුද්ගලයින්ගෙන් පලිගැනීම. ඉතිං මේ කපුටා මළවුන්ගෙ ලෝකයෙන් ආත්මය ආපහු ගෙනත් දන්නේ මියගිය කෙනා ජීවත් වෙලා හිටපු ශරීරයටමයි. එහෙම තමයි එරික් එහෙම නැත්තම් ක්‍රෝගේ ආගමනය සිද්ධ වෙන්නේ. ඉතිං මෙහෙම තමයි කොමික් කතාවල ක්‍රෝගේ ආරම්භය සිද්ධ වෙන්නේ. නමුත් චිත්‍රපට පෙලේ කතාව මීට වඩා තරමක් වෙනස් වෙනවා. ක්‍රෝට කපුටාගේ ආත්මය ලැබුනම ඔහුගේ පෙනුම තරමක් වෙනස් වෙනවා මොකද ඔහු දැනටමත් මිය ගිය කෙනෙක් නිසා සම සුදුමැලි පැහැයක් ගන්නවා. නමුත් අනිත් චිත්‍රපටවල හැරුන කොට The Crow (1994) චිත්‍රපටයේ ක්‍රෝගේ පෙනුමේ වෙනස් වීමක් සිදු වෙන්නේ නෑ. ඒ වගේ කොමික් කතාවට වඩා තව සුළු වෙනස්කම් චිත්‍රපටවල දක්නට ලැබෙනවා.
චිත්‍රපටයේ හා කොමික් පොත්හි ක්‍රෝගේ පෙනුම
ක්‍රෝගේ බලයන් සහ හැකියාවන්
- තම අරමුණ ඉටු වෙනකන් ඔහු අමරණීය වන අතර, ඔහු මියගියහොත් නැවත ඉපදීම සිදුවේ. තම අරමුණ ඉටු කරගන්නා තෙක්ම මෙය සිදුවේ.
- සුපිරි කාය ශක්තියක් ඇති අතර එකවර සතුරන් කීප දෙනෙකු සමග සටන් කිරීමට හැකීයාවක් ඇත.
- තුවාල ආදියට එරෙහිව අද්භූත ප්‍රතිශක්තියක් ඇති අතර සුළු මොහොතකින් සියලු තුවාල වලින් සුවය ලැබීමට හැකියාවක් ඇත.
- කිසිම වේදනාවක් හෝ තෙහෙට්ටුවක් නොදැනේ.
- සුපිරි වේගයෙන් ගමන් කිරිමට හැකි අතර ඕනෑම ආයුධයක් වේගයෙන් හැසිරවීමට සමත්වේ.
- යම් කිසි පුද්ගලයකු ස්පර්ශ කල සැනින් ඔහුගේ හෝ ඇයගේ මතකය දැක ගැනීමට හැකි අතර එම පුද්ගලයන්ට තාවකාලික සතුටක් හෝ වේදනාවක හැඟීම් ලබා දිය හැක. (උදා : The Crow (1994) චිත්‍රපටයේ තම පෙම්වතිය ශෙලී මියයාමට පෙර විඳින ලද වේදනාව ස්පර්ශ කිරිමක් මගින් ශෙලී දූෂණය කරන ලද මැර කල්ලියේ ප්‍රධානියට දීමට ක්‍රෝ සමත් වෙනවා ).
- වෙස්මාරු කිරිමට සුවිශේෂ හැකියාවක් ඇති අතර අවශ්‍ය විටෙක කපුටෙකුගේ වෙස් ගත හැකි වේ.
- කපුටෙකු මගින් බලය අවශෝෂනය කරගන්නා නිසා රාත්‍රීයේදී පවා හොදින් පෙනීමේ හැකියාව හා පියාසර කිරිමේ හැකියාවද ඇත.
ක්‍රෝට ඇති එකම දුර්වලතාවයනම් ඔහුට පණ දුන් කපුටාට හානියක් උවහොත් ක්‍රෝගේ සියලු බලයන් අහිමි වන අතර ක්‍රෝ තම අරමුණ පැහැර හැරියොත් හෝ අමතක කලහොත් අනතුරු වලට ලක් වීමේ වැඩි ප්රවනතාවක් ඇත. ඊට අමතරව වෙනත් දුර්වලතාවයන් ක්‍රෝට නැත.
