MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබටහිරබලන්නශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

The Choice (2016) with Sinhala Subtitles|හෙට අලුත් අළුයමක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 8 votes.
Please wait...

The Choice (2016)-2

 “එකකට එකක් සම්බන්ධ, එකක් පස්සේ එකක් ගමන් කරන දේට මිනිස්සු කියන්නේ ජිවිතේ කියල,
එකකට එකක් සම්බන්ධ නැති, මෙන්න මේකයි කියන්න හේතුවක්ද නැති දේට මිනිස්සු කියන්නේ ආදරේ කියල.”
~ සමනළ සංධවනිය

” ජිවිතේ කියන්නේ හැම වෙලේම තීරණ එක්ක ගැටෙන දෙයක්. අපි කුමන මාවත තොරගන්නේද යන්න මත අපේ ඉදිරි ජිවිතේ තීරණය වෙනව. අපි ගන්න සමහර පුංචි තීරණයකට පුළුවන් අපේ ඉදිරි ජීවිතය විශාල ආකාරකට වෙනස් කරන්න. මමත් එහෙම තීරණයක් ගත්ත, හැම තැනම දුවපු හිතක් එකපාරටම කතා කරන ඇස් දෙකක් ළඟ නැවතුනා. ඒ ඇසිල්ලේම මට තේරුම් ගියා මේ තමා කෙනා කියල. අනෙකාගේ හිත දිනාගෙන සිටීමට මාතුල නොමැති මවිසින් මවාපෙන්වන මාගේ ප්‍රතිරූපයක් නඩත්තු කිරීමකින් තොරව මට මා ලෙසින් අනෙකා ඉදිරිපිට සිටිය හැකි අයෙක්. මං විස්වාස කරනව අපි හැමෝටම එහෙම කෙනෙක් ඉන්නව කියල. මගේ හිතත් එක පාරම නැවතුනේ අන්න ඒ කෙනා ළඟ. හැබැයි ඒ කෙනා ඒ වෙනකොට වෙන කෙනෙක්ගේ. දෛවය විසින් මට හිමි කෙනාව මගේ දෑස මානයටම ගෙනවිත් දී තිබුණද ඇය මගේ කරගැන්මට බාධකයක් දමා තිබුනේද දෛවය විසින්මයි. මම තීරණය කළා මගේ දෛවය මවිසින්ම ලිවියයුතු බව. මවිසින් එක් මාවතක් තෝරාගනු ලැබුවා.. ඒ මාර්ගය තෝරාගනු ලැබුවේ මාගේ ජිවිතේ ඉදිරි කාලයම තීරණය වන්නෙ එය මත බව නොදැන නොවේ නමුත් අවසන අනෙකාගේ ප්‍රතිචාරය කුමක් වේද…? “

බයිස්කෝප් අඩවියට ගොඩ වදින බොහොමයක් දෙනාට හුරු පුරුදු නමක් තමා නිකලස් ස්පාක්ස් කියන්නේ, ඉතින් මේ සිනමාපටයත් ඔහුගේ ආදර කතාවක් ඇසුරින් නිමවුන ලස්සන රොමැන්ටික් සිනමාපටයක්, IMDB 6.2ක අගයක් අරගන්න මේ සිනමාපටය සමත්වෙලා තියනවා, ප්‍රධාන චරිත වශයෙන් Abraham Lincoln: Vampire Hunter (2012) , In the Heart of the Sea (2015) වැනි සිමනාපට සඳහා රන්ගනයෙක් දායකවූ  Benjamin Walker ට්‍රැවිස් ලෙසින්ද. The Sorcerer’s Apprentice (2010) .  I Am Number Four I Am Number Four (2011) , Warm Bodies (2013) වැනි සිනමාපට සඳහා රංගනයෙන් දායක වි ඇති සුරූපී Teresa Palmer ගැබි ලෙසත් දායක වෙනවා. මේක නිකලස් ස්පාක්ස්ගේ කෘතියක් ඇසුරින් නිමවෙන අවසාන සිනමාපටය වියහැකියි. ඒ වගේම ඔහුගේ කෘති ඇසුරින් නිමවුන රෝමාන්තික සිනමාපට පෙලම සිංහල උපසිරසි එක්ක අපේ අඩවියේ තියනව. බලල නැති අය ඉන්නවනම් බලන්න බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ. අපි ගිහින් එන්නම් ජය!

