The Capture (2019-) [S01 : E03] Sinhala Subtitles | සැගවුණු හස්තය! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද? ඔන්න එහෙමනම් ගෙනාවා තුන්වැනි කොටසත්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ දැන් වෙන්නෙ මොනාද කියලා.
ගිය සතියේ මතකයිනෙ ෂෝන් එම්රිට විරුද්ධව සාක්‍ෂි හොයාගන්න බැරිවීම නිසා කේරිට සිද්ධවුනා අකමැත්තෙන් උනත් එම්රිව නිදහස් කරන්න. ඉතින් නිදහස් උනාට එම්රි එළියට ගිහිල්ලා කරන්නෙ හැනාට මොකක්ද උනේ කියලා හොයාගන්න හදන එක. ඒ වැඩේට ෂෝන් තමන්ගේ මිත්‍රයා වෙච්ච මැට්ගේ උදව්වත් අරගෙන යනවා හැනාගේ නිවස පරික්ෂා කරන්න. හැබැයි ෂෝන් එතනට යනකොටත් ඒක ඇතුලේ තව කෙනෙක් ඉදලා ෂෝන්ගෙන් බේරිලා යනවා. ඉතින් මේ කෙනාව ලුහුබදින්න ටැක්සියකට නගින ෂෝන්ට වෙන්නෙ සේරටම හපන් කරදරයක්.
ෂෝන්ට නිදහස් ලැබුනත් එක්කම MI5වලින් ඇවිල්ලා ෂෝන්ව අත්අඩංගුවට ගන්න හේතු වෙච්ච වීඩියෝපටිය සංශෝධනය කරනවා. ඒ අනුව කේරිට දැන් ෂෝන්ට විරුද්ධව තිබ්බ එකම සාක්ෂියත් නැතිවෙලා ගියා. අපේක්‍ෂා භංගත්වයට පත්වෙච්ච කේරි මොකක්හරි උදව්වක් ගන්න පුලුවන්ද බලන්න ඩැනී හාර්ට්ව පවා හම්බවෙන්න ගියත් කේරිට එතනිනුත් ලැබෙන දෙයක් නෑ. ඔය අතරේ කේරිගේ කණ්ඩායමේ ඉන්න DS ෆ්ලින් සහ ලතීෆ් දෙන්නා කේරිගේ අණත් නොතකා වරෙන්තුවක් නැතුවම ෂෝන්ව ලුහු බදින්න පටන් ගත්තා. කේරිත් SO15වල ඉදලා CCTV මාර්ගයෙන් ෂෝන්ව ලුහුබදිනවා.මේ නිසාම කේරි දකිනවා තමන්ගේ DSලා දෙන්නා කරන වැඩේ.
ඉතින් ෂෝන් යන ටැක්සිය යන්නේ කොහාටද කියලා කේරි CCTVවලින් නිරීක්‍ෂණය කළත් සජීවී CCTV දසුන්වලින් පෙන්වන දේ අදාළ ස්ථානයේ ඉන්න DS ෆ්ලින්ට සහ ලතීෆ්ට දැකගන්න ලැබෙන්නෙ නෑ. මෙහෙම උනේ කොහොමද කියන හැමෝටම ප්‍රශ්නයක්. ඒ වගේම තමයි ෂෝන්ව අල්ලගන යන මිනිස්සු කවුද කියන එකත්.
හොදයි එහෙමනම් මම මෙච්චරයි කියන්නෙ. අපි ඊළග කොටසින් හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1765 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපැසිරසට ස්තූති.
ජය වේවා!
thank you
ela saho
thanks macho..
Godak sthuthi sahooo …
තෑන්ක්ස් බං සබ් එකට.. 🙂
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Thnks bro sub ekata
ගෝඩාක් ස්තුතියි යාලුවා….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අම්මෝ තැන්ක්ස් බොක්ක ආදරේයි
තව 3යි