ටොප් ඩොලර් Top Doller
වීරයෙක් උනාම අනිවාර්යයෙන් එතන හතුරොත් ඇති වෙනවනේ. ඕනම වීරයෙක්ට හතුරො හැදෙනවා. ඒත් ක්‍රෝ වීරයෙක් බවට පත් වෙන්නේ හතුරෙක් නිසා තමයි. මොකද තමන්ගේ හතුරන්ගෙන් පලි ගන්න තමයි එරික්, ක්‍රෝ බවට පත් වෙන්නේ. ඔහුගේ අරමුණ තමයි ඔහුට හා ශෙලීට මේ විපත සිදු කල මැර කල්ලියෙන් පලිගන්න එක. අපි දැන් බලමු කවුද එහෙනම් මේ ක්‍රෝගේ හතුරා කියලා. ක්‍රෝට ඉන්න ප්‍රධානම හතුරා තමයි ටොප් ඩොලර් ( Top Doller ).
ටොප් ඩොලර් කියන්නේ නගරයේ ඉන්න සාමාන්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. ඒ වගේම නගරයේ මැරකල්ලි අතර ප්‍රධානම හා බලවත්ම මැර කල්ලිය මෙහෙයවන්නේ මේ ටොප් ඩොලර් තමයි. ඒ වගේම ඔහු පොලීසීයට ඉතාමත් අත්‍යාවශය ජාවරම්කරුවෙක් වෙනවා වගේම ඉතා දරුණු පුද්ගලයෙක් වෙනවා. කොමික් කතාවට අනුවනම් ටොප් ඩොලර්, එරික් සහ ෂෙලිගේ මරණයන්ට සම්බන්ධ වෙන්නේ නෑ. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මරණ පිටුපස අපරාධ කල්ලියක මහ මොළකරුවෙක් නෑ. එරික්ට මහමග සිද්ධ වෙන සිදුවීම අහඹු වීදි ප්රචණ්ඩත්වයක් විදියට තමයි සැලකෙන්නේ. නමුත් චිත්‍රපටයේ ටොප් ඩොලර්, එරික් සහ ෂෙලි ඝාතනය කිරීමට නියෝග කර ඇති අතර ඒ වන විට එරික්, ඩෙට්රොයිට් නගරයේ ටොප් ඩොලර්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහි වී තිබෙනවා.ඒ නිසා තමයි ටොප් ඩොලර් මේ අපරාධය කිරීමට පෙළඹී තියෙන්නේ. නමුත් ක්‍රෝ කෙසේ හෝ ටොප් ඩොලර්ගේ අපරාධ රාජධානිය බිඳ දමලා ඔහුගෙන් පලීගැනීමට සමත් වෙනවා.
චිත්‍රපටයේ හා කොමික් පොත්හි ටොප් ඩොලර්ගේ පෙනුම
බ්‍රැන්ඩන් ලී – Branden Lee
ඔන්න එහෙනම් ක්‍රෝගේ පසුබිම් කතාව කිව්වා. ගොඩක් විස්තර තියෙනවා තව මෙයා ගැන කියනවනම් පුලුවන් කෙටියෙන් තමයි මේ හැදින්වීම කරේ. ඒ වගේම මේ චිත්‍රපටය ගොඩක් සුවිශේෂ වෙනවා මොකද කියනවනම් මෙහි ප්‍රධාන චරිතය වෙන එරික් ඩ්රාවන් එහෙම නැත්නම් ක්‍රෝගේ චරිතය නිරූපණය කරන්නේ එවකට ජනප්‍රිය හා දක්ෂ නලුවෙක් වෙන බ්‍රැන්ඩන් ලී කියලා මම කලින් කිව්වනේ. ඔහු හදිසි අනතුරකින් මරණයට පත් වෙන්නේ මේ චිත්‍රපටයේ දර්ශනයක් රූගත කරන අතරතුර තමයි. ගොඩක් අය දන්නවා ඇති බ්‍රෙන්ඩන් ලී කියන්නේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටතම හා අද්විතීයම සටන් ශිල්පියා ලෙස අවිවාදයෙන්ම පිලිගැනෙන බෘස් ලී ගේ පුතණුවන් බව. 1965 පෙබරවාරි 1 දින උපන් බ්‍රෙන්ඩන් කුඩා අවධියෙදි තමයි බෘස් ලී හදිසියේ අභාවයට පත් වෙන්නේ එදා පටන් බෘස් ලීගේ උරුමය ලෙස ජීවමාන සාක්ෂිය උනේ කුඩා බ්‍රැන්ඩන් තමයි. ඔහුත් තම පියාගේ අඩිපරේ යමින් දක්ෂ සටන් ශිල්පියෙකු හා තම පියා මෙන් සටන් නළුවෙක් හා සටන් අධ්‍යක්ෂකවරයෙකු බවට පත්වෙනවා. 1991දී බ්‍රැන්ඩන්, ඩොල්ෆ් ලන්ඩ්ග්රීන් සමග Showdown in Little Tokyo චිත්‍රපටයේ චරිතයක් නිරූපනය කරමින් ප්‍රථම වරට ඇමරිකානු චරිතයක් රඟ දැක්වුවා. ඉන් පසු සාර්ථක චිත්‍රපට කිහිපයකම රඟපෑ බ්‍රැන්ඩන් තම පියාගේ අඩුව සම්පූර්ණ කරමින් හොලිවුඩය වර්ණවත් කරා.