 

” Caring about someone beyond all rationality and wanting them to have everything they want, no matter how much it destroy you…
It’s Love! “

Mad Max: Fury Road (2015) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6275 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

41 thoughts on “The Choice (2016) with Sinhala Subtitles|හෙට අලුත් අළුයමක්… [සිංහල උපසිරැසි සමඟ]

  • Tharindu Samarasinghe

    Sub eka download unata wada nahane?

    Reply
    • Ravindu Heshan - Admin

      දැන් වැඩ කරනවා සහො

      Reply
  • Chandimal Kariyapperuma

    lovely movie. thanks for the subtitles.

    Reply
  • Sumedha Alwis

    Thnz machan. Jaya wewaa. Sub nam ithin බයිස්කෝප් thama.

    Reply
  • Prageeth Gaya

    sub ekats godaaak thuthi

    Reply
  • Thanks Shan! harima sanwedi, ayema balanna hithena adara kathawak Sparksge anith katha wagema. oya sub kala films gananawakma bagena thiyenawa balanna.sub karana oyalata thiyena wiwekaya apata nehe wage. thanks again!

    Reply
  • Machan tv eka pen eka gahala gilm eka balanakota sub play wenna hadanne kohomada

    Reply
  • බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ලවු ස්ටෝරියක් බලන්නම ඕන කාලේ. මගේ ක්‍රෂ් එක දැන් මං දිහා බලනවා. ටික දවසකින් අහයි වගේ. කියන්න ඕන හරක් මස් කන්නේ නෑ කියලා

    Reply
    • Sumedha Alwis

      එයා ඔයාට කියයි ඌරු මස් කන්නේ නෑ කියලා

      Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    හම්මේ මේක එනකල් බලන් හිටිය තරමක්
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා…!!!

    Reply
  • Thank you…….jayawewa……!

    Reply
  • තුෂාරි

    බොහොම ස්තුතියි

    Reply
  • Dilshan Kainga

    නිකොලොස් අන්කලගේ නම් ඉතින් නොබලා කෝමෙයි.. ඔන්න සබ බෑවා.
    තැන්ක්ස් විමෝ…

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි විමා……………

    Reply
  • ස්තූතියි සහෝ.

    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • super bandayakne genalla tiyenne.thank sahoo sub ekata

    Reply
  • ආදරේ….ආදරේ……
    අම්මේ මේ ගෙනත් තියෙන්නේ තෑන්ක්ස් විමා.
    Roamnce නම් ඉතින් පැනලා බලන්නේ.

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • YASIRU HASARANGA

    ස්තූතියි සහෝ. කලින්ම බාගෙන තියාගත්තා .
    අද බලන්න පුලුවන්…

    Reply
  • Saman Prasad

    හෙ හේ…
    එහෙනම් මේකත් ආවා…
    උඹට පිං සිද්ධ වෙන්න දැන් ඉතින් මං ලව් කතාත් බලනවා නොවැ… :3
    ඔන්න අද එහෙනම් බාන්න දාන්න හොඳ බාණ්ඩයක් තියෙනවා.
    සබට තුති…!!!
    ජය වේවා…!!!

    Reply
  • නිර්මාණි

    එනකන් මඟ බලන් හිටියෙ. ඔයා දන්නවානෙ ඉතින්. හෙ හේ. උපසිරසියට තුති වේවා…..

    Reply
  • සුපිරි චිත්රපටයක්

    Reply
  • thanks macho sub akata …..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *