The Commuter (2018) Sinhala Subtitles | මඟියෙකුගේ ජීවිතයම උඩු යටිකුරු කළ දුම්රිය ගමනක්..!! [සිංහල උපසිරසි සමඟ]
“ඔයා මොන විදිහෙ පුද්ගලයෙක්ද?” එකපාරටම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවම කලබල වෙන්න ඇති නේද? සමහරවිට ඔයා තවමත් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වෙන්න ඇති. සමහරවිට ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් කළමණාකරුවෙක් වෙන්න ඇති. සමහරවිට වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නියැලෙන කෙනෙක් වෙන්න ඇති. ඒත් ඔයා මොන ආකාරයක රැකියාවක නියැලෙන කෙනෙක් වුණත්, මොන තරාතිරමක කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම ඔයා,මම පොදුවේ අපි හැම කෙනෙක්ම ජීවිතයේ එක වතාවක් හරි පොදු මගී ප්‍රවාහන සේවයක පිහිට පතපු අය. සමහරවිට ඔයා මේ ලිපිය කියවනව ඇත්තෙත් පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන රථයක ගමන් කරන අතරෙ වෙන්නත් පුළුවන්. ඉතින් අපේ රටේ නම් පොදු මගී ප්‍රවාහන සේවා කිව්වම නිතැතින්ම අපේ මතකයට නැගෙන ජනප්‍රියම මගී ප්‍රවාහන සේවාවන් දෙකක් තියනවනේ. ඒ තමයි බස් සේවාව හා දුම්රිය සේවාව. ඉතින් කලින් කියපු විදිහෙ පොදු මගී සේවාවන් එහෙමත් නැත්තම් තේරෙන වචනෙන් කිව්වොත් බස් එකක හරි කෝච්චියක හරි ගමන් කරද්දි ඔයාලට විවිධ වූ අත්දැකීම් ලැබිල ඇති, ලැබෙනවා ඇති. විවිධාකාරයේ පුද්ගලයින් මුණගැහෙන්න ඇති, මුණගැහෙනවා ඇති. ඉතින් මේ විදිහට දිනපතාම පාසලට, රැකියා ස්ථානයට හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා බස් එකක හෝ කෝච්චියක ගමන් කරද්දි දිනපතාම අපිට මුණගැහෙන මගීන් පිරිසක් අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ විදිහට කාලයක් යද්දි ඒ දෛනික මගීන් පිරිස අපේ හිතවත්ම මිතුරන් බවට පත්වෙනවා. සමහරවිට මිත්‍රත්වයට එහා ගිය සබදතාත් ඇතිවෙනවා.(අදහස් කරපු දේ තේරෙන්න ඇති කියල හිතනවා.) ඉතින් මේ විදිහට බස් එකක හරි කෝච්චියක හරි යද්දි අපිට මුණගැහෙන අයත් එක්ක කතාබහ කරද්දි, ඒ අයත් එක්ක ගණුදෙනු කරද්දි අපි ගොඩක්ම සතුටු වුණු වෙලාවනුත් තියනවා, ගොඩක් දුක් වුණු වෙලාවලුත් තියනවා ඒ වගෙම තමයි ඉතින් කේන්ති යන වෙලාවල් වගෙම බයට පත්වුණු අවස්ථාත් නැතුවම නෙවෙයි. අපේ ගමනේදී ඒ වගේ සාමාන්‍යය සිදුවීම් වලට මුහුණදෙන්න සිද්ද වුණත්, කවදාහරි බස් එකක හෝ කෝච්චියක යද්දි ඔයාට මුණගැහුණු කෙනෙක් නිසා ඔයාගෙ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙනවද….