බෘස් ලී තම පුතු බ්‍රැන්ඩන් සමඟ
1993 දී ඩේවිඩ් ප්රෝයාස් නම් චිත්‍රපටි අධ්යක්ෂවරයාගේ ආරාධනය මත බ්‍රැන්ඩන් The Crow සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කිරීමට එකඟ උනා. මේ චිත්‍රපටය තම දිවිය සම්පූර්ණයෙන්ම කණපිට හරවන බවට එදා බ්‍රැන්ඩන් දැන නොසිටින්නට ඇත. 1993 මාර්තු 31 ඒ දෛවෝපගත දිනයේ බ්‍රැන්ඩන් විසින් The Crow චිත්‍රපටයේ දර්ශන 90] ක් පමණ රූ ගත කර අවසාන වී තිබූ අතර අවසානයට රූගත කරමින් සිටිය දර්ශනය වූයේ චිත්‍රපටයේ ඔහු නිරූපනය කරන එරික් ඩ්රේවන්ගේ චරිතයට මැරයන් පිරිසක් විසින් වෙඩි තබා මරා දමන දර්ශනයයි. චිත්‍රපටයේ “ෆන් බෝයි” නම් චරිතය නිරූපනය කරන නළු මයිකල් මැසී (Michael Masiee) විසින් චිත්‍රපට වලට යොදා ගන්නා බොරු උණ්ඩ දැමූ ස්මිත් සහ වෙසන් 629 වර්ගයේ රිවෝල්වරයකින් බ්‍රැන්ඩන් හට වෙඩි තැබු අතර එයින් ඔහු බරපතල ලෙස තුවාල ලැබීය. පසුව අනාවරණය වූයේ චිත්‍රපටයේ කාර්යමණ්ඩලයේ නොසැලැකිල්ලෙන් එම බොරු පතුරම් නිසි ආකාරයෙන් රිවෝල්වරයට ඇතුලත් කර නොතිබීම නිසා මේ විපත සිදු වූ බවටයි. අනතුර සිදු වූ වහාම බ්රැන්ඩන්ව රෝහල්ගත කරත් 1993 මාර්තු 31 වන දින පස්වරු 1.03ට අවුරුදු 28 හැවිදිරිව සිටි බ්‍රැන්ඩන් ලී මියගිය බවට ප්‍රකාශ කරන ලදී.
People සඟරාවේ බ්‍රැන්ඩන්ගේ මරණය පල වූ අයුරු
නොසැලකිලිමත්කමින් වෙඩි තැබීම හේතුවෙන් සිදු වු හදිසි අනතුරක් ලෙස බ්‍රැන්ඩන්ගේ මරණය තීන්දු උවත් එම සිදුවීම අදටත් නොවිසඳු අභිරහසක් ලෙස සැලකෙනවා. බ්‍රැන්ඩන්ගේ දේහය උතුරු කැරොලිනාවේ ජැක්සන්විල් වෙත ගෙන යන ලද අතර එහිදී මරණ පරීක්ෂණයක් පවත්වන ලදී. පසුව ඔහුගේ දේහය වොෂිංටන්හි සියැටල් වෙත ගෙන යන ලද අතර ලේක් වීව් සුසාන භූමියේදී ඔහුගේ පියාගේ සොහොන් කොත අසලම දේහය මිහිදන් කරන ලදී. 1993 අප්‍රේල් මස 3 වන දින සියැටල් හි පෞද්ගලික අවමංගල්‍යය උත්සවයක් පැඅත් වු අතර එය පුද්ගලයන් හතළිහකගේ පමණ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. පසු දින ලීගේ පවුලේ අය, මිතුරන් සහ ව්‍යාපාරික සහායකයින් 200ක් පමණ ලොස් ඇන්ජලීස් හි නිළියක වූ පොලී බර්ගන් ගේ නිවසේ පැවති අනුස්මරණ දේව මෙහෙයකට සහභාගී වූහ. කීෆර් සදර්ලන්ඩ්, ලූ ඩයමන්ඩ් ෆිලිප්ස්, ඩේවිඩ් හසල්හෝෆ්, ස්ටීවන් සීගල්, ඩේවිඩ් කැරඩින් සහ මෙලිසා ඊතර්ජ් යන ප්‍රසිද්ධ නළු නිළියන්ද ඊට සහභාගී වී ඇත.
