The Crimson Rivers (2000) | හිම කඳු අතර සැඟවුනු ඝාතකයෙකු සොයා. [සිංහල උපසිරැසි සමඟ]
ගුවර්නොන් සරසවිය පිහිටා තිබෙන්නේ ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියෙන් වටවූ සුන්දර නිම්නයක. තරමක් බාහිර සමාජයෙන් වෙන්ව පිහිටා ඇති මෙම ඉපැරණි විශ්වවිද්‍යාලයේ සාමකාමී බව බිඳවැටෙන්නේ එහි සේවය කළ මහාචාර්යවරයෙකුගේ කපන කොටන ලද මළසිරුර ඇල්ප්ස් කඳුවැටියේ තිබී හමුවීමත් සමගයි. මෙම ඝාතනය ගැන පරීක්ෂා කිරීමට පැරිස් අගනුවරින් පළපුරුදු නිලධාරියෙකු වන පියර් නීමන්ස්ව මෙම පළාතට එවනවා.මේ අතරේ ඊට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි සාර්සැක් නම් නගරයේ සිදුවන සොහොන් බිඳීමක් සහ සොරකමක් පසුපස හඹායන මැක්ස් කර්කේරියන් නම් පොලිස් නිලධාරියාද හෝඩුවාවන් පසුපස විත් නතරවෙන්නේ ගුවර්නොන් වලයි.
මෙම සිදුවීම් මාලාවන් දෙක කිලෝමීටර් 200ක් දුරින් සිදුවුණත් ඒවා එකිනෙක සම්බන්ධ බව එහිදී මුණගැහෙන මෙම නිලධාරීන් දෙදෙනා තේරුම් ගන්නවා. මේ සිදුවීම් සියල්ල වසර ගණනාවක් තිස්සේ වැළලී පැවති රහසක් එළිදරව්වීමට මඟපාදනවා. විවිධාකාර වූ බාධක සහ භයංකර සිදුවීම් වලට මුහුණ දෙමින් මොවුන් දෙදෙනා මෙම අභිරහස විසඳීමට වෙහෙසෙන අයුරු මිනිත්තු 106ක් පුරා දිවෙන මෙම ත්‍රාසජනක ප්‍රංශ චිත්‍රපටයෙන් ඔබට නැරඹිය හැකියි.
මැතිව් කැසවිට්ස් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටියට පාදක වී ඇත්තේ ජීන් ක්‍රිස්ටෝපර් ග්රැන්යේ විසින් රචිත නවකතාවක්. ඩොලර් මිලියන 14ක වියදමින් නිමවා ඇති මෙම චිත්‍රපටය 2000 වසරේදී ලොව පුරා සාර්ථක ලෙස තිරගත වී ඇත්තේ ඩොලර් මිලියන 60ක් උපයා ගනිමින්. මෙය ආදායම් අතින් ලැබූ සාර්ථකත්වය නිසා 2004 වසරේ මෙහි දෙවන කොටසද නිකුත්කර තිබෙනවා.
ප්‍රංශ සිනමාපටයක් වුණත් මෙහි ප්‍රධාන නළුවන් දෙදෙනා වන්නේ අපට හොලිවුඩ් චිත්‍රපට වල දැකපුරුදු ජීන් රෙනෝ (Léon: The Professional, Da Vinci Code, Godzilla) සහ වින්සන්ට් කාසල් (Black Swan, Ocean’s Twelve). ඊට අමතරව සුරූපී ප්‍රංශ ජාතික නිළි නදියා ෆෙයාර්ස් මෙම සරසවියේ සේවය කරන විද්යඥවරියකගේ චරිතය රඟපානවා. හොලිවුඩ් චිත්‍රපටවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන මනස්කාන්ත පරිසරයක රූපගත කර ඇති මෙම චිත්‍රපටය නැරඹීම තරමක වෙනස් අත්දැකීමක් වනු අනිවාර්යයි. බොහෝ දෙනා අගය කර ඇති මෙහි කැමරාකරණය නිසා චිත්‍රපටයට ලැබී ඇති අමුතුම රිද්මය ගැන නම් සඳහන් නොකරම බෑ. විශේෂයෙන්ම ගුවනේ සිට ගන්නා ලද ඇල්ප්ස් කඳුවැටියේ දර්ශන වලින් චිත්‍රපටයේ සුන්දර බව තවත් වැඩි වී තිබෙනවා.
[button link=”http://tinyw.in/v4lA” type=”icon” “center” newwindow=”yes”] 950 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2638 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “rum2550” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother
Thanks bro…
Thank U RUM 2550.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
මල්ලී ඇත්තටම මේ ෆිල්ම් එක නම් සුපිරියි………. කියන්න වචන නැහැ….. බලන්න කලින් නම් මම හිතුවේ නැහැ මේ ෆිල්ම් එක මෙච්චර සුපිරි වේවි කියල……..බැලුවට පස්සේ ස්තුති කරල කොමෙන්ට් එකක් දාන්නම ඕන කියල හිතුන…… බොහොමත්ම ස්තුතියි………….
බොහොම ස්තූතියි ලබා දුන් ධෛර්යට.
tnx
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
sub ekata godariyak thanks.
sanandreas ekatath sub dennako ikmanatama kauruhari….
නියමයි මචන්. පට්ට
ස්තුතියි සබ් එකට.
thanks
Good work
Thank you Very much
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
niayamai…thanks rum2550 saho..sub ekata..digatama sub demu.jaya wewa……
sory mama 3…
මම 2…නියමයි.thanx 4 the sub
lipiyanam film eka balanna asa widiyatama liyala thiyenawa.good luck
ඔන්න අද මම 1ක…
උපසිරසට තුති rum2550 සහෝ…
ජය…