ඉතින් තමන්ගේ සේවා ස්ථානයේ ඉඳන් ආපහු ගෙදර යන්න මඟී දුම්රියකට ගොඩවුණු මඟියෙක්ගෙ මුළු ජීවිතේම ඒ දුම්රිය ගමන අතරතුරදි උඩු යටිකුරු වෙන විදිහ ගැන තමයි මේ කියන්න යන්නෙ, මයික්… එහෙමත් නැත්නම් මයිකල් මැකෝලි කියන්නෙ අයර්ලන්තයේ ඉඳන් ඇමෙරිකාවට සංක්‍රමණය වුණු පුද්ගලයෙක්. පොඩි කාලෙ ඉඳන්ම ජීවිත සටනින් හොඳටම බැටකාල හිටපු මයිකල් ඇමෙරිකාවට ඇවිත් ආපහු අලුත් ජීවිතයක් හදාගන්නවා. මයික්ට මේ හැමදේකටම නොමදව උදව් කරන්නෙ එයාගෙ ආදරණීය බිරිඳ කැරන්. මේ දෙන්නගේ දාඩිය මහන්සියත් එක්ක එයාලගේ පුතා ඩැනීත් එයාගෙ අධ්‍යාපනික වැඩකටයුතු කරගෙන යනවා. ඒත් ආපහු වතාවක් 2008 වසරේදී ආපහු වතාවක් අවාසනාව කියන දේ මයික්ව හොයාගෙන එනවා. මයික්ට එයාගෙ බිරිඳ කැරන්ට එයාලගේ හැමදෙයක්ම නැතිවෙලා යනවා, ජීවිතේ ආපහු වතාවක් කඩාවැටෙනවා. ඒත් වැටෙන්න වැටෙන්න තමයි නැඟිටින්න ඕනි කියල හිතන මයිකල් හිතට ධෛර්යය අරන් ආයෙමත් වතාවක් තුන්වෙනි පන්තියේ ජීවිතයක් ගොඩනඟා ගන්නවා. අවුරුදු හතක් පොලිස් නිළදාරියෙක් විදිහට සේවය කරපු මයික්, පොලිස් සේවයෙන් ඉවත්වෙලා වෙබර් සහ ෆින්ච් රක්ෂණ සමාගමේ රක්ෂණ නියෝජිතයෙක් විදිහට සේවයට එක්වෙනවා. මේ විදිහට අවුරුදු දහයක් ගෙවිල යනවා. දැන් නම් මයිකල් වගෙම කැරනුත් වයසට ගිහින්. මයිකල්ට වයස අවුරුදු 60ක්. ඒත් මයිකල් තරුණ කාලෙ වගේම ජවයකින් සහ ඕනෑකමකින් එයාගෙ රස්සාව කරගෙන යනවා. මේ අතරෙ ඩැනී එයාගෙ වැඩිදුර අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත්වෙන්න හදනවා. ඉතින් ඩැනීගෙ ජීවිතේ ගැන දහසක් බලාපොරොත්තු හිතේ පුරවන් ඉන්න මයික්ගේ ජීවිතේට තුන්වෙනි වතාවටත් කණකොකා අඬන්නෙ එයාවත් නොහිතපු වෙලාවක. හදිසියෙම වෙබර් සහ ෆින්ච් සමාගමෙන් මයිකල්ව අස්කරල දානවා. ඩැනීගේ වැඩ වලට මුදල් හදල් ඕනිම වෙලා තියෙන වෙලාවක මේ සිද්දවෙන දේ නිසා මයිකල් ජීවිතේ ගැන ගොඩක් කළකිරීමකට පත්වෙනවා.ඉතින් පරාජිතයෙක් වගේ වෙබර් සහ ෆින්ච් සමාගමෙන් එළියට බහින මයිකල් පස්වරු 6.25ට පිටත්වෙන උතුරු හඩ්සන් දුම්රියට ගොඩවෙන්නෙ තමන්ගේ ආදරණීය බිරිඳට, අලුත් විශ්වවිද්‍යාලයකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුතාට මොක්ද දැන් කියන්නේ කියන දෙගෙඩියාවත් එක්කයි. අවුරුදු දහයක්ම උතුරු හඩ්සන් දුම්රියෙයෙන් රැකියාවට ආව ගියපු මයිකල්ට දුම්රියේ ගොඩක් මිත්‍ර මඟීන් පිරිසක් ඉන්නවා. ඒත් එදා කවදාවත් නැතුව 68වැනි වීදියේ දුම්රිය මධ්‍යස්ථානයේ දුම්රිය නවත්තපු වෙලාවෙ ආගන්තුක කාන්තාවක් ඇවිත් මයිකල්ව මුණගැහෙනවා. ඒ කාන්තාව මයිකල් වාඩිවෙලා ඉන්න ආසනයට ඉදිරිපස ආසනෙන් වාඩිවෙලා මයිකල්ට අපූරු යෝජනාවක් ඉදිරිපත් කරනවා… ඉතින් මෙතනින් එහාට නම් මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ. බලන ඔයාලට ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම කුතුහලය උපරිමයෙන් තියන සිනමාපටයක් රසවිඳින්න ලැබෙන බව නම් සහතික කරලම කියන්න පුළුවන්. ( චිත්‍රපටය බලන්න කලින් පොඩ්ඩක් මංසල පැත්තට ගිහින් ට්‍රේලර් එක බලලම ඉන්නකෝ.)