බෘස් ලී ගේ සහ බ්‍රැන්ඩන් ලී ගේ ස්මාරක
ඔන්න ඔහොමයි පසුබිම් කතාව වෙන්නේ, හිතුවටත් වඩා ලිපිය දීර්ඝ උනා, ඔයාලගේ ඉල්ලීම්වලට අනුව අනිත් ෆිල්ම් වලටත් උපසිරැසි ලබා දෙන්නම්. එහෙනම් ඔයාලා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න. රටේ වතාවරණය ඉක්මනටම යහපත් වෙලා මුළු ලෝකෙම නැවත සාමාන්‍ය තත්වයට පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරැසි ගැන්වීමට අවසර දුන්න හසන්ත අයියා ඇතුලු බයිස්කෝප් රසික හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඔයාලත් කම්මැලි නැතුව ලොග් වෙලා කොමෙන්ට් එකක් දාගෙන යන්න . එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා. තෙරුවන් සරණයි !!!
#STAY SAFE #STAY HOME
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2956 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහෝම ස්තුති
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
චිත්‍රපටිය ගැන මගෙ අදහස,
plot එක නම් නියමයි.
vengeance, heart broken, love, pain මිශ්‍ර කරලා බලන කෙනාට සුපිරි feeling එකක් දැනෙන්න දීලා තියෙ.
වෙලා තියෙන අපරාදෙට නීතියෙන් පිට සාධාරණය ඉෂ්ට වෙනවා.
දුකකට තියෙන්නෙ සෙට් එකේදි බ්‍රැන්ඩන් ඇත්තටම මැරුණු එක…
overall, film එක නම් සුපිරි!
නැවත වරක් ස්තූතියි යුරාන් ධනුක සහෝටත්, බයිස්කෝප් වෙබ් අඩවියටත්!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
බ්‍රෙන්ඩන් ලීගේ Legacy of rage සිනමාපටයට 2021.11.06 දින මා විසින් සිංහල සබ් ලබා දුන්නා. එයද නරඹන්නට ආරාධනා කරමි! එමෙන්ම The crow සිනමාපටයද මා නරඹන්නට සිටි එකක්. මෙම සබ් එකටද ස්තුතියි.
The Crow: Stairway to Heaven
1998 ko
Thanks
බොහොම ස්තුතියි ඉතිරි ෆිල්ම් සෙට් එකටත් සබ් දෙන්න
Thanks for the sub!!!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thank u
මම ක්‍රෝව් බලල තියෙන වා සින්හලෙන් සබ් නැතුව නියම ෆිල්ම් ටිකක් අනිත් ඒවා ට සබ් ටික දෙන්න නියම කතා ටිකක් ස්තුතිය බ්‍රෝ සබ් 2
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks……
patta saho elamai
wow.nice movie.we are awaiting for next movies
Supiri ithuru tikath denna..ella
me film eka niyamai..meke anith film tikakth puluwannam sub denna kiyla illanwa..thanx sub ekata
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks jayawewa…..!
බොහොම ස්තූතියි සහෝ
Niyamai.ithuru tikatath sub denna..X FILES SEASON 8,9 SINHALA SUB DENNA PULUWANDA PLZ..
Sub ekata බොහොම ස්තූති අනිත් ෆිල්ම් වලටත් සබ් එක දෙන්න
Thanks for sub!
බොහොම ස්තූතියි උපසිරසියට.
අනිකුත් ෆිලම් ටිකත් දෙන්න.
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 මේ film series එකේ ඉතුරු filmවලටත් සබ් දෙන්න 🙂
ජය වේවා.!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අනෙක් චිත්‍රපට වලටත් උපසිරැසි ලබා දෙන්න…
ජය