The Cold Light of Day (2012) | අභිරහස් පැහැරගැනීමක්. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ? බයිස්කෝප් එකට නිතර යන එන කෙනෙක් විදිහට මම දන්නවා බයිස්කෝප් එකෙන් මේ කරන්නෙ මිල කරන්න බැරි ලොකූ සේවයක් කියලා. ඉතින් මම තීරණය කරා සම්පත්දායකයෙක් වෙලා මේකට පොඩිහරි දෙයක් කරන්න ඕනෙ කියලා. මේක තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. වැරදිනම් ඇති නොසෑහෙන්න. බාරගත්තට මොකද කරගෙන යනකොට තමයි තේරුණේ මේක මොනතරම් අමාරු වැඩක්ද කියලා. 😀 ගොඩාක් මහන්සි වෙලා තමයි බයිස්කෝප් එකේ සහෝදර සහෝදරියෝ මේ උපසිරැසි මේ විදිහට දෙන්නෙ. ඉතින් එයාලට ගොඩාක් ස්තූතියි මේ කරන අමිල සේවයට…
හරි,මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක 2012 වසරේ තිරගත උණ ක්‍රියාදාම ගණයට වැටෙන සලරුවක්. Mabrouk Ei Mechri කියන්නෙ මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂකවරයා..සුප්‍රසිද්ධ immortals චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කරපු Henry Cavill, සුපිරි නළු Bruce Wills වගේ අය මේකට රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කියනවනම් විල් තරුණයා නිවාඩුවකට ස්පාඤ්ඤයට එන්නෙ එහේ ඉන්න තමන්ගෙ පවුලේ අයත් එක්ක කාලය ගතකරන්න.එහේදි එයාගෙ පවුලේ අයව කිසියම් පිරිසක් පැහැරගන්නවා.විල් එයාගෙ පවුලේ අයව බේරගන්න කරන සටන තමයි චිත්‍රපටය පුරාවට දිවෙන්නෙ.ඒ වගේම විල්ගෙ තාත්තා ගැන ලොකු රහසක් හොයාගන්න එයාට පුළුවන් වෙනවා.විල්ට තමන්ගෙ පවුලේ අයව බේරගන්න පුළුවන් වෙයිද? ඇත්තටම විල්ගෙ තාත්තා කියන්නෙ කව්ද? මේ ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටිය බලලා ඔයාලම හොයාගන්න :p .මේක කරන්න මට බාරදුන්න වාසල සහෝ ඇතුළු බයිස්කෝප් සෙට් එකට ගොඩක් තුති..! එහෙනම් ලගදිම තවත් උපසිරැසියක් අරන් එනකන් හැමෝටම ජයවේවා!!! 😀
[button link=”http://tinyw.in/pFFf” type=”icon” “center” newwindow=”yes”] 701 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3229 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/DenukaY.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේනුක යශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
හරි HASH TAG එක TYPE කරල ගත්තේ කොපි කරන්න බෑ
rip එක මොකක්ද බන් මේ ?
palamu weyama sarthakai Denuka, thanks very much. issarahata thawa honda films godakin hamu wemu. jaya wewa!
සබට තුති !
ඔබට ජය !!!!!
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
බොහොම ස්තූතියි දේනුක සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරැසියට !
තවත් එකක් ඉක්මනටම ගේමු .
සුභ පතනවා !
😀
niyanami niyamai
thanks for sub
jaya
නියමයි දේනුකසහෝ.. 😛
පළවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thnq 🙂
Bohoma sthuthi saho..
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DENUKA saho.wedi wediyen sub danna diriya shaktiya lebewa……digu gamanak yamu.jaya wewa……………
කලින් බැලුවා මම නම්
කමක් නෑ
තව හොද සබ් දෙන්න මචෝ
සබට තුති
ඔබට ජය…….
Machan 720p YIFY copy ekata meka sync karala denna barida?
come on bro 🙂 🙂 🙂
digatana wade karamu…. 🙂
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
පලමු වැඩේට සුබ පැතුම් සහෝ.
අමාරු උනත් දිගටම වැඩේ කරගෙන යන්න.
ස්තුතියි සබ් එකට.
නියමයි නියමයි දිගටම කරගෙන යමු .. පළමුවැඩේට සුභපැතුම්..
ජයෙන් ජය…!
ස්තුතියි දේනුක සහෝ! කලින් බැලුවා උනත් මතක තිබ්බේ නැහැ!
ලිපිය කියවද්ද ලාවට මතක් වුනා!
ආායි සැරයක් දැන් සබ තියෙන නිසා නිවාඩු පාඩුවේ බලන්න ඕනේ..
ජය වේවා!
නියමයි මචන්…
වැඩේ ලේසි නෑ,,
ඒ වුනාට කොහොමහරි වැඩේ දුන්නා එලකිරි වගේ..
සසුභ පැතුම් 😀
Thanks.
සබට බොහොම ස්තුතියි සහෝ….!
maxxa brw
thanx sub ekt
Thanx bro
meka sub awul
නියමයි නියමයි
සුපිරි ෆිලුමක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
සබ් එක නම් ගන්‍නවා.
ෆිල්‍ම් එක නම් ගන්‍න විදිහක් නෑ.
කාගෙන් හරි ෆිලුම උස්‍සන් එන්‍න තමයි වෙන්‍නේ.
ඒ වගේම පලමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!!!
මේ කරන්‍නාවූ වැඩේ අමාරුකම තේරුනා නම් ඒ ඇතියි.
එහෙනම් දිගටම තමන්‍ට හැකි පමනින් උපසිරැසි කරන්‍න හැකියාව ලැබේවා!!!!
ජයෙන් ජය වේවා!!!!!!!!!!!
ෂහ්…එක දිගටම බයිස්කෝප් එකෙන් දීල තියෙන්නේ පට්ට පතුරු ෆිල්ම් සෙට් එකක්.
නියමම ඇක්ෂන් සෙට් එකක් බැලුවා
බයිස්කෝප් නිසා පහුගිය දවස් කිහිපයේ. මේකත් ඒ වගේ එකක්.
ගොඩක්ම ස්තුතියි මේකට සබ් දුන්නු සහෝට වගේම බයිස්කෝප් අඩවියටත්.
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
සියලු දෙනාටම ජයෙන් ජය.