සිනමාලෝලී ප්‍රේක්ෂකයින්ට නොඉවසිලිමත් වසරක් වුණු 2018 වසරේ ජනවාරි මස 12වැනිදා සිට ලොව වටා තිරගතවීම ඇරඹූ Action | Crime | Drama | Mystery | Thriller යන සිනමා වර්ගීකර්ණයන්ට අයත් The Commuter සිනමාපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ House of Wax (2005), Orphan (2009), Unknown (2011) හා The Shallows (2016) යන චිත්‍රපට වල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ Jaume Collet-Serraයි. චිත්‍රපටයේ තිර පිටපත් නිර්මාණය සිදුකරන්නේ Byron Willinger,Philip de Blasi සහ Ryan Engle විසිනුයි. Unknown (2011), Non-Stop(2012), A Walk Among the Tombstones (2014) හා ලොව වටා සිනමාලෝලීන්ගේ සිත් තුළට කාවදින සිනමා රසවින්දනයක් ලබාදුන් Taken චිත්‍රපට ත්‍රිත්වයේ Bryan Millsගේ චරිතයට රංගනයෙන් දායකවූ අසම සම රංගන ශිල්පී Liam Neeson සමඟින් The Departed (2006), Up in the Air (2009) හා Bates Motel රූපවාහිනී කතාමාලාවේ Norma Louise Bates ගේ චරිතයට රංගනයෙන් එක්වූ රංගන ශිල්පිනී Vera Farmiga මෙම සලරුවේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වන අතර සෙසු චරිත සඳහා Patrick Wilson, Jonathan Banks, Elizabeth McGovern හා Sam Neill තම රංගනයෙන් දායක වී තිබෙනවා. මිනිත්තු 105ක් පුරාවට ගලායන කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් මෙම සිනමා නිර්මාණයට IMDB දර්ශකයේ 6.4/10 ඉහළ අගයක් ලැබී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකාවේදී රූගත කිරීම් සිදුකර ඇති මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේ Ombra Films, Picture Company හා The StudioCanal යන සමාගම් වලින් වන අතර බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇත්තේ Lionsgate හා StudioCanal යන සමාගම් මඟිනුයි.
“තමුසෙ මගේ නෝනට හරි මගේ පුතාට හරි
අතක්වත් තියල තිබුණොත් එම, දෙවියන්පල්ලා මම…”
– මයිකල් මැකෝලි
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / HDRip / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25765 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Upasirasata thanks bro
සබ් එක ලබා දුන්නාට ස්තුතියි.සබ් එක සුපිරියටම කරලා තිබ්බා.
කතා දෙකක් නෑ නියම ෆිල්ම් එක…තෑන්ක්ස් සහෝ සබ් එකට.
thanks
elama macho.thank you!
Thnx 4 da sub bro……!
First they took his daugher
Then he made a slaughter
Next they took his plane
Now they take his train
thanks
ඉසුරු,
ලස්සනයි, හැඩයි, නියමයි!
ෆිල්ම් එක බලද්දී සැරෙන්-සැරේ කතාව වෙනස් වෙන විදිහ නිසා
ටිකකටවත් පැත්තකට හැරෙන්න බැරි වුණා.
කුතුහලය උපරිමයි.
ලොකුම දේ එකම ලොකේෂන් එකක
මුළු ෆිල්ම් එකක දුවන එක.
Thank you very much
THANKS bro
Thanks for the sub bro
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ අදාල ෙටාරන්ට් හැෂ් එක සිලෙක්ට් කරල කොපි කරන්නවත් දෙන්නේ නැත්තේ ඇයි? අපි දැං ඒක බලං ගූගල් වල ටයිප් කරන්න ෙවෙනව නේද? එපා වෙනවා
thanks bro
Thanks Saho.
tnx bro.digatama karan yamu.ela
Thanks bro
Thanxz saho. Digtma kargena yaman.
Tks a a lot macho
බොහොම ස්තූතියි ඉසුරු උපසිරැසියට..
එක හාදයෙක් ගෙනාපු ෆිල්ම් වල මේකත් තිබ්බා..
ඔන්න සබ ගත්තා.. මේන් ගියා..
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
Thanks bro suba….!
thanks broo….jaya…
Tks a lot…
thanks sabata…kathawath ela
උපසිරැසියට ස්තුතියි
THANKS
thank sub akata
Thanks bro
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.!!*~
thanks bro
Thanks for the sub
Thank you
Thank you Isuru Sampth brother & Baiscope team for the sub, All the best to baiscope team….
Thank you Isuru Sampath brother & Baiscope team for the sub, All the best to Baiscope team……
උපසිරසියට බොහොම ස්තූතියි……………….
thnx machan
Thank you very much
Thanks saho sub ekata…jayen jaya. …….
Thnkx…..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Thanx bro
Thakz sahooo.welldone…
ThankX bro…….
ela bro tanks
බොහොම ස්තුතියි!
බයිස්කෝප් අඩවියට ජය!!!
well done bro!
Thanks done it nicely
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
ජයෙන් ජය.
tnx bro
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. කමෙන්ට් එක දාන්නෙ ෆිල්ම් ක බලලා ඉවරවෙලා.
සුපිරි ෆිල්ම් එක, ඒ වගේම උපසිරැසියත් හොදටම තිබුනා.
ජය!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Ela broooo…..
hariyatama sathi 2 kata passe biscope adawiyata awe. good job machan
sabata thuthi isuru saho.jaya!
බොහොම ස්තූතියි සහෝ
thanks.
තෑන්ක්ස් සහෝ සබ් එකට
thanks saho… film eka download karagaththata beluwe na,,,,
webrip copy ekata sub eka support kale na,,, sub eka kalin giya,,
dan webdl eka dunna nisa ok…dan superb…. thanks machooo
subama suba wasarak….
thanx bro
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා………
ela
tanxxx sahoooo!!!!
ela
ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank U bro………
Thanks Bro
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..
නියමයි…සබ් එකට තැන්ක්ස්….
පට්ට ෆිල්ම් එකක් වගේ…
tnx sahooo
Thanks Brother….
thx broo
niyamai
Bluray update1k danma dennadda
උපරැසියට ස්තූතියි
Jaume Collet-Serra + Liam Neeson = පට්ට
ela ela thanks saho
ස්තූතියි.
THanks bro
thanks…
Sub eka සොයා ගත නොහැක කියලා වැටෙනවා bro..
Please මල්ලි mkvcage web-dl එකට උපසිරැසි අප්ඩේට් කරන්නකො
webrip download kala yts torrent eken…
but oya dunna sub file eka ekata support karanne naha ne…. sub eka kalin yanawa..
fix karannako….
webrip download kala yts torrent eken…
but oya dunna sub file eka ekata support karanne naha ne…. sub eka kalin yanawa..
thx
Meke br aka awilla
liamm ge film ekak kiuwoth ahanna deyak na patta thanks machan sabata
keep it up
nice …..
thanks bro…
bluray copy eka dala sahoo…. update eka denna
ela.. patta film eka … blueray danakam hitiya,,, update eka dennako saho….
Thanks bro…good job and god bless you…keep it up….
meka nam pattama film ekak me avrudde apu
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks broo….keep it up…
thanks for sub ……………………..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…………….
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි, ජය වේවා!!!
Thanks brha
Thanks bro…
Thanks bro……..
thank uuuu 4 the sub
Ela ela
Supiri saho
Tks saho…..
……………………උපසිරැසියට බොහෝම ස්තුතියි ………………..
Thanks
Sinhala sub eketa bohoma sthuthi sahoo…meke enakanmai balan hitiye.film eke balalai comment eke danne me.sub eke supiriyatama thibuna.thnkz broooo.
Thank You Bro
බොහොම ස්තුතියි…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
anna patta aka
Thnkzzzz…
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
මෙක එනකල් මයි උන්නෙ බොහොම ස්තුතියි අසම ඇක්ටර් කෙනෙක්.. ❤
බොහොම ස්තුතියි සහෝ උපසිරසට…BR පිටපතක් ආව ගමන් අප්ඩේට්ටුවක් ලබා දෙන්න.බුදුසරණයි..!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Sub ekata thanks sahoo
Jaya
thank you
Sub ekata thanx
Thanks bro
thank you so much brother…..
ස්තූතියි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
tnx bn sub ekata
This is a superb movie
I’m waiting for this
Thanks lot
GOD BLESS YOU..!
keep doing subtitles
THANKS..
Thank you…………
Thank You!!
balagena hitapu movie ekak. Godak sththui saho sub ekata….